leader s

වාර්ෂික අයවැයක් තුළින් රටේ සංවර්ධනය සඳහා ලොකු බලාපොරොත්තු ඇති කරනවා. එත් ණයබරින් මිදීමේ මාවතක යන රජයකට අයවැයෙන් කළ හැකි වෙනස්කම් අවම බව 2024 අයවැය විශේලේෂණයෙන් පෙනෙනවා.

විශේෂයෙන්ම පහත සඳහන් කරුණු නිසා වාර්ෂික අයවැය යනු සංදර්ශනයක් පමණක් බව මගේ මතයයි.

* අයවැයෙන් කල හැකි වියදම් රටේ බංකලොත් බව නිසා අනිවාර්යෙන් සීමා වීම

* අයවැයේ වියදම්වලින් 95% ක්ම පවතින ආයතනවල වියදම් පිරිමැසීමට යෙදවීම

* අයවැය කතාවේ දත්ත සම්භාරයේ නොපැහැදිලිකම නිසා සිදුවන "ආරක්ෂක අංශයට අධ්‍යාපනයට වඩා වැඩි මුදලක් ලැබේ" යනාදි වැරදි අර්ථකථන

budget5353

 

2024 දී පළමු වරට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද "අයවැය 2024: කුමක් සඳහා ද, කා වෙනුවෙන්ද" ලේඛනය මගින් 2024 සඳහා වන අයවැය ලියකියවිලි වඩාත් තේරුම් ගත හැකි වුණා. නමුත් එම ලේඛනය ප්‍රකාශයට පත් කළේ අයවැය ක්‍රියාවලිය අවසන් වූ පසුව පමණි. අයවැය විවාදය සඳහා නියමිත වේලාවට ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා ලේඛනයේ කෙටුම්පතක්වත්  ලබා ගත හැකි නම්, මා පෙන්වා දුන් කරුණු වඩා හොඳින් තේරුම් ගෙන පාර්ලිමේන්තුවේ හා සමාජයේ අයවැය පිලිබඳ වඩා ඵලදායී සංවාදයක් සිදු වෙයි. ඒ තේරුම් ගත  යුතු කරුණු තව දුරටත් විමසා බලමු  

රටේ බංකොලොත් බව නිසා අයවැයෙන් කළ හැකි වියදම් අනිවාර්යෙන් සීමා වෙනවා

 

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ' - ජනාධිපති
2024 දී ජනාධිපති ධුරයට පත්වීම සඳහා පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක දී රනිල් වික්‍රමසිංහ මහතා රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව කෙටියෙන් කළ පැහැදිලි කිරීම අපගේ රාජ්‍ය නායකයින්ට ආදර්ශයක්. ඔහු ඉතා අවංකව සහ රැස්ව සිටි ජනතාවගේ බුද්ධියට ගරු කරමින් රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කළා. ඔහු මූලික වශයෙන් පැවසුවේ රජයේ වියදම් කිරීමේ හැකියාව ය.  

(1) දළ දේශීය නිෂ්පාදිතයෙන් සංකේතවත් කරන රටේ ආර්ථික වර්ධනය

(2) රජයට රැස් කළ හැකි බදු ආදායම සහ

(3) බංකොලොත් භාවය නිසා පැන නැගෙන ණය ගැනීමේ සීමා මත රඳා පවතින බවයි.
 

තව දුරටත් විස්තර කරමින් ඔහු පැවසුවේ, රජය දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 2024 දී ට්‍රිලියන 31 සිට 2025 දී ට්‍රිලියන 35 ට වැඩි වන බව සහ 2025 දී රු. ට්‍රිලියන 5.1 ආදායමක් රැස් කිරීමට අපේක්ෂා කරන බවත් ය. අපේ ණය ගැනීමේ හැකියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක් පමණකට සීමා වී ඇති බැවින් 2025 දී ජනය කළ හැකි ණය ප්‍රමාණය ට්‍රිලියන 1.8 ක් බවත්  ඒ නිසා රජයේ මුළු වියදමට ඇති මුදල ට්‍රිලියන 6.9 කට සීමා වන බවත් ය.

 

ඔහු විස්තර නොකළ දෙය නම්, අප ණයට ගන්නා මුදල් පොලිය ගෙවීම සඳහා මිස රටේ වියදමට නොවන බවත් ඊට අමතරව පොලිය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 2.3% ක අතිරික්තයක් ද අපට පවත්වාගැනීමට සිදු වන බවයි.  

පොලී අනුපාත පහළට ! ; 'ණය ප්‍රතිව්‍යූහගතකරණයට තල්ලුවක්' – රොයිටර්

 

2025 සඳහා දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 35 ක් වේ යන පුරෝකථනය භාවිතා කළොත් අපට අපේ ආදායමෙන් පොලී ගෙවීමට වෙන් කළ යුතු මුදල රු: ට්‍රිලියන 0.8 ක් පමණ වෙනවා. එයින් අදහස් වන්නේ අපි රුපියල් ට්‍රිලියන 5.1 ක ආදායමක් රැස් කළත්, අපට වියදම සඳහා යොදා ගත හැක්කේ එයින් රුපියල් ට්‍රිලියන 4.3 ක් පමණ යන්නයි.
 
