leader s

''හරි හරි සුසා... මං යන්නං. ආ සුසා... ඔහේ කිව්ව නේ ද එහේ වැඩ කරන දෙන්නෙක් මෙහේ එනව කියල.''


''ඔවු... ඇයි...?''

සුසන්ත ඇහුවෙ ටිකක් පුදුමයෙන් වගේ.

''එයැයිලට කියල තියනවයි 'මම මේ වැඩ මක්කවත් දන්නැතෙයි මට ඒ වැඩ හුරු කරන්නෙයි' කියල.''

''හරි හරි... මං හැන්දෑවට එයැයිලට ඩිංගක් මතක් කරන්නං... අපි දැං යං... දැං අපි ඇවිත් විනාඩි විස්සකටත් වැඩියි. අහරෙ මාව හොයනව ඇති.''

*          *          *

enm67m4i674m67i

ගමේ දි හේන් උදලුගාල තියෙනවා; කුඹුරු කොටල තියෙනවා; ටී ෆැක්ටරියෙ දර පළලත් තියෙනවා. ඒත් කවදාවත් රස්සාවක් විදියට මේසන් බාස්ලට අත් උදවු දීල නැහැ. ඒත් අද ලැබුණෙ අලුත් ම අත්දැකීමක්.

එතන හිටපු බාස්ල හුඟ දෙනෙක් සිංහල. අත් වැඩ කරන්න හිටපු තුන්දෙනා ගෙන් ඒක්කෙනෙක් මුස්ලිම්; අනික් දෙන්න දෙමළ. බාස්ල බදාම අනන අයට, ගඩොල් එහෙ මෙහෙ අදින අයට සලකන්නෙ ඒ අය හරියට බාස්ලගෙ වහල්ලු කියල හිතාගෙන. එයාලට කියන්නෙ 'ගෝලයො' කියල. එතන වැඩ කරන්නෙ දුප්පත් අය වුනාට බාස්ල හිතාගෙන ඉන්නෙ එයාල හරි උසස් අය කියල. එතනත් වැඩ බලන කෙනෙක් හිටියා. එයා නිමල් අයිය කියන කෙනොටත් වැඩිය ගෙම්බර්. මිනිහ ගෙ නම අමරපාල; මිනිහ හැම වෙලාවෙම අත්වැඩ දෙන අයට කතා කරන්නෙ 'උඹ, බාං, බොලං' කියල. එයා මට එහෙම කතා කරද්දි එයාටත් ඒ විදියට ම කතා කරන්න ඔ්න කියල මට හිතුණා; මම ඒ් ගැන අනිත් තුන් දෙනාටත් කිව්වා. ඒත් එයාලගෙ ප්‍රතිචාර හරිම ඔ්ලාරිකයි.

''අපෝ ඔය්ය යක්කාට මොන්නව හර්රි කිව්වොත් බොෂ්ට කියාවි. ඊට පෂ්ෂෙ මෙත්තන රෂ්ෂාවත් හබක් තමයි."

8dc727e62132e7034e12c8c3beb7251b
එහෙම කිව්වෙ තවු‌ෆික්

''අපෝ ඔ්කා හරි කේලංකාරයා. බොස්ටත් කියල බාස්සුන්නැහේටත් කියල රස්සාව තමා නෙති කරනවා.''

නඩේෂන්ගෙයි විජයන්ගෙයි ප්‍රතිචාරය වුණේ එහෙම.

''ඉතිං ඔයැයිලට ඇහැකිය මුගේ ගෙම්බර් බල බල වැඩ කරන්න...?''

මම එහෙම ඇහුවෙ ඒ අයගෙ ප්‍රතිචාර දැනගන්න.

''මං නං තව ටික්ක දවෂ තමා ඉන්නවා... ඊට්ට පෂ්ෂෙ මෙනිං මාරකට් තමයි යෙන්නවා...''

නඩේෂන් ගෙ බලාපොරොත්තුව තිබුනෙ මැනිං මාර්කට් එකේ එළවළු කඩේක වැඩ කරන්න.

