leader s

කමලා හෙවත් කමලනී

ඊයේ පරම් (පරමේශ්වරි) හදිසි ඕනකමකට ඇවිත් යන්න කියල පණිවිඩයක් එවල තිබුණ ම ඒ මොකට ද කියල මට හිතාගන්නත් බැරි වුණා. ඒ නිසා ම තමයි මම රෑ කියල නොබලා ම චීන කොරටුවට ගියේ.

‘‘මොකද පරම් හදිසියෙම්ම එන්න කිව්වෙ...? මොකක් හරි කරදරයක් ද...?’’

ගෙට ගොඩ වෙන්නත් කලින් මම පරම්ගෙන් එහෙම ඇහුවෙ මගේ හිතේ තිබුණ කුකුස නිසා ම යි.

‘‘නෑ නෑ... එහෙම එකකට නෙමෙයි අක්කා...’’ කියල කියද්දි පරම්ගෙ මූණෙ තිබුණෙ අමුතු එළියක්.

‘‘එහෙනං... මොකද්ද එච්චරට ම හදිසිය...?’’
 
blue hals ‘‘ඉන්නකෝ... ඉන්නකෝ...’’ කියන ගමන් ම ගේ ඇතුළට දුවපු පරම් ආයෙත් ආවෙ ලියුම් කවරයක් අරගෙන.

‘‘ඉන්නකෝ... ඉන්නකෝ...’’ කියන ගමන් ම ගේ ඇතුළට දුවපු පරම් ආයෙත් ආවෙ ලියුම් කවරයක් අරගෙන.

‘‘මං තකහනියක් ම එන්න කිව්වෙ මේං මේක දෙන්න.’’

එහෙම කියපු පරම් ලියුම් කවරය මට දුන්නෙත් හිනාව මූණෙ පුරවගෙන. ඒත් මං කල්පනා කරේ හරියකට සිංහල කියවන්නත් බැරි පරම් ඇයි මේ ලියුම ගැන මෙච්චර සතුටෙන් කියල. එහෙම හිතන අතර ම මම ලියුමෙ එඩ්‍රස් එක බැලුවා. ඒකෙ තිබුණෙ...

‘ජෙගන් සුසයි රාජා බාරේ, ජෙසිකා සිල්වෙස්ටර්, 08වන පටු මාවත, චීනකොරටුව, ගාල්ල’ කියල.

පරම් සතුටෙන් හිටියට මට තවමත් හිතාගන්න බෑ මේ ලියුම කාගෙන් ද කියල. ඒ නිසා තමයි මම පරම්ගෙ මූණ දිහා ම බලාගෙන හිටියෙ.

‘‘අක්ක හිතන්නෙ ඕක කාගෙන් කියල ද...?’’

පරම් එහෙම ඇහුවෙ ලියුම එවපු කෙනා ටක්කෙට ම දන්නව වගේ.
 
1cd0edcd8a7f27f87069cd62057e7d17‘‘අක්ක හිතන්නෙ ඕක කාගෙන් කියල ද...?’’

‘‘ම්ම්හ්... මට හිතාගන්න බෑ...’’

මම එහෙම කිව්වෙ ඇත්තට ම යි. මොකද මීට කලින් කවදාවත් ජෙසිකා අක්කට එන ලියුමක් මෙහෙට්ට ඇවිත් නෑ.

‘‘ඔයා හිතන්නෙ කාගෙන් කියල ද...?’’

‘‘මටනං හිතෙන්නෙ අක්කෙ ඕක එවල තියෙන්නෙ රොහාන්...’’

‘‘රොහාන්... මේ අපේ යසේ මල්ලි... ඔයා කොහොමද එහෙම හිතන්නෙ...? මල්ලි ද කිව්වෙ...?’’

‘‘හම්ම්ම්... එයැයිත් කිව්නං තමයි. හැබැයි මට පියුම් මහත්තය කියපු ගමන් ම හිතුණ. මොකෝ  ජෙසිකක්කට මෙහෙට්ට ලියුං එවන්න වෙන කවුරුවත් නැහැ නෙ...’’

ජෙසිකා හෙවත් ජෙසිකා සිල්වෙස්ටර්
 
මම ඈත දී ම දැක්කා කමල ඉස්සි ඉස්සි මම එන මග බලාගෙන ඉන්නවා; කමල විතරක් නෙවෙයි විනීතත් හිටියා. මම කමලලා වාඩිවෙලා ඉන්න බංකුව දිහාට යන්න කලින් කමල මම එන මගට දුවගෙන ආවෙ මූණෙ හිනාවක් පුරවගෙන. මම හිතුවෙ කමලට පිට වැඩක් ඇවිත් ඇති කියල. ඉඳල හිටල එහෙම වැඩ එනව. ඒත් සිද්ධ වුණේ මම කවදාවත් නොහිතපු දෙයක්.

runaway annie julie wittwer
‘‘මේහ්... අක්කෙ... ඔයැයිගෙ නමට අපේ නංගිලයි දිහට්ට ලියුමක් ඇවිත්. මටනං හිතාගන්න පුළුහං කවුද එවල තියෙන්නෙ කියල.’’

