‘‘ඒ කිව්වෙ ද... හම්ම්ම්... මෙන්න මෙතනිං අස්සන් කරනවකො... මේං මේ උඩ තියෙන ටිකත් කියවලා ම අස්සන් කරනවකො...

එතනිං පහු මං කියන්නං ඒ ඇයි කියල’’ කියපු කළු මහත්තයා ලොග් පොත මගේ පැත්තට හරවලා පෑනත් මගේ අතට දුන්නා.’’

ඒ කොටසෙ සටහන් වෙලා තිබුණෙ මෙන්න මෙහෙම...

 


ඒ කොටස කියවන අතර මට මගේ ඇස් අදහගන්න බැරුව එකම පේළියෙ කිහිප වතාවක් ම ඇස් එහාට මෙහාට යැව්වා. මම ඒ මොහොතෙ දකින්නෙ හීනයක් ද කියලත් මට හිතුණා.

‘නෑ... මේක හීනයක් වෙන්න විදිහක් නෑ නෙ. මං ඉස්සරහ ඉන්නෙ කළු මහත්තයා. ඉතිං කොහොම ද මේක හීනයක් වෙන්නෙ...?’

‘‘ඒ පාර මොනවද අයිෂෙ තමුසෙ ලොග් පොත දිහා බලාගෙන භාවනා කරන්නෙ.? මෙන්න මෙතන අත්සන් කරනවා,’’ කියන අතර ම කළු මහත්තයා ‘අත්සන’ කියල ලියල තිබුණු තැනට ඇඟිල්ල තියල පෙන්නනුවටත් පස්සෙ තමයි මම පියවි සිහියට ආවෙ.

‘‘හ... හ... හරි කළු මහත්තෙයො,’ කියපු මම ‘අත්සන’ කියල ලියල තිබුණ තැන පෑන් තුඩ තියද්දි කවදාවත් නැතුව මගේ අත වෙව්ලන්න පටන් ගත්තා.

මහත්තයා ‘අත්සන’ කියල ලියල තිබුණු තැනට ඇඟිල්ල තියල පෙන්නනුවටත් පස්සෙ තමයි මම පියවි සිහියට ආවෙ
‘‘මොකද අයිෂෙ මේ...?’’

කළු මහත්තයා එයාගෙ එක ම ඇහැත් ලොකු කරල මගෙන් අහද්දි මම හිතට දිරිය අරගෙන සුපුරුදු විදියට අත්සන් කළා.

‘‘හම්ම්ම්... ඔය තියෙන්නෙ... අයිෂෙ... තමුසෙ මේ කඩේ සමහර එවුන් එක්ක, බජාර් එකේ එවුන් එක්ක වගේ ම මාත් එක්කත් පටලැවිල්ලක් දාගත්ත තමයි... ඒත් ඒ ගැන මගේ හිතේ අරෝවක් නෑ. මොකද තමුසෙ කවදාවත් හාම්පුතාට හරි තමුසෙ රස්සාව කරන තැනට හරි වැරැදි වැඩක් කරල නෑ, වංචාවක් කරල නෑ. අන්න ඒ හිංද තමයි ලොකු සර් තීරණේ කරල තිබුණෙ තමුසෙ මෙහෙං අස් වෙලා ගියත් යන තැනක කරන රස්සාවක් හොඳින් කරගෙන ඉඳියි කියල. ඒ හිංද තමයි තමුසෙට තුන් මාසෙක පඩි සල්ලි දෙන්න තීරණේ කරල තිවුනෙ. මං දන්න තරමින් මීට ඉස්සෙල්ල එහෙම කරේ දෙන්නෙකුට හරි තුන්දෙනෙකුට හරි විතරයි.’’ කියල කියන අතරෙ ම ලොග් පොත අනෙක් පැත්ත හරවලා එයා ළඟට ගත්තා; ඒ එක්ක ම ලාච්චුව ඇරලා ඒක ඇතුළෙ තිබුණ ලියුම් කවරයක් අරගෙන ‘‘හම්ම්ම්... ඕක දිගැරල ගණන් කරල බලනව. ඔතන සීයෙ කොළ ම දහයක් තියෙනවා,’’ කියල කිව්වෙ හිනාවකුත් මූණෙ රඳවාගෙන.

