leader s

‘‘හම්ම්ම්... ඒකත් එහෙමයි නෙහ්...’’ කියපු මැනේජර් පෑන පොත උඩ තියෙද්දි ම පොත වහල එයාගෙ වමතින් දකුණු අත පැත්තට පොත පොඩ්ඩක් තල්ලු කරන ගමන් ‘‘වාඩි වෙනව කො...’’ කියල මේසෙ එයාගෙ පැත්තට ඉස්සරහ පැත්තෙන් තිබුණ පුටු දෙක දිහාට දකුණු අත දික් කරා.


වාඩි වෙන්න කිව්වට පස්සෙත් ආයෙ වාඩි නොවුනොත් ඒක මගේ ආත්ම ගරුත්වයට හොඳ නැති නිසා මම ‘‘තැන්කිව් මහත්තයො,’’ කියාගෙන ම පුටුව පොඩ්ඩක් පස්සට ඇදල වාඩි වුණා.

''හම්ම්ම්... එතික්ස් (Ethics) එහෙමත් දන්නව ඈ...? තමුසෙ කොච්චර දුරට ඉගෙනගෙන තියෙනව ද...?’’

'මේ මොන කෙහෙල් මලක් ද...? හොටලෙක කෑම පැන්ට්‍රියෙ වැඩ කරන්න ඉගෙනීම ඔ්නයැ. ඇත්තට ම මං ඉගෙනගත්තු දුර කිව්වොත් මේ යකා කියයි ද දන්නෑ 'අපෝ... තමුසෙට මීට වඩා හොඳ ජොබ්බෙකක් හොයාගන්න පුළුවන්’ කියල මළ කෙළියයි...’

worker250412
මගේ සිතුවිල්ල බිඳුණෙ මැනේජර් ටිකක් සද්දෙට කතා කරපු නිසා.

''මොනවද අයිෂෙ කල්පනා කරන්නෙ... මං ඇහුවෙ තමුසෙ කොච්චර දුරට ඉගෙනගෙන තියෙනව ද කියල...? ඇයි තමුසෙ ඉස්කෝලෙ ගිහින් නැද්ද...?’’

''ගි...ගි... ගිහින් තියෙනව මහත්තයො... හැ...’’

මට ඉතිරි වචන ටික කියන්න මැනේජර් ඉඩ දුන්නෙ නැහැ.

''හැබැයි විභාගෙ ෆේල්... මං හරිනෙ...?’’

ඉබ්බ දියේ දැම්ම ම ඇන්නෑවෙයි කිව්ව වගේ මමත් ගත් කටට ම ''ඔවු මහත්තයො.’’ කිව්වෙ රස්සාව නැති වෙයි කියන බයට. මොකද මට මතකයි ඒ දවස්වල අපේ ගමේ කෙනෙක් ඉන්ටර්විව් එකකට ගියාම එතනින් කිව්වලු ''ඔයාට මේ ජොබ් ඒකට සුදුසුකම් වැඩියි; ඔයාට මීට වඩා හොඳ ජොබ්බෙකක් කරන්න පුළුවං. ඒ හින්ද අපි වෙන කෙනෙකුට අවස්ථාව දෙමු නේද...?’ කියල ඉන්ටර්වීව් කරපු කෙනෙක් කිව්වලු.

manager
''ඔ... ඔවු මහත්තයො...’’

''ආ... හරි.... ඒ්කෙන් කමක් නෑ. කොහොමටත් මේ ජොබ් ඒකට ඉගෙනීම එච්චරට ම වැදගත් නෑ. හැබැයි ඉතිං වැඩේ හරියට කෙරෙන්නෝන... තේරුණයි...?’’

මැනේජර් ඒක කිව්වෙ හරියට රාජඥාවක් නිකුත් කරනව වගේ. මොනව වුනත් ඉවසගෙන ඉන්න වෙනව නෙ... එහෙම නොවුනොත් රස්සාව නැති වෙනව නෙ...

''ඔවු මහත්තයො... කෙරෙන්න ඔ්න විදිහ කියන්න. මං ඒ විදිහට වැඩ ටික කරන්නං.’’

