leader s

සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී  ගැනීම් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ ලිපි ගොනුවෙන් පිටපත් රැගෙන සහ ලබා දුන් ඖෂධ ලැයිස්තු , ලේඛන  ඇතුළත් කොට නව ගොනුවක් සකස් කිරීමට එහි ප්‍රධානියාව සිටි  වෛද්‍ය ජයනාත් බුත්පිටිය දුන් උපදෙස් ලබා දී ඇති අතර එලෙස සකස් කල ගොනුව අධිකරණයට භාරදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී අනාවරණය කෙරිණ .
 
එලෙස නව ලිපි ගොනුවට ඇතුළත් කිරීම සඳහා බුත්පිටිය විසින් ලබා දුන් ඖෂධ ලැයිස්තුව ට ඒ වන විට  වෛද්‍ය සැපයුම් අංශයට තොග ලැබී තිබූ ඖෂධ ඇතුළත් කර තිබූ බවද එහිදී සඳහන් කෙරිණ. 
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයේදී සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක විසින් මෙම කරුණු අනාවරණය කරන ලදී.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
 
 
එහිදී මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්‌මිණී ගිරිහාගම මෙනෙවිය ගේ මෙහෙයවීමෙන්  හය වැනි දිනටත් සාක්ෂි ලබා දුන්නාය.
 
සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ 2022 ජුනි මස ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඖෂධ 170 ඖෂධ ප්‍රමාණයකට සැපයුම්කරුවන්  තෝරාගෙන තිබුණු නමුත්  2023 වන විට ඇතැම් ඖෂධ ලබා නොතිබූ අතර  එසේ සපයා නොතිබූ ඖෂධ වලට අදාළව 2023 දී නැවත ප්‍රදානයක් කළ බව  සාක්ෂි කාරිය එහිදී සඳහන් කළාය.
 
එම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ  ගොනුවක ඡායාස්ථ පිටපත් රැගෙන නව ගොනුවක් සකස් කරන ලෙස ජයනාත් බුත්පිටිය මහතා තමන්ට උපදෙස් ලබාදුන් අතර එලෙස පිටපත් ලබාගත් ගොනුව 74 ගොනුව ලෙසද ,පිටපත් යොදා තමන් විසින් සකස් කළ ගොනුව  77 ගොනුව ලෙසද අධිකරණය හමුවේ පවතින බවට සාක්ෂිකාරිය හඳුනා ගත්තාය. 
2023 ජූනි මාසයේදී  වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ ගොනුව සහ ලිපියක් බුත්පිටිය මහතා විසින් තමන්ට ලබා දුන් බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
එමෙන්ම  වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ ගොනුව හඳුනා ගැනීමට තමන්ට හැකි බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය අධිකරණයේදී එම ගොනුව හඳුනා ගත්තාය. 
 
එහිදී පැමිණිල්ල මෙහෙයවූ  නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල් වරිය " බුත්පිටිය මහතා විසින් ලබා දුන් බව කියන ලිපිය ක් 77 ගොනුවට ඇතුලත් කළාද?" යනුවෙන් සාක්ෂිකාරය ගෙන් විමසීමක් කළාය.
 
Action of a safety supervisor hand is checking on checklist of chemical and hazardous material form to verify the risk with blurred background of factory storage workplace. Industrial working scene.
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය අදාළ ලේඛන පරීක්ෂා කර බලමින් සඳහන් කළේ "එම ගොනුවේ 18 සිට 23 දක්වා වන පිටුවල එම ලිපිය ඇතුළත් කර ඇති බවය. එසේම බුත්පිටිය මහතා ලබා දුන් උපදෙස්  අනුව වෛද්‍ය සැපයුම් ඒකක ගොනුවේ තිබූ පිටු කිහිපයක ඡායා පිටපත් එම ගොනුවට ඇතුළත් කළ බවද සාක්ෂිකාරිය  කියා සිටියාය .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය :
මෙම ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා උපදෙස් දුන්නෙ කවුද ?
 