 

fn678o78

එයා කියපු විදියට එයාලගෙ ගමේ ඩ්‍රයිවර් කෙනෙක් තමයි එහෙම කියල තියෙන්නෙ; එයාගෙ ගම නුවරඑළියෙ. අම්මයි තාත්තයි දෙන්න ම තේ වත්තක වැඩ. පවුලෙ තව නංගිල දෙන්නෙක් සහ මල්ලිලා දෙන්නෙක් ඉන්නව කිව්වා. එයා කියන්නෙ එතන කෑමයි නවාතැනුයි දීල මීට වඩා වැඩි පඩියකුත් ගෙවන නිසා ගෙදරටත් සල්ලි කීයක් හරි යවන්න පුළුවන් කියල.

තවු‌ෆික් ගෙ අදහස ඊට වඩා සම්පුර්ණයෙන් ම වෙනස්; එයා කියන්නෙ මේ ගේ හදල ඉවර වෙනකම්ම වැඩ කරල සල්ලි ටිකක් එකතු කරගෙන මොනව හරි බිස්නස් එකක් කරනව කියල. එයා කැමතියිලු අත් කරත්තයක තියාගෙන තැඹිලි විකුණන්න. කරත්තයක් කුලියට වුනත් ගන්න පුළුවන්ලු. හැබැයි පල්ලියෙන් කිව්වලු එයාට කරත්තයක් අරන් දෙන්නම් කියල. ඒ නිසා එයා සල්ලි ටිකක් එකතු කරගන්නව කිව්ව.

විජයන්ගෙ එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. එයාගෙ තාත්ත නෑ. අම්ම ගෙවල්වල වැඩ කරනවලු. අයියල දෙන්නත් කරන්නෙ කුලී වැඩලු. ඒ නිසා එයාට අනාගතේ ගැන එහෙම බලාපොරොත්තුවක් නෑ.

 

nr67i78i
ඒ අතින් ප්‍රශ්න අඩු ම මට. ඉතිං මට හිතුණෙ මම මොනවට ද අමරපාලයත් එක්ක අරියාදුවට යන්නෙ කියල. මේ තුන්දෙනා ම ඒ අරියාදු ඉවසනවා නම් ඇයි මට බැරි කියල හිතුණා.

අද දවල්ට කෑවෙ අලුත් වාඩියෙන්. අමරපාල ගෝරණාඩු කරාට කෑම කන වෙලාවෙ කතා කරේ හරිම හොඳ මිනිහෙක් වගේ.

''තමුසෙටත් ඔ්න්නං තුන් වේලට ම මෙහෙං කාල, මෙහේ නතර වෙන්න පුළුවං. දැං මේ නඩත් ඉන්නෙ මෙහෙ. මුන් දෙන්න නං වැඩ අහවර වෙච්චි ගමං ගෙදර දුවනවා. තමුසෙටත් ඉතිං ගෙදර යන්න කියල නැහැ නෙ. එහෙම අකමැතිනං ඉතිං බොස්ලගෙ වාඩියෙ ම ඉන්නව. එහෙං උදේට කාල එනව; දවල්ට මෙහෙං කතෑකි නෙ. රෑටත් ඉතිං තමුසෙල මොනව හරි කනව ඇති නෙ...''

ඒ වෙලාවෙ එහෙම කතා කරාට ආයි වැඩට ගියා ම නරුමයෙක් වගේ. අනේ මට තේරෙන්නෙ නෑ මේකා මොන විදිහෙ මිනිහෙක් ද කියල.

*          *          *

ඉතිං... ඉතිං... කොහොමෙයි වැඩපළ... හොඳෙයි...?

මං වාඩියට එද්දි සුසන්තත් වාඩියට ඇවිත්; එයැයි නාලත් ඉවරයි. මං ආවෙ ඇඟවත් හෝදන්නෙ නැතුව.

