leader s

කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා.

කොයිතරම් ට්‍රැෆික් එකක හිටියත් මට ඒ පැත්ත නොබලා යන්න බැරි වෙනවා. වැඩියෙන්ම අවදානම්කාරී වෙන්නෙ ඒ බලන මොහොතෙන් අතීත මතක ගොන්නක්ම එකපාර එබෙන එක. වාහනේ එලවනවා වුනාට මම මොහොතකට එතන නැති වෙනවා. පත්මා එක ඇතුලෙ හිතෙන් ඇවිදින්න ගන්නවා.

පත්මා එක තියෙන්නෙ බෙලෙක්කඩේ බුදු පිලිමෙ පිටිපස්සෙ. ඒකට ඒ දවස්වල ආවෙම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි. ඉස්‍කෝලෙ යන කාලෙ ඇඩල්ට්ස් ඔන්ලි කියන අකුරු ටික දැකපු ගමන් චිත්‍රපටියෙ නම ‍මොකක්ද කියලවත් බලන්නෙ නැතුව හෝල් එකට රිංගන එක අපේ ඇබ්බැහියක් වෙලා තිබුන. ඇත්තටම පත්මා එකේ බලපු චිත්‍රපටිවලින් මට නමකට මතක ‘මෙලඩි ඉන් ලව්’ 1978 විතරයි. මොකක් හරි තේරුමක් නැති හේතුවකට ඒ ෆිල්ම් එක මට සීන්ස් පිටින් මතකයි.

ඒ නිළිය සිල්වියා ක්‍රිස්ටල් බවත්, ඒ වෙද්දි එම්මානුවල් ෆිල්ම් එකෙන් ඇය ශෘංගාර රැජිනක්ව හුන් බවත් දැනගත්තෙ පස්සෙ. ෆිල්ම් එකේ ඩිරෙක්ටර් හියුබර්ට් ෆ්‍රෑන්ක්. චෙකොස්ලෝවියානු අධ්‍යක්ෂවරයෙක් වුනු හියුබර්ට් තමයි, ට්‍රෑන්ගල් ඔෆ් ලස්ට්, පැට්‍රීෂියා සහ මෙලඩි ඉන් ලව් චිත්‍රපටි තුනම නිර්මාණය කලේ.

සිල්වියා ක්‍රිස්ටල්ගෙ  එම්මානු‍වල් මට බලන්න ලැබුනෙ වීඑච්එස් කැසට් එකක් විදිහට. රාවතාවත්තෙ ගාමිනී වීඩියෝ සෙන්ටර් එකෙන් බොරු අයිඩී තියලා අරන් ආපු ඩබල් එක්ස් කෑල්ලක් විදිහට. කොහොම නමුත් මෙලඩි ඉන් ලව් චිත්‍රපටියෙ බොහෝ දර්ශන ලංකාවෙ රූගත කර තිබුනු බව පස්සෙ කාලෙක කියවන්න ලැබුන.

මේ කතාව ඒ ගැන නෙමෙයි. පත්මා සිනමාව ගැන.

 


ඉස්සරහ දැවැන්ත බුදු පිලිමයක් තිබුනු එක පත්මා එක‍ට කවදාවත් ප්‍රශ්නයක් වුනේ නෑ. බුදු පිලිමෙ දැක්කම බස්වල පස්ස උස්සන උපාසක අය ආපහු පස්ස බිම තිබ්බෙ පත්මා එකත් පහුවුනාට පස්සෙ. අද වගේ කාලෙක නම් මේ සිනමා ශාලාව බුදු දහමට නිගාවක් කියල කස්සප වගේ අය පාරට බහින්න ඉඩ තිබුන.

පත්මා එකේ චිත්‍රපටිවල පිංතූර පෝස්ටර් ඇලෙව්වෙ නෑ. ඇතුලෙ ෂෝකාර්ඩ් කීපයක් තිබුනා. සම්පූර්ණ ආකර්ශනයම තිබුනෙ දම්පාට රතුපාට මුසු අකුරුවලින් ලියවුනු ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ කොටසෙ.

ඒ හෝල් එකටම අනන්‍ය සංස්කෘතියක් තිබුනා. හෝල් එක ඇතුලෙ මිනිස්සු සිගරට් බිව්වා. නිරුවත් දර්ශන යද්දි ස්වයං වින්දනයෙ යෙදුනා. සෙක්ස් කෑලි මදි නම් හූ කිව්වා. සමහරු සෙක්ස් කෑලි තියනවා කියලා රවටපු එකට ආපහු ටිකට් එකේ සල්ලි ඉල්ලලා රන්ඩු වුනා.

ඒ වගේම සමහර ජෝඩු මේ චිත්‍රපටි බලන්න ආවා. ඒ අය පුටු දෙකක් උඩ ආලිංගනයට ඉඩ මදි වුනාම පත්තර කොල එලාගෙන අයිනෙ තීරුවෙ දිගාවුනා. තව සමහරු ආවෙම මේ වගේ පෙම්කෙලින ජෝඩු දිහා බලන් ඉන්නමයි. ෆිල්ම් එකට වඩා ආස්වාදයක් ඒ අය මේ අනුන්ගෙ රතිකෙලිවලින් ලැබුවා. කොහොම වුනත් ෆිල්ම් එකක් බලන්න ගිය හැම වෙලාවකම සීට් එක හොඳට අතගාලා බලලා ඉඳගන්න පුරුද්දක් අපිට තිබුන. නැත්නම් බොහෝ විට වෙන කෙනෙකුගේ ශුක්‍රානු අපේ කලිසමේ ඇලවෙන්න ඉඩ තිබුනමේ හැමදෙයක්ම ඒ සිනමාවට අදාල සංස්කෘතිය. ඒ චිත්‍රපටි බලන්න ආපු අයගෙ ආශාවන් ඒ අන්ධකාරයෙ නිදහස් වුනු හැටි. සිනමාව තිබුනෙ තිරෙන් පිටිපස්සෙ විතරක් නෙමෙයි. තිරෙන් ඉස්සරහ තිබුනෙත් සිනමාව.

 

488887062 1291796282951474 3297928051567096782 n 1920x1080

කාලයත් එක්ක මේ සිනමා ශාලාව වැහිලා ගියා. ටිකෙන් ටික පත්මා වනගත වෙන හැටි මම බලන් හිටියෙ ලොකු මනස්තාපයකින්. ඒ මහා ගස්වල සෙවනෙ තිබුනු පොදු ජනතාවගේ අනුරාග සිනමා ශාලාව අස්ථානගත වුනේ අපේ මතකත් එක්ක.

දැන් ඒ සිනමා ශාලාව වහගෙන මහා ගස් වැවිලා. තාම ඒ  ගස් අතු අතරින් පරණ  බිත්ති පාරට පේනවා. මේ සිනමා ශාලාව ඇතුලට ආයිමත් යන්න තිබුනා නම් කියල ලොකු ආසාවක් හිතේ නලියනවා. කොම්පඤ්ඤවීදියෙ රියෝ සිනමාව වගේ අඩුම තරමෙ විශේෂ සිනමා හෝ කලා ප්‍රදර්ශනවලටවත් පත්මා සිනමාව විවෘත වෙනවා නම් කොයිතරම් දෙයක්ද? සිනමා ශාලාවක් කියන්නෙ  ප්‍රජාවකගේ ආශා සංස්කෘතියක් දරාගත්ත තැනක්.

පත්මා කියන්නෙ තාමත් ඒ නිදහස් රාගයේ රහස් දරාගනෙ ඉන්න ඉරොතික පූජාභූමියක්.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - facultyofsex.com)

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්