leader s

දේශපාලන හෝ වෙනත් බලයක් හිමි තැන්වල අයට සමලිංගික හෝ වෙනත් ආකාර ලිංගික චෝදනා, ප්‍රවාද නිර්මාණය වීම ගැන මම සතුටුයි.

එහෙම වුනාම ලිංගිකත්වය ගැන විශාල සාකච්ඡාවක් විවෘත වෙනවා. බලයක් හිමි පුද්ගලයෙක් නිසාම ඒ ලිංගිකත්ව තෝරාගැනීමටත් බලයක් හිමි වෙනවා. විශේෂයෙන්ම රටක අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් සමලිංගික බවට ඇතිවෙන කතාබහ නිසා එම ලිංගික සංස්කෘතික කතිකාව රටේ ප්‍රධාන තැනකට එනවා. උදා විදිහට මේ වෙලාවෙ රටේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නෙ සමලිංගිකත්වය.

ලිංගිකත්වය නැත්තං සෙක්ස් තමයි රටේ වැදගත්ම දේශපාලනය වෙන්නෙ කියල මං කියද්දි බොහෝ අය ඒක නොසලකා හැරියා. දැන් ඒ හැමෝම වීඩියෝ කරමින් ලිංගිකත්වය ගැන කතා කරන්නත්, අනිත් අය කතා නොකිරීම ගැන චෝදනා කරන්නත් පටන් අරන් තියෙනවා. මේක ඇත්තටම සෙක්ෂුවල් පුනරුදයක්.

 

censored
නමුත් මේ අය තාම මේක කරන්නෙ හරිම කුලෑටි විදිහට. ලිංගිකත්වය කියන කාමරේ ඉන්න තඩි අලියා නොදැක්කා වගේ අනිත් දේවල් ගැන  කතා කරන්න උත්සාහ කරනවා. ඒක හින්ද මේ සංවාදකරුවන් බොහෝදෙනෙක් දුක්මුසු බෙලහීන තත්වයක් ප්‍රදර්ශනය කරනවා.  

මම සමලිංගිකත්වයට සහ වෙනත් විකල්ප ලිංගික තෝරාගැනීම්වලට පක්ෂපාතී කෙනෙක්. ඒ වගේම මට පුළුවන් උපරිමයෙන් ඒවා ප්‍රවර්ධනය කිරීමත් කරන කෙනෙක්. මට කොයි ආකාරයෙන් හෝ මිනිසුන් රමණය කිරීම කියන එක සොඳුරු දෙයක්. ඒ ඉන්ටිමසිය මිනිස් ජීවිතයේ උපරිම මොහොතක් කියල මං විශ්වාස කරනවා. අඩු තරමෙ මගේ අත්දැකීම ඒක.

විකල්ප ලිංගික සංස්කෘතීන් නිසා අපේ මහා සංස්කෘතිය වඩා විචිත්‍ර වෙනවා. අලුත් හැඩයන් ගන්නවා. අපේ සිතීමේ කලාපයන් විස්තාරණය වෙනවා. අපේ සීමාවන්, විශේෂයෙන්ම අපේ සම්බන්ධතාවල සීමාවන් වඩාත් නිදහස් වෙනවා. අපි එකිනෙකාව වඩා බාරගන්නාසුලු ආදරණීය මිනිසුන් බවට පත්වෙනවා. මොනෝ (තනි) ලිංගික සංස්කෘතියක හිරවීම තරම් නරක ඉරණමක් මනුස්සයෙකුට තියෙන්න විදිහක් නෑ.

 

rainbow
ඒ වගේම මම විෂම ලිංගික සංස්කෘතිය ඉතා වටිනාකමකින් බාරගන්නවා. ඒ විෂම ලිංගිකත්වය හරහා මේ තාක් දුර‍ට නිර්මාණය වෙලා තියෙන සමාජ සංස්ථා සහ ආයතනවලින් කරන භූමිකාව විශාල එකක්. ඒ මත අපේ සමාජ සංස්කෘතික විතරක් නෙමෙයි මනෝ ලිංගික උරුමයන් පවා නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පුරුෂ සහ ස්ත්‍රී වශයෙන් නිර්මාණය වුනු මනෝලිංගික උරුමය අනිවාර්යෙන්ම සෑම දරුවෙකුටම ලැබිය යුතුයි කියල මං හිතනවා.