''හොඳ නරක කියන්න කලිං මං නාගෙන එන්නෙයි...?''

''හරි හරි... නාං එනෝකො නාං එනෝකො...''

සුසන්ත ගෙ ප්‍රතිචාරය වුණේ එහෙම.

tjmytj

*          *          *

''මොකෝ... මක්කවත් ප්‍රශ්නයක් උනේ නැහැ නෙව...?''

නාගෙන ආපු ගමන් තේ එකක් බොන්නත් කලින් සුසන්ත ඇහුවෙ නිකමට නෙවෙයි කියල මට හිතුණෙ ටික වෙලාවක් ගියාම.

''මක්කයි නැත්තෙ... මොකෙද්ද අර අමරපාලය කියන එකා...? මට හිතුණ උගෙ හොම්බට දෙකක් ඇනල ආයි එන්න..."

''ඒ මොකෝ... ඌ මක්කවත් කිව්වයි...?''

සුසන්ත එහෙම අහද්දි එයාගෙ මූණෙ තිබුණෙ කේන්ති ආපු ගතියක් නෙවෙයි... පොඩි සමච්චල් ගතියක්.

''කිව්ව නං තව මොකෝ... ඌ මාව ගොනාට අන්දවන්නත් හැදුව නෙ... අර කොල්ලො තුන් දෙනා නොහිටින්න එක්කො මං ගොනාට අඳිනව, එහෙමත් නැහ්නං අමරපාල ගොනාගෙං ඇනුං කනෝ...''

or567567u6

මගේ ඉවසීමේ සීමාව පැනල තිබුණු නිසා මට කියවුණේ එහෙම.

''හරි හරි කියනෝකො මක්කයි උණේ කියල...''

''මක්කයි උණේ කියන්නෙ... මේකා හිටපු ගමං මට කිව්ව නෙ රවුම් මට්ටං ලීය අරං එන්නෙයි කියල...''

''හහ් හහ් හහ් හා... ඉතිං ඔහේට එක හම්බුණයි..."

සුසන්ත එහෙම ඇහුව ම මට අමරපාලට වඩා සුසන්තත් එක්ක කේන්ති ආවා.

''ඇයි ඔයැයි හිනා වෙන්නෙ..., ඔහෙත් මාව විහිළුවකට ගත්තයි...?''

''නෑ නෑ... ඉතිං කියනෝකො ඊට පස්සෙ මක්කයි උණේ...?

''ඇත්තට ම මට හිච්චි සැකේකුත් ආව... මොකෝ අපේ සීයත් මේසන් බාස් කෙනෙක් නෙ... එයැයිලගෙ මහ ගෙදර හදද්දි මං හිච්චි එකා. ඒත් මට ඔය එක එක ආවුදවලට කියන නම් මතක තිවුණ. හැබැයි රවුං මට්ටං ලීයක් ගැන අහල තිවුණෙ නැහැ නෙව.''

''ඉති... ඔහේ මක්කයි කරේ...?''

සුසන්ත මේ හැම දෙයක් ම අහන්නෙ හිත යට හංගගෙන ඉන්න මොකද්දෝ දෙයක් එක්ක කියල මට මේ වෙද්දි දැනෙමින් තිබුණා.

 

n5ui656
''මක්කයි කරේ කියල අහන්නෙ... මං ගිහිං තවුෆික් ගෙං ඇහැව්ව...''

''ඉති ඉතිං...!"

සුසන්ත සිද්ධිය හාරවුස්සන්නෙ හිනා වෙවී. ඒත් මට සුසන්තට කිසිම දෙයක් කියන්න හිත දෙන්නෙ නෑ. ඒ නිසා මම ඉතාම සාමකාමීව කතා කරා.

''එයැයි තමයි මට කිව්වෙ ඔය හදන්නෙ ගොනාට අන්දන්නෙයි... ඒක තිබිල වඩු බාස්උන්නැහේ ඉල්ලං ගියයි කියල කියන්නෙයි කියල.''

