චමින්ද්‍ර ලේනව
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි (CEO) තේරීමේ ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ ඇති අතර අවසන් වටයට අපේක්ෂකයින් සිව් දෙනෙකු තෝරාගෙන ඇතැයි වාර්තාවේ.
ඔවුන් අතර විදේශිකයින් තිදෙනකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළත් බව පැවසේ.
එකම දේශීය අපේක්ෂකයා වන චමින්ද්‍ර ලේනව, තොරතුරු තාක්ෂණ (IT) පසුබිමකින් පැමිණෙන අතර ඔහු මේ වන විට කසකස්ථානයේ පෞද්ගලික IT ආයතනයක් පවත්වාගෙන යමින් සිටියි.
ශ්‍රී ලන්කන් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, මෙහිදී විදේශීය අපේක්ෂකයින් තිදෙනකු අවසන් සිව්දෙනා අතරට පැමිණීම, ප්‍රධාන තනතුරු සඳහා දේශීය අපේක්ෂකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවට මීට පෙර ප්‍රකාශ කළ මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සමඟ ගැටේ.
විශේෂයෙන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු දේශීය අපේක්ෂකයින්ට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව පවසමින් 2025 මැයි මාසය දක්වා ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් නට්ල් හදිසියේ ඉවත් කිරීම පිළිබඳව යලි ගැටළු මතු කරයි.
අවසන් සම්මුඛ පරීක්ෂණ ඉදිරි දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය.








