leader s

‘‘අනේ මං දන්නෑ නෑ සුසා... ඒක බයක් කිව්වට එහෙම මිනිස්සුන්ට තියෙන බයක් හෙම නෙවෙයි... වෙන මොකක් දෝ එකක්.

හරියට නිකං ඔය පිචර්වල තියෙනව වගේ නිකං කාත් කවුරුවත් නැති පළාතකට ගෙනිහින් දැම්ම වගේ. ඔය පොත්වලත් ලියල තියෙන්නෙ... ‘ඒ බියකරු රාත්‍රිය මට ගෙන දුන්නේ හුදෙක් පාළුව පමණක් ම නොව ජීවිතය පිළිබඳ අනියත බියකි’ කියල... අන්නේවගේ...’’

 ‘‘හරි හරි යසේ... මං දන්නෝ ඔහේට එහෙම හිතෙන්නෙ ඇයි කියල... බය වෙන්නෙපා... මං ඉන්නෝ නෙ...’’

‘‘ඔයැයි ඉන්න බව ඇත්ත... ඒත් අපි දැං රෑට නිදන්නෙ කොයිබෙයි...?’’

මගේ හිතේ තිබුණ ඇත්ත ම ඇත්ත බය හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි කියමුකො... අන්න ඒක තමයි ඒ පිටවුණේ.

 

‘‘ආ... මට දැනුයි නෙ තේරුණේ... එහෙනං ඔයැයිට තියෙන ප්‍රස්නෙ රෑ බුදියගන්නෙ කොහේ කියන එක. ඕක මොකක්ද යසේ... අපි අර බණ්ඩාරනායක පිළිරුව යට හරි... එහෙමත් නැහ්නං මේ බංකුවක් උඩ හරි බුදිය ගම්මු... හැබැයි ඉතිං ඩිංගක් කල්පනාවෙන් ඉන්නෝන. නින්ද ගියාට පස්සෙ බෑග් එක එහෙම කවුරු හරි ගත්තොත් ඔක්කොම කෙළි හමාරයි’’

අපලෝකන 17 : කළු වුනාට දෙදොල් පැණි රසයි නෙ... -(ජයසිරිගේ අලුත්ම නවකතාව)

 

ඉතාම බියකරු දෙයක් වුනත් සුසන්ත කියාගෙන කියාගෙන ගියේ කිසිම ගානක් නැතුව වගේ. ‘ඇත්ත... නිකමට හරි ඇඳුම් ටිකයි සල්ලියි කවුරු හරි හොරකම් කරොත්...?’ කියන සිතිවිල්ල මගේ හිතට ආයෙත් වද දෙන්න පටන් ගත්තා.

‘‘සුසා... ඔයැයි කිව්ව තැන් දෙක නැතුව අපිට නිදාගන්න තැනක් ඇත්තෙම නැතෙයි...?’’

මම අහපු ප්‍රශ්නයට උත්තර දෙනව වෙනුවට සුසන්ත කරේ සමච්චල් හිනාවක් මුහුණ පුරාම පුරවාගෙන ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටපු එක.

 

MONALI MONALI 20180826 075853 1
‘‘හයියෝ හයියෝ... ගාල්ලෙදි සිඩ්නි හෝටලේ පේමන්ට්ටෙකෙයි හැව්ලොක් එකේ පේමන්ට්ටෙකෙයි කිසිම බයක් හැකක් නැතුව බුදියගත්ත ඔහේ මක්ටෙයි මෙතන බුදියන්න බය...?’’

සුසන්ත අහන ප්‍රශ්නයෙත් සාධාරණයක් තියෙනවා. ඒ වුනාට සුසන්ත ම දන්නවා මට ගාල්ල ටවුම කියන්නෙ ගෙදර වගේ කියල. හදිසියෙවත් පොලිසියෙන් ආවොත් වුනත් අපි ඇත්ත කියනවා. වැඩ කරන්නෙ අහවල් තැන; පිචර් එකක් බලන්න ගියා කියල. වෙන වෙන රස්තියාදුකාරයො ආවොත් උන්ට උත්තර දෙන්නෙ කොහොමද කියලත් මම හොඳට ම දැනගෙන හිටියා. අනික අපි බොහොම ටික කාලයයි එහෙම පේමන්ට් එකේ නිදාගත්තෙ. මතක නෙ... ඊට පස්සෙ අපි ලොකු මෙහෙයුමකින් නිදාගන්න තැනට ම ආව නෙ.