සාක්ෂිකාරිය:
සමන් රත්නායක මහතා .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ලිපි එම ගොනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන විට ප්‍රසම්පාදන අංශය ඉතිරි ඉතිරි වෙලා සිටියේ කවුද ?
 
සාක්ෂිකාරිය:
"මා ඇතුළු සංවර්ධන නිලධාරීන් පමණයි අපේ කටයුතු අධීක්ෂණය කළේ රත්නායක මහතා . ප්‍රසම්පාදනයට සම්බන්ධ වී සිටි වෛද්‍යවරු කිසිවෙක් හිටියේ නෑ .බුත්පිටිය මහතා විදේශගත වුණා. ඒ සම්බන්ධයෙන් අපව  දැනුවත් කරල නෑ."
 
"ජුනි මාසයේදී බුත්පිටිය මහතාගෙන් මෙම ලිපිය ලැබුණු විට මා එහි මුද්‍රාව තබා අත්සන් දෙන යෙදුවා. අදාළ ලිපිය නිකුත් කර තිබුණේ පෙබරවාරි 15 වැනිදා .නමුත් අපිට ලැබුණේ ජූනි 15 වැනිදා එම කාලයේ වූ ප්‍රමාද වීම අපේ අංශයෙන් වූවක් බවට වැරදි වැටහීමක් ඇතිවීම වැළැක්වීම සඳහායි එම ලිපිය ලැබුණු දිනයේ ම මුද්‍රාව තබා දිනය සටහන් කළේ එම ලිපියේ ඇති අත්සන සමන් රත්නායක මහතාගේ. ආමන්ත්‍රණය කරලා තිබුණේ ඩොක්ටර් ජයනාත්ට. 2023 06/02 ලෙස එම දිනය සඳහන් කර තිබෙනවා. එහි සටහන් කර ඇති සමන් රත්නායක මහතාගේ  මුද්‍රාව  තැබූ ආකාරය මා දන්නේ නෑ. "
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :
ඔබ සාක්ෂියේදී ප්‍රකාශ කළා සම්පාදනයේදී ඖෂධ 170ක් තෝරාගෙන තිබූ බව. ඉන් කීයකටද msd එක ගැනුම් ඇනවුම් නිකුත් කර  තිබුනේ ?
 
සාක්ෂිකාරිය ; 
ඖෂධ 158ක් සඳහා ගැනුම් ඇනවුම් නිකුත් කර තිබුණා. එහෙත්  එම ගැනුම් ඇනවුම් වල සඳහන් ඖෂධ වලින් 2023 පෙබරවාරි 13 වන විට msd එකට ලැබී තිබුණේ ඖෂධ නමයක් සඳහා වූ සැපයීම් පමණයි. එම සැපයුම්වලිනුත් සැබෑ ලෙසම ඖෂධ සපයා තිබුනේ ඖෂධ වර්ග 5ක් සම්බන්ධයෙන් පමණයි. ඉතුරු ඖෂධ  4කට අදාළ සම්පූර්ණ තොග ලැබී තිබුණේ නෑ." 
 
