ගල් අඟුරු විවාදය නැගල ගියා. හැබැයි ඉතින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබුණේ කතා කරන්න විනාඩි හතරයි. සමහරුන්ට පහයි...
එක වෙලාවක චාමර සම්පත්‍ටත් හවස ඉඩක් ලැබුණා. චාමර ටිකක් සැරට කතා කරන මිනිහා.
එයා කිව්වේ ආණ්ඩුවේ වර්තමානයේ මාතෘකාව අමතක කරන්න, කතා කරන්න ඕන දේවල් මග අරින්න පරණ සිද්ධි ඇදලා ගන්නවා කියලා...
ෆුට් නෝට් කල්ලිය ගැන අද කතා කරනවා කියලා. ඒවා පරණ දේවල්. ඒවා වැරදි නිසා ජනතාව ඒ ගොල්ලන්ට උත්තර දීලා. ඒගොල්ලෝ දැන් ගෙදර යවලා. දැන් ඉන්නේ පිරිසුද මල් ගස්බව චාමර කිව්වා.
"ඒ මිනිස්සු වැරදි නිසා තමයි 159ක් නිවැරැදි මිනිස්සු ඡන්ද දීලා ජනතාව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. දැන් පරණ ඒවා කිය කිය ඉන්න එපා. අලුත් දේවල් ගැන කතා කරන්න.
2015 ගැන නෙවෙයි.. 2024 න් පසුව ගැන කතා කරන්න...
"ගල් අඟුරු හිටපු සභාපති දෙසැම්බර් මාසෙ ඉල්ලා අස්සුනා. අස් වෙනකොට එයා මෙතන වැරදි ලියලා තිබ්බා. ඒකේ කියන්නේ වැරදි කරලා තියෙන්නේ ලේකම් හේම්පාලයි ඇමතියි.
ඔයාල දැන් ජී එම් නාමල් හේවගේව අත්අඩංගුවට ගන්න හදනවා. ඇමතිගේ වැරදි නිලධාරීන් පිට පටවන්න හදනවා. නිකන් බොරුවට නිලධාරීන් අමාරුවේ දාන්න එපා. ගන්නවනං ඇතුළට ඇමතිත් එක්ක ගන්න...
විවාදයේ දක්නට ලැබුණු විශේෂත්වය වුණේ පක්ෂව කතා කරන මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය සීමිත වීම. විනාඩි හතරයි.
ඒ අතර සමහරුන්ට විනාඩියක්වත් නැති තරම්. සුජීව සේනසිංහට කතාවත් ඇත්තෙම නෑ.
අයියා අද කතා කරන්නේ නැද්ද.. අයිය කතා කරන්නන ඕන... විපක්ෂයේ කොල්ලෝ ඇවිත් සුජීවගෙන් අහනව.. මට වෙලාව නෑ...
ඔන්න එතකොට විනාඩි හතරක කාලයක් ඩීවී චානක සුජීවට දෙනවා. හෙක්ටර් ආපුහාමේ තමන්ගේ විනාඩි තුන සුජීවට දෙනවා...
"ඔය විනාඩි තුන දිලිට්ට දෙන්න. මට විනාඩි හතර ඇති. අපි බෙදා හදාගෙන කතා කරමු.."
ඔන්න ඔහොම සුජීව කතාව පටන් ගන්නකොට අගමැති හරි නිත් පාර්ලිමේන්තුවේඉන්නවා...
මං හරි කැමතියි මං මේ කතා කරන්න සුළු වෙලාව හරි අපේ අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ ඉන්න එක..
ඔන්න අගමැතිතුමිත් ප්‍රතිචාර දක්වනවා...
"නෑ මම කිව්වේ මගේ පිළිගැනීමක් තියෙනවානේ ඔබතුමී මේ දූෂණ වංචාවලට සම්බන්ධ නැති පිලේ ඉන්න කෙනෙක් කියලා... ඒ ගැන ගෞරවයක් තියෙන නිසයි ඔබ ඉන්නවට කැමති...