එහෙම කියන ගමන් ම කමලා එයාගෙ බෑග් එකේ තිබිල එළියට ගත්තු ලියුම් කවරයක් මගේ දිහාට්ට දික් කරා. මමත් ගත්තු ගමන් බැලුවෙ මොකක් ද කියල; ඒක මගේ නමට ආපු ලියුමක්; මම ඉක්මනට ම ලියුම ඇවිත් තියෙන්නෙ කාගෙන් ද කියල බැලුවා... ඒත් ඒකෙ ආපහු එඩ්‍රස් එකක් තිබුණෙ නෑ. පස්සෙ කමල මගෙත් එක්ක ම ආයෙ බංකුවෙ වාඩි වුණා. අනිත් පැත්තෙ හිටියෙ විනීතා.

‘‘ආපහු ඇඩ්‍රස් එකක්කත් නැතුව ඔයැයි කොහොමෙයි මේක එව්වෙ කවුද කියල දන්නෙ...?’’

මම කමලගෙන් එහෙම ඇහුවෙ ඇත්තට ම ලියුම එව්වෙ කවුද කියල මට හිතාගන්න බැරි නිසා.

‘‘හරි... මං දැං විනීතට රහසින් කියනව ඕක එවල තියෙන්නෙ කවුද කියල. ඔයැයි ලියුම කඩල බලන්නකො. ඊට පස්සෙ ඔයැයි විනීතගෙන් අහන්නකො මං කිව්වෙ මක්කයි කියල.’’
 
Illustration from 19th centuryඒ කියපු විදියට ම කමල විනීතගෙ කනට කරල මොනව හරි කිව්ව. ඒ එක්ක ම විනීතගෙ ඇස් දෙකත් උඩ ගියා. ඒ එක්ක ම ‘‘නෑහ්...’’ කියලත් කියවුණා.

ඒ කියපු විදියට ම කමල විනීතගෙ කනට කරල මොනව හරි කිව්ව. ඒ එක්ක ම විනීතගෙ ඇස් දෙකත් උඩ ගියා. ඒ එක්ක ම ‘‘නෑහ්...’’ කියලත් කියවුණා.

‘‘හරි හරි... දැං අපි දෙන්න දිහහා බලං ඉන්නැතුව අක්ක ලියුම කඩන්නකො.’’

කමලා කිව්වෙ හරි කලබලේකින්. හරියට ඉස්කෝලෙ යන කාලෙ යාළු වෙලා හිටපු කොල්ලගෙන් ලියුමක් ආව වගේ සතුටකුත් ඒ මූණෙ පිරිල තිබුණ. මමත් ලියුම කැඩුවෙ පුදුම කුකුසකින්.

//81- 02. 11

කොළඹදීය

බුදු සරණයි

ජෙසිකා අක්කා සහ අනිත් අක්කලා හතරදෙනා වෙතයි. මුලින් මම ඔහේල හැමෝගෙන් ම සමාව ඉල්ලනවා. මං හිතනවා ජෙසික අක්ක ඇතුළු හැම දෙනා ම මාව තේරුම් ගනිවි කියල. ඒ එක්කම මෙච්චර දවසක් අක්කලට ලියන්න බැරි වෙච්ච එකටත් මට සමාව දෙන්න.

අක්කේ... මට සිකියුරිටි ජොබ්බෙක හරියන්නෑ අක්කෙ. ඒත් අක්ක ඒ වෙනුවෙන් වෙච්ච මහන්සිය නිසා අක්කට බැහැයි කියන්නත් බෑ. ඒ හින්දයි මං කොළඹ එන්න තීරණේ කරේ. මාත් එක්ක සුසන්තත් ආවා. පවු... ඌ මං හින්දා අපරාදෙ රස්සාව දාල ආවෙ. අක්කලා හැව්ලොක් එකට ගියා ද? එයාල මාව ඇහුව ද...? බාග වෙලාවට සුසන්ත ආවෙ මාත්තෙක්ක කියල එයැයිල දන්නවත් ඇති.//

Four young women talk in the living room - 1896
මම ලියුම කියවද්දි කමලයි විනීතයි ඒක අහගෙන ඉන්නව ද නැද්ද කියලවත් මට දැනුණෙ නෑ. මම දිගට ම ලියුම කියවගෙන ගියා. මට උන් ඉන්නව කියල මතක් වුණේ ‘‘මොකද්ද බං ඔයි තරං ඕනකමින් කියවන ලියුම...?’’ කියන වචන ටික ඇහුණට පස්සෙ. ඒ කට හඬ රමණිගෙ කියල ඉතිං ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒ කියන්නෙ රමණිත් අපි ඉන්න තැනට ඇවිත්...

‘‘රොහාන් ජෙසිකක්කට ලියුමක් එවල.’’

ඒ ප්‍රශ්නයට ඉක්මනින් ම උත්තර දුන්නෙ විනීතා.

‘‘මොකක්...! මේ අපේ රොහානය...!!’’

රමණිත් එයාගෙ විශ්මය පෙන්නුම් කරේ ඇස් දෙක විශාල කරගෙන.’’