එම ඖෂධ ලැයිස්තුවට අදාළ  සටහන් තමන් සකස් කල ගොනුවේ පිටු  අංක 18 සිට 28  තෙක් දක්වා ඇති අතර ලිපියක් ලබා දෙමින් බුත්පිටිය මහතා "අදාළ ගොනුවට ඇතුළත් කරන ලෙස" උපදෙස් ලබාදුන් බවද සාක්ෂිකාරිය කියා සිටියාය. එසේම වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් ගොනුවේ අවසානයට තිබූ මිනිට් සටහනක් ඡායාස්ථ පිටපත් කර අමුණන ලෙස  එකතු කරන ලෙසද උපදෙස් ලබා දුන් බව සාක්ෂිකාරිය කියා සිටියාය .එම මිනිට් සටහනේ කිසිවක් ලියා නොතිබූ අතර  එම උපදෙස් අනුව තමන් එය ඡායාස්ථ පිටපත් කොට 71  ගොනුවේ පිටු අංක 1 _7 ඇතුළත් කළ බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
"එම රාජකාරිය ඉටු කිරීමෙන් පසුව බුත්පිටිය මහතා විසින් drug list එකක් අතින් ලියා ටයිප් කරගෙන ලෙස මට දුන්නා. එම ටයිප් කළ ලිපිය 71 ගොනුවේ තිබෙනවා. එහි ඖෂධ 74 ක ලැයිස්තුවක් තිබෙනවා එම ඖෂධයේ  SR අංකය ද ඔහු විසින් සඳහන් කර තිබුණා. එම කරුණු හැරුණු විට සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන  කමිටුවේ තිබූ ඕඩර් ලිස්ට් එක, quantity එක බලලා සටහන් කළා. ඒවා සඳහන් වගුවේ ඉතුරු තීර කවුරුන් විසින් සකස් කළාද කියා මට අවබෝධයක් නෑ එම ලේඛනයේ බුද්පිටිය මහතා සටහනක් තබා අත්සන් කර තිබෙනවා ."යනුවෙන් සාක්ෂිකාරිය  ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කළාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :
මෙම ඖෂධ හැත්තෑ හතර ඒ වන විට තොග ලැබී නැති ඖෂධ එකසිය හැත්තෑවට ඇතුළත්ද?
 
සාක්ෂිකාරිය :
ඒ ගැන කියන්න හරියටම දන්නේ නෑ. මට දුන්න ලිස්ට් එක මම ටයිප් කරලා දුන්නා . පසුව එම ලැයිස්තුවෙන් ඖෂධ තිස් හතරක ලැයිස්තුවක් හදන්න උපදෙස් ලැබුණා .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
eoi ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබ මීට පෙර සාක්ෂි ලබා දුන්නා මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක් ඔබ සිදු කරල තියෙනවද ?
 
සාක්ෂිකාරිය:
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 136ක ලැයිස්තුවක් තිබුණා. එය eoi යටතේ සඳහන් කර තිබූ ඖෂධ තමයි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :
ඒ යටතේ ලැබූ තිබුණු ඖෂධ නමය මෙම ඖෂධ හතළිස් අටට ඇතුළත්ද කියලා බලන්න
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
සාක්ෂිකාරිය :
එම ඖෂධ නමයෙන් එක් ඖෂධයක් පමණක් තිබෙනවා.00700340 දරණ  SR අංකය සඳහන් ඖෂධයේ සම්පූර්ණ ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංශයට  ලැබී තිබුණ බව එම ලේඛනය මගින් දක්වා තිබුණා. 5500ක ප්‍රමාණයක් 2023/02/15 දින ලබාදී තිබුණා සැපයුම්කරු විසින්. එහෙත් එම ඖෂධය මෙම ලැයිස්තුවට ඉදිරිපත් ඇතුළත් කරන ලෙස බුත්පිටිය මහතා මට උපදෙස් ලබා දුන්නා .
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
ඉන් පසුව ඔබ කුමක්ද කළ රාජකාරිය ?
 
සාක්ෂිකාරිය :
තවත් ඖෂධ 34 ක්  තෝරා දුන්නා. එහි අංකය ඇතුළත් කරන ලෙස කිව්වා. ඒ අනුව එම කටයුත්ත මම කළා. එම ලේඛනය මා හට බුත්පිටිය මහතා විසින් ලබා දුන්නා. එම ලේඛනය හඳුනාගත හැකියි.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
එහි ඉහත අංකය සඳහන් ඖෂධය ඇතුළත් කර තිබුණද?
 
