leader s

පින්තූර දෙකේ සිටින්නේ ලෝක ප්‍රකට නිළියක වන ඇන්ජලීනා ජොලී සහ ලංකාවේ සමහරවිට මේ මොහොතේ සිටින දක්ෂතම ගායිකාව වන්නට පුලුවන් උමාරියා සිංහවංශ ය…

 
මේ දෙදෙනාම මට අනුව සුන්දර ගැහැණු ය..
 
ඇන්ජලීනා ජොලී තම නිර්මාණ කාර්යය උදෙසා නිරුවත් වූ ගැහැණියකි…
 
ඇය ඒ රඟපෑම් උදෙසා සම්මාන ලබා ඇත්තීය…
 
ගැහැණියකගේ නිරුවත සුන්දර ය…එය ලෝක ඉතිහාසය පුරා ද අද ද සාහිත්‍යකරුවන්ගේ වර්ණනාවට ලක් වෙයි..සිනමාකරුවකුට තම කෘතිය වර්ණවත් කරන්නට කාන්තාව තරම් සුන්දර ⁣වස්තුවක් තවත් නැත…
 
අප බොහෝ දෙනා එළිපිට හෝ රහසින් ඇන්ජලීනා ජොලීගේ නිරුවත් සිරුර විඳ ඇත්තෙමු…
 
ඇන්ජලීනා ජොලී ඒ ගැන මාධ්‍යය සාකච්ඡා තබා හඬා වැටී නැත…
 
එහෙත්,
 
ඊයේ දිනයේදී තමන්ගේ නොවන නිරුවත් සිරුරක් වෙනුවෙන් උමාරියා හරි ටීවී යූටියුබ් චැනලයට විත් හඬා වැටුණාය.
 
ඇයගේ රෑපයට සමාන තරුණියකගේ නිරුවත් වීඩියෝවක් පහුගිය දිනවල සමාජ ජාලවල උණු කැවුම් මෙන් සංසරණය වෙමින් පැවතිණි. 
 
උගත් නූගත්, ඉහළ පහළ, ජාති ආගම් බේදයකින් තොරව සමාජ කණ්ඩායම්වල සත්‍යය ගැන කිසිදු විමසා බැලීමකින් තොරව මේ උමාරියා ගේ යැයි බොහොම ආඩම්බරයෙන් කෙරෙන ෂර්ලොක් – වොට්සන් පන්නයේ ප්‍රකාශද සහිතව ඒ වීඩියෝව සංසරණය විය. 
 
පේජ් කරුවන් කියන වනචාරී කොටස් එයට අඩුම කුඩුම එකතු කළහ…
 
මීට පෙරද තරුණ ආදිත්‍යා සම්බන්ධ කොටද මේ වාගේම ව්‍යාජ වීඩියෝවක් සංසරණය විය. 
 
බහුභාර්යා චිත්‍රපටයේ කැමැත්තෙන් නිරුවත් වූ සංගීතාට චිත්‍රපටය එළිදක්වා සතිදෙකක් පමණ යනතුරු රටෙන් පිටවී සිටින්නට සිදු විය. ඒ සමාජ පීඩනය දරාගැනීමට අසීරු වීම නිසාය…
 
සිනමා කෘති වෙනුවෙන් නිරුවත් වූ ලංකාවේ නිළියකට පවා වෙසඟනක් ලෙස සලකා කෙරෙන ගැරහීම්වල නිමාවක් නැත…
 
තමන්ගේ පෙම්වතා ඉදිරියේ නිරුවත් වූ ගැහැණුන් කී දෙනෙකුගේ වීඩියෝ පට ⁣සුවහසක් පිරිමින්ගේ මනදොළ සපුරමින් අන්තර්ජාලයේ අදටත් සැරිසරනවාද? 
 
