‘‘මල්ලි... මක්කයි කල්පනා කරන්නෙ... ඔහේට හෙට දවල් එක වෙද්දි එන්නෙයි කියල තමයි පෙරේරා මහත්තෙය කිව්වෙ. වැඩ අඩු තැනකට දාල දෙන්නං කිව්වෙ.
එයැයි නං කිව්වෙ මේ විදියට පරිස්සනේට එන අය අතරින් එක්කෙනෙකුට දෙන්නෙකුට මෙහෙම වෙනව කියල. ඒ නිසා ඒක මායිං කරන්නෙපයි කිව්වෙ.’’
ඒත් රොහාන් නෙවෙයි වචනයක් හරි කතා කෙරුවෙ. හැබැයි එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි මට දැනුණ එයාගෙ හිතේ තියෙන්නෙ මොන වගේ අදහසක් ද කියල. ඒ නිසා ම මම එයාගෙ උරහිස් දෙකට අත තියල, කෙළින් ම එයාගෙ ඇස් දෙක දිහා බැලුවා. ඒ, එයාට මගේ ඇස් දෙකෙන් පිට වෙන දිහාවක් බලන්න බැරිවෙන විදියට. එතකොට මට පුළුවන් එයාගෙ අදහසත් කියවලා මගේ අදහස එයාට කියන්න.
එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි මට දැනුණ එයාගෙ හිතේ තියෙන්නෙ මොන වගේ අදහසක් ද කියල
‘‘මල්ලි... මේ බලන්නකො...’’
ජෙසිකා අක්කගෙ ඒ වචනවලට පිටුපාන්න මට බැරි වුණා. ඒ නිසා ම තමයි මගේ සහ ජෙසිකා අක්කාගේ ඇස් එකිනෙකට යා වුණේ. මමත් නොදැනුවත්ව ම මට කතා කෙරුණා.
‘‘ඔවු අක්කෙ කියන්න...’’
එයාගෙ ඇස් දෙකේ තිබුණෙ ආයාචනයක්. ඒ ආයාචනය එයා වචන විදියට පිට කළා.
‘‘උඹ හෙට ජොබ්බෙකට එනව නේද මල්ලියෙ...?’’
ජෙසිකා අක්කගෙ ඒ වචනවල තිබුණෙ අහපු දේට වඩා වෙනස් දෙයක්. ඒක මට දැනුණෙ ‘මල්ලියෙ... මම දන්නව උඹ හිතන දේ. ඒ වුනාට එහෙම කරන්නෙපා මල්ලියෙ’ කියල අහනව වගේ.
‘ඇත්තට ම ජෙසික අක්ක කියන්නෙ මගේ හිත ඇතුළට ම රිංගලා ඒ හිත කියවන්න පුළුවන් ගෑනියෙක්. එහෙම නොවන කෙනෙකුට පුළුවන් ද මේ වගේ ප්‍රශ්න කරන්න.’
‘ඔවු... මම දන්නව අක්කෙ... උඹ මට මේ ජොබ් එක අරන් දෙන්න හුඟක් මහන්සි වුණා. සමහර විට අර ඇල්බට් කියන එකාට නිකම්ම උඹේ ඇඟ දෙන්නත් ඇති. උඹ ඒ තරමට ම හිත හොඳ ගෑනි.’
‘‘ඇයි අක්කෙ එහෙම අහන්නෙ...?’’
‘ඇත්තට ම ජෙසික අක්ක කියන්නෙ මගේ හිත ඇතුළට ම රිංගලා ඒ හිත කියවන්න පුළුවන් ගෑනියෙක්. එහෙම නොවන කෙනෙකුට පුළුවන් ද මේ වගේ ප්‍රශ්න කරන්න.’
‘‘නෑ... මට හිතුණ උඹ මේ ජොබ්බෙක කරන්න කැමති නෑ වගේ කියල ඒකයි...’’
