ආණ්ඩුවේ බලවත්ම චරිත වගේ පෙනිසිටින තුන්දෙනෙකුට පොඩි අවුලක් ඇති වෙලාලු. ඒකට හේතුව මේ තුන්දෙනාම ආණ්ඩුවේ ඇතුල් කට්ටලේ වැඩ වලට සහභාගි කර ගැනීමට අත්හිටුවීම කියලයි ආරංචි.
මේ ගැන කනින් කොනින් තොරතුරු වාර්තා වුණාම මෙහෙම මේ බලවත් තුන්දෙනාට ටිකට් එක ඇදුනේ ඇයි කියලා කීප දෙනෙක් හොයන්න පටන් ගත්තා. එතෙන්දි දැන ගන්න හම්බවුණේ මේ තුන්දෙනා පැත්තකින් තියන්න හේතුව ඒගොල්ලන්ගේ කටට බ්‍රේක් නැති කමලු.
ආණ්ඩු පක්ෂය වැදගත් රහසිගත තොරතුරු මෙයාලගේ කටින් මාධ්‍යයට යනවයි කියලා පොඩි බුද්ධි තොරතුරක් ඉහළට වාර්තා වුනාම පක්ෂයේ ලොකුම කට්ටිය මේ තීන්දුව ගත්ත බවයි කියැවෙන්නේ.
මේ කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක් දකුණු පළාතේලු. අනිත් දෙන්නම බස්නාහිර පැත්තෙන් ආපු මැති ඇමති සයිස් මහත්තුරුලු.
| lankalokaya








