‘‘ඔවු මැනේජර් මහත්තයො. මට රොහාන් ඒ ගැන දෙඩුවා. හැම දෙයක් ම පංගාර්තු කරල තියෙන්නෙ එවුන්ගෙ මහ එකී ජෙසික ලු.
කොල්ල නං කියන්නෙ ඌ එවුනුත් එක්ක වෙන සම්බන්ධයක් නෑ කියල. එකාතකට එහෙමත් වෙන්නැති. උං හොඳ යාළුවො වෙන්නැති. මොකෝ හම්බෙන හම්බෙන හැම එකාට ම උං රස්සා හොයල දෙන්නෑ නෙ. කොහොමටත් ඉතිං රොහානුත් මහ එක විදියක එකෙක් නෙ. මං ඒත් කිව්ව මහත්තයො... ඔය අනං මනං වැඩවලට පුරුදු වෙලා ආයෙ ලෙඩ බෝ කරගන්නව එහෙම නෙවෙයි කියල. රොහාන් නං කිව්වෙ මැනේජර් මහත්තයො එහෙම දෙයක් හීනෙන්වත් හිතල නෑ කියල. ඒ බඩු හතර මූට සලකන්නෙ උංගෙ ම සහෝදරයෙකුට වගේ කියල.’’
කාරණේ බොරු වෙන්නත් බෑ. රොහාන් එක එකත් එක්ක අඩව් අල්ලන්න ගියාට ගෑනුත් එක්ක පැටලිලා කියල ආරංචි වෙලා නැහැ නෙ...
රොහාන් එක එකත් එක්ක අඩව් අල්ලන්න ගියාට ගෑනුත් එක්ක පැටලිලා කියල ආරංචි වෙලා නැහැ නෙ
* * *
ටී මේකර් මාමයි මැනේජර් මහත්මයයි දෙන්න ම මගෙයි සේපාලිකාගෙයි සිද්ධිය ගැන නිශ්චිතව දන්නෙ නැති නිසා ඒක මගේ වාසියට ගියා. එහෙම නොවුණා නම් එයාල හිතන දේවල් එහෙම ම යි කියල පස්සෙත් හිතන්න පුළුවන්.
* * *
අද උදෙත් පුරුදු විදියට ම: ජෙසිකයි, රමණීයි, කමලයි, විනීතයි උදේ කැමට කඩේට ආපු වෙලාවෙ ජෙසිකා අක්කා දුන්නෙ සුබ පණිවිඩයක්
‘‘මේහ්... උඹට සුබ ආරංචියක් කියන්න තියෙනවා.’’
‘‘මේහ්... උඹට සුබ ආරංචියක් කියන්න තියෙනවා.’’
ජෙසිකා අක්කා එහෙම කිව්වෙ වැඩි බරක් නොදා. ඉතිං මමත් ඒකට උත්තර දුන්නෙ ඒ විදියටමයි.
‘‘අක්ක කියන්නෙ සුබ ආරංචියද් ද... අසුබ ආරංචියද්ද කියන එක නෙවෙයි නෙ වැදගත්...’’
‘‘එහෙනං... මොකද්ද උඹට වැදගත්...?’’
ජෙසිකා අක්කත් හිතේ සතුට හිර කරගෙන ම නොදන්න විදියට ආයෙත් මාව ප්‍රශ්න කළා.
‘‘වැදගත්වෙන්නෙ පණිවිඩේ අක්කෙ... පණිවිඩේ...’’
ජෙසිකා අක්කා අනිත් තුන්දෙනාගෙ මූණු බැලුවෙ මාරුවෙන් මාරුවට
මම එහෙම කියද්දි අනික් තුන්දෙනත් හරියට කතා කරගෙන හිටිය වගේ... ‘‘ආන්නේකයි ජෙසිකක්කෙ...’’ කියල එක පාරට ම කියලා දැම්මා
‘‘එහෙනං මං මුන්දැට ඒ පණිවිඩේ කියන්න ද...?’’ කියල අහපු ජෙසිකා අක්කා අනිත් තුන්දෙනාගෙ මූණු බැලුවෙ මාරුවෙන් මාරුවට.
‘‘කියන්න ජෙසිකක්කෙ කියන්න... කොයි ජාමෙ කිව්වත් ඉතිං ඕක කියන්නෙපැයි.’’
තුන් දෙනා ම එහෙම කිව්වෙත් එකට.
