leader s

සුසන්ත මාවත් ඇදගෙන පිචර් හෝල් එක ඇතුළට ගිහින් බංකුවක වාඩි වුනාටත් පස්සෙ තමයි මම ‘‘මොකක්ද සුසා මේ හෝල් එක...?’’ කියල ඇහුවෙ.


‘‘මේ මරදානෙ ඔලිම්පියා... මේකට එන්නෙ ම ඉංග්ලිස් ෆිල්ම් මැජෙස්ටික් එකට වගේ ම තමයි.’’

‘‘ඉතිං අද තියෙන ෆිල්ම් එක මොකද්ද...?’’

‘‘මං දන්නෑ යසේ... මං දන්නෙ මේකට හොඳ ෆිල්ම් එනව කියන එක විතරයි. ඒකයි බලන්න ආවෙ.’’

සුසන්ත කිව්වෙ කිසිම ගානකට නැතුව. මට පුදුමත් හිතුණ. මමත් දැන් අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගාල්ල, මාතර, අම්බලංගොඩ, හික්කඩුව, වැලිගම ඔය හැම තැනක ම, හැම හෝල් එකක ම වගේ පිචර් බලල තියෙනව. හැබැයි කවදාවත් හෝල් එකේ තියෙන පිචර් එක මොකක්ද කියල නොබලා නම් හෝල් එකට ගිහින් නෑ. මේ එහෙම වුණ පළවෙනි වතාව.

කොහොම වුනත් ඉතිං සුසන්තට කොළඹ හුරුයි නෙ... ඒ වගේ ම එයා කොළඹ පිචර් හෝල් ගැනත් දන්නවනෙ කියල හිත හදාගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

 

cenema hall 25111‘‘මේ මරදානෙ ඔලිම්පියා... මේකට එන්නෙ ම ඉංග්ලිස් ෆිල්ම් මැජෙස්ටික් එකට වගේ ම තමයි.’’

සුසන්ත

අපි ෆිල්ම් එක බලල එළියට එද්දි පහයි කාලට පහමාරට විතර කිට්ටු ඇති. මම නිකමට වගේ යසසිරිගෙන් වෙලාව ඇහුවා. මගේ අනුමානය හරියට ම හරි.

‘‘පහයි විස්සයි...’’

‘‘එහෙනං හරි...’’

මම එහෙම කිව්ව ම නෙවෙයි කියවුණා.

‘‘ඇයි ‘එහෙනං හරි’ කිව්වෙ...?’’

සුසන්ත හැම එකක් ම ආයෙ ආයෙ අහන්නෙ නොතේරෙනකමට ම නෙවෙයි. ඒ මනුෂ්‍යයගෙ හැටි... මොකක් හරි ගැන හරියට ම දැනගන්නකම් ඒ ගැන විපරම් කරනවා. මට මතකයි ස්කෝලෙදි අපිට සිංහල උගන්නපු සර් කිව්ව ‘‘ප්‍රශ්න අහන තරමට තමයි අවබෝධය ලබාගන්න පුළුවන්’’ කියල. මට හිතෙන විදියට සුසන්තට පිහිටලා තියෙන්නෙත් ඒ ගතිය ම ද කොහෙද.

lord moon is copy movie poster jesus 854727 146207

‘‘නෑ මං කිව්වෙ... මං දවලුත් කිව්වෙ... සාමාන්නයෙන් ඉංග්ලිෂ් ෆිල්ම් තියෙන්නෙ පැය එකහමාරයි. ඒකනෙ ඔය හවස ෆිල්ම් එක දෙකයි තිහ නැතුව තුනයි තිහට දාල තියෙන්නෙ. හැබැයි ඉඳල හිටල දිග ෆිල්ම් එනව. මට මතකයි මං එක සැරයක් ඔය සෙන්ට්‍රල් එකේ ෆිල්ම් එකක් බැලුව... මට නම නං මතක නෑ... හැබැයි ඒක යේසුස් වහන්සේ ගැන තියෙන ෆිල්ම් එකක්. ඒක පැය දෙකකටත් වැඩිය තිබුණ. ඒක තමයි මම දැනට බලපු දිගම ඉංග්ලිෂ් ෆිල්ම් එක...’’


‘‘හම්ම්ම්... ඒක නෙමෙයි සුසා... දැං අපි මක්කයි කරන්නෙ...?’’