''ඉතිං ඔයැයි එහෙම කිව්වයි...?''

''නෑ...''

''එහෙනං...''

''මං කිව්ව ඒක ටොයිලට් වළ කපන්න අරගෙන ගිහින් කියල නඩේෂන් කිව්ව කියල..."

Houses under Construction Willem Bastiaan Tholen Oil Painting
මම එහෙම කිව්ව විතරයි සුසන්ත එක දිගට ම හිනා වෙන්න ගත්තා; බඩ අල්ලගෙන හිනා වුණා. විනාඩි පහක් විතර හිනා වෙලා හිනා වෙලා ''මං හිතුව අමරපාල නැතත් වෙන බාස් කෙනෙක් හරි ඔයි වගේ දෙයක් ඔයැයිට කියයි කියල. එහෙම තමයි යසේ... වැඩ ගැනයි ආවුද ගැනයි දන්නැති කෙනෙක් ආවහම එවුන් ඔයි වගේ විහිළු කරනවා. එව්ව සාමාන්‍යයයි. එව්වට තද වෙලා බෑ. ඔහේ කරපු වැඩේ පංකාදුයි... ආයි එහෙම ලණු දෙන එකක් නෑ. මොකද මිනිහ දැනගන්නැති ඔහෙත් තම්බන්න බැරි එකෙක් කියල.'' කිව්වා; ඒ වෙද්දි සුසන්තගෙ ඇස්වල කඳුළුත් පිරිල.

''ඒ වගේ විහිළු කරාට නං කමක් නෑ කියමුකො... ඒකා කතා කරන්න දන්නැහැ නෙ... කතා කරන්නෙ ම උඹ, බාං, බොලං බාසාවෙන්නෙ... මට යකා නැගල හිටියෙ. බලාගෙන ගියහම ඌ සාගරසිරියෙ ගුණපාලෙයට වඩා හපන් නෙ... ඇත්තමයි අර කොල්ලො තුන් දෙනා නොහිටින්න මං ඔ්කගෙ හොම්බට දෙකක් ඇනල ආයි එනෝ. උන් තුන් දෙනා පිට ජාතියක එවුන් වුනත් හිත හොඳ කොල්ලො. උන්ට තියෙන ප්‍රශ්න එක්ක බැලුවහම මට මක්කයි තියෙන ප්‍රශ්න කියල මට හිතුණ. ඒ හිංදයි ඇත්තට ම මං ඉවසුවෙ... මෙහ්... ඒක නෙවෙයි සුසා... අමරපාලය කිව්ව නෙ ඔ්නෙනං එහේ නතර වෙලාම වැඩකරතැහැකිය කියල. මං කිව්ව ඔ්න්නැතෙයි මං හැන්දැවට මෙහේ වාඩියට එන්නං ය කියල.''

''ආ... ඒක එහෙම කියපු එක හොඳයි. හැබැයි තව හිච්චි දෙයක් කියන්න තියෙනෝ...''

''ඒ මක්කයි සුසා...''

''මෙහේ ඉන්න ඇහැකි, කන්න බොන්නත් ඇහැකි, හැන්දෑවට එද්දි එහෙං නාගෙන එන්න. මොකෝ දන්නවයි... දැං මෙහේ එවුන් උනත් ඔයි ඩිංගක් ඇඟ පත හේදුවට නාන්නෙ රෙදි හෝදන්නෙ අර ලොකු බිල්ඩිං එකෙන්නෙ... ඒ හංද වැඩට යන දවස්වලට එහෙං ම නාගෙන එන්න. ආයි මක්කයෙි අපි වචනයක් අහන්නෙ... මං කිව්වෙක තේරුණයි...?''

සුසන්ත කියපු දේ නොතේරෙන්න තරම් මම පොඩි බබෙක් නොවන නිසා මම ඔළුව වැනුවෙ තේරුණ විත්තිය අඟවන්න.

සතියකින් හමුවෙමු...

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2025/ 10/ 12

ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්