H21269 L197782780ලොග් පොත අනෙක් පැත්ත හරවලා එයා ළඟට ගත්තා; ඒ එක්ක ම ලාච්චුව ඇරලා ඒක ඇතුළෙ තිබුණ ලියුම් කවරයක් අරගෙන ‘‘හම්ම්ම්... ඕක දිගැරල ගණන් කරල බලනව. ඔතන සීයෙ කොළ ම දහයක් තියෙනවා,’’ කියල කිව්වෙ හිනාවකුත් මූණෙ රඳවාගෙන.

 

‘‘ග... ග... ගණන් කරන්නෝනෙ නෑ කළු මහත්තෙය,’’ කියල මම ලියුම් කවරෙ කමිස සාක්කුවෙ දාගන්න හදද්දි ම මගේ අතින් අල්ලගත්ත කළු මහත්තයා ‘‘නෑ නෑ... වෙනද ගණන් නොකරත් අද නං ගණන් කරන්න ම ඕනෙ. මොකද... හදිසියෙවක්කත් අඩුපාඩුවක් වෙලා තිවුනොත් එහෙම ඒකෙ වගකීම ගන්න වෙන්නෙ මට,’’ කියල මගේ දිහා බලාගෙන ම හිටියා. ඒ නිසා මට ලියුම් කවරෙ දිගඇරලා ඒක ඇතුළෙ තියෙන සල්ලි ගණන් කරන්න ම සිද්ධ වුණා.

මම හිතට හයිය අරගෙන ලියුම් කවරෙ ඇතුළෙ තිබුණ සල්ලි එළියට අරගෙන ගණන් කරා. කළු මහත්තයා කිව්ව වගේ ම අලුත් ම අලුත් සීයෙ කොළ දහයක් ම තිබුණා. මම මෙච්චර කාලෙකට එච්චර සල්ලියක් අතට අරගෙන තිබුණෙ නෑ. ඒක හරියට මට මහජන සම්පත ලොතරැයියක් ඇදුණ වගේ.

‘‘හ... හ... හරි කළු මහත්තෙයො... දාහක් ම තියෙනවා.’’

 

හම්ම්ම්... දැං තමුසෙ කවද්ද ඔය සිකුරිටි ජොබ් එකට යන්නෙ...?
‘‘හම්ම්ම්... දැං තමුසෙ කවද්ද ඔය සිකුරිටි ජොබ් එකට යන්නෙ...?’’

මගේ මානසික වෙනස දැනගෙන ම ඒක වෙනස් කරන්න හිතාගෙන වෙන්න ඇති කළු මහත්තයා එහෙම ඇහුවෙ. මොකද මට එහෙම සල්ලි ප්‍රමාණයක් දුන්න කියල එයා කිසිම වෙනසක් පෙන්නුවේ නෑ.

‘‘ජොබ්බෙක හම්බෙන්නෙ නං කළු මහත්තෙයො ලබන මාසෙ පළවෙනිද ඉඳල...’’

‘‘හම්ම්ම්... ඒ කියන්නෙ තව දවස් දෙක තුනක් තියෙනෝ...’’

‘‘ඔ... ඔවු කළු මහත්තෙයො...’’

 

kalu‘ංආ... නතර වෙන්නෙ ද... මේ... චීන කොරටුවෙ කළු මහත්තෙයො...’’
‘‘එතකොට දැං තමුසෙ කොහේ ඉඳගෙන ද ඔය ජොබ්බෙකට යන්නෙ...?’’

‘ඒ ප්‍රශ්නයට උත්තර දෙන එක නම් ටිකක් අමාරුයි. මොකද එතන ප්‍රශ්න දෙකක් ම තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි මම නතරවෙන්න යන්නෙ කමලනීගේ මස්සිනාගෙ ගෙදර වෙන එක. මොකද ගාල්ලෙ ටවුමෙ හැමෝ ම කමලනී කවුද කියන කාරණේ දන්නවා. අනික චීන කොරටුව කිව්ව ම... එතනත් ප්‍රශ්නයක්... කමක් නෑ... කමලනී ගැන නොකියා චීන කොරටුවෙ කියල කියනවා.’

