‘‘එන්නකො එන්නකො... මාත් එක්ක යන්න එන්නකො...’’ කියන අතර ම ඒ මනුස්සයා කෝච්චිය අල්ලන්න දුවන මිනිහෙක් වගේ දුවන්න ගත්තා. මමත් ඉතිං යන්නෙ
කොහේද කියලවත් අහන්නෙ නැතුව ඒ මනුස්සයගෙ පස්සෙන් ම දිව්වා.
ඒ මනුස්සයා එක පාරට ම ඒ ගොඩනැගිල්ල මැද තිබුණ හිස් කොටසකට ආවා. ඒක හරියට ම කියනවා නම් ඉස්සර වලව්වල තිබුණ මැද මිදුලට සමානයි; සමානයි නෙවෙයි මැද මිදුල ම තමයි. අපි ඒ මැද මිදුල මැදින් අනික් පැත්තට යද්දි: පොලිස් කැප් වගේ කැප් දාල, ටයි එක බෙල්ලට හිරකරගත්තු තව දහයක් පහළොවක් විතර පේළි දෙක තුනකට හිටගෙන හිටිය බව යාන්තමට මතකයි. ඒ කට්ට අව්වෙ එහෙම ඉන්නෙ කොහොමද කියල හිතද්දි ම මට ඉස්සර වෙලා ආපු මනුස්සයා කාමරයක් ඇතුළට ගියා. ඒ නිසා මම එක පාරට ම නතර වුණා.
‘‘එන්න අක්කෙ එන්න... ඇතුළට එන්න... මෙයැයිට සිහිය නැති උණානෙ. අපි දැන් මේ වතුර ටිකක් මුණට ඉස්සට පස්සෙ තමයි ඇස් ඇරියෙ,’’ කියල ඒ මනුස්සය කියද්දි මටත් කලන්තෙට වගේ ආවා; මට මම ඉන්න තැනවත් අමතක වුණා.
‘‘එන්නකො එන්නකො... මාත් එක්ක යන්න එන්නකො...’’ කියන අතර ම ඒ මනුස්සයා කෝච්චිය අල්ලන්න දුවන මිනිහෙක් වගේ දුවන්න ගත්තා
‘‘අනේ බුදු මල්ලියෙ මක්කයි මේ උණේ...?’’
එහෙම කියාගෙන විතරක් නෙවෙයි... අඬාගෙන මම රොහාන් මල්ලි ගාවට යද්දි ම කලින් මම මැද මිදුලෙදි දැකපු අය වගේ ම: පොලිස් කැප් එක දාගෙන, ටයි එකකුත් දාගෙන, අත් දිග සුදු කමිසයකුයි කළු දිග කලිසමකුයි ඇඳගෙන තවත් කවුදෝ කාමරයට ඇතුළු වුණා. මට එක පාරට ම එයාගෙ ඔළුවෙ ඉඳන් පහළට යනකම්ම බැලුණා. එතකොට තමයි දැක්කෙ දිලිසෙන කළු පාට සපත්තු දෙකකුත් දාල ඉන්න බව. මම ආයෙත් ඔළුව උස්සන්නත් කලින් එයා කතා කරා.
‘‘මේ ළමය මිස්ගෙ කවුද...?’’
‘‘සර්... මේ... මගේ මල්ලි කෙනෙක් සර්... අනේ සර් මක්කයි වුණේ සර්...?’’
ටයි එකකුත් දාගෙන, අත් දිග සුදු කමිසයකුයි කළු දිග කලිසමකුයි ඇඳගෙන තවත් කවුදෝ
ඒ මනුස්සය මගේ දිහා බැලුවෙ පුදුම අනුකම්පාවකින්.
‘‘බයවෙන්නෙපා. මෙයැයි උදේට කාලයි ආවෙ...?’’
‘දෙයියනේ... මං කොල්ල එක්ක ආවට ඌ උදේට කැවද කියලවත් ඇහුවෙ නෑ නෙ... ඒත් එක වේලක් නොකා හිටිය කියල මෙහෙම සිහිය නැතිවෙන්න ඇහැකි ය...’
‘‘ඇත්තට ම සර් එයැයි මගෙත් එක්ක ආවෙ ගෙදර ඉඳල නෙවෙයි. මං... මං දන්නෑ එයැයි කෑවද නැද්ද කියල...’’