දරුවන්ට ලිංගිකත්ව අධ්‍යාපනය (ලිංගික අධ්‍යාපනය කියන්නෙ එකක්, ලිංගිකත්ව අධ්‍යාපනය කියන්නෙ තව එකක්)  රැගෙන යාම ගැන ලෝකය පුරාම ලොකු සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. බටහිර රටවල මේ  අධ්‍යාපන ප්‍රවේශය ඇතුලෙ දරුවන් ලිංගිකත්වය ගැන ලොකු කන්ෆියුෂන් එකක්, නැත්නම් වියවුල්සහගත තත්වයකට යන අවස්ථා දකින්න තියෙනවා. අපේ මනසේ ලිංගිකත්වය පිළිබඳ ආකෘතීන් ගොඩනැගෙන අවධියේදී මේ වියවුල්සහගත බව නරක ප්‍රතිඵල ඇති කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවන්ට ලබා දෙන ලිංගිකත්ව අධ්‍යාපනය කියන කාරණය ඉතාමත් ප්‍රවේශමෙන්, සියලු ප්‍රවේශයන් ගැන දැනුවත්ව, පර්යේෂණ කරමින් කරන්න උවමනා වැඩක්.

sex ed

 

දරුවන්ට වඩා අවශ්‍ය වෙන්නෙ ඉමෝෂනල් එඩියුකේෂන් කියන කලාපය. ආදරය සහ අනෙකුත් මිනිස් සබඳතාවල සෞන්දර්ය විඳීමේ හැකියාව වර්ධනය වෙන අධ්‍යාපනය. උදා විදිහට අපි ඉස්කෝලෙ යන කාලෙ නමය වසරෙදි තිබුනා ජී.බී. සේනානායකගේ ‘කාන්ති’ කියන කෙටි කතාව. අපේ නවයොවුන් ආදරයේ හිරිගඩු පිපෙන අත්දැකීම් නිර්මාණය කරන්න ඒ කෙටි කතාව ලොකු අධ්‍යාපනයක් වුනා. අනෙකාව තේරුම් ගැනීම, අනෙකාව බාරගැනීම, අනෙකාට ආදරය කිරීම, අහිමිවීම දරාගැනීම කියන හැගුම්මය අධ්‍යාපනය තමයි ලිංගික අධ්‍යාපනයක පදනම් සකස් කරන්නෙ. වෙනස්කම් සළකුණු කිරීමේ ඉගෙනුමක් වෙනුවට මිනිස්කම් සළකුණු කිරීමේ ඉගෙනුමක් අවශ්‍ය වෙනවා.

මේක විවාදාපන්න කාරණයක්. ළමයින්ගේ අධ්‍යාපනය ඇතුලට  ලිංගිකත්වය ගැන දැනුම අරගෙන එන්න කලින් මහා සමාජයේ ලිංගික නිදහස ගැන කතිකාව නිර්මාණය වෙන්න ඕන. නැත්තං පොත්වලට මොනවා දැම්මත් ඔය ගුරුවරුන්ට ඒ අධ්‍යාපනය ලබාදෙන්න හැකියාවක් නෑ. අපේ කාලයේ ඉඳන්ම තිබුනු ප්‍රජනන පාඩමට අත්වුනු ඉරණම මතක් කරගන්න පුළුවන්. ඒක නොසලකා හරිනලද පාඩමක් වුනා.

අපේ රටේ තාම ‘ප්ලෙෂර්’ කියන කාරණය මූලික කරගෙන ලිංගික අධ්‍යාපනය ලබාදීමේ ප්‍රවේශයක්වත් නිර්මාණය වෙලා නෑ. තාමත් ලිංගික අධ්‍යාපනය පවතින්නෙ ඇබ්ස්ටිනන්ස් එඩියුකේෂන් නැත්නම් ලිංගික ක්‍රියා වලින් වැලකී සිටීමේ අධ්‍යාපනයක් විදිහට.

 

speak up
ලිංගික සංස්කෘතියේ වෙනස පටන් ගන්න වෙන්නෙ දරුවන්ගෙන් නෙමෙයි. වැඩිහිටියන්ගෙන්. එතන සංවාදයට බය නැතුව මූන දෙන්න ඕන. සමලිංගික චෝදනාවක් එල්ල වූ පමණින් හරිනිව බේරාගැනීමේ මහා ව්‍යායාමයක් කරන්න යනවා කියන්නෙම ලිංගිකත්වය ගැන කතිකාවට බයේ හැංගෙනවා කියන එක. එහෙම තියාගෙන දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න හදනවා කියන්නෙම දැනට බිහිවෙලා ඉන්න දෙබිඩි පරපුර වෙනුවට හතරබිඩි, සයබිඩි වශයෙන් කැඩුනු පෞර්ෂයන් නිර්මාණය කරන්න අඩිතාලම් දානවා කියන එක.

ඉස්සෙල්ලා වැඩිහිටි තමුන් ලිංගිකත්වය ගැන විවෘත වෙන්න. පවතින ලිංගික සංස්කෘතිය තේරුම් ගන්න. ඒ අනන්‍යතාවයන් සමග අපට ඓන්ද්‍රිය ලිංගික සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය කතිකා නිර්මාණය කරන්න. එතනදී මූලිකම දේ ලිංගිකත්වය ගැන කතා කරන එක. මගහැරීම වෙනුවට පුළුවන් තරම් කතා කරන්න.


Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්