කඩේට කෑමට ආපු අයයි වැඩ කරන එවුනුයි අපි දිහා හොඳට බලාගෙන ඉන්න බව මට නොත්රුණාට කමලනීට දැනිලා තිබුණා.
මේ වෙද්දි නම් කඩේට කෑමට ආපු අයයි වැඩ කරන එවුනුයි අපි දිහා හොඳට බලාගෙන ඉන්න බව මට නොත්රුණාට කමලනීට දැනිලා තිබුණා. මොකද කමලනී හිටියෙ කඩේ ඉස්සරහ පැත්තට මුහුණ හරවගෙන. මේ මේසෙ තියෙන්නෙ පිටිපස්සෙ ම නිසා කෙළවරේ ම පුටුවෙ වාඩි වුණ කෙනාට සම්පූර්ණ කඩේ ම පේනවා.
‘‘ජෙසිකක්කේ... වටේ එවුන් මේ පෙත්ත බලාගෙන ම තමා ඉන්නවා... අපි එමීට කතා කරමු ද...?’’
කමලනී එහෙම කිව්වෙ කට තද කරගෙන. කට ඇතුළෙන් පිටවුණ ශබ්දය අපිට හැර වෙන කාටවත් ම ඇහෙන්න නැති බව නම් හොඳට ම විශ්වාසයි.
කමලනී එහෙම කිව්වෙ කට තද කරගෙන.
ඒ කතාව හරියට ම වටහා ගත්තු ජෙසිකා අක්කා එකපාරට ම ‘‘මල්ලි... අපිට ටී හතරක් ගේන්න,’’ කියල කිව්වෙ ටිකක් විතර සද්දෙට. මම ඒ එක්ක ම ටිකක් වට පිට බැලුවා. කෑමට ආපු අයයි කඩේ වැඩ කරන අයයි හරියට ලෝකෙ නතරවෙලා තිබිල එක පාරට ම කැරකෙන්න පටන්ගත්ත වගේ ඒ ඒ අයගෙ වැඩ කරන්න පටන්ගත්ත බව තේරුණා. ඒකට තවත් හේතුවක් වෙන්න ඇත්තෙ මේ වෙලාවෙ කඩේට කැමට ඇවිත් ඉන්න හුඟ දෙනෙක් ජෙසිකා අක්ක ඇතුළු මේ ගෑනු හතර දෙනා කවුද කියල දන්න නිසා වෙන්න ඕනෙ. එයාලගෙ කට හොඳ නැති නිසා කවුරුවත් මූණට මොනවත් කියන්නෙ නෑ. අනික තමයි ඒ වෙලාවෙ හිටියෙත් බස් නැවතුම්පොළේ සහ පදික වේදිකාවේ වෙළඳාම් කරන අය. ඒ අය කොහොමටත් ජෙසිකා අක්කගෙ කටට බයයි. මොකද හදිසියෙවත් කට අවුස්සා ගත්තොත් එයාලගෙ පැඩිගිරිය ජෙසිකා අක්කගෙ කටින් පිට වෙනව කියල එයාලා දන්නවා.
මමත් එක පාරට ම ‘‘ටී හතරාආආයියියි...’’ කියල කැ ගහගෙන ම තේ පැන්ට්‍රිය දිහාට ගියා.
ඒ අය කෙසේ වෙතත් මාවත් එක පාරට ම ගැස්සුණා. ඒ මොහොතෙ ජෙසිකා අක්කා මට පණිවිඩයක් කියන්න හැදුව කියන එකත් අමතක වුණා. මමත් එක පාරට ම ‘‘ටී හතරාආආයියියි...’’ කියල කැ ගහගෙන ම තේ පැන්ට්‍රිය දිහාට ගියා.
මම ආපහු ආවෙ ටී හතරත් අරගෙන ම යි. ඒ එද්දි හතරදෙනා ම කාල ඉවරයි. ටී හතර මේසෙ උඩින් තියල කැම පිඟන් අස්කරන අතර තුර ජෙසිකා අක්කා අපි පස් දෙනාට විතරක් ඇහෙන ප්‍රමාණයට ‘‘මල්ලියෙ... උඹට ලබන මහේ පළවෙනිද හිටං සිකුරිටි ජෙබ්බෙකට ගියෑකි. හැබැයි මේ මහේ තිස් වෙනිද එන්නෙයි කිව්ව. එක පාට්ට ම කීප දෙනෙක් ම ගන්න හිංද මොකද්ද මංද පරික්සනයක් තියෙනව කිව්ව.’’