අන්න ඒකයි මම කලිනුත් කිව්වෙ මගේ හිත ඇතුළට රිංගන්න පුළුවන් එක ම කෙනා ජෙසිකා අක්ක කියල. එයාගෙ සිතුවිල්ල සියයට සීයක් ම ඇත්ත. ඒත් මම වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරපු ජෙසිකා අක්කට විරුද්ධ වෙන්න, එයාගෙ හිත රිදවන්න, එයාගෙ බලාපොරොත්තු නැති කරන්න මට පුළුවන් ද..?
‘‘නෑ අක්කෙ... එහෙම අවුලක් නෑ. මං හෙට එන්නං.’’
පසොළොස්වක පෝය දවසක වලාකුළකට මුවා වෙලා තිබුණ හඳ පහු කරගෙන ඒ වලාකුළ ගමන් කරාට පස්සෙ පොළොව ආලෝකමත් වෙනව වගේ.
මගේ ඒ වචන ටික පිට වුණාට පස්සෙ ජෙසිකා අක්කගෙ මූණ හොඳට ම එළිය වැටුණා. ඇත්ත ම කියනවා නම් පසොළොස්වක පෝය දවසක වලාකුළකට මුවා වෙලා තිබුණ හඳ පහු කරගෙන ඒ වලාකුළ ගමන් කරාට පස්සෙ පොළොව ආලෝකමත් වෙනව වගේ. ඒ එක්ක ම වුණේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.
‘‘මං දන්නව... මං දන්නව උඹ මගේ වචනෙ අහක දාන්නෑ කියල; මගේ විතරක් නෙවෙයි... අපි හතරදෙනාගෙ ම වචනෙ අහක දාන්නෑ කියල,’’ කියපු ජෙසිකා අක්කා මගේ බෙල්ල බදාගත්තෙ අපි ඉන්නෙ කොතන ද කියලවත් හිතන්නෙ නැතුව. අපි දෙන්න තත්ත්පර කිපයක් එහෙම ඉද්දි... ඔවු... එහෙම ඉද්දි එකපාරට ම මගේ උරහිසට පොඩ්ඩක් පහළින් ටිකක් උණුසුම් දියර බිංදුවක් වැටිල ඒක මගේ පිටත්, යටට ඇඳගෙන හිටපු මේස් බැනියමත් තෙමාගෙන අතරුදන් වුණා.
‘දෙයියනේ...! ජෙසිකක්ක අඬනව ද...?’
‘‘මං දන්නව... මං දන්නව උඹ මගේ වචනෙ අහක දාන්නෑ කියල; මගේ විතරක් නෙවෙයි... අපි හතරදෙනාගෙ ම වචනෙ අහක දාන්නෑ කියල,’’ කියපු ජෙසිකා අක්කා මගේ බෙල්ල බදාගත්තෙ අපි ඉන්නෙ කොතන ද කියලවත් හිතන්නෙ නැතුව.
‘‘මේ මොකෝ අක්කෙ මේ...?’’ කියල අහන අතරතුර ම මම, එයාගෙ උරහිසත් බෙල්ලෙ දකුණු පැත්තටත් හේත්තු කරගෙන හිටපු මගේ බෙල්ලෙන් ඉහළ කොටස පස්සට අරගෙන, මගේ ඇස් දෙක කෙළින් ම ජෙසිකා අක්කගෙ මූණට එල්ල කරා. එයාගෙ ඇස් දෙකෙන් ම කඳුළු බේරෙනවා. එයා උඩු ඇන්දෙ දත් පෙළෙන් යට තොල හපාගෙන මගේ දිහා බලාගෙන හිටියෙ හරියට හිටිහැටියෙ කතා කරන්න බැරි වුණ කෙනෙක් වගේ.
‘‘අක්කෙ... අපි අර බංකුව දිහාට යංකො,’’ කියපු මම, ජෙසිකා අක්කගෙ අතින් අල්ලගෙන එළියෙ අරලිය ගහක් යට, පොළොවට ම හයි කරල තිබුණ දිග බංකුව ගාවට ගියා.
‘‘මෙතනිං ඉඳගන්නකො අක්කෙ...’’