සාක්ෂිකාරිය:
 ඔව් 
 
"ඖෂධ 275 ට අදාළව සැපයුම්කරුවන්ගේ ලේඛන වෙන වෙනම ගොනු  ලෙස පවත්වාගෙන ගිය අතර  සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කළ ලේඛන  භාවිතා කර ලන්සුකරු විසින් ලියාපදිංචිය සිදුකර තිබෙනවාද ?, ලියාපදිංචිය කල් ඉකුත් වී තිබෙනවාද?, ලියාපදිංචිය අවලංගු වී තිබෙනවාද?, එසේ ලියාපදිංචිය අවලංගු වී ඇත්නම් ඊට අදාළ  ලේඛන, සහ පෙර සැපයුම්කරුවෙක්ද, යන්න පිළිබඳව එහිදී සටහන් කරා එසේම ඒ ඒ ඖෂධය සඳහා සැපයුම්කරු විසින් ඉදිරිපත් කළ වටිනාකම ද එහි සඳහන් කළා ."
 
අනතුරුව යම් යම් කොන්දේසි වලට යටත්ව හදලා ඖෂධ සැපයීමට කැමතිද යන්න විමසා සැපයුම්කරුවන්ට ඊමේල් පණිවිඩ යවන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව සාක්ෂිකාරිය කියා සිටියාය. අදාල ඊමේල් පණිවිඩ මෙම ගොනුවට ඇතුළත් කර ඇති බව සාක්‍ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. එම ඊමේල් පණිවිඩ වල ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව බුත්පිටිය මහතා උපදෙස් ලබා දුන් අතර සෑම ඊමේල් ලිපියක්ම එකම ආකෘතියකින් යුක්තව යැව්  බව ද එහි සඳහන් ඖෂධය නාමය පමණක්  එකිනෙකට වෙනස් වූ බවද එහිදී සාක්ෂිකාරිය  කියා සිටියාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී "අදාළ ඊමේල් වලට පිළිතුරු ලැබුණාද "යනුවෙන් ප්‍රශ්න කර සිටියාය .
 NMRA
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම ඊමේල් පත්වලට පිළිතුරු කිහිපයක් ලැබුණු බවය. ජෝර්ජ් ස්ටුවට් ආයතනයෙන් එක් ඖෂධයක් ලබා ගැනීම සඳහා පිළිතුරක් ලැබුණු අතර එම ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් වන බවට සටහනක් තමන් යෙදූ බවත්අදාල ඊමේල් පණිවිඩය සැපයුම්කරුවන්ට  යැවීමෙන් අනතුරුව ඔවුන් විසින් එවන ලද ලේඛන  මෙම ගොනුවට ඇතුළත් කළ බව ට සාක්ෂිකාරිය පිළිතුරු ලබාදුන්නාය.
 
එලෙස පිළිතුරු එවන ලද ඒබීසී පාමා  ආයතනය ඊට පෙර ඖෂධ සපයා ඇති බවට ලේඛනවල සඳහන් වන බවද කියා සිටියාය..
 
 "රිටොප්සිමැප් ඖෂධය සඳහා ලන්සු තැබූ ඒබීසී පාමා ආයතනය ලියාපදිංචි ආයතනයක් බවට මීට පෙරද  ඔබ සාක්ෂි ලබා දුන්නා. එම ආයතනය පෙර සැපයුම් කළ ආයතනයක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ  එමආයතනය පෙර සැපයුම් ආයතනයක් බවත් එය  ලේඛනවල වලින් හඳුනාගත හැකි බවත්ය.
 
මෙම ඊමේල් පණිවිඩ වලට  ප්‍රතිචාර ලැබීමෙන් අනතුරුව අදාළ මිලදී ගැනීම් සිදුකිරීම සඳහා ටෙන්ඩර් බෝඩ් තීරණ  සකස් කරන ලෙස බුත්පිටිය මහතා තමන්ට දැනුම් දුන් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: 
tender board බෝඩ් තීරණ කීයක් සකස් කළාද ?
 
