කමලනී හෙවත් කමලා
නමයට විතර එන්නං කියල රොහාන් කිව්වට එයා එද්දි දහය විතර වුණා. අපි ඉතිං මහ මග රස්තියාදුවට පුරුදු ගෑනු නිසා ම අවුලක් නෑ. වැඩේ කියන්නෙ මම හිටියෙ සිඩ්නි එක ගාව ම නිසා සමහර පිරිමි මගේ දිහා බල බලා ගියේ උදේ පාන්දර ම අඩියක් ගහපු එකෙක් අල්ල ගන්න මම සිඩ්නි එක ගාව ඉන්නව කියල හිතල වගේ. බස් ස්ටෑන්ඩ් එකට වෙලා රොහාන් එනවද කියල බලාගෙන ඉන්නව කියල හිතුවත් ආයෙත් කල්පනා කරේ සිඩ්නි එක අරින්නෙ එකොළහට නෙ... ඉතිං මම මොකට ද හිත කලබල කරගන්නෙ කියල.
‘‘කමලක්කෙ... ඔයැයි ඇවිත් හුඟක් වෙලයි...?’'
ඉතිං මම මොකට ද හිත කලබල කරගන්නෙ.
මගේ වම් කන පැත්තට ඇහුණ ඒ සද්දෙත් එක්ක මම උඩ විසිවෙලා බිම වැටුණ වගේ දැනුණා. මොකද මගේ අවධානය සම්පූර්ණයෙන් ම තිබුණෙ දකුණු පැත්තට. ඒ, රොහාන් එන්න ඕනෙ ඒ පැත්තෙන් නිසා. ඒත් බලාපොරොත්තු නොවුණ විදියට එයා ආවෙ වම් පැත්තෙන්.
‘‘මෙහේ ගියේ කොයි...? මං මේ බෙල්ල කෙඩනකං මේ පෙත්ත බලාන ඉන්නවා...’’
මම එහෙම ඇහුවෙ රොහාන් වෙන දිහාක ගිහින් තියෙනව කියල දැනුණ නිසා.
‘‘අක්කෙ... මං මෙතෙන්ට එද්දි ඔයැයි ඇවිත් හිටියෙ නෑ. කොහොමටත් මං එන ගමන් ටී මේකර් මාම හම්බවෙන්න යන්නයි හිතාගෙන හිටියෙ. ඉතිං මං ගියා එයැයි හම්බවෙන්න. පස්සෙ ඉතිං එයැයි එක්ක කයිවාරුවට අහුවුණා.’’
ඉතිං ඒ මනුස්සයට කියල එන එක රොහාන්ගෙ යුතුකමක් කියල මම දන්නව නෙ.
රොහාන් කියවගෙන ගියේ කිසිම බරපතළක් නැතුව. මට කේන්තියක් හිතට දැනුනත් මම ඒ බව එයාට හැඟෙව්වෙ නෑ. මොකද... ඔය සවුත් සිලෝන් එකේ ටී මේකර් ගැන අපිට එයැයි කියල තියෙනවා. ඉතිං ඒ මනුස්සයට කියල එන එක රොහාන්ගෙ යුතුකමක් කියල මම දන්නව නෙ.
‘‘හරි හරි... දෙං එව්වයිං වෙඩක් නේ නෙ... අපි යං...’’
* * *
කමලනී එහෙම කිව්වෙ ආදරයයි කේන්තියයි දෙකම මුහු වෙච්ච විදියකින් කියල මට දැනුණා. ඒ නිසා එයාව යාප්පු කරගන්නත් එක්ක චීන කොරටුව ගැන අහන්න හිතුණා. මට එහෙම හිතෙද්දිත් එයා සිඩ්නි හෝටලය අයිනෙන් තිබුණු පාරෙ ටික දුරක් ගිහින් ඉවරයි.
කමලනී එහෙම කිව්වෙ ආදරයයි කේන්තියයි දෙකම මුහු වෙච්ච විදියකින් කියල මට දැනුණා.