මම කෑම පිඟන් ටික එකතු කරන එක නවත්තලා ජෙසිකා අක්කගෙ මූණ දිහා බලද්දි ම ‘‘උඹ මගේ මූණ දිහෑ බලන්නෙපා. උඹ උඹේ වැඩේ කරහං; කරන අතරේ මං කියන දේ අහගනිං’’ කියල කිව්වෙ විනීතගෙ මූණ දිහා බලාගෙන. ඒකෙන් එයා හැඟෙව්වෙ එයා කියන මොනවා හරි දෙයක් කියන්නෙ විනීතට කියල පිට ඉන්න අයට දැනෙන්න ඕන කියන එක. මටත් ඒක තේරුණා. මමත් ඉතිං නොකර සද්ද පිඟන් ටිකයි ඉතුරු පීරිසි ටිකයි එකතු කරල අතට ගනිද්දි ම ‘‘මැනේජර් මහත්තෙයට කියල විසි අට හරි විසි නවය හරි කමලලගෙ මස්සිනාලගෙ දිහා යන්න සූජානං වෙන්න. එතකොට එහේ ඉදං ඇහැකිනෙ තිස් වෙනිදට පරිස්සනේට යන්න.’’
ෂරි ෂරි... ඒ ඔක්කොම මම මෂ්ෂිනාට කියල තමයි තියෙනවා
ජෙසිකා අක්ක එමෙ කියල ඉවරවෙන්නත් කලින් ‘‘ෂරි ෂරි... ඒ ඔක්කොම මම මෂ්ෂිනාට කියල තමයි තියෙනවා. අක්කා, මෂ්ෂිනා ළමයි දෙන්නා ඔක්කොම කෙමත්තෙන් තමා ඉන්නවා...’’
‘‘ඔවු... ඔයැයි කළිං මැනේජර් මහත්තෙයට කියල නෙ තියෙන්නෙ...?’’
කමලනී කතා කරල ඉවර වෙනවත් එක්ක ම ජෙසිකා අක්ක එහෙම ඇහුවෙ අමතක වුණ යමක් මතක් කරනව වගේ.
‘‘ඔවු අක්කෙ... මං මැනේජර් මහත්තෙයට කියල තියෙන්නෙ; මැනේජර් මහත්තෙය ලොකු සර්ටත් කියල තියෙනවා. එයැයිත් කිව්වලු කමක් නැ කියල. ටී මේකර් මාමත් දන්නවා. මම බතික් අංකල්ටයි, සුසන්තටයි, විජේසිංහ බාස්උන්නැහේටයි, සුමනෙ අයියටයි, බේකරියෙ මිල්ටන් අයියටයි තව හිතවත් හැමෝටමයි කියල තියෙන්නෙ.’’
මම ඒ ටික කියල ඉවර වෙද්දි හතර දෙනා ම නැගිට්ටෙ මම කියපු කිසිම දෙයක් ඇහුණෙ නැතිව වගේ
මම ඒ ටික කියල ඉවර වෙද්දි හතර දෙනා ම නැගිට්ටෙ මම කියපු කිසිම දෙයක් ඇහුණෙ නැතිව වගේ. ඒත් ඒක රඟපැමක් කියල මම දන්න නිසා මට කලබල වෙන්න වුවමනාවක් තිබුණෙ නෑ.
* * *
ඒ දවස් පහ හය ගෙවිල ගියේ හරි ම ඉක්මනට. අවුරුදු දෙකකටත් වඩා හිටපු තැන වගේ ම: සුසන්ත, විජේසිංහ බාස්උන්නැහේ, බතික් අංකල් වගේ ම මැනේජර් මහත්තය වුනත් දාල යන්න තිබුණෙ පුදුම දුකක්. පඩි සල්ලි ගන්න ගියපු වෙලාවෙ කළු මහත්තයත් කතා කරේ පරණ කොන්තර අමතක කරල. ලොකු සර් ගැන එහෙම දුකක් නොතිබුණත් පඩි දෙන වෙලාවෙ කළු මහත්තයා කියපු එක කාරණයක් එක්ක මම පුදුමයට පත්වුණා; ඒ වගේ ම ලොකු සර් පිළිබඳ තිබුණ අවම සැලකීම සෑහෙන දුරට වෙනස් වුණා.