''අන්න හරි... එහෙනං හොඳට අහගන්ඩවකො...,’’ කියපු මැනේජර් හොඳට අත පය නිදහස් කරගෙන පුටුවෙට හේත්තු වෙලා, ගරු ගාම්භීර විදියට කතා කරන්න පටන් ගත්තා.

''කඩේ අරින්නෙ උදේ හයට... හැබැයි තමුසෙ පහමාර වෙද්දි පැන්ට්‍රියෙ ඉන්‌ඩෝනෙ. පහමාරට ඇවිත් අස්පරස් කරල සූදානං වෙන්ඩෝනෙ. කුස්සියෙන් කෑම ටික ගෙනල්ල දෙයි. ඒ ගෙනාවහම... අල හොද්දෙ අල කෑලි කීයක් තියෙනව ද, අල බැදුමෙ අල කෑලි කීයක් තියෙනව ද, මස් හොද්දෙ, මාළු හොද්දෙ වගේ ම මස් මාළු ස්ටු කෑලි කීයක් තියෙනව ද, උදේට නම් තම්බපු බිත්තර කීය ද, දවල්ට නම් තම්බපු බිත්තර වගේ ම, ඔම්ලට් කීය ද, බුල්ෂයි කීය ද කියල ගණන් කරල ලියාගන්ඩෝනෙ. ඒකට පොතක් වෙන ම තියෙනව. දවල්ටයි රෑටයිත් එහෙම තමයි හරි ද...’’

IMG 9773 master
'යකෝ ඒක මාර වැඩක් නෙ... හැව්ලොක් ඒකේ කවදාවත් එහෙම ගණන් කරේ නැහැනෙ... බේකරියෙන් ගේන: පාන්, බනිස්, මාළු පාන්, බිත්තර පාන් විතරක් නෙවෙයි එහෙං ගේන හැම දෙයක් ම ගණන් කරා. කුස්සියෙන් පැන්ට්‍රියට ගේන කෑම නං මෙලෝ දෙයක් ගණං කරේ නැහැ නෙ...’

''ඒපාර මොනව ද අයිෂෙ තමුසෙ කල්පනා කරන්නෙ... ඇයි... තමුසෙ ගණං කරන්ඩ දන්නෙ නැද්ද...?’’

එහෙම අහපු ඒකට නං මට ඩිංගක් විතර කේන්ති ආවා.

''අ... න්... න්... නැ මහත්තයො... විභාගෙ ‌ෆේල් වුනාට මං ගණං පාස් මහත්තයො...,’’ කියල මට එකපාරට ම කියවුණා.

''අහ්... එහෙම ද... තමුසෙ කල්පනා කරපු විදියට මං හිතුවෙ තමුසෙට ගණං කරන්ඩ බැ කියල. හරි... ඇත්තට ම තමුසෙ මොනවද කල්පනා කරේ...?’’

මම ඒ වෙලාවෙ හිතුණ දෙයක් කිව්වට මැනේජර්ට මම කියපු දේ ගැන විශ්වාසයක් නෑ වගේ. ඒ නිසා මම තැනට සුදුසු නුවණ පාවිච්චි කරා.

''නෑ මහත්තයො... මං කල්පනා කරේ...’’

''ඔවු ඔවු... කියනව... තමුසෙ මොනවද කල්පනා කරේ...?’’

මම කියන්න හදපු දේ කියන්නත් කලින් මැනේජර් ප්‍රශ්න කරා.

75415225 3f39 46d6 af1d 2f83fea64857

''මං කල්පනා කරේ මේ... මම ඒ කෑම ගණං කරනකං කුස්සියෙන් කෑම ගේන කෙනා ඉන්නෝ නේද... නැහ්නං පස්සෙ එයැයි කියයි 'නෑ නෑ මම මාළු කෑලි මෙච්චරක් ගෙනාවා, බිත්තර මෙච්චරක් ගෙනාවා’ කියල. ඒහෙම වෙන එකක් නැහැ නෙ...’’

'ඇත්තට ම නං මං ඒ වෙලොවෙ එහෙම හිතුවෙ නැතත් එහෙම වෙන්න පුළුහං නෙ...’

''හරියට ම හරි... තමුසෙට තේරුණා... කොයියම්ම වෙලාවකවත් කුස්සියෙන් ගෙනාපු කෑම ගණං කරල ඉවර වෙනකන් කෑම ගෙනාපු කෙනාට යන්ඩ බෑ. එයා ඉස්සරහ ම තමයි තමුසෙ ඒවා ගණන් කරල ගන්ඩ ඔ්නෙ. තේරුණාද...?’’