‘‘කමලක්කෙ...’’
ඉස්සරවෙලා එක වචනයක් දැම්මෙ එයා තවමත් ඉන්නෙ කේන්තියෙන් ද කියල දැනගන්න. මොකද මේ දුර එන තුරුම එයා මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.
ඒ වචනවලත් කෙන්තියයි ආදරයයි දෙක ම මුහු වෙලා තිබුණා‘‘එයි මොකෝ... ඒ පාර තව කොහේ හරි යන්න හිතුණයි...?’’
ඒ වචනවලත් කෙන්තියයි ආදරයයි දෙක ම මුහු වෙලා තිබුණා.
‘‘නෑ අක්කෙ... මං මේ අහන්නමෙයි කියල හිටියෙ... ඇයි ඔය අපි යන දිහට්ට චීන කොරටුව කියල කියන්නෙ... එහෙ චීන්නු ඉන්නවයි...?’’
‘‘ආ... ඒක මිසක්ක... දැන්නං එහෙමකට කියල චීන්නු නෑ. ඔය ප්‍රින්ස් හෝල් එකට පොඩ්ඩක් මෙහයින් දත් සාප්පුවක් තියෙනව නේද... අන්න ඒ චීනයි තව මේ... දංගෙදර විදියෙ රෙදි කඩ දෙකක් කරන දෙන්නෙකුයි මයි හිතේ හාබර් එකේ වැඩ කරන කිප දෙනෙක් ඉන්නවා.’’
කමලනී උත්තර දුන්නෙ දෙවෙනි ප්‍රශ්නෙට විතරයි. ඒ නිසා මට ආයෙත් පළවෙනි ප්‍රශ්නෙ අහන්න වුණා.
‘‘ඉතිං එහෙනං ඇයි ඒ පැත්තට චීන කොරටුව කියන්නෙ....?’’
‘‘අනේ මංද... ඔහේටත් ඕන්නැති දෙයක් නෑ. මං නං එහෙමකට දෙයක් දන්නෑ... හෙබෙයි ආල තීන විදියට නං ගොඩ්ඩාක් ඉස්සර මෙහේ චීන්නු හිටියලු. එයැයිල මෙහෙට්ට එවිත් තියෙන්නෙ ගොඩාක් ඉස්සරලු. එයැයිලා ගොඩාක් ඉස්සර නැවකින් මෙහෙට්ට ගොඩ බෙස්ස කියලත් කිනවා. සුද්දගෙ කාලෙ හිටපු ආණ්ඩුකාරවරයෙක් එයැයිල ගෙනා ගත්ත කියලත් කියනවා. හෙබෙයි අපේ මස්සිනා නං ඔය ගොඩක් විස්තර දන්නවා. ඔයැයිට ඔච්චරට ම ඕනෙ නං එයැයිගෙන් අහගන්න තමා පුළුවන්.’’
ගාල්ලෙ ටවුමෙ වුනාට ටික ටික එස්සරහට යද්දි දැනුණෙ නම් පික්චර්වල පෙන්නනව වගේ එක ළඟ තියෙන පොඩි පොඩි ගෙවල් ගොඩක්
මේ කතාව අතර තුර අපි, ආපු ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරුණා. මම මෙච්චර කාලයක් ගාල්ලෙ හිටියට මේ පැත්තට ඇවිත් තිබුණෙ ම නෑ. දැන් මොහොතකට කලින් අපි හිටියෙ ගාල්ලෙ ටවුමෙ වුනාට ටික ටික එස්සරහට යද්දි දැනුණෙ නම් පික්චර්වල පෙන්නනව වගේ එක ළඟ තියෙන පොඩි පොඩි ගෙවල් ගොඩක්. ඒ ගෙවල් අතරෙ ම තට්ටු දෙකට තුනට හදපු ගෙවලුත් තියෙනවා. මෙහෙම ගිහින් එක පාරට ම ගෙවල් ගොඩක් මැදින් තියෙන පාරකට වැටුණා. හරියට ම කියනව නම් පාර දෙපැත්තෙ ම ගෙවල්. ඒ ගෙවල්වල අය ගෙදරින් එළියට අඩිය තියපු ගමන් ම පාර.