එහෙම කියලා කතාව පටන් අරන් සුජීව මෙන්න මෙහෙම කියනවා...
ඔබතුමී හිටියෙ දූෂණ වංචා ප්‍රතික්ෂේප කරන පිලේ. හැබැයි මේ දේශපාලනය විසින් මිනිස්සු වෙනස් කරනව. ඔබතුමීටත් එහෙමයි මටත් එහෙමයි.
ලක්විජය බරාගාරයේ කැපෑසිටි එක මෙගාවොට් පැය 900යි. මේ දවස් වල වැඩ කරන්නේ 720යි.
කෝප් කමිටුවේ සභාපති ස්වාධීන නෑ. එතුමා පක්ෂග්‍රාහී. එතුමා දෙපාරක් ගිහින් ඔඩිට ජනරාල් හම්බවෙලා තියෙනවා. එතුමියට බලපෑම් කරලා තියෙනවා.
එතුමා ස සාමාන්‍යයෙන් කතා කරන්නේ මහජන මුදල් ගැන වුණාට ඊයේ කතා කළේම නෑ. ගල් අඟුරුත් සමාගමේ සභාපතිතුමා කෝප් එකට ආවෙම නෑ. මං ඇහුවා ඇයි ආවේ නැත්තේ?. ඇයි ගෙන්නුවේ නැත්තේ. කාගෙන්ද අපි ප්‍රශ්න අහන්න කියලා...
එයා එක ෂේප් කරන්න හදනවා.අපි දැනුම්දුන්නෑ කියනවා. එහෙම පුළුවන්ද. සභාපති නැතුව පුළුවන්ද.
කෝල් සමාගමේ සභාපති නැතුව කෝල් ගැන කවුද අපිට උත්තර දෙන්නේ? කාගෙන්ද අපි ප්‍රශ්න අහන්නේ..
ගල් අඟුරු සංස්ථාවේ සභාපති හේමපාල මහත්තයා කියනවා පළවෙනි නැවේම මේක දැනගත්තා බාල ගල්අඟුරු කියලා.
ඒක දැනුවත් කරා නීතිපතිතුමාට. නීතිපතිතුමා කිව්වා මේ ගිවිසුම් කැන්සල් කරන්නේ කොහොමද කියලා බලන්න කියලා.
අපි කිව්වා සුදුසුකම් නැති සමාගම් දෙකකින් තමයි මේ සහතික අරන් තියෙන්නෙ. ලියාපදිංචිය නෑ. ක්‍රමවේදය ඔක්කොම වැරදියි. අපි ටෙක්ටිකල් පැත්ත ගැන කතා කරා. එතන තියෙන්නේ රියල් ටයිම් ඩේටා. ඒවා හොර කරන්න බෑ.
900 නිෂ්පාදනය වෙන්න ඕනා. 750යි නිෂ්පාදනය කරන්නේ. premium හයදාහෙන් උඩ ගල් අඟුරු ගණන්. මේ වගේ බාල ගල් අඟුරු නැවක් ඩොලර් මිලියන දෙකකට ගන්න පුළුවන්. බොහොම අඩුම ඉලකට ගන්න පුළුවන් ගල් අඟුරු තමයි මේ ගන්නේ. එතනයි වංචාව.
රටේ ජනතාව විශාල අර්බුදයකට මුහුණ දෙනවා. රටේ නිෂ්පාදනයෙන් සියයට තිහක් හතළිහක් නොරොච්චෝලෙන් දෙනවා. දැන් මේ ප්‍රශ්නය හින්දා එතනින් එන්නේ සියයට පහළොවක් විතර.
ඉතින් අන්තිමේ ලංකාවේ විදුලි බිල සීයට පනහක් විතර වැඩි කරනවා මේ අර්බුදය හින්දා. ඒ වැඩි කරන බර දරන්න වෙන්නේ ජනතාවට.
