leader s

අද වේලාසන වැඩ ඉවර වුණේ සිමෙන්ති ඉවර නිසා. සිමෙන්ති ලෝඩ් එක බාන්නෙ අද රෑටලු. ඒ නිසා වැඩ ඉවර වෙලා නාගෙන එහෙම අපි දෙන්න ටිකක් ඇවිදින්න කියල වැල්ල පැත්තට ගියා; එහෙම යද්දි අපි හුඟක් වෙලාවට යන්නෙ රේල් පාර දිගේ.


දැන් වෙලාව හවස හතරහමාරට විතර ඇති. අපි, වැල්ලවත්ත පැත්තෙ ඉඳල බම්බලපිටිය පැත්තට ඇවිදගෙන යද්දි මම දැක්කා හුරු පුරුදු  කෙනෙකු ගෙ මුහුණක්; එයා ඇවිදගෙන එන්නෙ අපි යන පැත්තට; ඒ කියන්නෙ අපි මුහුණට මුහුණ.

''සුසා... අර... අර එන්නෙ අම්පිටියයියා...''

මට මම ඉන්න තැන, යන්නෙ කොහේද, කරන්නෙ මොකක් ද කියන හැම දෙයක් ම අමතක වුණා; මම වේගයෙන් ඉස්සරහට දුවල ගියා. හරි... මගේ ඇස් හරි... ඒ අම්පිටිය අයියා ම තමයි.

'දෙයියනේ...! මේක විශ්වාස කරන්න පුළුවන් ද...!'

මම දිගට ම ඉස්සරහට දුවගෙන ගිහින් අම්පිටිය අයියව බදාගත්තා... අම්පිටිය අයියටත් අදහාගන්න බෑ. මට අහුණෙ එයා ''රොහාන්'' කියන ගමන් මාව බදාගන්නවා විතරයි.

''යසේ... මේ රේල් පාර... තකහනියෙ කෝච්චියක් ආවත් ඔයි දෙන්න දන්නෑ... යං යං රේල් පාරෙන් අයිනට යං...''

මට යාන්තමට වගේ ඒ කටහඬ ඇහෙද්දි තමයි මතක් වුණේ අපි ඉන්නෙ රේල් පාර මැද කියල. සුසන්ත කියපු දේ මට වගේ ම අම්පිටිය අයියටත් ඇහිලා. ඒ නිසා එයා මාවත් බදාගෙන ම රේල් පාරෙන් වැල්ල පැත්තට පැන්නා.

දැන් අපි තුන් දෙනාම එක පොදියට; මමයි සුසන්තය් අම්පිටිය අයිය දිහා බලනවා; අම්පිටිය අයියා අපි දෙන්න දිහා බලනවා; කාටවත් කතා කරන්න බැහැ වගේ. තුන් දෙනාගෙ ම කටින් වචන පිට වෙන්නෙ නෑ. ඒ නිහඬ බව කොච්චර වෙලාවක් තිබුණ ද කියල අපි තුන් දෙනාට ම නිනව්වක් නෑ.

''අම්පිටියයියෙ... මං ඔයැයි හොයන්න දෙදොහක් ම හොටලෙට ගියා...''

අපි අතර තිබුණ නිහඬ බව වගේ ම මුහුදෙ ඝොෂාවත් බිඳගෙන ඒ වචන ටික පාවෙලා ඇවිත් මගෙයි අම්පිටිය අයියගෙයි කන්වල වැදුණෙ කොහෙන්ද කියල හිතා ගන්න බැරි වුණා; ඒ වචන පිට කරේ සුසන්ත නේද කියල මට වගේ ම අම්පිටිය අයියටත් දැනුණෙ තවත් තත්පර කිපයක් ම ගෙවුණට පස්සෙ.

ඒ එක්ක ම ආයෙ අපි තුන්දෙනා ම එකිනෙකා බදාගත්තෙ හුඟාක් කාලෙකට පස්සෙ මුණ ගැහුණ සහෝදරයො තුන් දෙනෙක් වගේ.

''අපි ඔයැයිව කොච්චර නං හෙව්ව ද අයියෙ...!''

විශ්වාස කරනව ද...? මමයි සුසන්තයි ඒ වචන පිට කරේ එකට ම යි; හරියට කලින් කතා කරගෙන තිබුණ වගේ.

''අපි යන්කො ඔහොම ඉස්සරහට...''

 

train waking
අපි දෙන්නගෙ කරට අත දාගත්තු අම්පිටිය අයියා වැල්ල දිගේ ම අපි ආපු පැත්තට ටික දුරක් ආවෙ වචනයක්වත් කතා නොකර; අපි දෙන්නත් එහෙමයි.

''යං... අපි අරෙහෙං ටිකක් වාඩි වෙමු.''