ගෙන්දගම් පොළොව 10 : මේ පාරෙ දිගටෝ ම ගියහම ගෝල්පේස්.. | ජයසිරිගේ අලුත්ම  නවකතාව

 

‘‘නෑ සුසන්ත... ගාල්ලයි මේ ගෙන්දගම් පොළවයි කියන්නෙ දෙකක්. අනික ඔයැයි දන්නව නෙ... මට ගාල්ල හුරුයි. මෙහෙ එහෙම නැහැ නෙ.’’

ඒ ප්‍රශ්නයටත් සුසන්ත දුන්නෙ හරිම සරල උත්තරයක්.

‘‘අයියෝ... ඕක සුළු දෙයක්. ඔයැයිට ගාල්ල වගේ ම තමයි මට මෙහේ... හරි... එහෙනං අපි මෙහෙම කරමු. සෙනඟ අඩු වෙනකං මෙතන ටිකක් ඉමු.’’

‘‘ඊට පස්සෙ...?’’

ඒ වචන දෙක මගේ කටින් පිටවුණේ ඉබේට ම වගේ.

මම අහපු දේ ඇහුණෙ නැහැ වගේ ටිකක් වෙලා මුහුද දිහාබලාගෙන හිටපු සුසන්ත ‘‘ඊට පස්සෙ ද...? ඊට පස්සෙ ඔයි මක්ක හරි බඩට දාගෙන, කොතනකට හරි වෙලා නිදාගෙන, ආයි හෙට රස්සාවක් හොයමු.’’ කියල කිව්වෙ හරියට අපි එන තුරු රස්සාවල් බලාගෙන ඉන්නව වගේ. එහෙමයි කියල මට කරන්න දෙයක් නැති බව මම හොඳට ම දන්නවා. මට කරන්න පුළුවන් සහ කරන්න තියෙන එක ම දේ සුසන්තව විශ්වාස කරල එයා කියන විදියට වැඩ කරන එක.

*          *          *
සුසන්ත

ගෝල්ෆේස් පිටියේ නාඳුනන හිමිනමකගේ මළ සිරුරක්

‘දැන් මිනිස්සු ටිකෙන් ටික ගෝල් ෆේස් පිට්ටනිය අතහැරල යන්න පටන් අරගෙන. හැබැයි ඒ සදහට ම නෙවෙයි. මේ අය අතරින් කිහිප දෙනෙක් හරි තව සතියකින්, දෙකකින්, එහෙමත් නැතිනම් තුනකින් හරි සමහර විට මාසෙකින් හරි මෙතනට එන්න පුළුවන්. සමහර විට නෑවිත් ම ඉන්නත් පුළුවන්. හැබැයි ඒ මේ අහල ගම් හතකවත් අය නොවෙන්න පුළුවන්. කොළඹ අවට කෙනෙක් නම් ලබන සතියෙ එන්න පුළුවන්. මිනිස්සු මෙතනට එනනෙ වැල්ල පාගන්න හරි හුළං වදින්න විතරක් ම නෙවෙයි. සමහර අය පොඩි විනොදයකටත් එනවා. සමහර අය විවිධ බලාපොරොත්තු තියාගෙනත් එනවා. සමහර අය තනිකම මකාගන්නත් එනවා. ඒ අතින් බැලුව ම මෙතන මහ පුදුම තැනක්.

යසසිරිට මෙතන අලුත් ම තැනක්. එයා ගාලු කොටුව ඇතුළෙ කොච්චර ඇවිදලා තිබුණත්, ඒකෙ හැම අස්සක් මුල්ලක් ම දැනගෙන හිටියත් මෙහෙම දෙයක් දකින්න නැතුව ඇති. මොකද කොටුව ඇතුළෙ ඇවිදින්න ගිය පිරිසක් වුනත් උපරිම කොටුව ඇතුළෙ ඉන්නෙ හත විතර වෙනකන් විතරයි; අඩු ගානෙ අර ඇඟ විකුණන ගැනු වුනත් ඊට වඩා වැඩිම වුනොත් පැය බාගයක් ඉඳීවි. එයාලට කවුරු හරි කෙනෙක් හමු වුණේ නැතිනම් එයාල කරන්න ටවුමට එන එක. කොටුව ඇතුළෙ ටිකක් හරි දකින්න පුළුවන් වෙන්නෙ ඒක ඇතුළෙ ම පදිංචිකාරයෙක් දෙන්නෙක් විතරයි. එහෙමත් නැත්නම් ක්ලබ් එකට එන අය විතරයි. ඒ නිසා යසසිරිට මෙතන හරි අමුතු ඇති. ඒකනෙ ඔය මූද අද්දරට වෙලා කල්පනා කරන්නෙ.