ඒ සියලු ගැහැණුන් වෛශ්‍යාවන් සේ නොසැලකෙන්නේද? ඒ ගැන අවංකව උත්තර දීම කියවන ඔබට බාරය…
 
එකම නිරුවත වෙනුවෙන් ලෝකයේ තැන් කිහිපයක ගැහැණුන් කිහිප දෙනෙකුට විවිධ ඉරණම්වලට මුහුණදීමට සිදුවීමේ අවාසනාවන්ත යතාර්ථය කියවා ගන්නේ කෙසේද?
 
අද ලෝක යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ දිනයේවත් මේ කියවාගැනීම කළ යුතුය…
 
කාන්තා ශරීරය පිරිමින්ට රස ගුලාවක් බව ඇත්තය.
 
එහෙත් හැබෑවට හෝ වීඩියෝ තිරයක් මත ඒ රස හැබැහින් හෝ මනසින් විඳින්නට “ඒ ගැහැණියගේ කැමැත්ත අවශ්‍ය ය” යන සරල මනුස්ස කාරණාව අප තේරුම් ගත යුතුය. ⁣ආගමික හෝ සංස්කෘතික කාරණා පටලවා මෙය සංකීර්ණ කරන්නට අවශ්‍ය නැත….
 
තමන් දකින ඕනෑම ගැහැණියක් පෙරළා ගන්නට හෝ ඇඳට ගන්නට පුලුවන් යැයි සිතන මානසිකත්වයෙන් ජීවත් වීම මනුස්සකමට වඩා බලුකමට සමීපය. 
 
බස් රථයක දකින ඕනෑම සුන්දර තරුණියකට තමන්ගේ ලිඟුව තද කීරීමට පිළිවන් යැයි සිතන මානසිකත්වයත්, තමන් දකින ඕනෑම තරුණියක් ටෝක් කර රෑම් එකකට ඇදගෙන යාමටත් පිළිවන් ය යන මානසිකත්වයත්, තමන් අකමැති හෝ ඇඳට ගන්නට බැරි ඕනෑම ගැහැණියක් “ඕකි බඩුවක්” යැයි ගර්හාවට ලක් කිරීමත් යන තුනම එකකි. 
 
අන්තිම පහත් වැඩ ය. මේ ජාතියේ උන් මනුස්සයන් කියන නමටවත් නොගැලපෙයි…
 
“මේ ඇඟ තමාගේ නොවේ” යැයි ප්‍රසිද්ධ මාධ්‍යයේ හඬා වැලපෙන උමාරියා සිංහවංශ නම් දක්ෂ ගැහැණියගේ ඉරණමත් බස් රථවල දුම්රිය වල පාසල්වල විශ්ව විද්‍යාලවල සිදුවන ලිංගික අඩන්තේට්ටම් හමුවේ “මේ ඇඟ මගේ” යැයි නිහඬව හඬා වැලපෙන සුවහසක් අහිංසක ගැහැණුන්ගේ ඉරණමත් දෙකම එකය. 
 
ඒ සියලු වර්ගයේ ගැහැණුන් මේ සමාජයේ ජීවත් වන පිරිමි ඔබ හා මම ඉදිරියේ අසන ප්‍රශ්නය එකක්ය..
 
මගේ ශරීරය විඳින්නට ඔබ මගෙන් අවසර ගත්තාද?
 
ආදරණීය මිත්‍රවරුනි, පිළිතුර ඔබට බාරය…
 
කාන්තාවකගේ ශරීරය සුන්දරය. නිරුවත මනහරය.
 
ඒ විඳිය යුතුය…
 
එහෙත් ඒ ශරීරය ඇයගේ ය…
 
ලේ මස් ඇට නහර ගැහෙන පපුවක් හිමි මනුස්ස දුවණියකගේය…
 
ඒ මනුස්ස දුවණියගේ හැඟීම් වලට ගරු කරන්නට පිරිමි අප ඉගෙන ගත යුතුය..
 
එහෙම ඉගෙන ගත් දාට ඔබේ ලෙයින් උපන් ඔබේ දියණියත් “අප්පච්චි, මේ ලෝකය සුන්දර තැනක්” යැයි කියනු ඇත.
 
 
(gammiris.lk -ලක්මාල් කුලසේකර)

 

 


 

 

 

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්