එහෙම යෝජනා කරේ අම්පිටිය අයියා.

අපි දෙන්නව මැදි කර ගත්තු අම්පිටිය අයියා වෙරළ අයිනෙ තිබුණ ගල් පෙළ උඩටත් ඇවිදගෙන ඇවිත් පහසුවෙන් වාඩි වෙන්න පුළුවන් එක ගලක් උඩින් එයා වාඩි වුණා; අපි දෙන්නත් ඒ එක්කම තිබු ගලක් උඩින් වාඩි වුණා.

*          *          *

අම්පිටිය අයියා

''උඹෙයි ගුණපාල මහත්තෙයගෙයි ගෝරියෙං පස්සෙ මිනිහ මාසයක් විතර කඩේට ආවෙ නෑ. සමහර විට ඒ ලැජ්ජාවට වෙන්ඩැති. ඒ ඇවිල්ලත් මාසයක් විතර ගියාට පස්සෙ තමයි මං සුසාට රොහාන්ගෙ ඇඳුම් බෑග් එක පාරට විසික් කරපු එක ආරංචි වෙන්නෙ. එදා එ්ක අපේ එවුන් දෙන්නෙක් දැක්ක කියල මමත් දැක්කා. එහෙමයි කියල මට ඒ වෙලාවෙ ඒ වැඩේ නවත්න්ඩ බැහැ නෙ... කොහොම හරි, මොකක් හරි හේතුවක් හිංද අරුං දෙන්නගෙං එකෙක් වැඩේ ගුණපාල මහත්තෙයගෙ කනේ තියල. හැබැයි එයා මගෙං මොනවත් ම ඇහුවෙ නෑ.''

''එහෙනං...!"

මම එහෙම අහන්න හදද්දි ම ඒ වචනෙ ඒ විදියට ම ඇහුවෙ සුසන්ත.

 

1b4f2791f16246d79a7e4c17d1bbd21c
''දවසක් හවස තුනට විතර වගේ මුදලාලි ගියා; ඒවෙනුවට කැෂියර් එක බාරගත්තෙ ගුණපාල මහත්තෙය. හවස හය හත වෙද්දි වගේ මුදලාලි ආයෙ එනව මම දැක්කා; ඒ මම කෑම පැන්ට්‍රියෙන් එළියට බැහැල ප්ලේන්ටියක් ගහන්ඩ යන වෙලාවෙ. මේක සාමාන්‍යයෙන් වෙන්නෙ නැති දෙයක්. ඒත් මට ඒ වෙලාවෙ ඒක එහෙම දැනුණෙ නෑ. මං පැයකින් විතර ආයෙ වේටර් වැඩ කරන අතර බිලක් ගෙවන්න ගිය වෙලාවෙ ''අම්පිටිය... කඩේ වැහුවට පස්සෙ පොඩ්ඩක් මාව හම්බ වෙනව,'' කියල මුදලාලි කිව්වා. හැබැයි කිසිම තරහක් මුණෙ තිබුණෙ නෑ.''

''ඉතිං ඉතිං...!''

ඒ වෙලාවෙත් එහෙම ඇහුවෙ අපි දෙන්න ම එකට.

''කඩේ දොරවල් වහල කට්ටිය උඩට යනකං ම මුදලාලි ගියෙත් නෑ. කඩේ කවුරුවත් ම නැති වෙනකං ඉඳල මට මුදලාලි කතා කරා.''

සාගරසිරි මුදලාලි

''එදා වෙච්ච දේට තමුසෙට කරන්න දෙයක් නෑ කියල මං දන්නව; මං අපේ එකා ගැනත් මං දන්නව. ඒ වගේ ම තමුසෙ අරුගෙ ඇඳුං බෑග් එක රෑක පාරට විසිකරාට පස්සෙ වෙන එකෙක් ඒක අරගෙන ගියා කියලත් මං දැනගත්තා. ඒ තමුසෙ ඒක කරපු දවසට දවස් දෙකකට පස්සෙ. ඒ සිද්ධිය එතනිං ඉවර නිසා මං සද්ද නැතුව හිටිය. මොකද මං හොඳාකාරව ම දන්නව අපේ එකාගෙ තියෙන අලුගුත්තේරුකම නිසා තමයි එහෙම වෙන්නැත්තෙ කියල."

''ඉතිං... ඔයැයි මක්කයි කිව්වෙ...?''

ඒ වෙලාවෙ කතාවට බාධා කරේ මම විතරයි.

''මං මොනව කරන්ඩද බං... බස්ස වගේ සද්ද නැතුව අහගෙන හිටිය මිසක...''

'මං නිසානෙ මෙයැයිට එහෙම උණේ...'