 

suchitra bhosle painting wooarts 03
අපි දෙන්නට ම එක ම තැනක රස්සාවක් ලැබෙන එකක් නම් නෑ. ඒ නිසා හෙට නම් ඉස්සෙල්ල ම යසසිරිට රස්සාවක් හොයල දෙන්න වෙනවා. ඊට පස්සෙ පුළුවන් මට මොකක් හරි රස්සාවක් හොයාගන්න. හැබැයි ඒ ගැන යසසිරිට කියන්න හොඳ නෑ. එහෙම වුනොත් මිනිහ කවදාවත් මම නැතුව රස්සාවක් කරන්නෙ නෑ. අපි දෙන්නගෙ ම හොඳට කරන්න තියෙන හොඳ ම දේ තමයි ඉස්සර වෙලා යසසිරිට රස්සාවක් හොල දෙන එක. මට නම් ඔය කොයිකත් එකයි.’

‘‘මොකෝ යසේ... මුද දිහා බලා හිටිය ඇතෙයි...?’’

යසේ මගේ පැත්තට එද්දි මමත් ඉස්සරහට යන ගමන් ම එහෙම ඇහුවෙ එයාගෙ හිතේ තියෙන මොකක් හරිම අදහසක් මග හරවගන්න අදහසින්. මම හිතන්නෙ මම සාර්ථක වුණේ නෑ.

 

AEStrunk1

‘‘නෑ සුසා... එහෙමමත් නෙවෙයි. මං කල්පනා කරේ... මෙතනට ආපු හුඟාක් මිනිස්සු දැන් ආපහු ගිහින්. ඉන්න මිනිස්සුත් ඉන්නෙ කොයි වෙලේ ද යන්නෙ වගේ අදහසකින්. හැබැයි අපි... අපිට යන්න වුවමනාව තිබුනත් යන්න තැනක් නෑ.’’

‘යසසිරි තවමත් ඉන්නෙ දෙගිඩියාවෙන්. ඒක එහෙම වුණා කියල මම පුදුම වෙන්නෙ නෑ. මොකද මමත් මේ අත්දැකීම විඳල තියෙනව නෙ. කොයි මොක වුනත් මේ වෙලාව යසේගෙ හිත බිඳින්න හොඳ නෑ.’

‘‘එහෙම නෑ යසේ... අපිටත් යන්න තැනක් තියෙනවා. ඒ නිසා අපිත් යනවා.’’

‘‘යන්න තැනක් තියෙනවා...! අපිත් යනවා...!!’’

 

nigel
යසසිරි ඇහුවෙ පුදුමයෙන් වගේ. හැබැයි මම එහෙම කිව්වෙ ඒ තරමට ම විශ්වාසයෙන් නෙවෙයි. ඒත් මගේ හිතේ කිසියම් අදහසක් තිබුණා. ඒ, වෙන මොනවත් නිසා නෙවෙයි; යසසිරිගෙ හිතේ තියෙන හැකයයි බයයි නැති කරන්න ඕනෙ නිසා.

‘‘ඔවු... අපිට යන්න තැනක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ම ගිහින් මොනව හරි කමු. ඊට පස්සෙ මම කියන්නම් කරන්නෙ මෙනව ද කියල.’’

ඊට පස්සෙ මමයි යසසිරියි ගෝල් ෆේස් බැම්ම අද්දර නවත්තල තිබුණ කරත්ත කඩේකින් ආප්පයි බිත්තර ආප්පයි කෑවා. යසසිරි බඩ පිරෙන්න කෑවෙ නැහැ කියල මට හොඳට ම දැනුණා. ඒ, එයාට ඊළඟට වෙන්නෙ මොනව ද, කරන්නෙ මොනවද කියල කිසිම අදහසක් නොතිබුණ නිසා. නමුත් මට එහෙම වුවමනා නැති නිසා මම බඩ පිරෙන්න ම කෑවා. මොකද ඊළඟට වෙන්නෙ මොනව ද, කරන්නෙ මොනව ද කියල මම හොදට ම දන්නවා.

‘‘යසේ... අපි යං...’’

