leader s

‘‘මං දන්නව දැන් ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ කියල. කල්පනා කරන්න දෙයක් නෑ. මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල. මේ ටිකට්වලින් කෝච්චියෙ යන්න බෑ; යන්න තියා කෝච්චියට නගින්නවක්කත් බෑ. හැබැයි ස්ටේසන් එක ඇතුළට ගියෑකි.’’


‘‘ඉතිං අපි මක්කටෙයි ස්ටේසන් එක ඇතුළට යන්නෙ...?’’

‘‘ස්ටේසන් එක ඇතුළට යන්නෙ ද...? ඔහේ එන්නකො මගෙත් එක්ක... ඊට පස්සෙන් පහු ඔහේට තේරෙයි ඇයි අපි ස්ටේසන් එක ඇතුළට ආවෙ කියල’’

*          *          *

සුසන්ත ගත්තු ෆ්ලැට්ෆෝම් ටිකට් දෙකෙන් එකක් මට දීපු එයා ‘‘ඕකත් අරං මයි පස්සෙන්න එන්න. අර ගේට්ටුවෙ ඉන්න ගාඩ් ඉල්ලුවම ඕක දෙන්න... දන්නව නෙ... කෝච්චි ටිකට් එක දෙනව වගේ දෙන්න.  එයැයි අහන දේවලට මං උත්තර දෙන්නං’’

 

සුසන්ත පුංචි ගෙට්ටුවෙන් ඇතුළු වෙනකොට ම එතන හිටපු ගාර්ඩ් ෆ්ලැට්ෆෝම් ටිකට් එක අතට අරගෙන ‘‘කොහාට යන කෝච්චිය එනකං ද ඉන්නෙ?’’ කියල අහනවා මට ඇහුණා.

සුසන්ත කිසිම ගානක් නැතුව ‘‘හතයි පනහ නුවර ඉඳල එන කෝච්චියෙ අපේ නංගිල දෙන්නෙක් එනව. එයාල එක්කරගෙන යන්න...’’ කියල කිව්වා.

‘‘ආ... එහෙනං කමක් නෑ...’’ කියල කියපු ගාඩ් ටිකට් එක අරගෙන ඒක අවලංගු කරල මගේ දිහා බලද්දි ම සුසන්ත මම වෙනුවෙන් උත්තර බැන්දා.

මම එතකන් දැනගෙන හිටියෙ නෑ මේ ෆ්ලැට් ෆෝම් ටිකට් ගැන. සුසන්ත ෆ්ලැට්ෆෝම් එකට ඇවිත් ‘‘දැං ඔයැයිට ඊයෙ ඉඳං ම ප්‍රස්නයක් තිබුණ නේද උදේට ටොයිලට් යන්නෙ කොහොමෙයි කියල...?’’ කියල ඇහුවා.

‘‘ඔවු දැනටමත් මට බඩ දඟලනවා. ඇත්තට ම කොහොමෙයි අපි කක්කුස්සියට යන්නෙ...?’’

 

shush

මම එහෙම අහල ඉවර වෙන්නත් කලින් සුසන්ත එයාගෙ දකුණු අතේ දබරඟිල්ල තොල් දෙකට තියල තද කරල පෙන්නල ‘‘ෂ්ෂ්ෂ්... මෙහේදි කක්කුස්සිය කියන්නෙපා... කාට හරි ඇහුනොත් ලජ්ජාවෙ බෑ...’’ කියල කිව්වෙ වට පිට බලන ගමන්ම යි.

‘‘හරි හරි... පුරුද්දට අනේ කියවුණේ... හරි කියන්නකො... කොහේද ටොයිලට් එක තියෙන්නෙ...?’’

සුසන්ත කතා නොකර ම මගේ අතින් ඇදගෙන ෆ්ලැට්ෆෝම් එකේ වම් පැත්තට ගිහින් ‘‘මේ තියෙන්නෙ ලැට් එක. මෙතනිං ම මූණ හෝද ගන්නත් පුළුහං. බ්‍රෂ් එකයි ටූත් පේස්ටුයි ඇතිනෙ. ඉස්සෙල්ල ඔහේ ගිහින් මූණත් හෝදගෙන, ටොයිලට් එකටත් ගිහින් එන්න. මං එතකං එළියෙං ඉන්නං...’’

*          *          *
af6d2a6f a466 4312 a5a0 950d884d94d2 570
මම ගිහින් මූණත් හෝදගෙන ටොයිලට් එකටත් ගිහිං එනකං සුසන්ත කෝච්චි එහෙට මෙහෙට යන දිහා බලාගෙන ඉන්නවා. මම ආව කියල දැනගත්තු ගමන් ම ‘‘ කොහොමෙයි... නහය ඇරගෙන යන්න ඇහැකි ය...?’’ කියල ඇහුවෙ අමුතු විදියකට හිනාවෙන ගමන්.

