The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - නිෂේධ බලය සහිත සුලුතර කණ්ඩායම්- නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

T

The Leader Desk

October 18, 2020 • 3:48 PM

බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - නිෂේධ බලය සහිත සුලුතර කණ්ඩායම්- නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ අතර ප්‍රධානම සහ වැදගත්ම ලක්ෂණය වන්නේ
  • නෙදර්ලන්තයේ සහ බෙල්ජියම් රජු මේ ආකාරයට ක්‍රියා කරන බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.
  • මහා සභාග ආණ්ඩුවකට අමතරව ද්විතීක ලක්ෂණ තුනක් බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක ඇත.
  • සුලුතර කණ්ඩායම් වලට ලැබෙන නිෂේධ බලය, අනුපාතික සිද්ධාන්තය, සහ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සුලුතරයට ලැබෙන ස්වං නීර්ණ අයිතිය එකී සෙසු ලක්ෂණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මහා සභාග ආණ්ඩුවක් පැවතීම බව පසුගිය සතියේ සාකච්ඡා කෙරුණි.

Prof ALපාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී මෙන්ම, ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී ද මහා සභාග ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි ආකාරය කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ න්‍යායාචාර්‍ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් 1977 දී ලියා පළ කළ 'Democracy in Plural Societies' (බහුවිධ සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය) නමැති කෘතියේ පෙන්වා දී ඇති බවද එහිදී පෙන්වා දෙන ලදී.

මහාචාර්ය ලෙයිෆාර්ට් දක්වන ආකාරයට පාර්ලිමේන්තු සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමවලට අමතරව සමූහාණ්ඩු ක්‍රමයක දී මෙන්ම රාජාණ්ඩු ක්‍රමයකදී ද මහා සභාග ආණ්ඩුවක් නිර්මාණය කළ හැකිය.

විශේෂයෙන් රාජාණ්ඩු ක්‍රමයක එක් පුද්ගලයෙකු මත ජාතික ඒක්‍රාග්‍රතාව ගොනු කෙරෙන සංකේතය වන බැවින් ඔහුට /ඇයට විවිධ කණ්ඩායම් අතර සමබරතාව ඇති කරමින් කණ්ඩායම් වෙත බලය ගොනුවීම සමබර කිරීමේ හැකියාව ඇති බවත්, එසේම එකී ප්‍රධානියා විවිධ කණ්ඩායම්වලට පොදු පුද්ගලයෙකු බවට පත්වෙමින් දේශපාලනික වශයෙන් නිර්පාක්ෂික වීම මත මෙම මහා සභාගය සාර්ථක කර ගත හැකි බවත් ලෙයිෆාර්ට් ගේ මතයයි.

නෙදර්ලන්තයේ සහ බෙල්ජියම් රජු මේ ආකාරයට ක්‍රියා කරන බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.

King of Netherland Belgමහා සභාග ආණ්ඩුවකට අමතරව ද්විතීක ලක්ෂණ තුනක් බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක ඇත.

සුලුතර කණ්ඩායම් වලට ලැබෙන නිෂේධ බලය, අනුපාතික සිද්ධාන්තය, සහ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සුලුතරයට ලැබෙන ස්වං නීර්ණ අයිතිය එකී සෙසු ලක්ෂණ වේ.

බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මහා සභාගයට එක්වන සුලුතර කණ්ඩායම් වලට යම් ආරක්ෂාවක් මහා සභාගයට එක්වීම තුළම ආණ්ඩු බලය ලැබීමෙන් හිමිවෙතත්, එය අඩු පාඩු රහිත ආරක්ෂාවක් ලෙස සැලකිය නොහැකි බව ලෙයිෆාර්ට් ගේ මතයයි.

''බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මහා සභාගයට එක්වන සුලුතර කණ්ඩායම් වලට යම් ආරක්ෂාවක් මහා සභාගයට එක්වීම තුළම ආණ්ඩු බලය ලැබීමෙන් හිමිවෙතත්, එය අඩු පාඩු රහිත ආරක්ෂාවක් ලෙස සැලකිය නොහැකි බව ලෙයිෆාර්ට් ගේ මතයයි. ''

මහා සභාග ආණ්ඩුවේ තීරණ බහුතරයේ කැමැත්තෙන් ලබා ගැනෙන බැවින්, සුලුතරය එම සභාගයේ කොටස්කරුවන් වුවද බහුතරය එකඟ නොවන සුලුතරයේ කටයුතු වෙනුවෙන් විශාල බලපෑමක් කිරීමට එම සුලුතරයට නොහැකි වේ.