ඒ පාරෙත් එළවළු කරත්ත යනවා, මාළු බයිසිකල් යනවා, පොඩි එවුන් ටික් බෝල ගහනවා, ගෑනු කිහිප දෙනෙක් ම, ගෙවල් කීපයක එයාලගෙම කියල හිතන්න පුළුවන් ගෙදර පඩිය උඩ වාඩිවෙලා පාරට කකුල් දෙක දාගෙන ඉන්නවා. ඒ ගෑන්නුට වඩා වැඩිමහල්, බාල වගේ ම සම වයසෙ කියල හිතන්න පුළුවන් ගෑනු, පාරට කකුල් දෙක දාගෙන ඉන්න ගෑනු කෙනා වාඩිවෙලා ඉන්න පඩියට උඩ පඩියෙ ඉඳගෙන පහළ පඩියෙ වාඩිවෙලා ඉන්න ගෑනුන්ගෙ උකුණො බලනවා.
ඔය අතරෙ ගෑනු පිරිමි බේදයක් නැතුව ම පුංචි එවුන් හෙලුවෙන් ම පාරේ ඒමේ අත දුවනවා.
ඔය අතරෙ ගෑනු පිරිමි බේදයක් නැතුව ම පුංචි එවුන් හෙලුවෙන් ම පාරේ ඒමේ අත දුවනවා. පාරේ බයිසිකල් මෝටර් සයිකල්, මිනිස්සු යනව කියල ඒ පුංචි එවුන්ට ගානක්වත් නෑ. සමහර පිරිමි පඩිය උඩ ඉඳගෙන පාර දිහා බලාගෙන මොන මොනවා හරි කනවා. තවත් සමහර ගෑනු පාරෙ ඉඳගෙන ම කොණ්ඩෙ පීරනවා. ඒ අතර පාර අයිනෙ ම තියෙන පයිප්පයක් ගාව ගෑනු පිරිමි භේදයක් නැතුව නානවා. ඒකනම් හරිම ලස්සනයි. මට නම් දැනුණෙ හරියට පිචර් එකක වගේ ම යි.
ඔන්න ඔය අතරෙ කමලනී තවත් අතුරු පාරකට හැරුණා. ඒ පාර මෙච්චර වෙලා ආපු පාරටත් වඩා පටුයි. ඒ වුනාට ඒ පාර දෙපැත්තෙත් අර වගේ ම ගෙවල් ගොඩාක් තියෙනවා. පොඩි පල් ගඳකුත් දැනෙන්න ගත්තා. මම හිතන්නෙ ඒ පොඩි පාරෙ එක පැත්තක තියෙන කානුවෙන් වෙන්න ඇති.
‘‘මොකෝ රොආන්... නිකං පය වෙල්ලා වගේ... පය වෙන්නෙපා අප්පා... මේහේ මේම තමයි.’’
‘‘මොකෝ රොආන්... නිකං පය වෙල්ලා වගේ... පය වෙන්නෙපා අප්පා... මේහේ මේම තමයි.’’ කියන අතරතුර ම ඒ එක පුංචි ගෙදරක පඩියට ගොඩ වෙලා ‘‘අක්කා... අක්කා...’’ කියල දෙපාරක් කිව්වෙ ටිකක් විතර සද්දෙන්.