සභාපතිතුමාව ආණ්ඩු පක්ෂයෙන් දැම්මා. අපි කිව්වා ස්වාධීන කෙනෙක් පත් කරන්න. කෝප් එකට දේශපාලනයෙන් දැම්මේ. දැන් උවමනා වැඩේ වෙන්නේ නෑ. ස්වාධීන නෑ.
මින් ඉදිරිය බලන්න. මේ විනාශය නවත්තගන්න ඕන නම් මේ විනාශය තවදුරටත් වෙන්න දෙන්න ඕනෙ නැත්නම් ඉදිරියට කටයුතු කරන්න.
ඔබතුමිය දන්නවද තව නැව් අටක් එන්නේ නෑ. එතකොට පාඩුව ඩබල් වෙනවා. දැනට ලංකාවෙන් සියයට හතළිහයි නම් නොරොච්චෝලෙන් උපදවන්නේ එතකොට ඒක සීයට විස්ස වෙනවා.
විශාල විනාශයක් වෙනවා. විදුලි බිල ඉහළ යනවා. ලයිට් කපනවා. කර්මාන්ත ඇණහිටිනවා. ව්‍යාපාරිකයෝ විනාශ වෙනවා.
ඔබතුමියට ඇයි මං කියන්නේ. ඔබතුමිය ගැන විශ්වාසයක් තියෙනවා. කරුණාකරලා මේක පරීක්ෂා කරන්න. මේක නිවැරදි කරන්න...
ඔබතුමිය ඔය ඒ කාලේ කතා කරපු දේවල් දැන් වෙන්නෙ නෑ. අපි දන්නවා ඔබතුමිය අමාරුවෙන් ඉන්නේ.
ඔබතුමියට කරන්න දෙයක් නෑ ඔබතුමිය අද මේක හෝදන්න චන්දෙ දෙයි.
ඒ උනාට මේක දූෂණයක්. රටේ හැමෝම දන්නවා. අයිඑම්එෆ් එක පිළි අරන් තියෙනවා මේක දූෂණයක් කියලා.
හෝල් එකේ සභාපති රැස්වීම් වලටඑන්නේ නෑ.එයාට උත්තර දෙන්න බෑ. මේක ලංකාවේ විශාලතම අර කලංචිය බවටපත්වෙනවා. ඒ හින්දා මේ සම්බන්ධයෙන් ඔබතුමීලා පරීක්ෂා කරලා කරුණාකරලා මේ අපරාධයෙන් ජනතාව බේරගන්න.
world bank report එක බලන්න. අනාගතයේදී දුර්භික්ෂයක් ලංකාවට එනවා කියලා කියනවා. අන්තිමේ මේවට ඔබතුමීටත් වගකියන්න වෙනවා.
ඔබතුමියට උනත් ඇඟ බේරගන්න බෑ අගමැති කියලා. මේකට මැදිහත් වෙන්න.
කරුණාකරලා ස්වාධීන පුද්ගලයෙක් දාන්න කෝප් එකට. එයා කෝප් එකට ඇවිල්ලා දේශපාලනය කරනවා. කෝප් එකේ සමහර දේවල් වහනවා. එහෙම කරන්න බෑ කෝප් එකට. කරුණාකරලා කෝප් එක බේරගන්න. ඒ වගේම මේ රටේ ජනතාව බලා බලාගන්න. බොහොම ස්තූතියි
සුජීව ඒ වෙලාවේ පාවිච්චි කරේ හොඳ උපක්‍රමයක්... එයා අගමැතිට ආමන්ත්‍රණය කරමින් කතා කළා. අගමැති අවධානයෙන් හිටපු නිසා වෙන කථිකයන්ට වගේ සුජීවට බාධා කරන්න කවුරුවත් ඉදිරිපත් වුනෙත් නෑ...