‘‘නැහ්... එහෙමකට ම නෑ...’’

‘‘සමහර දවසට එහෙම වෙනවා. අද එහෙනං උදෙංම හෝදල ඇති...’’

කිසිම ගානක් නැතුව එහෙම කියපු සුසන්ත එයාගෙ බ්‍රෂ් එකට ටූත් පේස්ට් ටිකක් දාගෙන කක්කුස්සිය ඇතුළට ගියා; මට පුරුද්දට කියවුනාට ඒක කක්කුස්සියක් විතරක් ම නෙවෙයි. මුත්‍ර කරන්න වෙනම ම කොටසක්, ටොයිලට් කරන්න වෙනම ම කොටසක් වගේ ම මූණ කට හෝදගන්න වෙනම ම කොටසක් විදියට කොටස් තුනක් තියෙනවා.

මට හිතෙන විදියට කෝච්චිවල යන එන අය වගේ ම අපි වගේ අතරමං වෙච්ච තව අය මෙතෙනට එනවා. ඒත් එයාල මේ ගැන දන්නෙ කොහොම ද කියන එක මට ප්‍රශ්නයක්. දැං ඉතිං එව්ව ගැන හිතල වැඩක් නෑ කියල හිතද්දි ම සුසන්ත ළගට ම ඇවිල්ල.

 


‘‘යසේ... මක්ක හරි කාල ම තේ එකක් බොනව ද... ටී දෙකක් විතරක් බොමු ද...?’’ කියල සුසන්ත ඇහුවෙ මිනිහට මොනව හරි කන්න ඕන වෙලා කියල මට දැනුණා.

‘‘මෙහේ කැන්ටිමක් ඇති නෙ... යං... මක්ක හරි කාල ටී එකක් බොමු.’’

මම එහෙම කිව්වට පස්සෙ සුසන්තගෙ මූණෙ අමුතු එළියක් වැටුණා.

‘පවු සුසන්ත... එයැයි මේ ගමන ආවෙ මං නිසා; මාව විශ්වාස කරපු නිසා. ඉතිං මාත් එක්ක ආපු සුසන්තට සලකන එක මගේ වගකීමක්’

‘‘යසේ යං ද... තව ඩිංගක් වෙලා ගියාම මේ කැන්ටිමේ සෙනඟ පිරෙනවා. ඔය පේමන්ට් එකේ ඉන්න එවුනුත් අපි වගේ ම ප්ලැට්පෝම් ටිකට් අරගෙන ඇතුළට ඇවිත් ටොයිලට් එහෙම ගිහිං තේ බොන්න එනව. ඊට කලිං අපි තේකක් බීල මේ පැත්තෙං ම එළියට යං.’’

 

 Tea Drinking in a Tavern 1874 Oil on Canvas Painting by Vict MeisterDrucke 636131

සුසන්ත එහෙම කිව්වෙ අපි ඇතුළට ආපු පැත්තට විරුද්ධ පැත්ත පෙන්නලා. මට ඒක ප්‍රශ්නයක්. ඒත් මං ඒ ගැන මොනවත් ම ඇහුවෙ නෑ. සුසන්තගෙ පස්සෙන් ම ගියා.

සුසන්ත

තේ බීල ඉවර වුනාට පස්සෙ මම යසසිරිත් එක්ක ආවෙ මැකලම් පාරට. යසසිරිට හිතාගන්නවත් බෑ. පඩි පෙළ කීපයක් ම උඩට නැගල, පාලමකින් එගොඩවෙලා වගේ ආයෙත් පහළට බැහැල වෙන තැනකින් පාරකට ආවම කවුද පුදුම නොවෙන්නෙ.

‘‘සුසා... ඔයැයිට හිතාගන්න ඇහැකිය අපි මේ ආවෙ කොහාට ද කියල...?’’

 

 U1mTuCgX6F
යසසිරිට මම කියන දේ ගැන නිනව්වක් නෑ. එයා වටපිට බලනවා. වාහන වේගයෙන් එහෙ මෙහ යනවා. මිනිස්සු ස්ටේෂන් එක පැත්තට වගේ ම ස්ටේෂන් එක පැත්තෙන් මේ පැත්තටත් එන්නෙ හරියට පස්ස කැඩිච්ච කඩියො වගේ. ඒ එන ගෑනු මිනිස්සු එක එක විදියෙ වයිවාරන්න ඇඳුම් ඇඳගෙන, ගෑනු නම් තොල් පාට කරගෙන, එක එක මෝස්තරේට කොණ්ඩ මෝස්තර දාල. යසසිරිට මේ දේවල් ටිකක් අමුතු ඇති. ගාල්ලෙ ඉඳිද්දි වුනත් මේ වගේ වෙලාවක ටවුන් එකට ආවනම් ඉතිං ඒ කලාතුරකින් නෙ.