ඒ එක්ක ම වගේ ‘‘මේ එන්නවා...’’ කියන වචන දෙක ගේ ඇතුළෙන් එළියට ආවා. ඒ වචන පස්සෙන් ම කොළ පාටයි, දම් පාටයි මුහු වෙච්ච සාරියක් ඇඳපු ගැනු කෙනෙකුත් එළියට ආවා. මම අනුමාන කරන විදියට ඒ කමලනීගෙ අක්කා වෙන්න ඕන. කමලණීට වඩා වැඩිමහල් වුනත් ලස්සනෙන් නම් කමලණී එයාට පරාදායි; ඇගේ පාටත් කමලණීට වඩා වෙනස්. ඒ කියන්නෙ දෙමළ අයට විතරක් ම උරුමයි කියල අපි හිතාගෙන ඉන්න තරම් එයාගෙ ඇඟ කළු පාට නෑ. මම අහල තියෙන විදියට නම් ඒ පාට තලෙළු පාට. එයා එළියට ආපු ගමන් ම කමලනී මගේ දිහාට අත දික් කරලා දෙමළෙන් මොනව ද කිව්වා. මම හිතන්නෙ කමලනි කිව්වෙ ‘‘අක්කා... මේ අර මම කියපු මල්ලි’’ කියල වෙන්න ඇති.
ඇයි දන්නව ද මට එහෙම හිතුණෙ...? කමලනීගෙ වචන ටික ඉවර වෙන්නත් කලින් ම ඒ ගැනුකෙනා ‘‘මං ඉතුවා... මං ඉතුවා... මං මේ මල්ලිගෙ කාමරේ අස් කර කර තමයි හිටියා.’’ කියල කියපු නිසා.
අපි හෙමෝම මෙයැයිට කියන්නෙ පරම් කියල.
එයා එහෙම කියද්දි ම කමලනී ‘‘රොආන්... මේ තමයි මගේ අක්කා... පරමේශ්වරී... හෙබෙයි අපි හෙමෝම මෙයැයිට කියන්නෙ පරම් කියල.’’
මේ වෙද්දි මම හිටියෙ මොනවත් ම කියාගන්න බැරුව වගේ.
‘‘නංගි ඔය මල්ලි ගෙන කීල තීනවා. එන්න එන්න...’’ කියල එයා අපිට ගේ ඇතුළට කතා කරද්දි ම කමලණී එයාගෙන් දෙමළ භාෂාවෙන් මොනවා ද ඇහුවා. ඒකට පරමේශ්වරී දීපු උත්තරෙන් මට දැනුණා පරමේශ්වරි අහන්න ඇත්තෙ ‘‘අයියා කෝ...?’’ කියල වෙන්න ඇති කියලා.
‘‘එයා ඉතිං උදෙංම යනවනෙ නංගි... ආයෙ එන්නෙ රේ වෙලා...’’
එහෙම කියද්දි නම් මට පොඩි චකිතයක් ඇති වුණා. ඒ කියන විදියට හදිසියෙවත් මම රැ වැඩ කරල ආවොත්...
‘‘එතකොට අක්කෙ ඔයැයිලගෙ ළමයි...?’’
‘‘එතකොට අක්කෙ ඔයැයිලගෙ ළමයි...?’’
මම එහෙම ඇහුව ම ඒ අක්කල නංගිලා දෙන්නා මූණට මූණ බලාගෙන හිනාවුණා; මට ලජ්ජා හිතුණා. ඒ නිසා ම මම ‘‘ඇයි... ඇයි ඔයි දෙන්න හිනාවෙන්නෙ...?’’ කියල ඇහුවෙ හරියට මීට කලිනුත් මේ ගෙදරට ඇවිත් පළපුරුදු කෙනෙක් වගේ.
‘‘අක්කලට ළමයි නේ රොආන්...’’
‘අප්පට සිරි... එහෙම වුනොත් මටයි මෙයැයිටයි විතර ද දවල්ට ගෙදර ඉන්න වෙන්නෙ...?’
