leader s

අප මිත්‍ර චින්තන ධර්මදාස මහතාගේ ශෘංගාර(The Language of Desire) නවතම සඟරාවේ පළමු කලාපය (Volume 1, Issue 1 June 2026) ඉදිරියේ නිකුත් වෙනව. එහි ඇතුළත් බුදුදහම සහ ශෘංගාරය පිළිබඳ මගේ ලිපිය සඳහා පදනම් වූ මූලික නිමිත්ත සහ අදහස මන් හිතුව සටහන් කරන එක හොදයි කියල.


ආගමික ආධිපත්‍යය විසින් අහිමි කළ ලෞකික ආශ්වාදය

ඇත්තටම අද වන විට ලංකාවේ පවතින ආයතනගත ආගමික ආධිපත්‍යය විසින් මිනිසාගේ මනස මත දැඩි විනිශ්චයන් සහ වාරණයන් පනවා ඇත. මේ නිසාම සාමාන්‍ය ලාංකිකයන්ට තමන් උරුම කරගත යුතු ලෞකිකවාදී වින්දනය සහ ජීවිතයේ ස්වාභාවික ආශ්වාදය මුළුමනින්ම පාහේ අහිමි වී ගොස් තිබේ. මතුපිටින් අතිශය ශුද්ධවන්ත සහ සදාචාරවාදී මුහුණුවරක් පෙන්වීමට උත්සාහ කළද මේ හරහා සිදුව ඇත්තේ සමාජය දැඩි ලිංගික පීඩනයකට ලක්වීම පමණි.

 බුදුදහම ශෘංගාරය ප්‍රතික්ෂේප කළේ කාටද?

 

Buddhist monk's bowl in hands. Thai monk bowl for alms collection.

මෙහි ඇති ලොකුම උත්ප්‍රාසය නම් බුදුදහම තුළ ශෘංගාරය හෝ ලෞකික ආශාවන් ප්‍රතික්ෂේප කර ඇත්තේ කා හටද යන්න වර්තමාන සමාජය නිවැරදිව වටහා නොගැනීමයි.ඔව් බුදුදහම ශෘංගාරය ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒ ගිහියන්ට නෙවෙයි. සසර කෙටි කරගැනීම උදෙසා බ්‍රහ්මචර්යාව රකින පැවිද්දන්ටය.දැන් පැවිද්දන් ශෘංගාරය විදිනව ගිහියො සිල් ගන්නව.විපරීත සමාජයක් මේක.

බුදුන් වහන්සේ ගිහි සමාජය උදෙසා දේශනා කළේ අන්‍යයන්ට හිංසාවක් නොවන පරිදි සම්මත සීමාවන් තුළ ලෞකික ජීවිතය විඳීම මිස ආශාවන් බලහත්කාරයෙන් යටපත් කිරීම නොවේ.නමුත් අවාසනාවකට වර්තමාන ලංකාවේ සිදුවන්නේ පැවිද්දන් උදෙසා පනවා ඇති සිල්පද සහ වාරණයන් බලහත්කාරයෙන් ගිහියන් පිට පැටවීමයි.

යතුරු හිලෙන් මිදී දොර ඇරීමට කාලයයි

Mismatched Desire and Mismatched Sexual Libido Between Couples Arizona Sex Therapists JPG

මේ අසාධාරණ සදාචාරවාදී පීඩනය නිසා අද වන විට ලාංකිකයාගේ ස්වාභාවික මිනිස් ආශාවන්, සුන්දර ශෘංගාරය හෝ ශරීරයේ කාව්‍යමය ස්වරූපය දෙස විවෘතව බැලීමේ හැකියාව අහිමි වී ඇත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ තමන්ගේම ආශාවන් දෙස යතුරු හිලකින් හොරෙන් එබී බලන  සොරකම් කරන සුළු මානසිකත්වයකට මිනිසා කොටු වීමයි.

ශෘංගාර සඟරාවෙන් කරන්නේ මේ වසා දැමූ දොරවල් හැර දමා මිනිස්සුන්ට නිදහසේ සහ නිරෝගීව සිතන්නට විවෘත ඉඩක්  නිර්මාණය කර දීමයි. ශරීරය සහ ආශාවේ භාෂාව කලාවක් සහ ශාස්ත්‍රීය මානයක් ලෙස ප්‍රශ්න කරන්නට සංවාද කරන්නට කැමති හැමෝම මේ සඟරාව අරන් කියවන්න.

 
-කැකිරාවේ සුදස්සන හිමි

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්