leader s

ළගදීම සිනමාශාලාවලට පැමිනීමට නියමිත අභිසාරි චිත්‍රපටය කියන්නෙ ලංකාවෙ සදාචාරය, සංස්කෘතිය, සාසනය ආදී බොහෝ තැන් කැළඹෙන්න නියමිත වැඩක්.

ඉතින් මේ චිත්‍රපටය වෙනුවෙන් අලුතෙන්ම නිල ෆේස්බුක් පිටුවක් විවෘත වෙලා තියෙනවා. ඒක නම් කරලා තියෙන්නෙම, සංවාසය සංවාදය සහ සිනමාව කියලයි.

ඒ පිටුව ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස මෙහෙම සටහනක් පළ කරලා තිබුනා.
 
''අභිසාරි කියන්නෙ චිත්‍රපටියක් විතරක් නෙමෙයි. සංවාසය, සංවාදය සහ සිනමාව කියන තුනටම ඇරෙන දොරටුවක්. ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බලලා ගෙදර එනවට වඩා ගොඩක් දේවල් අභිසාරි එක්ක සිද්ද වෙනවා. ඒ තමයි රාත්‍රිය. හේමරතනලා පවා ගොදුරු හොයන අඳුර. තලවතුගොඩ පුරා නියෝන් එළි දැල්වෙන ඇරයුම. ලිංගික අධ්‍යාපනය එපා යැයි සිවුරුහොරුන් කරන සරදම. කොන්ඩමයක් සාක්කුවෙ තිබුනොත් ගෙදර බිරිඳගෙන් ලැබෙන සත්තම. මේ හැම දෙයක්ම ලෝකෙ පරණම වෘත්තීන්ගෙන් එකක් කියලා සැලකෙන අභිසාරි එක්ක සම්බන්ධයි. ඉතින් ඒක සිනමාවෙන් එලියට ඇවිත් වැසුනු කාමරවල යහන් මතටම එනවා. වෙබ් පිටුවල ගොසිප් උඩටම එනවා. පොලිසිවල වැටලීම් විදිහට එනවා.
 
 
අභිසාරි සංවාසයට සංවාදයට සහ සිනමාවට එකතු වෙන්න. අභිසාරි නිල පිටුවට එන්න.

මෙන්න ලින්ක් එක

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්