‘‘හම්ම්ම්... කලබල වෙන්නෙපා. මට හිතෙන්නෙ මේ ළමය උදේට කාල නෑ. අනිත් එක තමයි මේ සපත්තු දාලා, අත් දෙකත් දිගට ම වහගෙන, ටයි එකකුත් දාගෙන කැප් එකත් දාගෙන ඉද්දි නොකාපු ගතියත් එක්ක ම ෆේන්ට් වෙන්නැති. තව ටිකකින් හරියයි. මේ... කොයික වෙතත් ඇහැරුණ ගමන් ම ඔය ඇඳුම් මාරු කරගන්න කියන්නකො. ඒ කරල ඇවිත් මාව හම්බ වෙන්නකො. ඔයැයි ටිකක් මෙතනිං වාඩි වෙලා ඉන්න. මේ... සිල්වා...,’’ කියල කියද්දි ම මාව මෙතනට එක්කරගෙන ආපු මනුස්සයා ‘‘සර්’’ කියගෙන ඒ මනුස්සයා ගාවට කිට්ටු වුණා.
‘‘සිල්වා... තමුසෙ ගිහින් මේ මිස්ටයි අර ළමයටයි බොන්න තේ දෙකක් හදල ගෙනත් දෙනවකො
‘‘සිල්වා... තමුසෙ ගිහින් මේ මිස්ටයි අර ළමයටයි බොන්න තේ දෙකක් හදල ගෙනත් දෙනවකො... එහෙනං... තේක බිල ළමයත් එක්ක ම ඔෆිස් එකට එන්නකො,’’ කියාගෙන ඒ මනුස්සයා යන්න ගියා.
එයා එළියට බැස්සට පස්සෙ මගේ ළඟට ආපු සිල්වා කියන මනුස්සයා ‘‘ඒ අපේ ලොකු සර් කෙනෙක්. ඒ සර්ට තමයි පෙරේරා සර් කියන්නෙ. සර්ගෙ නම යුනයිටඩ් පෙරේරා. ලංසි... ඔවු... හැබැයි හරිම ෂෝක් සර්... දැක්ක නෙ... ඔයි දෙන්නට තේ හදල දෙන්නත් කිව්ව. ඉන්න... මං විජහට ගිහිං තේ දෙකක් හදාන එන්නං,’’ කියපු සිල්වා එසැණින් ම එතනිං පිටත් වුණා.
මං හෙමිහිට පුටුවත් ඇදගෙන ඇඳ ගාවට කිට්ටු වෙලා රොහාන්ගෙ ඇස් දෙක දිහා බැලුවාමං හෙමිහිට පුටුවත් ඇදගෙන ඇඳ ගාවට කිට්ටු වෙලා රොහාන්ගෙ ඇස් දෙක දිහා බැලුවා. ඒ ඇස්වල මොකක්දෝ කියාගන්න බැරි වචන වගයක් ලියවිලා තියෙනව වගේ තමයි මම දැක්කෙ. රොහාන් පුරුදු විදියට ම හිනාවෙලා මගේ දිහා බලල ‘‘මක්කයි අක්කෙ උණේ... මට මතක නිකං වටේ ම කැරකුණා වගේ විතරයි. ඇත්තට ම මක්කයි අක්කෙ උණේ...?’’
‘‘මට කියන්න... ඔයැයි උදේට කෑවෙ නැතෙයි...?’’
ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටපු රොහාන් මොනව හරි මතක් වුණා වගේ එක පාරට ම ‘‘නෑනෙ අක්කෙ... උදෙම්ම ටී එකක් නං බිව්ව. ඊට පහු ඇඳුං ටිකයි මගේ අර පත්තර, පොත්... තව මේ සඟරා වගේකුයි සේරම එකතු කරල සුට් කේස් එකට දාල ඉවර වෙද්දි ඔයැයිට එන්න කිව්ව වෙලාවත් කිට්ටු වෙලා තිවුණු හන්ද මං හනිකට ඇඳගෙන ආව. ඇත්තට ම අක්කෙ කන්න අමතක උණා,’’ කියල කිව්වෙ ලොකු වරදක් කරල සමාව ඉල්ලනව වගේ.
‘‘ඇත්තට ම අක්කෙ මක්කයි මට උනේ...?’’
කොල්ලා ආයෙත් ඇහුවා.
ඇත්තට ම උණේ මොකක් ද කියල මමත් දන්නෙ නෑ. හැබැයි පෙරේරා මහත්තයා කියපු දේ මං දැන් කිව්වට එයාට ඒක තේරුණේ නෑ. ඔන්න ඒ එක්ක ම සිල්වා තේ දෙකකුත් අරගෙන කාමරයට ආවා.
‘‘ආ... දැං කොහොමෙයි... හොඳෙයි,’’ කියල අහන ගමන් ම ඉස්සෙල්ල ම තේ එක අරගෙන ගියේ රොහාන් හාන්සි වෙලා හිටපු ඇඳ ගාවට. රොහාන් එක පාරට ඇඟ කෙළින් කරල ඇඳේ වාඩි වුණේ තේ එකක් බලාපොරොතුවෙන් ම හිටිය වගේ.