එසේම, එකී බහුතරයේ කැමැත්ත මගින් සුලුතරයේ වැදගත් අයිතීන් සහ කටයුතු වලට බලපෑමක් ඇතිවන විට යම් ආරක්ෂණයක් සුලුතරයට තිබිය යුතු අතර, එසේ නොවුණහොත් බලය බෙදා ගැනීමේ එකඟතා විනාශ වී යා හැකිය.

එබැවින්, සුලුතර උවමනාවන් මහා සභාග ආණ්ඩුව තුළ ආරක්ෂා කර ගැනීම සඳහා සුලුතර කණ්ඩායම් වලට 'නිෂේධ බලයක්' තිබිය යුතු බව ලෙයිෆාර්ට් විශ්වාස කරයි.

Sri Lankanනිෂේධ බලය මගින් සුලුතරයට දේශපාලන ආරක්ෂාවක් ලැබේ.

එකී නිෂේධ බලය මගින් තම ආරක්ෂාව තමන්ටම සලසා ගැනීමට මහා සභාගයේ සුලුතර කණ්ඩායම් වලට හැකියාව ලැබේ.

එබැවින් මහා සභාගයේ මූලධර්ම වලට නිෂේධ බලය අඩංගු විය යුතු බව ලෙයිෆාර්ට් තරයේ අවධාරණය කරයි.

නිෂේධ බලය මගින් සුලුතරයට දේශපාලන ආරක්ෂාවක් ලැබේ.

නිෂේධ බලය මහා සභාග ආණ්ඩුවේ මූලධර්මයක් ලෙස පිළිගන්නා විට, එක් අයෙකු හෝ යම් යෝජනාවකට විරුද්ධ වුවහොත්, එය සම්මත නොවේ.

නිෂේධ බලය මගින් සුලුතර කණ්ඩායම් වලට වැදගත් කරුණු සම්බන්ධයෙන් අවාසි සහගත ලෙස මහා සභාග ආණ්ඩුවේ බහුතරය තීරණය කරන විට එයට එරෙහි වී, එමගින් එම යෝජනා පරාජය කිරීමට සුලුතර කණ්ඩායම් වලට හැකිවේ.

එමගින් සුලුතරයම මහා සභාගය තුළ තමන්ගේ ආරක්ෂකයන් බවට පත්වේ.

මහාචාර්ය ලෙයිෆාර්ට් විසින්ම පෙන්වා දෙන ආකාරයට මෙම සුලුතරයේ නිෂේධ බලය මගින් බහුතරයට නිරතුරුව එරෙහිවන කෲර පීඩකයන් පිරිසක් බවට සුලුතරය පත්වීමේ අවදානමක් ඇත.

''මහාචාර්ය ලෙයිෆාර්ට් විසින්ම පෙන්වා දෙන ආකාරයට මෙම සුලුතරයේ නිෂේධ බලය මගින් බහුතරයට නිරතුරුව එරෙහිවන කෲර පීඩකයන් පිරිසක් බවට සුලුතරය පත්වීමේ අවදානමක් ඇත.''

විය හැකිය. එහෙත්, කරුණු තුනක් නිසා එය එතරම් විශාල අවදානමක් නොවන බව ලෙයිෆාර්ට්ගේ මතයයි.

# පළමු හේතුව නම් සුලුතර නිෂේධ බලය සියලුම සුලුතර කණ්ඩායම් වලට හිමිවන අනෝන්‍ය නිෂේධ බලයක් වන බැවින්, යම් කණ්ඩායමක් කරදරකාරි ලෙස නිරතුරුව සිය නිෂේධ බලය පාවිච්චි කළහොත්, සෙසු නිෂේධ බලය හිමි සුලුතර කණ්ඩායම් එලෙස නිරතුරුව නිෂේධ බලය පාවිච්චි කරන කණ්ඩායම හෝ කණ්ඩායම් වලට එරෙහිව යා හැකි බැවින් එකී කරදරකාරි කණ්ඩායම් වල සැබෑ උවමනාවන් වලට අගතියක් ඇතිකරන වාතාවරණයක් මහා සභාගය තුළ නිර්මාණය වේ.