සුසන්ත, විජේසිංහ බාස්උන්නැහේ, බතික් අංකල් වගේ ම මැනේජර් මහත්තය වුනත් දාල යන්න තිබුණෙ පුදුම දුකක්
‘‘අයිෂෙ රොහාන්... දැනට තමුසෙගෙ පඩිය රුපියල් දෙසිය පනහයි නේද...?’’
කළු මහත්තයා එහෙම ඇහුවෙ එයා දාගෙන ඉන්න කළු කණාඩියට යටින් තියෙන පියවි ඇහැ ලොකු කරන අතරෙ. එයාගෙ එක ඇහැක් නැහැ කියල හොඳට ම පේන්නෙ මේ විදියට ළඟ ම හිටියොත් විතරයි.
‘‘ඔ... ඔවු කළු මහත්තයො... ඇ... ඇයි...?’’
හේතුව මොකක්ද කියල මට ම හිතාගන්න බැරි වුනත් ඒ වෙලාවෙ මට එහෙම කියවුණා.
‘‘නෑ නෑ... කලබල වෙන්න දෙයක් නෑ. හරිනං තමුසෙ කලිං මාසෙ පඩි අරගෙන තවම මාසයක් නෑ. තමුසෙ ඒක දන්නව නෙ...? ඒ කියන්නෙ තමුසෙට පඩි දෙන්න තියෙන්නෙ ලබන මාසෙ අටවෙනිද... මං හරි නෙ...?’’
මං කොහොමත් මාසෙ ම පඩිය බලාපොරොත්තු වෙන්නෑ මහත්තයො
‘‘හ... හ... හරි කළු මහත්තයො.... මං කොහොමත් මාසෙ ම පඩිය බලාපොරොත්තු වෙන්නෑ මහත්තයො...’’
මම එහෙම කියන්න ඉක්මන් වුණා ද මන්දා... මම කතා කරල ඉවර වෙන්නත් ඉස්සර වෙලා කළු මහත්තයා ‘‘පොඩ්ඩක් ඉන්නවකො අයිෂෙ කලබල නොවී. ඉස්සෙල්ල මං කියන දේ අහනවකො...’’
‘‘හ... හ... හරි කළු මහත්තෙයො... කියන්නකෝ...’’
කළු මහත්තයට කැමති දෙයක් කියන්න ඉඩ තියල මම සද්ද නැතුව ඉන්න තීරණය කරා.
‘‘අයිෂෙ... තමුසෙ පහු ගිය කාලෙ මොන මොන ප්‍රශ්න දාගත්තත්, අපේ බොසා තමුසෙට සමහර වෙලාවල්වලදි බැන්නත් එයැයි තමුසෙට කැමතියි.’’
මට මේ කතාව අදහගන්න බැරි වුණා. සමහර විට මට යන්න එපා කියලද දන්නෙ නෑ කියලත් හිතුණා.
කළු මහත්තයා ලොග් පොත මගේ පැත්තට හරවලා පෑනත් මගේ අතට දුන්නා
‘‘ඇයි කළු මහත්තෙයො එහෙම කිව්වෙ...?’’
නොඅසා ඉන්න ම බැරි ප්‍රශ්නයක් මම ඇහුවෙ ඒ නිසා.
‘‘එහෙම කිව්වෙ ද... එහෙම කිව්වෙ... මීට කලිං මෙහෙන් අස් වෙලා ගියපු එවුං හැමෝට ම වැඩිය හොඳට බොසා තමුසෙට සලකපු නිසා.’’
කළු මහත්තයා එහෙම කිව්වෙ කට කොනකින් හිනාවෙන අතරෙ ම යි. මට තවමත් හිතාගන්න බෑ මෙයා මොනවට ද එන්න හදන්නෙ කතියල.
‘‘එ... එ... ඒ කිව්වෙ කළු මහත්තෙයො...!’’
‘‘ඒ කිව්වෙ ද... හම්ම්ම්... මෙන්න මෙතනිං අස්සන් කරනවකො... මේං මේ උඩ තියෙන ටිකත් කියවලා ම අස්සන් කරනවකො... එතනිං පහු මං කියන්නං ඒ ඇයි කියල’’ කියපු කළු මහත්තයා ලොග් පොත මගේ පැත්තට හරවලා පෑනත් මගේ අතට දුන්නා.’’
ඒ කොටසෙ සටහන් වෙලා තිබුණෙ මෙන්න මෙහෙම...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/07/12
අපලෝකන - පසුගිය කොටස්