කම්මුල් දෙකට අත් දෙක තියාගෙන, ඒ අත්දෙකේ බර එයාගෙ දණිස් දෙකට දීගෙන ඔළුව පහත් කරගෙන ම හිටියා.
මම ජෙසිකා අක්කව බංකුවෙ ඉන්දුවෙ එයාගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන. එයා නෙවෙයි වචනයක් හරි කතා කරේ. කම්මුල් දෙකට අත් දෙක තියාගෙන, ඒ අත්දෙකේ බර එයාගෙ දණිස් දෙකට දීගෙන ඔළුව පහත් කරගෙන ම හිටියා. ඒ අතර එයා ඉකිගහනව කියල මට දැනුණා. මමත් එයා ළගින් ම වාඩිවෙලා, එයා කැමති වෙලාවක් අඬන්න දුන්නා.
සුසන්ත
ඊට පස්සෙ වුණේ මොනවද කියල රොහාන් මට අකුරක් නෑර කිව්ව. බඩු, ගොන්නු, වේස ගැනු කියල සමාජයෙන් කොන් කරල තියෙන ගෑනු ඇතුළෙ මොන තරම් අවංක ගෑනු ඉන්නව ද, මොන තරම් ආදරණීය සහෝදරියො ඉන්නව ද, මොන තරම් කරුණාවන්ත සහෝදරියො ඉන්නව ද කියල මට හිතුණා. ඇත්තට ම මීට ටික කාලෙකට ඉස්සර මමත් රොහාන්ට කියල තිබුණෙ ‘ඔය වේස ගෑනුත් එක්ක තියෙන ඇයි හොඳයිය නවත්තහං බං...’ කියල. ඇත්තට ම මම දැන් ඒ ගැන ලැජ්ජා වෙනව; දුක් වෙනව. මට පුළුවන් නම් මම ඒ අක්කලා හතරදෙනාගෙන් ම සමාව ගන්නවා. ඒත් දැන් ඒකට ප්‍රමාද වැඩියි. ඒකට හේතුව මෙන්න මේකයි.
බඩු, ගොන්නු, වේස ගැනු කියල සමාජයෙන් කොන් කරල තියෙන ගෑනු ඇතුළෙ මොන තරම් අවංක ගෑනු ඉන්නව ද, මොන තරම් ආදරණීය සහෝදරියො ඉන්නව ද,
ඊයෙ දවල් රොහාන් ආපු ගමන් ම මගේ ළඟට ආවා.
‘‘සුසා... මට ඔහේට කියන්න වැදගත් දෙයක් තියෙනව. අද ඔහේ ඕෆ් වෙන්නෙ කීයටෙයි...?’’
වෙනදට නම් එහෙම විශේෂ මොනව හරි තිබුනොත් අපි කතා කරන්නෙ රෑට නිදාගන්න ගියපු වෙලාවට. ඒත් දැන් රොහාන් කතා කරපු විදියට රොහාන්ට එච්චර වෙලාවක් ඉවසගෙන ඉන්න බැරි මොකක් හරි වුවමනාවක් තියෙනවා කියල මට දැනුණා. ඒත් ඒ මොකක් ද කියල මට දැනුණෙ නෑ.
‘‘ඔහේට මේ වැඩේ කරන්න පුළුවන් ද කියන්න කො... ඔහේ ආවත් නැතත් මම මේ ගමන යනෝ...’’
රොහාන් එහෙම කිව්වෙ ඒ වැඩේ කරන්න ම කියල මට තේරුණා. ඒත් රොහාන්ට ඒ වැඩේ තනියම කරන්න ඉඩ දෙන්න මට පුළුවන්කමක් නෑ. මොකද ඒ වැඩේ බරපතළකම රොහාන්ට නොතේරුණාට මට හොඳට තේරෙනවා. ඒ නිසා මමත් රොහාන්ගෙ අදහසට එකඟ වුණා. මට මේ රස්සාව තිබුනත් නැතත් අවුලක් නෑ. රස්සාවල් ඕන තරම් හොයාගන්න පුළුවන්. රොහාන් කියන විදියට එයැයි ගාව සල්ලි ටිකකුත් තියෙන නිසා අපිට කරදරයක් නැතුව දවස් කිපයක් ගෙවල දාන්නත් පුළුවන්. සමහර විට අපිට හරි යන්නත් පුළුවන්; වරදින්නත් පුළුවන්.