එමගින් නිෂේධ බලය කරදරකාරි ලෙස නිරතුරුව යොදා ගැනීමට එරෙහිව යම් පාලනයක් ඇතිවන බව ලෙයිෆාර්ට් කියයි.

Justබහුතරයට එරෙහිව සුලුතර නිෂේධ බලය පාවිච්චි කළ හැකිය.

# දෙවන හේතුව නම්, නිෂේධ බලය මගින් සුලුතර කණ්ඩායම් වලට යම් ආරක්ෂාවක් තිබෙන බවට සභාගයේ අනෙක් කණ්ඩායම් තුළ ඇති හැඟීම නිසා, සුලුතරයට අගතියක් ඇති නොකොට ක්‍රියා කරන වාතාවරණයක් මහා සභාගය තුළ නිර්මාණය වන බවත්, එම නිසා සුලුතරයේ නිෂේධ බලය කිසි විටක පාවිච්චි කිරීමට හේතු වන කරුණු මහා සභාගය තුළ පැන නොනගින බව ලෙයිෆාර්ට් විශ්වාස කරයි.

එබැවින්, මහා සභාග ආණ්ඩුව එකිනෙකාගේ යහපත වෙනුවෙන් සම්මුතිවාදී ලෙස හැසිරෙන බව ඔහු කියයි.

# තුන්වන හේතුව ලෙස ලෙයිෆාර්ට් දක්වන්නේ යම් පාලනයක් නොමැතිව නිෂේධ බලය පාවිච්චි කළහොත් මහා සභාගයේ කටයුතු අඩපණ වී, ඉදිරියට යා නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව සියලු දෙනාටම වැටහෙන නිසා බහුතරය පීඩාවට පත්වන ආකාරයට නිෂේධ බලය පාවිච්චි කිරීමෙන් එකිනෙකා වැළකී සිටින බවයි.

එබැවින්, එක් එක් කණ්ඩායමේ සුලු උවමනාවන් පසෙක තබා, සියලු දෙනාම පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කොට, අවසානයේ තමන්ටම අගතියක් ඇතිවන ආකාරයට නිෂේධ බලය පීඩාකාරී ලෙස පාවිච්චි කිරීමෙන් සුලුතරය වැළකී සිටින බව ලෙයිෆාර්ට් කියයි.

සුලුතර කණ්ඩායම් වල ආරක්ෂාව වෙනුවෙන් ලැබෙන නිෂේධ බලය පීඩාකාරී ආයුධයක් ලෙස යොදා ගත හැකි බව බැලූ බැල්මට පෙනුණද, නිෂේධ බලය පීඩාකාරී ලෙස පාවිච්චි කිරීමට එරෙහිව මහා සභාගයේ ක්‍රියාකාරීත්වය තුළම නිර්මාණය වන ඉහත සඳහන් කළ හේතු තුන නිසා, ප්‍රායෝගිකව එය පීඩාකාරී නොවන බව මහාචාර්ය ලෙයිෆාර්ට් කියයි.

''සුලුතර කණ්ඩායම් වල ආරක්ෂාව වෙනුවෙන් ලැබෙන නිෂේධ බලය පීඩාකාරී ආයුධයක් ලෙස යොදා ගත හැකි බව බැලූ බැල්මට පෙනුණද, නිෂේධ බලය පීඩාකාරී ලෙස පාවිච්චි කිරීමට එරෙහිව මහා සභාගයේ ක්‍රියාකාරීත්වය තුළම නිර්මාණය වන ඉහත සඳහන් කළ හේතු තුන නිසා, ප්‍රායෝගිකව එය පීඩාකාරී නොවන බව මහාචාර්ය ලෙයිෆාර්ට් කියයි. ''

ලෙයිෆාර්ට් ගේ මෙකී අනුමානයන් ප්‍රායෝගිකව ලොව පුරා කෙසේ ක්‍රියාත්මක වූයේද යන්න ඉදිරියේදී සාකච්ඡා කෙරෙන බැවින්, ලෙයිෆාර්ට් ගේ මතයට පමණක් මෙම සාකච්ඡාව දැනට සීමා කරමි.