''එහෙමයි මහත්තයො...’’

''තව දෙයක්... මස්, මාළු, අල එහෙම කෑලි ඉතුරු වෙද්දි හොදි ඉවර වෙන්ඩ බෑ. ඒ දෙක බැලන්ස් කරන එක තියෙන්නෙ තමුසෙගෙ අතේ... බිත්තර නං කමක් නෑ... මොකද බිත්තරවලට තව කිරි හොදි ටිකක් හදාගන්න උනත් පුළුවන්නෙ...,’’ කියපු මැනේජර් ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳල ''තමුසෙට තව මෙනවද දැනගන්ඩ ඔ්නෙ...?’’ කියල ඇහුවා. ඒ අහපු විදිය ටිකක් ෂේප් වගේ නිසා මමත් මට තියෙන ප්‍රශ්න අහන්න ඔ්නෙ කියල හිතුවා.

''මේ... මං උදේ පහමාරට නෙ එන්නෝනෙ... එතන හිටං කඩේ වහනකං ම ඉනෝන්න ද මහත්තයො...?’’

images 2025 04 19T112207.359

මම එහෙම ඇහුවම මැනේජර් කලින් වාඩි වෙලා ඉඳපු විදිය ටිකක් වෙනස් කරලා, කොන්ද ටිකක් ඉස්සරහට නමලා ''ආ... ඔවු... තමුසෙ ඒක අහපු එක හොඳයි. මෙහෙමයි... තමුසෙට හවස තුනට ඔ්ෆ් වෙන්ඩ පුළුවං. ආයෙ හවස හයට එන්ඩෝන. එතකං කවුරු හරි නවත්තන්ඩ පුළුවං. දැනට එහෙම කෙනෙක් ඉන්නවා. හදිසියෙවත් මිනිහ නොහිටියොත් මං වෙන කෙනෙකුට කියන්නං.’’

මේ වෙද්දි මැනේජර්ගෙ මුලින් තිබුණ ගෙම්බර් ගතිය ටිකක් අඩුවෙලා තිබුණ නිසා මම, මට ඉතුරු වෙලා තියෙන තව ප්‍රශ්න කිපයක් ම ඇහුවා.

''මහත්තයො... මේ... මට තව කාරණා ටිකක් දැනගන්ඩ තියෙනෝ...’’

''අහනව අහනව අයිෂේ... ඔ්න දෙයක් අහනව... ආ... හැබැයි පඩිය කීයද කියලනං දැම්ම ම අහන්ඩෙපා. තමුසෙට දෙන පඩිය තීරණේ කරන්නෙ තමුසෙගෙ වැඩ බලල. වෙන අහන්ඩ තියෙන දෙයක් අහනව...’’

''නැ මහත්තයො... පඩි නෙවෙයි... මේ... කෑම කන්න එහෙම...’’

''තමුසෙ අහන්නෙ තමුසෙ කෑම කන්න යද්දි කවුද නවත්තන්නෙ කියල නෙ...?’’

'මේ යකා හැම වෙලාවෙ ම මං ප්‍රශ්නෙ අහන්නත් ඉස්සර මැදිං පනිනව නෙ...’