සාක්ෂිකාරිය:
ඖෂධ වලට අදාළ තීරණ 17ක් මුලින්ම කෙටුම්පත් කර දුන්නා. එම තීරණ එකම ආකෘතියට තමයි තිබුණේ එහි ඖෂධයට අදාළ ඕඩර් ලිස්ට් අංකය ඖෂධයේ නම , quantity එක, SR අංකය ,සැපයුම්කරුගේ නම යනාදිය පමණක් වෙනස් වුණා. ඒවාට අත්සන් තැබුවේ කුමන අවස්ථාවේදී මට අවබෝධයක් නෑ .EOI re evolution එක මම සකස් කළා එහි ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස වෛද්‍ය සැපයුම් අංශය ඇතුළත් කළා.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
 එහි  ඇගයුම් කමිටු සාමාජිකයන්ගේ නම්
 ලෙස කාගේ නම් ද ඇතුළත් කළේ ?
 
සාක්ෂිකාරිය: 
"එහෙම නම් ඇතුළත් කිරීමක් කළේ නෑ බුත්පිටිය මහතා ඇගයුම් කමිටුව සාමාජිකයකු නිසා ඔහුගේ නම සඳහන් කළා.  ප්‍රසම්පාදන අංශයේ සේවය කළ  සංවර්ධන නිලධාරීන්ගේ නම් ඊට ඇතුළත් ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකාධිවරියගේ නමත් ඊට ඇතුළත් කළා. "
 
හයවෙනි මාසෙ අටවෙනිදා ටෙන්ඩර් බෝඩ් එක රැස්වුනා. ඒ මේ සඳහාම නෙමෙයි. තවත් ප්‍රසම්පාදන තිබුණා. ඒ දිනයේදී මේ ගැන කතා කළාද කියලා දන්නේ නෑ එහි observe ලෙස අභ්‍යන්තර විගණකාධි වරියගේ නම ඇතුළත් කිරීමට බුත්පිටිය මහතා උපදෙස් දුන්නා 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
msd එකට  අයිතම එකසිය විසි දෙකක් ලැබුණු බවට සඳහනක් මෙහි තිබෙනවා. ඔබ මීට පෙර කිව්වේ අයිතම නමයක් msd එකට ලැබුණු බවත්, සම්පූර්ණයෙන්ම ලැබී තිබුණේ අයිතම පහක් බවත්. මෙහි අයිතම එකසිය විසි දෙකක් ලෙස සඳහන් කළේ කාගේ උපදෙස් මතද ?
 
judge wig gavel
 
සාක්ෂිකාරිය:
ඒ සඳහා බුත්පිටිය මහතාගේ උපදෙස් ලැබුණා .
 
මෙම රාජකාරිය සිදුකිරීමෙන් පසුව ඊට අදාළ ආවරණ ලිපි යතුරු ලියනය කර ඖෂධ 17තේරී පත්වූ සැපයුම්කරුවන් ගේ පෙර පැවැති ගොනුව රැගෙන එහි ලේඛන පිටපත් කර එය true copy කර මෙම ආවරණ ලිපි සමග සියල්ල msd ගොනුවට ඇතුළත් කළා. එම ලේඛන සත්‍ය පිටපත් ලෙස msd ගොනුවේ තිබෙනවා.  සත්‍ය පිටපත්වල අත්සන් තබා මුද්‍රා තැබුවේ, බුත් පිටිය මහතායි" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය .
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඉන් අනතුරුවත් ප්‍රසම්පාදන තීරණ දෙකක් ආයතනයට buy hand ලෙස යැවූ බවය. ආවරණ ලිපිය යැවීම සහ පෙර පරිදිම සිදුකළ බව ඇය සඳහන් කළාය. එහිදී ද යවන ලද සත්‍ය පිටපත්වලට බුත්පිටිය මහතා විසින් මුද්‍රාව තබා අත්සන් තැබූ බව ඇය සඳහන් කළාය. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී "අධිකරණයට සාක්කි ලබා දුන් ගොනුවලට අමතරව තවත් රාජකාරියක් කළාද?" යනුවෙන් සාක්‍ෂිකාරියගෙන් විමසීමක් කළාය. 
 