‘‘කරන්නෙ නේද... ම්ම්ම්... අපි ඉස්සෙල්ලම ගිහින් ප්ලේන්ටියක් ගහමු ද...? මේ එහා පැත්තෙ තියනව සයිවර් කඩයක්...’’

සුසන්ත මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මගේ අතින් ඇදගෙන හෝල් එක ඉස්සරහ ඉඳල වම් පැත්තට ඇවිදගෙන ගියා. එතන තුන්මං හන්දියක්. සයිවර් කඩේ ගාව නැවතුණ සුසන්ත ‘‘යසේ... අර තියෙන්නෙ ගාමිණී හෝල් එක...,’’ කියන අතර ම පාරෙන් එහා පැත්තෙ තිබුණ හෝල් එකක් පෙන්නුවා.

 

images painting‘‘යසේ... අර තියෙන්නෙ ගාමිණී හෝල් එක...,’’ කියන අතර ම පාරෙන් එහා පැත්තෙ තිබුණ හෝල් එකක් පෙන්නුවා.

‘‘හම්ම් ඒකෙනං තියෙන්නෙ සිංහල පිචර් එකක් නේද...?’’

‘‘ඔවු යසේ... මේ හෝල් එකත් හුඟක් පරණ හෝල් එකක්. ඒකට ඉඳල හිටල හොඳ දෙමළ ෆිල්ම් එහෙමත් එනව. ඒ වගේ ම ඉංග්ලිෂ් ෆිල්මුත් ඉඳල හිටල දානව... යං... ප්ලේටියක් ගහල ඉමු...’’

කියන්න ගියපු කතාව නවත්තපු සුසන්ත මාවත් ඇදගෙන ම කඩේ ඇතුළට ගියා.

*          *          *

තේ බොන අතරතුරත් කතා කළෙත් චිත්‍රපටි ගැනම තමයි.

‘‘කොහොමෙයි යසේ ෆිල්ම් එක... හොඳෙයි...?’’

මමත් බලාගෙන ම හිටියෙ සුසන්ත චිත්‍රපටිය ගැන අහන්නෙ කොයි වෙලාවෙ ද කියල.

‘‘හොඳෙයි කියන්නෙ මරු සුසා... ඔහේ මේ පිචර් එක කලින් බලල තිබුණයි...?’’

kinopoisk.ru

‘‘නෑ යසේ... හැබැයි මං ඔය ෆිල්ම් එක ගැන මං අහල තිබුණ. ‘‘ද ග්‍රේට් ඇස්කෙප්’’ (The Great Escape) කියන්නෙ යසේ ලෝකප්‍රසිද්ධ ෆිල්ම් එකක්. මම දැක්ක සරසවිය පත්තරේක තියෙනව ඔය ෆිල්ම් එකට සම්මානත් හම්බවෙලා තියෙනව කියල. මයි හිතේ ඕක ඇවිත් තියෙන්නෙ එක්දහස් නමසිය හැට තුනේ ද කොහෙද...’’


සුසන්ත කියවාගෙන ගියේ පිචර් ගැන නොදන්න දෙයක් නැති ගානට.

‘‘ඒ කොයි මොක උනත් සුසා අපි පිචර් එකේ නමවත් නොබල හෝල් එකට රිංගුවට අලාබයක් උණේ නෑ නේද...?’’

මං එහෙම කියද්දි සුසන්තගෙ මූණෙ ඇඳිල තිබුණෙ ‘ඒක නේන්නම්’ කියන වචන දෙක කියද්දි ඇඳෙනවා වගේ හිනාවක්.

 