ඇත්තෙන්ම  2025 සඳහා රජය විසින් විසර්ජන වියදම් පනතේ පහත සඳහන් 2(1) වගන්තියෙන් කියවෙන රුපියල් ට්‍රිලියන 4.218 ක රාජ්‍ය වියදම් යෝජනාව වික්‍රමසිංහ මහතාගේ පුරෝකථනය කළ ට්‍රිලියන 4.3 ට ආසන්න ලෙස සමාන වීම වෙන කිසිවක් නිසා නොව රටක් හැටියට අපට කළ වියදම පිළිබඳව අපේ බංකලොත්භාවයෙන් ඇති කෙරෙන සීමාවන් නිසායි.
 
“2. (1) ඕනෑම වියදමක් අනුමත කරන වෙනත් කිසිදු නීතියක කිසිදු අගතියකින් තොරව සහ මෙම වගන්තියේ (4) උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, 2025 ජනවාරි 1 වන දින සිට 2025 දෙසැම්බර් 31 වන දින දක්වා මෙම පනතේ "2025 මූල්‍ය වර්ෂය" ලෙස හඳුන්වනු ලබන කාලපරිච්ඡේදයේ සේවය සඳහා රුපියල්ට්‍රිලියන  හාරදහස් දෙසිය දහඅටයි බිලියන දෙසිය හතළිස් අටයි  මිලියන දහඅට දහසක් ලෙස ඇස්තමේන්තු කර ඇති රජයේ වියදම සපුරා ගත යුතුය - ....”

 

රට බංකොලොත් : ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි

එම නිසා  අයවැය කතාව ඉදිරිපත් කරන්නේ අනුර කුමාර, රනිල් හෝ සජිත් යන අයගෙන් කවරකු වුවත් එම අයවැයේ තිර නාටකයේ පිටපත 2022 අප වැටුණු බංකොලොත් භාවය මගින් තීරණය වෙලා හමාරයි. ණයගැති රටවල් සඳහා ගෝලීය වශයෙන් යම් විසදුමක් ලැබෙන්නේ නැති තත්ත්වයක අපට වෙන විකල්පයක් ඇත්තෙත් නැහැ.

අයවැයේ වියදම්වලින් 95% ක්ම යෙදෙන්නේ පවතින ආයතන පවත්වා ගැනීමට
 
විසර්ජන පනත් කෙටුම්පතෙන් ආයතන සඳහා ප්‍රතිපාදන ලබා දීමේදී ආයතනවල කාර්ය සාධනය පිළිබඳ ඇගයීමක් හෝ පවතින ආයතනික ව්‍යුහයේ ඇති අතිරික්තයන් පිලිබඳ ඇගයීමක් නැතිව කලින් ලබා ප්‍රතිපාදන වලට සාපේක්ෂව වැඩි කිරීමක් සිදු කරන බවයි පෙනෙන්නේ. 

 

මංගලගේ බදු ප්‍රතිපත්තිය ගෙන එන්නැයි සජබය කියයි
මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට කේ.පී.අයි. නැතිනම් ප්‍රධාන කාර්ය සාධන ඉලක්ක අයවැය පොතට ඇතුළත් කළා. කරු ජයසූරිය මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (හෝ COPA) සභාපතිවරයා ලෙස කටයුතු කරන විට එම පාර්ලිමේන්තු අධීක්ෂණ කේ.පී.අයි. ඇතුළත් කර තිබුණා. නමුත් අවාසනාවකට මෙම පිළිවෙත දිගටම පැවතුණේ නැහැ.
 
අයවැය කතාවේ විශේෂ වියදම් යෝජනාවලට වෙන් වන්නේ  5% ක් පමණි

අයවැයට පසු දින පුවත්පත්වල ප්‍රධාන සිරස්තල සම්පූර්ණයෙන් ම අයවැයේ විශේෂ වියදම් යෝජනා සඳහා කැප කරන නමුත් ඒවාට  අයවැයෙන් වෙන් කරන්නේ ඉතා සුළු කොටසක් බව ඔවුන්ට නොවැටහීම කණගාටුවක්. උදාහරණයක් ලෙස, 2024 අයවැය කතාවේ දී, පොලී ගෙවීම් අඩංගු නොවන ප්‍රාථමික වියදම බිලියන 4,327 ක් (හෝ ට්‍රිලියන 4.3 ක්) ලෙස ඇස්තමේන්තු කරන ලද අතර විශේෂ වියදම්යෝජනා 80 ක් සඳහා මුළු වියදම වූයේ හෝ බිලියන 212.6 ක් මුළු ප්‍රාථමික වියදමෙන් 5% ක් පමණයි. 

