මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

 

suneසම්පූර්ණ නම - අම්බලන්ගොඩ ලියනගේ සුනේත්‍රා

අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (සා/පෙළ)

වෘත්තීය - පෙරපාසල් ගුරුවරියක් ලෙස වසර 28ක් සේවය කිරීම, දහම් පාසල්

ගුරුවරියක් ලෙස වසර 38ක් සේවය කිරීම

දැනට දරණ තනතුර - ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී

දේශපාලන පවුල් පසුබිම- සැමියා දේශපාලනයේ නිරත වීම

නියෝජනය කරන කොට්ඨාශය - දෙවිනුවර කඩවැද්දුව

 

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

කාන්තාවන් ට දේශපාලනයට එන්න තියෙන අවස්ථා අඩුයි. 25% කෝටාව නිසා අපිටත් ඒ අවස්ථාව ලැබුණා. මහත්තය තමයි දේශපාලනය කලේ. පෙරපාසල් ගුරුවරියක් විදිහටත් දහම් පාසැල් ගුරුවරියක් විදිහටත් වැඩ කරපු එකත් එක්ක තමයි දේශපාලනය කරන්න හිතුවෙ.  අපිට ඒකෙන් දෙයක් කරන්න, ගමට,රටට සේවයක් කරන්න පුලුවන් කියලා විශ්වාසයක් ආවා.



ඔබ විශ්වාස කරනව ද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?

 

ඇත්තටම ඉඩක් නැහැ. ප්‍රාදේශීය සභාවල කාන්තා කමිටු පිහිටුවන්නවත් ඉඩක් දෙන්නෙ නැහැ. අදහස් කියන් අවස්ථාවක් දෙන්නෙ නැහැ. හුගක් වැඩවලට අවස්ථාවන් දෙන්නෙ නෑ. පක්ෂ දේශපාලනයක් තියෙන්නෙ. අදාළ පක්ෂයේ අයට විතරයි තැනක් ලැබෙන්නෙ. අපිට තැනක් ලැබෙන්නෙ නෑ. 25%කට වඩා කාන්තාවන්ට තැනක් ලැබෙන්න ඕනි. 52% ක් වගේ වැඩිපුරම ඉන්නෙ කාන්තාවන්. ඒ නිසා කාන්තාවන්ට දේශපාලනය කරන්න වැඩිපුර අවස්ථාවන් ලැබෙන්න ඕන.

 

ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව් ද?

මහත්තයා තමයි ළඟින්ම ඉඳලා උදව් කරේ. ඊට පස්සෙ පවුලෙ අය. තව ළඟින් හිටපු කීපදෙනෙක් සහයෝගය දුන්නා.

 

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව් ද?

කාන්තාවන් වෙනුවෙන් මාව නියෝජනය වුණාම අපේම පක්ෂයේ පිරිමි අය මට විරුද්ධ වුණා. මට ගොඩක් මඩ ප්‍රචාර ගැහුවා ඒ අය. ඒක මට ගොඩක් බලපෑවා. පිරිමි අයට මඬ ගහනවා අඩුයි. ඒ ගොල්ලො සුද්දවන්තයො වෙලා ඉන්නෙ. ඒත් ගැහැණු අය දිහා බලන්නේ වැරදි කෝණයෙන්.

 

ඔබ විශ්වාස කරනවද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

 

අනිවාර්යයෙන් නියැලිය යුතුයි. වංචාව, දූෂණය නැති කරන්න නම්, ස්ත්‍රීන් දේශපාලනයේ සිටිය යුතුමයි. කාන්තාවන් වංචා, දූෂණ, වැරදි දේවල්වලට යොමුවෙන්න බයයි.  කාන්තාවො වංචා දූෂණ කරන්න ඇත්තටම බයයි. එයාල ඒවට ඒ නිසා යොමුවෙන්නෙ නැහැ.

 

ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිලා තියෙනව ද?

OTI ආයතනයෙන් මාස 3ක  පුහුණුවීම් ලබා දුන්නා. පළාත් පාලන ආයතනවලින් පුහුණුවීම් දිගටම ලබා දුන්නා. දේශපාලන ගමනේ ඉදිරි ගමනට තව තව පුහුණුවීම් අවශ්‍යයි. පිරිමි සමඟ දේශපාලනය කරන්න හරි අමාරුයි. කරට කර ඉන්නවානම්, අපි තව දැනුමෙන් සන්නද්ධ වෙලා, පුහුණුවීම් කරලා ඉන්න ඕනි. මොකද නොදන්නා පරිසරයකටයි අපි ඇතුල්වෙලා ඉන්නෙ.

 

නායකත්ව ගති ලක්ෂණයක් කියන්නෙ පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් ද?  ගැහැණියට නායකයෙක් වෙන්න බැරිද?  ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

 

නායකත්වය කියන දේ පිරිමින්ට විතරක් නෙවෙයි, කාන්තාවන්ටත් අදාළයි. නායකයෙක් සතු ගුණාංග තියෙනවා. විශේෂයෙන් කාන්තාවන් නම්‍යශීලීයි. ඉවසිලිවන්තයි. ඒ ගති ලක්ෂණ පිරිමින්ට වඩා කාන්තාවන් ට තියෙනවා. පවුලේ ගොඩක් දුරට නායකත්වය දෙන්නේ කාන්තාවන්, ගේ ඇතුලෙ කාන්තාවගෙ නායකත්වය... ඇතුලෙ ඉන්න පිරිමි එලියෙදි තමයි චණ්ඩි වෙන්නෙ. ඒක තමයි දේශපාලනයෙ තත්වය.

 

ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනව ද?

දේශපාලනය කියන්නේ අනිත් අයට සේවයක් කිරීම මිස, තමන්ගෙ දේවල් සපුරා ගැනීම නෙවෙයි. පගාව ගැනීමත් නෙවෙයි.  මිනිස්සුන්ගෙ අවශ්‍යතා පිළිබඳව සොයා බලන්න ඕන. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ඔින. උදව් අවශ්‍ය අයට උදව් කරල ඔවුන්ව නගා සිටුවන්න අවශ්‍යයි. ඒ නිසා දේශපාලනය ඉගෙනගන්න ඕන. ඒ සඳහා අධ්‍යයනයක් තිබිය යුතුයි.

 

ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවාද? ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

ඇත්තටම සතුටු වෙනවා. අභියෝග ගොඩක් ආවා. ඒවා මං ජයගත්තා. මේක මුලදි වේදනාවක් වුණා පුරුදු නැති නිසා. කෙනෙක් දෙයක් කිව්වොත්, මිනිස්සුන්ට වචනයකින් හරි උදව්වක් කරන්න පුලුවන් වුණේ දේශපාලනයට ආව නිසා. ඒක ගැන සතුටක් තියෙනවා.

 

ඔබට සහායෝගය දීපු අය ගැන සඳහන් කරන්න අවශ්‍ය ද?

අපේ පක්ෂයේ (එ.ජා.ප) නායකතුමා, වික්‍රමසිංහ මැතිතුමා  25% කාන්තා නියෝජනය ගේන්න ගොඩක් මහන්සි වුණා. ඒ වගේම අපිට හැමෝගෙම සහයෝගය තිබුණා. අපි ආයතනයක ගියත් අපිට තැනක් තියෙන හින්ද මිනිස්සුන්ට උදව් කරන්න අපිට පහසුවක් උනා. 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්