‘‘කොහේටෙයි යන්නෙ...?’’

 

ලාංකේය ව්‍යාප්තවාදය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
යසසිරිට තවමත් ඉන්නෙ දෙගිඩියාවෙන්; අවිශ්වාසයෙන්. ඒ නිසා තමයි එයා හැම වෙලේ ම ප්‍රශ්න කරන්නෙ.

‘‘යමුකෝ’’ කියපු මම ඉස්සර වුණා. යසසිරි කිසිම කතාවක් බහක් නැතුව මගේ පස්සෙන් වැටුණා. එයා කතා කරේ ගෝල්ෆේස් පිට්ටනියෙන්  ගාලු පාරටත් ආවට පස්සෙ.

‘‘ඔහේ ඔයි යන්න හදන්නෙ අර පිළිරුව ගාවටෙයි... එතන නරක නෑ... හැබැයි වැරදිලා හරි රෑට වැස්සොත්...?’’

යසේ හිතුවෙ අද රෑ අපි නිදාගන්නෙ පිළිරුව යට කියල. පිළිරුව යට වුනත් නිදාගන්න පුළුවන්; මම නම් නිදාගෙනත් තියෙනවා. ඒත් අර කිව්ව වගේ වැරදිලාවත් වැස්සොත් නේද...? නෑ නෑ... කොහොමටත් මගේ අදහස ඒක නෙවෙයි.

‘‘නෑ යසේ... අපි නොතෙමි බුදිය ගන්න ඇහැක් තැනකට යං.’’

‘‘එහෙම තැනක් තියෙයි...?’’

 

old parliaments
යසේ ඇහුවෙ ටිකක් පුදුමයෙන් වගේ. මම ‘‘ඔවු’’ කියල ඔළුව වනල යසේගෙ අතින් අල්ලගෙන පාර පැනල පාර්ලිමේන්තුව පැත්තට ඇවිදගෙන ගියා. යසේ තවමත් මගේ අතේ එල්ලිලා. සමහර විට ඒක එයා දන්නෙත් නැතුව ඇති.

*          *          *

මම හිතුව හරි... යසේ මෙච්චර දුරක් ආවෙ මගේ අත අල්ලගෙන කියල එයාට මතක් වුණේ ඈතින් ලේක්හවුස් එක පෙනුණටත් පස්සෙ.

‘‘සුසා... අර ලේක්හවුස් එක නේද?’’

 

‘‘හම්ම්’’ කියපු මම ආයෙත් සුසන්තගෙ අත අල්ලගෙන ලේක්හවුස් එක පිටිපස්ස පැත්තෙන් කොටුව පැත්තට ඇවිදගෙන ගියේ යන්නෙ කොතනට ද කියල යසේට කියන්නෙ නැතුව. එයාට කිව්වත් ඒ ගැන නිනව්වක් නෑ. මොකද දවල් අපි ඇවිල්ල බස් එකෙන් බැස්සෙ මීට ටිකක් ඉස්සරහින් කියලත් එයාට මතකයක් නෑ.

lake house building 1

 

පාලමත් එක්ක ම තියෙන බෝගහ ළඟට එද්දි ගහේ ඉන්න කපුටො බිමට දාන බෙටි වැටෙන සද්දෙ ටිකක් ඈතටත් ඇහෙනවා. මොකද මේ කොළඹ කොටුවයි පිටකොටුවයි අතර සීමාව වුනත් මේ වෙද්දි වාහන යන්නෙ එන්නෙ හරිම අඩුවෙන්.

‘‘සුසා... මොකද්ද අප්පා ඒ එන ගඳ...’’

සුසන්ත ඇහුවෙ මගේ අත අල්ලගෙන හිටපු අත අතඇරල ඒ අතේ මහපටැඟිල්ලෙනුයි දබරැගිල්ලෙනුයි නාස් පුඩු දෙක තද කරගන්න අතරෙ.

‘‘ඒ ගඳ ද... එතන එක ගඳක් නෙවෙයි යසේ ගඳ ගොඩක් තියෙනවා. එකක් ඔය කුණු ඇළේ ගඳ, අනික ඔය බෝ ගහේ ඉන්න කාක්කොන්ගෙ බෙටිවල ගඳ. මෙතනින් විජහට යං... නැහ්නං අපේ ඔළුත් බෙටිවලින් නෑවේවි...’’        

සතියකින් හමුවෙමු...

jayasiri 04 e1619629387941(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  


Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්