මම හිතපු දේ හරියට ම දැනගත්තු පරමේශ්වරී අක්කා ‘‘ඇයි... පය උණා ද...? පය වෙන්න දේ තමා නේ... මමත් වෙඩට යනවා. අද ගියේ නෙත්තෙ මල්ලි එන හිංදා... නෙත්නං මමත් උදේ ගියාම ආයි එන්නෙ හෙන්දෑ වෙලා. මල්ලිට රේ වැඩ තියෙන දවස්වලට පය නෙතුව ඔයැයිගෙ කාමරේට වෙලා බුදිය ගන්න පුළුවං. මම උයල තියල තමා යෙනවා. එන්ඩකො කාමරේ පෙන්නන්න.’’
පරමේශ්වරී අක්කා එහෙම කියද්දි මට හිතුණෙ මෙච්චර පුංචි ගේක පිටස්තර පුද්ගලයකුට දෙන්න තරමෙ කාමරයකුත් තියෙනව ද කියලා. නමුත් මගේ සිතිවිල්ල වැරැදියි කියල තේරුණේ ගේ ඇතුළට යද්දි. ඉස්සරහින් බලද්දි මේ ගේ පේන්නෙ පොඩි ගෙයක් වගේ. ඒ වුනාට ගේ ඇතුළ හරියට හෝල් එකක් වගේ දිගයි. පිටු පස්සට යන්න තිබුණෙ පොඩි කොරිඩෝවක් වගේ එකක් මැදින්.
මේක මට අලුත් ම අත්දැකීමක්
‘‘මේ තියෙන්නෙ මල්ලිගෙ කාමරේ. දවල්ට දාඩිය දානව නං මේ ජනේලෙ ඇරගන්න.’’ කියපු පරමේශ්වරී ජනෙල් පළුව උඩට උස්සලා ජනේල ප්‍රේම් එක උඩ තියල තිබුණ ලී පටියක් ජනේලයයි ජනේල ප්‍රේම් එකයි අතරට හිර කරා. මේක මට අලුත් ම අත්දැකීමක්. මම කවදාවත් ම එහෙම ජනේලයක් දැකලවත් තිබුණෙ නෑ. මම නිකමට වගේ ජනේලයෙන් එළියට ඔළුව දාලා බැලුවා. ගේ අයිනෙන් ම අඩි දෙකක දෙකහමාරක විතර ඇළක් ගලාගෙන යනවා. ඒකෙ වතුර කොළ ම කොළ පාටයි. ඇළෙන් එහා පැත්තෙ තව ගෙවල් පේළියක්. ඒ ගෙවල්වලත් මේ වගේ ජනේල තුන හතරක් ඇරල තිබුණා.
‘අනිත් ගෙවල්වලත් මේ වගේ ජනේල පළු ඇති. ඒවත් මේ විදියට ම අරිනව ඇති.’
‘‘ඔවු රොආන්... ඒ ගෙවල්වල තියෙන ජනේලත් මේ විදිය ම තමා. දෙං ඔය ජනෙල් ඇරල නෙති ගෙවල්වල දවල්ට කවුරුත් නේ නෙ... ඒ හිංද තමා වහල තීනවා.’’
කමලණී කිව්වෙ මම හිතපු දේ හරියට ම දැනගෙන.
ඊට පස්සෙ තමා ජෙගන් වුනත් කෙමෙති උණේ
‘‘අක්ක කොහොමෙයි දන්නෙ මං එහෙම හිතුව කියල...?’’
‘‘අපි දන්නෙද්ද බං උඹ ගෙන. උඹ ගෙන හොද්දට්ට දන්න හිංදනෙ අපේ ම තෙනක නවත්තගන්නෙ... නෙද්ද අක්කා...?’’
එහෙම කියන ගමන් ම කමලනී පරමේශ්වරී අක්ක දිහාට හැරුණා.
‘‘ඔවු ඔවු... නංගි ඉතරක් නෙමෙයි... ඔයැයිගෙ අනික් යාළුවො ඔක්කොමත් ඔයැයි ගෙන අප්පිට කියල තමා තියෙනවා.ඊට පස්සෙ තමා ජෙගන් වුනත් කෙමෙති උණේ.’’
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/08/02
අපලෝකන - පසුගිය කොටස්