c50f642a665a65204fa2886b635e92e1

මම එහෙම හිතද්දි ම ''මෙහෙමයි... උදේට නං... තමුසෙට ඔය පැන්ට්‍රියෙ ඉන්න ගමංම මොනව හරි කන්ඩ පුළුහංනෙ. දවල්ට තමුසෙට ඔ්ෆ් වෙනකං ඉන්න බැරිනං ඔය කවුරුහරි නවත්තල කනව. කඩේ වහන්නෙ දහයට නෙ... එතකං බඩගින්නෙ ඉන්න අමාරු ම නං කවුරු හරි නවත්තල කනව. තව එකක්... වැඩ කරන එවුන්ට උදේට කන්ඩ පුළුහං පාන් විතරයි... ඒකත් පරිප්පු එක්ක. හදිසියෙ උං මාළු හරි. මස් හරි, බිත්තර හරි, අල හරි ඉල්ලුවොත් තමුසෙ දෙනව. හැබැයි ඒ දුන්නෙ කාටද, මොනව ද දුන්නෙ, කොච්චරක් දුන්න ද කියල පොතක ලියල මට ගෙනහල්ල දෙනව. ඒ ගණං ලියන්නත් වෙනම ම පොතක් පැන්ට්‍රියෙ තියෙනවා. ඔය... මස් මාළු හොදි ටිකක් දුන්නට කමක් නෑ. රෑටයි දවල්ටයි බත්වලට උයන මාළු කෑල්ලක් දුන්නට කමක් නෑ. හැබැයි කරි මාළු. මස්, බිත්තර වගේ ඒක්ස්ට්‍රා කෑම මොනවත් ම දෙන්ඩ බෑ. එහෙම ගත්තොත්... ගන්ඩ බෑනෙ... තමුසෙනෙ බෙදල දෙන්ඩෝන... ඉල්ලුවොත්, දීල අර මං කියපු විදියට පොතේ ලියල මට දෙනව.’’

''හොඳයි මහත්තයො... මං දැංම ඉඳං වැඩ කරන්නෝනෙයි...?’’

''නැතුව නැතුව... තමුසෙ හිතුවද මෙතන නැකැත් බල බල ඉන්ඩෝන කියල. ආ... තව එකක්... ඔ්නෙ කරන ඉටි කොළයි පත්තරයි කපාගන්ඩෝනෙ තමුසෙම යි. පත්තර කපද්දි අත පිහිදාන්න වෙන ම කැල්ලක් කපල අයින් කරන්ඩෝනෙ... තමුසෙ එහෙම කපන්ඩ දන්නවැති නෙ...?’’

'මේ කියන්නෙ හැව්ලොක් එකේ දි වගේ පත්තර පිටුවෙන් හතරෙන් එකක් කපල ඒක දෙකට කපන ඒකනං අවුලක් නෑ. වෙන විදිහක්නං තමයි අවුල. ඉටි කොළ කපන්නෙත් එහේ විදියට නං අවුලක් නෑ.’

 

oil painting portrait man with closed eyes 604472 126542

''ඒ පාර ආයි කල්පනා කරන්ඩ ගත්ත. මොකද්ද ඔ්යි තමුසෙට වෙලා තියෙන්නෙ... පැන්ට්‍රියෙ වැඩ කරාට කදාසියි ඉටි කොළයි කපන්ඩ දන්නෑ වගේ...?’’

ඒක පාරට ම උඩ ගිහින් බිම වැටුණ මම ''න්... නෑ නෑ මහත්තයො... ද්ද... දන්නවා දන්නවා... කපන විදිහ කොහොමෙයි කියල දන්නැති හිංදයි ඩිංගක් කල්පනා කරේ...’’

''මේ වගේ හෝටල්වල කොහෙත් කපන්නෙ ඒක විදියට ම තමයි අයිෂෙ... හරි... දැං මට කියනව කො... තමුසෙගෙ විස්තර... විස්තර කියන්නෙ මේ... නම, ගම, හදිසියක් උනොත් දන්නන්නෙ කාට ද... වගේ විස්තර...’’

අන්න එතනදි තමයි මම ආයෙ වතාවක් අමාරුවෙ වැටුණෙ. නම දෙන්න පුළුවං; ගමත් ඉතිං ඔය කොහේ හරි කියන්න පුළුවන්. හැබැයි අර අන්තිම එක... ඒ කියන්නෙ... හදිසියක් වුනොත් දන්වන්නෙ කාටද කියන එක... ඒකට කාගෙ නම ද දෙන්නෙ...?

''ඇයි තමුසෙට නමක් ගමක් නැද්ද, දෙමව්පියො නැදෑයෙ නැද්ද..., ඒහෙම නං ඉතිං අර තමුසෙගෙ යාළුවගෙ කාගෙ හරි එඩ්‍රස් ඒකක්වත් දෙනව. මොකද තමුසෙට මොනව හරි වුනොත් අපිට දන්වන්න කෙනෙක් ඉන්ඩෙපායැ...’’

'දැං මොකද කරන්නේ... හරි... ඒක තමයි හොඳ ම දේ...’


සතියකින් හමුවෙමු...



jayasiri 04 e1619629387941
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/04/19



ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්