‘‘බීහං මල්ලියෙ බීහං... එතකොට ඔය කෙඩෙත්තු ගතිය අකා මකා යයි.’’
රොහාන් මොනවත් ම නොකියා සුපුරුදු හිනාවෙන් සිල්වට සංග්‍රහ කරලා තේ එක අතට අරගෙන ‘‘අක්කෙ මං බොන්නෙයි...?’’ කියල අහද්දි මට හිනාවක් ආවා.
එහෙම කිව්වෙ සිල්වා. රොහාන් මොනවත් ම නොකියා සුපුරුදු හිනාවෙන් සිල්වට සංග්‍රහ කරලා තේ එක අතට අරගෙන ‘‘අක්කෙ මං බොන්නෙයි...?’’ කියල අහද්දි මට හිනාවක් ආවා. ඒ එක්කම මට නිකමට වගේ සිල්වා දිහා බැලුණා; මනුස්සයගෙ මූණෙත් හිනාවක් ඇඳිලා.
‘‘ආයෙ ඕක අක්කගෙන් අහ අහා ඉන්න දෙයක් ය. මං මේ එයැයිටත් ගෙනල්ල තියෙන්නෙ,’’ කියන ගමන් සිල්වා මට ඉතිරි තේ එක දීලා ‘‘එහෙනං... තේ බීල ඔෆිස් එකට එන්නකො...’’ කියාගෙන කාමරෙන් එළියට ගියා.
රොහාන් තේ එක බොන ගමන් ම ‘‘ඇත්තට ම අක්කෙ මට මක්කයි උණේ...?’’ කියල ආයෙත් වතාවක් ඇහුවා. පස්සෙ මම පෙරේරා මහත්තය කියපු විස්තර ටික ඔක්කොම කිව්වා.
යුනයිටඩ් පෙරේරා හෙවත් සිකියුරිටි පාලක
‘මම හැමදාම අපේ ලොක්කට කියනවා මේ පෙරඩ් එකට වෙන තැනක් සුදානං කරන්න කියල. එහෙමත් නැතිනම් මේ මැද මිදුට උඩින් අඩුම ටෙන්ට් රෙද්දක් හරි දාන්න කියල. කෝ කිව්වට කරන එකක් ය. මීට කලිනුත් කී දෙනෙක් නම් කලන්තෙ දාල වැටුණ ද...? ඒ සමහර එවුන් ආපහු මේ පැත්ත පළාතක ආවෙ නෑ. මේ කොල්ලත් ගියොත් ආයෙ කොතනක හරි අඩුපාඩුවක් හිටිනවා. ඒ හිංදා කොහොම හරි මූවත් ගන්න ඕන. නැතිනම් ඉතිං මට ම තමයි කරදරේ.’
‘‘ඔවු සිල්වා... මොකද...?’’
‘‘ආ... ඉස්සෙල්ල කොල්ලට විතරක් එන්න කියනවකො.’’
‘‘සර්... අර කලන්තෙ දාපු හාදයයි එයැයිගෙ අක්කයි එක්ක ආවා. එන්නෙයි කියන්නෙයි...?’’
‘‘ආ... ඉස්සෙල්ල කොල්ලට විතරක් එන්න කියනවකො.’’
‘‘හොඳයි සර් හොඳයි...’’
‘ඉස්සර වෙලා කොල්ල එක්ක කතා කරල බලනවා. ඌ ජොබ් එකට එන්න අකමැතියි වගේ නං අක්කටත් කතා කරල බලනවා.’
‘‘ආ... එන්න එන්න රොහාන්... දැං කොහොමෙයි... සනීපෙයි...?’’
මම එහෙම ඇහුවට මට කොල්ලගෙ මූණ දැකපු ගමන් හිතාගන්න පුළුවන් උගේ හිතේ තියෙන්නෙ මොනවද කියල. ඒ නිසා රොහාන් උත්තර දෙන්න කලින් ම මම ආයෙත් කතා කරා.
‘‘ඕක ගනං ගන්නෙපා රොහාන්. අක්ක කියන්නැතිනෙ විස්තරේ. මෙතනට ඔය පෙරඩ් එකට ආපු කිහිප දෙනෙකුට ම ඔහොම වෙලා තියෙනවා. මොකද ඔහේලට ඔය මුළු ඇඟම හිර කරගෙන ඉඳල පුරුදු නෑ නෙ. අනික ඔහේ උදේට කාලත් නැහැයි කිව්ව නෙ නේද...?’’
‘‘ඕක ගනං ගන්නෙපා රොහාන්. අක්ක කියන්නැතිනෙ විස්තරේ. මෙතනට ඔය පෙරඩ් එකට ආපු කිහිප දෙනෙකුට ම ඔහොම වෙලා තියෙනවා. මොකද ඔහේලට ඔය මුළු ඇඟම හිර කරගෙන ඉඳල පුරුදු නෑ නෙ. අනික ඔහේ උදේට කාලත් නැහැයි කිව්ව නෙ නේද...?’’