අවාසනාවකට මෙන්, අයවැය විශ්ලේෂකයින් හෝ ප්‍රවෘත්ති මවන්නන් විසින්  අනෙක් තීරණාත්මක 95% ක ප්‍රතිපාදන "කුමක් සඳහා ද කා විසින් ද " යන වැදගත් ප්‍රශ්නය මග හරිනවා.
 
අයවැයට අදාළ දත්ත සම්භාරයේ නොපැහැදිලිකම

 

අයවැය කතාවලින් කියන දේ කරන්න ආණ්ඩුවලට “දැනුමක් නෑ”
විසර්ජන පනත් කෙටුම්පත සහ අයවැය පොත අධ්‍යනය කර තේරුම් ගැනීමට බොහෝ කාලයක් ගත කර ඇති කෙනකු ලෙස මට නම් පෙනෙන්නේ මේ අයවැය ලේඛනවලට හොඳ සාරාංශයක් අනිවාර්යෙන්ම එක් විය යුතු බවයි. නැතිනම් බොහෝ විට සිදු වනු ඇත්තේ මන්ත්‍රී වරුන් විසින් තමන්ට අදාල සුළු කොටසක් ගැන තර්ක විතර්ක කරනවා මිස රජයේ සමස්ත මූල්‍ය ප්‍රතිපත්තිය ගැන සාධනීය විවේචනයක් නොකිරීමයි.
 
ඒ අනුව බලන  විට මුදල් අමාත්‍යංශය විසින් “අයවැය 2024: කුමක් සඳහා ද කා වෙනුවෙන් ද?” ලෙස 2024 දී පළ කළ සාරාංශ ලේඛනය විශිෂ්ඨ මැදිහත්වීමක්. අවාසනාවකට එම ලේඛනය පළ කළේ අයවැය විවාදය අවසන් කර යම් කලකට පසුවයි.

අධ්‍යාපනයට වඩා ආරක්ෂාවට වැඩි මුදලක් ලැබෙනවා වැනි වැරදි අර්ථකථන

 

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා (ගාමිණී වියන්ගොඩ)

විසර්ජන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කළ වහාම මාධ්‍ය සහ වෙරිටේ රිසර්ච් බඳු කීර්තිමත් පර්යේෂණ ආයතන පවා සැමවිටම ආරක්ෂක අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යාංශයට වඩා වැඩි මුදලක් ලැබෙනවා යන මැසිවිල්ල නැවත නැවත ඉදිරිපත් කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම, පාසල් 10,000+  කින් පාසැල් 360+ වන ජාතික පාසල් හැර අනික් සියල්ල සඳහා අරමුදල් යොමු වෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හරහා නිසා අධ්‍යාපනය සඳහා වන වෙන්කිරීමෙන් අඩක් පමණ එක් එක් පළාත සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන වල සැඟවී තියෙනවා.

දැන් අපට "අයවැය: කුමක් සඳහා ද, කා විසින් ද" යන ලේඛනයට ස්තූතිවන්ත වන්නට අධ්‍යාපනයට සමස්තයක් ලෙස වෙන්  කරන ප්‍රමාණය හඳුනා ගන්න පුළුවන්.

qScreenshot 2025 02 14 at 12.38.08 copy

රූප අංක 1. එක් එක් ක්ෂේත්‍රය සඳහා 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම

 

උදාහහරණ ලෙස  “කුමක් සඳහා කා විසින් ද" ලේඛනයෙන් එක එක ආයතනය සඳහා වෙන් කරන මුදල්වල සංඝටක ප්‍රධාන ක්ෂේත්‍ර 13කට බෙදා සමාලෝචනය කර පෙන්නවා. මම ඒ ක්ෂේත්‍ර දහතුන හතකට සංක්ෂිප්ත කර රූප අංක එකෙන් පෙන්වනවා. එම දත්තවලට අනුව අයවැයෙන් වැඩිම කොටසක් ලෙස 19% ක් වෙන් වූයේ  සමාජආරක්ෂණයටයි.  

ඊට පසු පිළිවෙළින් අධ්‍යාපනය සහ නවෝත්පාදනය (14%), සෞඛ්‍යය (14%), ප්‍රවාහනය (11%), රාජ්‍ය සේවා (10%), ආරක්ෂාව (10%) සහ අනෙකුත් සියල්ල (22%) ලෙස වෙන් කර තිබෙනවා. අධ්‍යාපන හා නවෝත්පාදන සංරචකයේ  බිලියන 546 න් බිලියන 522 ක්ම  පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික අධ්‍යාපනය සඳහායි. ආරක්ෂාව සඳහා වෙන් කළ ඇත්තේ බිලියන 386 ක් පමණයි. නැහැ, අපි නිසැකවම අධ්‍යාපනයට වඩා ආරක්ෂාවට සඳහා වියදම් කරන්නේ නැහැ.

ඵලදායී අයවැය විවාදයක් සඳහා "අයවැය කුමක් සඳහා ද කා විසින් ද" ලේඛනයක් අත්‍යවශ්‍ය වන බව පවසමින් මම මගේ ලිපිය අවසන් කරනවා.
 
(සටහන | ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක 
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්