leader s

Mia Z (සාෂා ප්‍රසාද්)  කියන්නෙ ලංකාවෙ බොහොමයක් දෙනා අඳුරන (නොදන්නවා වගේ ඉන්න) පෝර්න් ඇක්ට්‍රස් කෙනෙක්.

ඒ වගේම ඔන්ලි ෆැන්ස් වගේ ප්ලැට්ෆෝම්වල ඉතා ජනප්‍රිය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. වි‍‍ශේෂයෙන්ම එයාගෙ ඉන්ස්ටා වගේ ගිණුමක විශාල පිරිසක් ඉන්නවා එයාව ලුහුබඳින. එයාගෙ කන්ටෙන්ට්වල  ෆැෂන්, හියුමර්, සෙක්ෂුවැලිටි වගේම එයා ප්‍රොජෙක්ට් කරන වැදගත්ම දේ තමයි කන්ෆිඩන්ස් කියන එක.

Mia Z කියන්නෙ වෙනත් වචනයකින් කිව්වොත් නූතන කාලෙ අභිසාරිකාවක්. අලුත්ම කාන්තා ඔන්ලයින් ස්වාධීනත්වය ගැන ප්‍රකාශනයක් විදිහටත් අපිට එයාව කියවන්න පුළුවන්.

IMG 20250830 124945 125045

එයා තමන්ගේ ප්‍රකාශනය වෙනුවෙන් සාම්ප්‍රදායික මාධ්‍ය වෙනුවට නව මාධ්‍ය පාවිච්චි කරනවා. ඒ හින්දම සාම්ප්‍රදායික විනිශ්චයන් සහ අධිකාරීන් එයාට අදාල වෙන්නෙ නෑ. එයා නව මාධ්‍ය ඇතුලෙ නව කාන්තා හැඩයක් නිර්මාණය කරනවා. ඒ වගේම එයා සෙක්ස් පොසිටිව් සංස්කෘතියේ අයිකොනයක් වෙනවා. සෙක්ස් කියන්නෙ අඳුරු රහස් පාපී යමක් විදිහට ප්‍රොජෙක්ට් කරනවා වෙනුවට එයා සෙක්ස් කියන්නෙ සිනහව සතුට විශ්වාසය පිරුනු සරල ආස්වාදමය ක්‍රියාවක් බවට පත් කරනවා.  එයාගෙම වූ ඉරොතික අනන්‍යතාවයක් නිර්මාණය කරගන්නවා.

HF4KQP1asAcN3Zu

Mia Z එයාගෙ නිරුවත/ ලිංගිකත්වය තමන්ගේම වේදිකාවක අලෙවි කරනවා. ඒකට වටිනාකමක් ලබාදෙනවා. ඒ හරහා තමන්ගේ ආර්ථික ස්වාධීනත්වයක් නිර්මාණය කරගන්නවා. පැරණි පෝර්න් කර්මාන්තය වගේ නිෂ්පාදන ආයතන හෝ වෙනත් අයගේ බලය මත ක්‍රියාත්මක වීම වෙනුවට Mia Z තමන්ගේ කාල රාමු, තමන්ගේම වැඩසටහන් හරහා තමන්ගේම ප්‍රෙක්ෂකයන් පිරිසක් හදාගන්නවා.

එයාගෙ උපන් අවුරුද්ද විදිහට දැක්වෙන්නෙ 2004. ඒ කියන්නෙ තාම වයස 22 ක විතර පොඩි කෙල්ලෙක්. දකුණු ආසියානු (එයාගෙ තාත්තා ලංකාවෙ කියලත් කියනවා) ෆීජියානු සම්භවයක් එයාට තියෙන්නෙ. මේ වගේ සංස්කෘතික කලාපයක් ඇතුලෙන් ඒ වගේ නිදහස් ලිංගිකත්වයක් නිර්මාණය කරගත්ත කෙල්ලෙක් කියන්නෙ සුවිශේෂ කාරණයක්. එක විදිහකට සංස්කෘතික පුපුරා යාමක්.

 

HHt roeaQAAhHAO
ඇත්තටම අපිට වැදගත් කාරණය වුනේ එයා ලංකාවට ඇවිත් එයාගෙ ප්‍රමෝෂන් කරන එකයි. එතනදි තෝර‍ාගත්ත ඉන්ෆ්ලුවන්සර්ලා කීප දෙනෙක් හරහා එයාගෙ ප්‍රේක්ෂාගාරය වැඩි කරගන්න එයා සාර්ථකව කටයුතු කරමින් ඉන්නවා. ඒ වයසෙ කෙල්ලෙක්, ඒ වගේ කන්ටෙන්ට් පරාසයක, ඒ වගේ පුළුල් මාර්කටින් සැලසුමක වැඩ කරන එක අසිරිමත් වැඩක්.

මේකෙන් සිද්ද‍ වෙන එයා නොදන්න කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ සංස්කෘතියෙ සිද්ද වෙන විකසිත වීම. ඒ කෙල්ල විසින් ඉන්ස්පයර් කරන නව රැල්ල. ඒ  හරහා ලිංගිකත්වය පිලිබද ඇතිවෙන විවෘත කතාබහ. මේ කිසි දෙයක් Mia Z සැලසුම් කරන දේවල් නෙමෙයි. ඒත් අපේ රටේ තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය කරගෙන යද්දි ඉබේටම සිද්ද වෙන වඩාත් වැදගත්ම කොටස වෙන්නෙ මේකයි.

miazd

 

අපි මීට කලින් මෙහෙම කෙල්ලෙක් දැකලා නෑ. තමන්ගේ නිරුවත, තමන්ගේ ලිංගිකත්වය එක්ක ආඩම්බරෙන් හිටගන්න, ඒ ගැන තව තවත් ප්‍රචාරනය කරමින්, ඒ ගැන අවධානය උනන්දුව වැඩි කරමින් හිනාවෙවී ඉන්න කෙල්ලෙක් අපි දැකලා නෑ. ඒ වෙනුවට අපි දකින්නෙ තමන්ගෙ මොකක් හරි ලීක් වුනු එකට අඩා වැළපෙන කෙල්ලො. ඒත් Mia Z අපිට වෙන කෙල්ලෙක්ව පෙන්නනවා. අපේ දුඹුරු පාට හමෙන්, අපේ රටේම අනන්‍යතාවයකුත් එක්ක එයා අපිට වෙන කතාවක් කියනවා.

‘ඔයාට මේ විදිහටත් ජීවත් වෙන්න පුළුවන්. ඔයාට මේ විදිහටත් ඔයාගෙ ශරීරය own කරගන්න පුළුවන්. සමාජය ගැන පයිසෙකටවත් හිතන්නෙ නැතුව ඔයාගෙ ලිංගිකත්වය ආභරණයක් ලෙස ආඩම්බරෙන් පළදින්න පුළුවන්. ඒ නිදහස ඔයාගෙ. ලස්සන හිනාවක් එක්ක සෙක්ස් වලට yes! කියන්න. ජීවිතේ ලස්සනයි.

Mia Z අපිට කියන, ගොඩක් අයට රිදෙන් කතාව වෙන්නෙ ඒකයි.

මේ අර්ථයෙන් Mia Zගෙ මාර්කටින් කැම්පේන් එක කියන්නෙ ලංකාවෙ වැදගත්ම සංස්කෘතික විප්ලවයක් වෙනවා. ලිංගික නිදහස පිළිබඳ ප්‍රකාශනයක් වෙනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්