// අක්කේ... අපි කොළඹට ඇවිත් අදට දවස් පහක්. මෙච්චර දවසක් හරි ලියුමක් ලියන්න පරක්කු වුනාටත් සමාවෙන්න. මම ලියුමක් නොලිව්වෙ දෙන්නට ම රස්සාවක් හම්බ වෙනකන් අක්කට ලියන්න බැරි නිසා.

අපි දෙන්න ම ට්‍රයි කරේ එක තැනක ජොබ් එකක් හොයාගන්න. ඒ වුනාට ඒක හරිගියේ නෑ. පස්සෙ අකමැත්තෙන් වුනත් අපි දෙන්නට දෙපැත්තකට යන්න සිද්ධ වුණා.

e5c9eabdf90f01016b74b3218015ac52
අක්කේ... මට ආයෙත් හෝටලයක ම වැඩ කරන්න වුණා. මම දැන් වැඩ කරන්නෙ කොල්ලුපිටියෙ සාගර හෝටලයෙ. අපි දෙන්නම ඒ හෝටලේට ගන්න බෑ කිව්ව. මම සුසන්තට වැඩිය එක එක ජාතියෙ වැඩ දන්න නිසා මාව ගත්තා. මම දැන් එතන කැම පැන්ට්‍රියෙ වැඩ කරනවා. සුසන්තත් දවස් දෙක තුනක් රස්තියාදු වෙලා බිල්ඩින් එකක් හදන තැනක අත් උදව් දෙන රස්සාවක් හොයාගත්තා. එයයි මමයි හැමදාම වගේ හවසට හම්බ වෙනවා. මට දැන් හෝටල් රස්සාවත් එපා වෙලයි තියෙන්නෙ අක්කෙ. ටික දවසක්... ඒ කියන්නෙ අක්කෙ මෙතන මාසයක් විතර වැඩ කරල වෙන රස්සාවක් හොයාගන්න ට්‍රයි කරනවා. ඒ වගේ ම ඉඩක් ලැබුණු වෙලාවක අපි දෙන්න ම අක්කලව බලන්න එනවා.

අක්කේ... විනිතක්ක, රමනි අක්ක, කමලක්ක, පරම් අක්ක වගේ ම ජෙගන් අයියවත් මතක් කරා කියන්න. අක්කලට අපිට ලියුම් එවන්න විදියක් නෑ. මොකද මම කිව්වෙ... මම මේ ජොබ් එකත් වැඩි දවසක් කරන්නෙ නෑ. සුසන්තත් දැනට ඉන්නෙ බිල්ඩිම හදන අය ඉන්න වාඩියෙ. ඉතිං ඇත්තට ම අපිට අක්කලට දෙන්න ඇඩ්‍රස් එකක් නෑ. එහෙම තැනකට ගියපු ගමන් අක්කලට ලියුමක් එවන්නම්.

එහෙනම් අක්කේ මම නවතින්නම්. සුසන්තත් කිව්වා අක්කලා මතක් කරන්න කියලා. අක්කලා හැමෝට ම බුදු සරණයි.

මීට අක්කලාගේ ම මල්ලි

රොහාන් යසසිරි//
 
Berthe Morisot Sur un banc de Bois de Boulogne MeisterDrucke 689179‘‘අනේ මංද බං... මේකා නං මහ පුදුම මිනිහෙක්...’’

‘‘අනේ මංද බං... මේකා නං මහ පුදුම මිනිහෙක්...’’

ලියුම කියවලා අහවර වුණ ගමන් ම මට එහෙම කියවුණේ ඇයි කියල මට ම හිතාගන්න බෑ. ඒක වැඩියෙන් ම දැනුණෙ ‘‘ඒ කිව්වෙ අක්කා...!’’ කියල කමලයි, විනීතයි, රමණියි හරියට කතා කරගෙන වගේ එක පාරට ම ඇහුවම යි.

‘‘නෑ මං කිව්වෙ... අපි... මේ...’’

මට කියාගන්න හම්බවුණේ එච්චරයි. මටවත් නොදැනි ම මට ඇඬුණා.

‘‘ඇයි අක්කෙ...! ඇයි මේ...?’’

sad girl
මගේ දකුණු අත පැත්තෙ වාඩි වෙලා හිටපු විනීත එහෙම අහද්දි වම් අත පැත්තෙ වාඩිවෙලා හිටිය කමලත් නැගිටලා මගේ ඔළුව අතගැවා; මෙච්චර වෙලා හිටගෙන හිටපු රමණි මගේ ඉස්සරහ දණ ගහගෙන එයාගෙ අත් දෙකෙන් ම මගේ අත් දෙක අල්ලගෙන ‘‘ඇයි අක්කෙ මේ...? අක්ක කවදාවත් මෙහෙම අඩල නැහැ නෙ... ඇත්ත කියන්න... අක්ක රොහාන්ට ලව් නේ ද...?’’

අන්න ඒ වචන ටික ඇහෙද්දි නං මට යකා නැග්ගා... ඇත්තට ම මට මොනව වුණාද කියල මමවත් දන්නෙ නෑ.

සතියකින් හමුවෙමු...

සටහන :

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/11/23



Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්