ශෘංගාර අද සළු උනා දමනවා.
ඒ ගැන විවිධ අය විවිධ දේ අහනවා.
මොනවද මේකෙ තියෙන්නෙ?
ලිපි තියෙනවද?
කතා තියෙනවද?
නිරුවත් රූප තියෙනවද?
සෙ# තියෙනවද?
දීමට ඇති පිළිතුර මේ ප්‍රශ්නවලට වඩා සරලයි නමුත් විශාලයි.
ශෘංගාර කියන්නෙ කන්ටෙන්ට් එකතුවක් නෙමෙයි. ඒක ජීවිතය දකින ආකාරයක්.
ශෘංගාර මූලිකවම කතා කරන්නෙ ඉන්‍ටිමසිය ගැන. ඒ ඉන්ටිමසිය සාහිත්‍ය, ඉතිහාසය, ඡායාරූපය, සමීප සබඳතා, කෑම, මතක, රමණ ආදී මනුස්ස ආශාව ගලා යන සෑම නිම්නයක් ඔස්සේම ගලා යනවා. ආශාව එහි ලිංගිකත්වයේ ස්වරූපයෙන් පමණක් නෙමෙයි, දේවල් නිර්මාණය කරන්න, ආදරය කරන්න, පරිකල්පනය කරන්න, ගවේෂණය කරන්න සහ අපි තුලින්ම පරිණාමය ලබන්න බලකරන දිව්‍යමය බලයක් වගේ අපිට මුනගැහෙනවා.
මේ පිටු හැඩගැන්වී තියෙන්නෙම පරිභෝජනය පිණිස නෙමෙයි. මේ වචන, රූප, වර්ණ, ස්පර්ශ, සහ අවකාශ එකට සබැදෙන්නෙම ජීවිතය පැහැදිලි කිරීම වෙනුවට එය අවදි කිරීමටයි.
මේ සඟරාව ඔබෙන් ඉක්මන් කියවීමක් ඉල්ලා නොසිටියි. එය ඔබෙන් ඉල්ලා සිටින්නේ සෙමෙන් ගතවීමකි.
සඟරාවක් කියන්නෙම තීන්තයි කඩදාසියි නෙමෙයි. සඟරාවක් කියන්නෙ අදහසක් දෘෂ්‍යමානයට ගේන මොහොතක්. නාඳුනන කිට්ටුවන්තයින් විසින් බෙදා ගන්නා සිහිනයක්. නිර්මාණකරුවා සහ කියවන්නා අතර රමණයක්.
ශෘංගාර ඔබට ඇරයුම් කරන්නේ ජීවිතය පරිපූර්ණ ලෙස බාරගැනීමටයි. එය විච්ඡේදනය කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ අර්ථ ගැන්වීමට ඇති හදිස්සිය පාලනය කිරීමටයි. සමහර අත්දැකීම්වල ඇති විශ්මය ඒවා විශ්ලේෂණය කිරීමෙන් අහිමි වෙනවා. ආශාව කියන්නෙත් එහෙම දෙයක්.
ආශාව කිසිදු විෂයකට වඩා විශාලයි. එය නිශ්චිත සීමා මායිම් නාඳුනයි. කවියක, බැල්මක, වැස්සක, චිත්‍රයක වගේම රිදවුම් දෙන කස පහරකත් ආශාව ඇවිලෙන්න පුළුවන්.
ඉතින් ශෘංගාර කියන්නෙම ආශාව සියක් පෙති විහිදා විකසිත වෙන අරුමයයි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