‘‘මොකෝ යසේ... මුකුත් හිතාගන්න බැරිය...?’’

සුසන්ත වට පිට බල බලා පුදුම වෙද්දි මම ම එයාගෙන් ඇහුවා.

‘‘අහ්... නැහ්... මං මේ බැලුවෙ සුසා මේක හරි ලස්සන දර්ශනයක්... හරියට එක එක පාට, එක එක හැඩේ කුරුල්ලො වගේ. ඒ මදිවට එක එක ගෑනු ළඟින් යද්දි එන එක එක විදියෙ සුවඳ... බලනවකො සුසා... සමහර ගැනු යන්නෙ හිනාවෙවී. සමහර එවුන් යන්නෙ මිනිහත් එක්ක තරහ වෙලා ගෙදරින් යනව වගේ. ඒ අව්වස්සෙ සමහර එවුන් ජෝඩු දාලත් යනව. හැබැයි එවුන් නම් වෙනම ම කොටසක්... අර... අර දැක්කයි... උන් දෙන්න යන්නෙ හරියට ඊයෙ හනිමුන් ගියා වගේ.’’

 FEMOV1jBzh

 

‘‘හහ් හහ් හා...’’

මට හිනාව නවත්තගන්න බැරි වුණා. මොකද යසසිරි දැකපු දේයි නොදැක්ක දේයි අතරෙ මොන තරම් වෙනසක් තියෙයි ද කියලයි මට හිතුණෙ.

‘‘මෙහෙමයි යසේ... ඔය යන හැම ගෑනියෙකුයි මිනිහෙකුයි ම කසාද බැඳලත් ඇති; නොබැඳත් ඇති. හැබැයි එවුං ගෙදරිං ඇවිත් ආයි හවහට ගෙදර යනකං ම උං ඉන්නෙ වෙන ම ම ලෝකෙක. උං ඒ ලෝකෙ ඉන්නෙ පුදුම සතුටෙං. හැබැයි වැඩ කරන තැනට ගියහම ආයි මූණු කොරහක් විතර කරගන්නවා. එතන ඉඳං ඉතිං හැම ගෑනියෙක් ම මිනිහෙක් ම හැසිරෙන්නෙ තමංගෙ ගෑනිත් එක්ක, මිනිහත් එක්ක... එහෙමත් නැහ්නං වෙන මොකෙක් හරි එක්ක රංඩු වෙලා ආවා වගේ. හැබැයි ආයි හවහ හතර විතර වෙද්දි මල් පිපෙනව වගේ පිපෙනවා.’’

මම එක දිගට ම කියවාගෙන යද්දි සුසන්ත මගේ දිහා බලනවා; පාර දිහා බලනවා; ආයෙත් මගේ දිහා බලනවා. මහ අමුතුම ලෝකෙකට ආව වගේ එයාට දැනෙනවා ඇති.

‘‘මං දන්නෑ සුසා... මේ මිනිස්සු මෙච්චර වේගෙන් කොහේ දුවනව ද කියල... ඇත්තට ම සුසා ඒ ඇයි...?’’

 

 qUZtC9C3CC

‘‘මිනිස්සුන්ගෙ ජීවිතේ එහෙම තමයි යසේ... ඔයැයි ගාල්ලෙ කොච්චර කල් හිටියත් මේ වගේ වෙලාවකට එළියට පහළියට එන්න නැතුව ඇතිනෙ. එහේ වුනත් මෙහෙම තමයි යසේ. ඒ දේවල් දකින්න හම්බෙන්නෙ ඩිංග වෙලාවයි. ආයිත් පරිසරය වෙනස් වෙනවා. එතකොට මේ හරියෙ විතරක් නෙවෙයි කොළඹ ම වෙනස්. ආයෙ දවල්ට තවත් විදියක්; හැන්දැවට තවත් විදියක්; රෑ වෙද්දි ආයි වෙනස් ම විදිහක්. හරි... දැං එව්වයිං වැඩක් නෑ... අපි මේ පැත්තෙං කොම්පඤ්ඤවීදිය දිහාට යමුකො.  

සතියකින් හමුවෙමු...

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 03/ 02

ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  


Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්