film hallවැල්ලවත්තෙ - සැවෝයි, කොල්ලුපිටියෙ - ලිබර්ටි

‘‘මෙහෙමයි යසේ... මං ඔය ඉංග්ලිස් ෆිල්ම් බලන්න යද්දි ෆිල්ම් එකේ නම බලනව හරිම අඩුයි. මොකද මට ෂුවර් එකක් තියෙනවා මේ හෝල්වලට සවුත්තු ෆිල්ම් එන්නෙ නෑ කියල. මේ කොළඹ අවට මේ වගේ ඉංග්ලිෂ් ෆිල්ම් විතරක් දාන හෝල් කීපයක් ම තියෙනවා. ඔය එහා පැත්තෙ තියෙනව සෙන්ට්‍රල් කියල එකක්. තව වැල්ලවත්තෙ තියෙනව සැවෝයි කියල එකක්. කොල්ලුපිටියෙ තියෙනව ලිබර්ටි කියල එකක්. මේ කිට්ටුව ම... ඒ කියන්නෙ මේ... මාලිගාවත්තෙ තියෙනව රුබී කියල එකක්. තව මේ... ඔය කොල්ලුපිටියෙ ම අස්සක තියෙනව එම්පයර් කියල එකක්. කොම්පඤ්ඤවීදියෙ තියෙනවා රියෝ කියල එකක්. ඔය මං කිව්ව හැම හෝල් එහෙක ම වගේ පෙන්නන්නෙ ම ඉංග්‍ලිෂ් ෆිල්ම්.’’


සුසන්ත පිචර් හෝල්වල නම් ටික කටපාඩමින් කියාගෙන කියාගෙන යද්දි මට මතක් වුණේ ස්කෝලෙදි සමාජ අධ්‍යයනය උගන්වපු දෙලපළගේ සර්. ඒ සර්ට ලෝකෙ ඕනම රටක අගනගරයක් ඇහුවොත් කියන්නෙ මෙන්න මේ වගේ. ඒ වගේ ම: සාගර ගැන, මහාද්විප ගැන, ඇළවල් ගැන, විල් ගැන, කඳු ගැන ඒ සර්ටත් මේ වගේ ම කට පාඩම්. සර් නිසා ම ඒ කාලෙ මටත් ඔය හැම එකක් ම කට පාඩම්. ඒ වගේ ම සර් කළු ලෑල්ලෙ ලෝක සිතියම ඇඳල මහද්විපයක් හරි, සාගරයක් හරි විලක් හරි ලකුණු කරන්න කිව්වම ඉස්සරවෙලා ම පැනල යන්නෙ මම. සුසන්තටත් පිචර් හෝල්වල නම් වගේ ම තියෙන තැන් පවා මතක තියෙන්නෙත් හරියට ඒ වගේ.

‘‘යං...’’ කියල සුසන්ත කියද්දි තමයි මතක් වුණේ ප්ලේන්ටිය බීලත් ඉවරයි නේද කියල.

‘‘මක්කයි යසේ ඔයි හැටි කල්පනා කරේ...?’’

සුසන්ත එහෙම ඇහුවෙ එළියට බහින්න නැගිටින අතරෙ.

‘‘නෑ මං කල්පනා කරේ සුසන්ත ඔයැයිට හෝල්වල නමුයි තියෙන තැනුයි මතකයි වගේ තමයි මං ඉස්කෝලෙ යන කාලෙ ලෝකෙ තියෙන එක එක තැන් ගැන මතක තිබුණෙ.’’

‘‘ආ... ඒක මිසක්ක... ඔයි ටික විතරක් නෙවෙයි... තව පිචර් හෝල් සෑහෙන්න තියෙනව. යසේ දන්නවයි... මේ කොළඹ සමහර හෝල් තියෙනව එව්වට එන්නෙ දෙමළ ෆිල්ම් ම විතරයි...’’

 

brick lane street artකොළඹට පය ගහපු වෙලාවෙ ඉඳන් තවමත් මේ ඇහෙන වාහනවල ශබ්ද, මිනිස්සු ඇඟේ හැපි හැපි එහෙ මෙහෙ යන එක මට දැන් හරි ම වදයක් වෙලා. ඒ මදිවට රස්නෙ...

සුසන්ත ඒ වචන ටික කිව්වෙ තවත් පිචර්හෝල් ටිකක නම් ලයිස්තුවක් කියන්න බලාපොරොත්තුවෙන් වගේ. ඒත් මට වුවමනා වුණේ අපි ඊළඟට මොනවද කරන්නෙ කියල දැනගන්න. මොකද කොළඹට පය ගහපු වෙලාවෙ ඉඳන් තවමත් මේ ඇහෙන වාහනවල ශබ්ද, මිනිස්සු ඇඟේ හැපි හැපි එහෙ මෙහෙ යන එක මට දැන් හරි ම වදයක් වෙලා. ඒ මදිවට රස්නෙ... දැන්නම් හැබැයි රස්නෙ ටිකක් විතර අඩුයි.