මට එහෙම හිතුණෙ අම්පිටිය අයිය ඒ වචන ටික කිව්වෙ ටිකක් සැරෙන් වගේ නිසා. සමහර විට එයාට මාත් එක්ක තරහත් ඇති.

''අයියට එහෙම උණේ මං හිංද නෙ...''

මම එහෙම කිව්වට ඇත්තට ම ඒ වචන කියවුණේ නෑ. හැබැයි මොන හේතුවකට ද මංදා ඒක අම්පිටිය අයියට දැනුණා.

''නෑ නෑ බං... උඹ ඒ ගැන හිතන්ඩෝන් නෑ...''

අම්පිටිය අයියා එහෙම කිව්වම මම ගැස්සිලා ගියා.

''න්නෑ නෑ මේ...'' 

s l400
මට එහෙම කියවුණේ මමවත් නොැනුවත්ව ම යි.

''හරි හරි... අම්පිටියයිය කතාව කියන්නකො.''

අම්පිටිය අයියා මගේ මූණ දිහා බලාගෙන ඉද්දි සුසන්ත අම්පිටිය අයියගෙ කතාව අහන්න වුවමනා බව ඇඟෙව්වා.

සාගරසිරි මුදලාලි

''අම්පිටිය... මං ඒ හැම දෙයක් ම දැනගෙන සද්ද නැතුව හිටියෙ මට තමුසෙ ඔ්නෙ හිංද... හැබැයි තමුසෙ අරූගෙ ඇඳුං ටික උඩ තට්ටුවෙං පල්ලෙහාට දැම්මයි කියල දැනගත්තට පස්සෙ ඒක මං දන්න වගත් මිනිහ දැනගෙන. මූ ඒ ගැන අපේ නෝනටත් කියල. දැං මේක අපේ පවුලෙ ප්‍රශ්යක් වෙලා...''

''මං දැං මොනවද කරන්ඩ ඔ්නෙ මුදලාලි...?''

''මට හිතට විරුද්ධව උනත්...''

''හිතට විරුද්ධව උනත් මං අස්කරන්ඩ වෙනව...?''

 

job retire 251018
''ඔවු... අම්පිටිය... හැබැයි තමුසෙ බයවෙන්න එපා... මං තමුසෙට මාස තුනක පඩියයි තව ගාණකුයිත් අතට දෙන්නං. තමුසෙ හෙට උදෙං ම ගමේ යනව කියල යනව. නිකං නෙවෙයි... ඇත්තට ම ගමේ යනව; ඒ ගිහිං සතියකිං හමාරකිං එනව.''

''ඇවිත්...?''

''ඒ ඇවිල්ල ගිහිං බම්බලපිටියෙ මැජෙස්ටික් එකේ මුදලාලි හම්බෙනව. මං එයාට කියල තියෙන්නෙ. එතන කෑම පැන්ට්‍රියෙ වැඩ කරන රගු කියන හාදයා අස් වෙලා යනවලු. තමුසෙ එනකං ඒ හාදය තියාගන්නං කියල මට රාමනාදන් කිව්වා. ඒ හිංද තමුසෙ හෙට උදේ යනව. හැබැයි මම තමුසෙට යන්න කිව්ව කියල කාටවත් කියන්නෙපා. තමුසෙ හදිසියකට ගමේ යනව කියල යනව. සතියක් හමාරක් ගමේ නිවාඩුපාඩුව ඉඳල ඇවිත් රාමනාදන් මුදලාලි හම්බෙනව. මිනිහව හම්බෙන්ඩ බැරි වුනොත් කඩේ 'බිල්මන්' හම්බෙනවා. රාමනාදන් මිනිහට කියල තියන්නං කිව්වා. මිනිහ දෙමළ උණත් හොඳ එකා. මෙහේ වගේ හොඳින් වැඩ කරගෙන ඉන්නව. තේරුනා ද...?''

*          *          * 

5d0dde890f2e40429dc2b01a30ed8fe4
''ඔන්න ඔහොම තමයි දේවල් සිද්ද උණේ...''

හරියට පිචර් එකක කතාවක් කියල ඉවර කරා වගේ අම්පිටිය අයිය කතාව කියල ඉවර වෙලා ලොකු හුස්මක් ඉහළට අරගෙන ආයෙත් පහළට දැම්මා.

''ඊට පස්සෙ...?''

ඒ වචන දෙකත් අර කලින් වෙලාවක වගේ අපි දෙන්නගෙ ම කටවල්වලින් පිට වුණේ එකට.

''ඊට පස්සෙ මොනව කරන්ඩ ද... මං දැං මැජෙස්ටික් එකේ වැඩ...''

අම්පිටිය අයියා උත්තර දුන්නෙ හරි ම සැහැල්ලුවෙන්.


සතියකින් හමුවෙමු...

Jayasiri Alawattha
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 10/ 25


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්   

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්