‘ංආ... නතර වෙන්නෙ ද... මේ... චීන කොරටුවෙ කළු මහත්තෙයො...’’

‘‘චීන කොරටුවෙ...!’’

 

45c9507aaa85c5ad04c04ad2645ddb16ඔවු කළු මහත්තෙයො... චීන කොරටුවෙ...
මම හිතුව විදියට ම කළු මහත්තයා ඒක ඇහුවෙ හරිම පුදුමයෙන් වගේ. කොච්චර පුදුම වුණා ද කියනවා නම් මිනිහට අමතක වෙලා එයා දාගෙන ඉන්න කළු කණ්ණාඩියත් ගලවල තමයි මගේ දිහා බැලුවෙ. මට එක පාරට ම එයාගෙ මූණ දිහා බැලුණා. මම හරියට ම එයාගෙ මූණ දැකපු බව එයාට දැනිලද කොහෙද ඉක්මනින් ම කණ්ණාඩිය ආයෙ දාගත්තා. මොකද එයාගෙ එක ඇහැක් නැහැ නෙ... ඒ ඇහැ තියෙන්නෙ හොඳට ම යටට බැහැල. ඇත්ත ම කියනවා නම් එතන ඇහැක් නෑ. තියෙන්නෙ වළක් විතරයි. අන්න ඒ කැත මකාගන්න තමයි එයා කළු කණ්ණාඩි දාන්නෙ.’’

‘‘ඔවු කළු මහත්තෙයො... චීන කොරටුවෙ...’’

ඒ පාර මිනිහා ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා. ඒ එක්ක ම මමත් නැගිට්ටා. මිනිහා මාව පසු කරගෙන ජනේලය ගාවට ගිහින් පාර දිහා ද කොටුව දිහාද මන්දා බලාගෙන ඉන්න ගමන් ‘‘කවුද අයිෂෙ තමුසෙට ඔය චීන කොරටුවෙ තැන හොයල දුන්නෙ...?’’

‘‘ආ... එයැයි මේ කඩේට කන්න එන කෙනෙක්... මම ඔය හිතවත් අයට පහුගිය දොහේ කිව්ව මට නවතින්න තැනක් හොයන්නෙයි කියල. එහෙව් කෙනෙක් තමයි ඔය තැන හොයල දුන්නෙ...?

 

tujhjgg‘‘තමුසෙ නැගිට්ටෙ යන්න ද...?’’

පාර දිහා බලාගෙන හිටපු කළු මහත්තයා ආපහු මගේ දිහාට හැරුණා; හැරිලා හෙමින් හෙමින් මගේ ළඟට ආවා.

‘‘තමුසෙ නැගිට්ටෙ යන්න ද...?’’

 

‘‘ඔවු කළු මහත්තෙයො... අද එතනට යන්න ඕනෙ. තැන බලාගන්නයි ඩිංගක් අස්පස් කරගන්නයි.’’

‘‘අයිෂෙ... චීන කොරටුව කියන්නෙ ගාල්ලෙ තියෙන සවුත්තුම පැත්ත අයිසෙ... ඒකෙ බේබද්දොයි ගංජකාරයොයි, අයිආර්සීකාරයොයි පිරිල; කඩු, කිණිසි, බෝම්බ වකාරෙ. කමක් නෑ... දැනට තමුසෙ එහෙට්ට යනෝ... හැබැයි පුළුහං තරං ඉක්මනට වෙන තැනක් හොයාගන්න බලනව. මොකද චීන කොරටුව කියන්නෙ තමුසෙට හරියන තැනක් නෙවෙයි. අනික තමුසෙත් ඉතිං නාහෙට අහන්නැති එකානෙ. ඔය මොකෙක් හරි ඩප්පියකිංවත් කෙළල ඇරියොත්...’’