මං හිතුවෙ කොල්ල මොනව හරි කියයි කියල. නමුත් එහෙම වුණේ නෑ. මිනිහ හිනාවීගෙන ම මගේ ඉස්සරහ තිබුණ පුටුවෙ වාඩි වුණා.
‘‘රොහාන්... ඔයැයි පෙරඩ් එකට හිටියෙ නැති උණාට කමක් නෑ. හෙට හවස දෙකට වැඩ බාරගන්න බලාන මෙහෙට්ට එකට විතර එන්න. මේ යුනිෆෝම් එක ඇඳගෙන එන්නෙපා. මං පොයින්ට් එකක් ලෙහෙස්ති කරල තියන්නං. එහෙට්ට ගියාට පස්සෙ යුනිෆෝර්ම් එක දාගන්න පුළුහං.’’
‘කොල්ල මොනව ම හරි කියාගන්න බැරුව ලත වෙනව කියල මට දැනුණා. නමුත් මම ඉන්න ඕනෙ එහෙම මොනවත් නොදැනුණ විදියට. මොකද එතකොට තමයි කොල්ලට කිසිම දෙයක් කියන්න හයියක් එන්නෙ නැත්තෙ.’
‘‘සර්... මේ...’’
‘මම හිතුව... කොල්ල ඇඹරෙන්නෙ මම හිතපු දේ කියන්න තමයි. ඒත් ඒ ටික කියන්න ඉඩ තියන්න නරකයි.’
‘‘හරි හරි... මට තේරෙණෝ... ඔහේ ගිහිං අක්කට එන්න කියන්නකෝ... මං එයැයිට විස්තරේ කියන්නං.’’
එහෙම කිව්ව විතරයි කොල්ල ඉක්මනින් ම පුටුවෙන් නැගිට්ටා. හැබැයි මිනිහ හිතන දේයි මම කරන්න යන දේයි අතරෙ ලොකු පරතරයක් තියෙන විත්තිය මිනිහට දැනගන්න ඉඩ තියන්න හොඳ නෑ.
ජෙසිකා
‘පෙරේරා මහත්තයා කියන විදියට නම් එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්ලු. ඒ නිසා එයැයි කියන්නෙ කොල්ලව හෙට උදේට එවන්නෙයි කියල. පහසු තැනකට දාල දෙන්නං කියලත් කිව්ව. ඒත් රොහාන් අකමැති උනොත්...? එහෙම උනොත් ඌ කරගෙන හිටපු රස්සාවත් නෑ. බෑ බෑ... වෙන මොකක් හරි රස්සාවක් හොයල දෙනකං හරි කොල්ලව කැමති කරව ගන්න ඕනෙ.’
‘‘මල්ලි... මක්කයි කල්පනා කරන්නෙ...
මම රොහාන් හිටපු තැනට එද්දිත් කොල්ල හිටියෙ බයවෙලා වගේ. මම කතා කරන තුරු ම මිනිහ ඉන්නෙ කොහේද කියලවත් මිනිහට මතකයක් තිබුණෙ නැ වගේ.
‘‘මල්ලි... මක්කයි කල්පනා කරන්නෙ... ඔහේට හෙට දවල් එක වෙද්දි එන්නෙයි කියල තමයි පෙරේරා මහත්තෙය කිව්වෙ. වැඩ අඩු තැනකට දාල දෙන්නං කිව්වෙ. එයැයි නං කිව්වෙ මේ විදියට පරිස්සනේට එන අය අතරින් එක්කෙනෙකුට දෙන්නෙකුට මෙහෙම වෙනව කියල. ඒ නිසා ඒක මායිං කරන්නෙපයි කිව්වෙ.’’
ඒත් රොහාන් නෙවෙයි වචනයක් හරි කතා කෙරුවෙ. හැබැයි එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි මට දැනුණ එයාගෙ හිතේ තියෙන්නෙ මොන වගේ අදහසක් ද කියල. ඒ නිසා ම මම එයාගෙ උරහිස් දෙකට අත තියල, කෙළින් ම එයාගෙ ඇස් දෙක දිහා බැලුවා. ඒ, එයාට මගේ ඇස් දෙකෙන් පිට වෙන දිහාවක් බලන්න බැරිවෙන විදියට. එතකොට මට පුළුවන් එයාගෙ අදහසත් කියවලා මගේ අදහස එයාට කියන්න.
‘‘මල්ලි... මේ බලන්නකො...’’
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/08/16
අපලෝකන - පසුගිය කොටස්