‘‘හරි යසේ... අපි එහෙම කරමු...’’
මම අන්තිමේ දි රොහාන්ගෙ අදහසට එකඟ වුණා. අපි දෙන්නා තීරණයක් ගත්තා.
මමයි සුසන්තයි ඉන්නෙ බම්බලපිටියෙ ඇල්බට් එදිරිසිංහ කණ්ණාඩි සාප්පුව ඉස්සරහ. සාප්පුවක් කිව්වට මේක තට්ටු හය හතක ගොඩනැගිල්ලක්.
දැන් මමයි සුසන්තයි ඉන්නෙ බම්බලපිටියෙ ඇල්බට් එදිරිසිංහ කණ්ණාඩි සාප්පුව ඉස්සරහ. සාප්පුවක් කිව්වට මේක තට්ටු හය හතක ගොඩනැගිල්ලක්. දැන් ඔයාල බලනව ඇති ගාල්ලෙ හිටපු අපි එකපාරට ම බම්බලපිටියට ආවෙ කොහොම ද, ඒ ඇයි ද කියල. ඔවු... එහෙම එන්න අපිට සිද්ධ වුණා. හැබැයි ඒකට කිසිම කෙනෙක් වැරැදි නෑ. වැරැද්ද මගේ... ඔවු... මගේ. මම, මට ඒච්චර ආදරය කරපු ජෙසිකා අක්කට, රමණීට, විනීතාට, කමලාට වගේ ම එක දවසක් වුනත් මට මගේ ම සහෝදරියක් වගේ සලකපු පරමේශ්වරී... එහෙමත් නැතිනම් පරම්ට ද්‍රෝහි වුණා. ඇත්තට ම ද්‍රෝහි වුණා කියන්නත් බෑ. එයාලට පිටුපෑවා. විශේෂයෙන් ම ජෙසිකා අක්කට. මම ඊයෙ කිව්ව වගේ එයා සමහර විට මට ඒ සික්යුරිටි රැකියාව අරගෙන දෙන්න වුවමනා නිසා මුදලක් අය නොකර ම අර ඇල්බට් කියන සික්යුරිටි ලොක්කට එයාගෙ ඇඟ දෙන්න ඇති. ඒත් කරන්න දෙයක් නෑ. මට වුවමනා වෙලා තිබුණෙ වෙනසක්. ඒත් ඒ වෙනස සික්යුරිටි රැකියාවෙන් වෙන්නෙ නෑ කියල තේරුණ නිසයි මෙහෙම තීරණයක් ගත්තෙ.
සමහර විට ඔයාලත් කියයි මම මහ එපා කරපු එකෙක්, ගුණමකුවෙක්, ආත්මාර්ථකාමියෙක්, කළ ගුණ නොදන්න පාහරයෙක් කියල. කමක් නෑ. ඕන කෙනෙක් එහෙම හිතපුවාවෙ. ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි කියල අනාගතේ දවසක ඔයාලට තේරේවි. කොහොමටත් මම ඒක ඔයාලට තේරුම් කරල දෙනවා. හැබැයි ඒකට ටික කාලයක් ගතවේවි. ඒ කාලය එනතුරු ඔයාලට ඉවසන්න වේවි. ඒ නිසා අනාගතයේ දවසක අලුත් පරිච්ඡේදයකින් අපි හමුවෙමු. අන්න එදාට මම කාටවත් ද්‍රෝහි වුණේ නෑ කියල වගේ ම මම එහෙම කරේ ඇයි කියල ඔයාල තේරුම් ගනීවි. එතකන් ටිකක් ඉවසගෙන ඉන්න.

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/08/23
අපලෝකන - පසුගිය කොටස්





