leader s

චින්තන ධර්මදාස විසින් සංස්කරණය කරන 'රැඩිකල් සෙන්ටර්' ප්‍රකාශනයක් ලෙස එළි දකින ශෘංගාර සඟරාවේ පළමු කලාපය

ජූනි -2දා නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ජූනි දෙවෙනිදාට යෙදෙන ශෘංගාර කලාවේ පුරෝගාමියෙකු වූ මාර්කි ඩි සාද්ගේ උපන්දිනය සමරමින් මේ සඟරාව නිකුත් කිරීමට සැලසුම් කරගෙන තිබේ.

ශෘංගාර කලාව වෙනුවෙන් මේ ආකාරයේ සඟරාවක් ලංකාවේ නිකුත් වන්නේ පළමු වරටය.

‘මේ රටේ සැබෑ දේශපාලන වෙනසක් සිදු වීමට නම් මිනිසුන්ගේ ශෘංගාර කලාපයේ විශාල පරිවර්තනයක් සිදුවිය යුතුය යන අදහසින් මේ සඟරාවේ මැදිහත් වීම සිදුවන බව’ රැඩිකල් සෙන්ටර්' පවසයි.

සතුටෙන්, සාමයෙන්, සෞන්දර්යකාමී තෘප්තිමත් ජීවිත ගත කරන පුරවැසියන් වෙනුවෙන් මේ සගරාව නිර්මාණය වන බව එහි සංස්කාරක චින්තන ධර්මදාස පවසනවා.

‘ශෘංගාරය කියන්නෙ ලිංගිකත්වය නෙමෙයි. ශෘංගාරය කියන්නෙ ජීවිතය ආශාවෙන් වැළඳගැනීමටයි’- ඔහු තවදුරටත් අප සමග පැවසුවා.

ඒ අතරම ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඟරාව ගැන මෙහෙම පෝස්ටුවක් පළ කර තිබුණා.

''ප්‍රින්ට් වෙන මැගසින් කියන්නෙ දැන් අභාවයට ගිය කලාවක්. ඒත් අපේ කාලෙදි මැගසින් කියන්නෙ සංස්කෘතියෙ නව සීමා ලකුණු කරන කල්ට් වැඩක්. ඒක ඔන්ලයින් දැකලා වැඩක් නෑ. කොල අල්ලලා ඉඹලා බලන්නම ඕන.

ඒ නොස්තැල්ජික් ආසාවෙන් ආපහු පටන් ගන්න වැඩක්. ශෘංගාර සගරාවක්. මාර්කි ඩි සාද්ගෙ උපන්දිනය වෙනුවෙන් ජූනි -02 මුදාහරින්නයි බලාපොරොත්තුව.

රැඩිකල් සෙන්ටර් ප්‍රකාශනයක්.
කවර ඡායාරූපය - මීෂා ගුණවර්ධන
නිරූපණය- යොමා පෙරේරා

eeeefdd

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්