leader s

රනිල් උන්නැහේගේ ආණ්ඩුව කාලෙ පරිපාලනයෙ හිටපු අමර සිංහයෙක් වගේ එක්තරා ලොක්කෙකුට බූරුවන්ට ප්‍රසිද්ධ දිසාවේ මහදිසාපතිකම ඕන වුණා.


ඊට පස්සේ ආණ්ඩුවේ මහකන්තෝරුවෙ ලොකුම ලේකම්තුමා හම්බවෙලා මේ ඉල්ලීම ඉදිරිපත් කෙරුවා.

එයා මෙයා ගැන කරන ලද සොයා බැලීම අනුව එයා ඒ තනතුරට ගැලපෙන්නෙ නැති බව තේරුණාම අනේ සොරි ඒක නම් කරන්න බෑ කියලා ඒ කාලේ හිටපු මහලේකම්තුමා මෙයාට කිව්වා.

ඊට පස්සේ එයා මහලේකම් තැන එක්ක තනතුර නොදීම සම්බන්ධව වෛර බැඳ ගත්තලු. ඔහොම කාලයක් ගියාම ආණ්ඩුව වෙනස් වුණා.

මහ ලේකම් තැන ගෙදර ගියා. අර සිංහ මහත්තයා ප්‍රවාහනයට සම්බන්ධ තැනක ලොක්ක හැටියට පත්වුණා.

ඔහොම ටික කලක් යනකොට හිටපු මහ ලේකම්තැනට නඩුවක් වැටිලා වැලිකඩ පැත්තට යන්න සිද්ධ වුණා.

එදා ඒ ගමන ගැන වැඩියෙන්ම සන්තෝස වුණේ මේ සිංහ මහත්තයාලු.

කොච්චර සන්තෝස වුනාද කියනවනම් තමුන්ගේ ඔෆිස් එකේ ලොකු ලොකුත් එක්ක කිව්වේ. “අරූ හිරේ ගියා. ඒකට මට කිරිබත් කන්න හිතෙනවා” කියලයි.

නමුත් දෙන්නගේම වැඩ ගැන දන්න අය සද්ද නැතුව හිටිය.

ඊට සුමාන දෙක තුනකට පස්සේ තමන්ගේ කන්තෝරුවේ මේ සිංහයා කරපු ජරමරයක් මාට්ටුවෙලා එයාවත් වැලිකඩ කූඩුකළා.

ඊට පස්සේ වැලිකඩදී අර ලොක්කත් හම්බවුනාලු.

ඒ වෙලාවේ එයා ඇහුවලු ඔයාආස ඇතිනේ කිරිබත් කන්න දැන් අපි කිරිබත් කමුද කියලා.

ඊට පස්සේ මේ සිංහයා නොකර සද්ද යන්න ගියා කියලයි ආරංචි.

| lankalokaya

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්