1200pකළු මහත්තයා ගැන පැහැදීමක් ඇති වුණේ මම කරපු වැඩේ නිසා සතියක් විතර ස්පිරිතාලෙත් හිටපු මිනිහා දැන් මම ගැන හිතන විදිය කල්පනා වෙච්ච නිසා.

 

කළු මහත්තයා එහෙම කියද්දි මට මම ගැන තරහක් ඇති වුණා වගේ ම කළු මහත්තයා ගැන මොකක්දෝ පැහැදීමක් ඇති වුණා. මම ගැන තරහ ඇති වුණේ මම එයාට දීපු දඬුවම ගැන මතක් වෙලා. එදා එහෙම කරපු එක වැරැදියි කියල හිතුණා. කළු මහත්තයා ගැන පැහැදීමක් ඇති වුණේ මම කරපු වැඩේ නිසා සතියක් විතර ස්පිරිතාලෙත් හිටපු මිනිහා දැන් මම ගැන හිතන විදිය කල්පනා වෙච්ච නිසා.

‘‘මට ඔය ගැන ජෙගන් කිව්ව කළු මහත්තයො. ඒත් එයැයි කිව්ව කවුරු ම හරි විස්තර අහනන ආවොත් ජෙගන්ගෙ යාළුවෙක් කියල කියන්නෙයි කියල. මං හිතන්නෙ ජෙගන් ටිකක් අමුතු මිනිහෙක්.’’

‘‘ජෙගන්...! ඒ කියන්නෙ ඌ දෙමළ ද...?’’

කළු මහත්තයා එහෙම අහද්දි එයාගෙ මූණෙ තිබුණෙ මහ අමුතු පෙනුමක්. ඒක හරියට මං පොඩි කාලෙ මගේ යාළුවෙක් ගැන කිව්වම ඒ යාළුවා ‘රදා’ කියල නම් කරල තියෙන කෙනෙක් හරි ‘බෙරව’ කියල නම් කරල තියෙන කෙනෙක් හරි නම් අපේ ගෙදරින් විතරක් නෙවෙයි අපේ කියන අය ‘‘ආ... ඌ රදවෙක් ද... ආ... ඌ බෙරවායෙක් ද...’’ කියල අහනවා වගේ.

 

3 23 3 2 6 6 39mආ... ඌ මක්ක කරන එකෙද්ද...?‘‘වෙන්නැති මයි හිතේ... මං ඒකනං ඇහුවෙ නැ කළු මහත්තයො... මං කඩේට ආ දවස්වල ඉඳල ආව ගියා, කැව බිව්වා, හිතවත් වුණා.’’

‘‘ආ... ඌ මක්ක කරන එකෙද්ද...?’’

‘‘මගෙත් එක්ක නං කිව්වෙ මාළු මාර්කට් එකේ කියල...’’

මම කළු මහත්තයගෙ කලබලේ මායිම් නොකර ම උත්තර දුන්නා.

‘‘මාළු මාරකට් එකේ...!’’

කළු මහත්තයා ඒ වචන තුන ඇහුවෙත් ලොකු පුදුමයකින් වගේ. මම එයාගෙ පුදුමසහගත බව මායිම් නොකර ම කාමරෙන් එළියට එන ගමන් ම උත්තර දුන්නා.

‘‘ඔවු කළු මහත්තෙයො...’’

‘‘ආ... එහෙනං මං නොදන්න විදිහක් නෑ. හරි... මං ඩිංගක් හොයල බලන්නංකො... එහෙනං පරිස්සමෙන් වැඩ ටික කරගන්නවකො.’’

ජෙගන් මාළු මාර්කට් එකේ කියපු ගමන් ම කළු මහත්තයා නැට්ට අකුළ ගත්තෙ ඇයි කියල මම දන්නවා. හැබැයි මම ඒ බව එයාට ඇඟව්වෙ නෑ.

සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/07/ 19   

අපලෝකන - පසුගිය කොටස් 

නවතම පුවත්