Netherlands belgium

මහා සභාග ආණ්ඩුව තුළ සිය ආරක්ෂාව වෙනුවෙන් සුලුතරයට ලැබෙන මෙකී අනෝන්‍ය නිෂේධ බලය, එක්කෝ කණ්ඩායම් අතර ඇති අලිඛිත සහ අවිධිමත් අවබෝධයක් ලෙස මෙන්ම, ලිඛිත සහ විධිමත් හෝ ඇතැම් විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද වගන්ති මගින් නිශ්චිත ලෙස ලබා දෙන බලයක් ලෙස සුලුතරයට ලබා දිය හැකි බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.

# නෙදර්ලන්තයේ සහ ස්විස්ටර්ලන්තයේ සුලුතර කණ්ඩායම් භුක්ති විඳින නිෂේධ බලය අවිධිමත් ආකාරයට ලැබී ඇත.

#  ඔස්ට්‍රියාවේ මෙය සමාජවාදී සහ කතෝලික කණ්ඩායම් එක් එක් සභාග ආණ්ඩු පිහිටුවීමට කලින් ඇති කරගත් විධිමත් සාමූහික එකඟතාවයන් මත ක්‍රියාත්මක වේ.

# බෙල්ජියමේ මෙම නිෂේධ බලය පිළිබඳ එකඟතාව කතෝලික, සමාජවාදී සහ ලිබරල් කණ්ඩායම් අතර ඇති අවිධිමත් මූලධර්මයක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

බෙල්ජියමේ භාෂාමය කණ්ඩායම් සම්බන්ධයෙන් විධිමත් සහ ලිඛිත නිෂේධ බලයක් සභාගය නියෝජනය කරන කණ්ඩායම් වලට ලැබී තිබේ.

එහෙත්, බෙල්ජියමේ විවිධ භාෂා කතා කරන කණ්ඩායම් සම්බන්ධයෙන් මෙකී නිෂේධ බලය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන මගින් විධිමත් ලෙස නීතිගත කර ඇත.

එහි භාෂාමය කණ්ඩායම් වලට අදාලව සංස්කෘතික සහ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නීති සම්මත කරද්දී, ලන්දේසි භාෂාව කතා කරන සහ ප්‍රංශ භාෂාව කණ්ඩායම් දෙකෙහිම බහුතරය විසින් එකී යෝජනා අනුමත කළ යුතු බවට 1970 දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධනයක් මගින් විධි විධාන පනවන ලදී.

 මේ අනුව බෙල්ජියමේ භාෂාමය කණ්ඩායම් සම්බන්ධයෙන් විධිමත් සහ ලිඛිත නිෂේධ බලයක් සභාගය නියෝජනය කරන කණ්ඩායම් වලට ලැබී තිබේ.
 

ලබන සතියේ - බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - 3 වන කොටස

Dinesh Dodamgoda(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)

dodamgoda@gmail.com

 ['වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක   හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.  ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම: ‘ඉරිදා දිවයින ෆෙඩරල් කොලම'  - (08) - 2020 ඔක්තෝම්බර් 18)

 

සබැඳි ලිපි :

07- දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' (07) : බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - මහා සභාග ආණ්ඩුවක්!

06- දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' (06) : කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරන්නේ කුමක්ද?

05 - දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' : බලය බෙදීමේ විසඳුමෙහි වාර්ගික ගැටුම් උත්සන්න කරන ප්‍රතිපල (2 කොටස)

04 - බලය බෙදා ගැනීමේ විසදුම වාර්ගික ගැටුම් උත්සන්න කරයි! - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ 

03 - වාර්ගික හෙට්ටු කිරීම සහ බලය බෙදා ගැනීම  (03) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

02 - වරිගය සහ වරිගවාදය’ (02) - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

01 - වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  (01) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...