leader s

අද සන්නා එයාගෙ ජීවි‍තේ මරණාසන්න මොහොතකට පසු පැමිණි මානවිකාවක් ගැන සටහනක් ලියලා තිබුනා.

සන්නා ඒ කියන මොහොත මං සජීවීව දැක්කා. එහෙම ගැහැණු දේවතාවියන් බව ලිව්වා.

මගේ ජීවිතේ එහෙම දේවතාවියන් ගොඩක් මට මුනගැහිලා තියෙනවා. අපේ ජීවිතවල අන්තිම බිංදුවට වැටුනු වෙලාවට සමහර විට දෙවිදේවතාවුන් පහල වෙනවා.

ගැහැණු විදිහට විතරක් නෙමෙයි. පිරිමි, සත්තු, ගස්, ගල් විදිහට වෙන්නත් පුළුවන්. ඒ දුෂ්කරම මොහොත තරණය කරන්න ඒ දේවතාවුන් අපිත් එක්ක ඉන්නවා.

ගැහැණු ඒ අතරින් විශේෂයි. මගේ ජීවිතේ මරණීයම මොහොතවල, ඒ අන්ධකාර පතුලට මාව හොයාගෙන ආපු දේවතාවියන් ඉන්නවා. නැවත ඉර එළියක් දකින තුරා ඒ අය මාත් එක්ක ඉඳලා තියෙනවා. මං එහෙම දේවතාවියන් ගොඩක් නරක විදිහට තුවාල කරලත් තියෙනවා. ඒත් ඒ අය සියල්ල දරාගෙන මාව ඒ අන්ධකාර මොහොතෙන් එලියට අරන් ඇවිත් තියෙනවා.

ගැහැණියකට පුළුවන් ඒ අසීරුතම කාල පරිච්ඡේදවල ආත්මය ඇතුලතින්ම සුවපත් කරන්න. ඒක කරන්නෙ අනුරාග පූජාවක් විදිහට.  ඒ අය අපිව වෙනස් කරනවා. අලුතෙන් නිර්මාණය කරනවා. ගැහැණියක් තුලින් ගමන් කලාට  පස්සෙ පිරිමියෙක් නැවත හිටපු පිරිමියා නෙමෙයි. මට මුනගැහුනු දේවතාවියන් හැම විටකම මාව වඩා යහපත් කොට නිර්මාණය කළා.

ඔව්. සමහර ගැහැණු කියන්නෙම දේවතාවියන්. ඒ වගේම සමහර ගැහැණු කියන්නෙම භයානක කුණාටු

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

gdfgr

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්