‘‘සුසා... දැං  රෑ වෙන්නත් එනව... අපි මොකෝ කරන්නෙ...?’’

සුසන්ත

‘සහතික ඇත්ත... දැන් හයටත් කිට්ටු ඇති. තව පැය දෙකක් තුනක් යද්දි මේ දැන් තියෙන කොළඹට වඩා සෑහෙන්න වෙනස් කොළඹක් උපදිනවා. සුසන්තට ඒ කොළඹත් පෙන්නන්න ඕනෙ. මොකද රස්සාවක් හොයාගත්තට පස්සෙ අපි දෙන්නට කවදා හම්බවෙන්න ලැබෙයි ද දන්නෙ නැහැ නෙ...’

‘‘කරන්නෙ ද... ඔයැයි ගෝල්පේස් ගිහින් තියෙනවයි...?’’

Sunset at the Galle Face beachfront urban park area in Colombo Sri Lanka Asia

‘‘ගොල්පේස්...!’’ කියල පුදුමයෙන් වගේ කියපු යසසිරි මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳල ‘‘ඔයි කියන්නෙ අර පාර්ලිමේන්තුව ඉස්සරහ මූද අද්දර තියෙන එක නේද...,’’ කියල ඇහුවෙ එක දවසක් හරි ගෝල්පේස් ඇවිත් තියනව කියල කියනවා වගේ.


‘‘ඔවු ඔවු... එතන තමයි... ඔහේ මීට කලින් එහෙට්ට ගිහින් තියනවයි...?’’

‘‘ඔවු... මං ඔයැයිට දවසක් කිව්වෙ... ඉස්කොලෙන් ට්‍රිප් එකක් ආව කියල. අන්න එදා ඔය පාර්ලිමේන්තුවට ගිහින් එහෙම්ම ම ගෝල්පේස් එකටත් ගියා. හැබැයි නිකං ගියා ආවා. අඩු ගානෙ මූදු හළං ඩිංගක්කත් වදින්න උණේ නෑ. මට මතකයි ඒ කිට්ටුව ම තිබුණු පත්තර අච්චු ගහන තැනකටත් ගියා. එතන තමයි: දිනමිණ... සිළුමිණ... එතකොට... නවයුගය... මිහිර... තව මේ... ආ... බුදුසරණ එහෙම අච්චු ගහනව කිව්වෙ... තව ඉංග්‍රිසි පත්තරයි දෙමළ පත්තරයිත් අච්චු ගහනව කිව්ව.’’


‘යසේ මේ කියන්නෙ ලේක්හවුස් එක ගැන වෙන්න ඕන...’

‘‘ආ... හරි හරි... ඔයි කියන්නෙ ‘ලේක්හවුස්’ එක වෙන්නැති...,’’ කියල මම කියද්දි ම යසෙත් ‘‘අන්න හරි... අන්න හරි... ලේක්හවුස් තමයි... ඒකටත් ගියා...’’

‘දැං තමයි යසේ පුදුම කරන්න හොඳ ම වෙලාව. මේ පාරෙන් ම ගෝල් පේස් ගියානං යසේට ලේක්හවුස් එකත් පෙන්නන්න තිබුණ...’

‘‘යසේ... ඔයැයි ආසෙයි ආයිත් ලේක්හවුස් එක බලන්න...?’’

 

lake house building 1ලේක්හවුස්

යසේ මගේ දිහා බැලුවෙ පුදුමයෙන් වගේ.

‘‘ලේක්හවුස් එක...! මේ දැන්...!!’’

‘‘ඔවු ඔවු... හැබැයි ඇතුළට යන්න බෑ... පිටින් බලාගෙන යන්න පුළුහං... අපි යමු ද...?’’

එහෙම කියල ඉවර වෙන්නත් කලින් සුසන්ත මගේ අතකින් අල්ලාගෙන පාරෙ අනික් පැත්තට පැන්නා.

‘‘අපි මේ යන පාරෙ තමයි ලේක්හවුස් එක තියෙන්නෙ. මේ පාරට කියන්නෙ මැකලම් පාර කියල. මේ පාරෙන් ම අපිට ගෝල්පේස් එකටත් ගියැකි.’’

සතියකින් හමුවෙමු...

jayasiri 04 e1619629387941
(පිටපත | ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/01/18  



ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්