සාක්ෂිකාරිය සඳහන් කළේ ආවරණ ලිපි සකස් කිරීම 2023 හයවැනි මාසයේ සිදු කළ අතර ඊට අදාළ ඇණුම් සකස් කිරීම තමන් විසින් සිදුකළ බවය ඒ සඳහා බුත්පිටිය මහතා උපදෙස් ලබා දුන් බවද ඇය සඳහන් කළාය. ඒවා ඇතුළත් ගොනු දෙකක් පවත්වාගෙන ගිය අතර ඒවා අධිකරණ නියෝග මත අධිකරණයට භාර දුන් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය. "එහි සඳහන් ලැයිස්තුවේ තීර වලට කරුණු ඇතුළත් කළේ බුත්පිටිය මහතාගේ උපදෙස් මත. ඊට අදාළ ලියකියවිලි පරිහරණය කර තොරතුරු ලබාගැනීම සිදු කළා .කැබිනට් මෙමරන්ඩම් එක හැදීම ගැන මට අවබෝධයක් නෑ. එසේ කැබිනට් තීරණය ට එකතු කළ ඇමිනුම් සකස් කිරීම මා සිදුකළා"
"මිනිට් ශීට් වල පිටු අංක දෙකෙහි ඇති සටහනක් යොදා සෞඛ්‍ය  ඇමතිතුමාගේ අත්සනට යොමු කළා. ඒ වන විට  එන්නත් නඩුව - සෞඛ්‍ය ඇමතිවරයා ලෙස හිටියේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයායි."
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඔබ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාව දන්නවද ?
 
සාක්ෂිකාරිය:
පෞද්ගලිකව දන්නෙ නෑ සාමාන්‍ය දැනීමෙන් දන්නවා.
 
19 06 2025 keheliya and family
 
සකස් කල ගොනුව සෞඛ්‍ය ලේකම්වරයා වෙත අත්සන් කිරීම සඳහා  යැව්වා.  ප්‍රසම්පාදන අංශයේ ප්‍රධානියා ලෙස බුද්පිටිය මහතා එහි අත්සන් තැබුවා. මෙහි සඳහන් වන්නේ පරිපාලන අංශයේ කේතයක්. එය  ඉල්ලාගත් අංකයක් එම ලේඛන පසුව අධිකරණයට භාරදීම සිදුකළා. 
 
buy hand ලිපි ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් පොතක සටහන් තබා ගන්නවා.  වෛද්‍ය සැපයුම් අංශයේදී අදාළ ලිපි භාරගත් තැනැත්තා ඊට අත්සන් තබනවා. 
 
මෙම ලේඛන වලට ඇමතිවරයා අත්සන් තැබීමෙන් පසුව අපේ අංශයට නැවත එවනවා. ගොනුවේ 56 පිටුවේ සෞඛ්‍ය ඇමතිවරයාගේ අත්සන ඇතුළත්ව තිබෙනවා." 
 
"මෙම කැබිනට් පේපර් එකේ ගැටලු ඇති බැවින් නැවත ඒ සංශෝධනය කරන ලෙස දන්වා තිබුණා. ඒ අනුව හයයි විසිඅට වෙනදා සකස් කළ කැබිනට් පේපර් එක වෙනුවට තවත් කැබිනට් පේපර් එකක් නොවැම්බර් මාසයේදී සකස් කළා. ඊට අදාළ ඇමුණුම්සකස් කිරීම මා විසින් සිදු කළේ . එහි මිනිට් සටහන් සංවර්ධන නිලධාරිනේ අමන් අමින්ද්‍රා විසින් තබා තිබුණා. මට  එය හඳුනාගත හැකියි" යනුවෙන් සාක්ෂිකාරිය  කියා සිටියාය. 
"මෙම ගොනු අධිකරණයට භාර දීමක් සිදු කළාද?"
 
 යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර ඇය සඳහන් කළේ 2023 ඔක්තෝබර් මස තුන්වැනිදා අදාළ ලිපි කට්ටලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවය.
 
 කැබිනට් පත්‍රිකාව සකස් කිරීම තමන් විසින් සිදු නොකළ අතර ඇමුණුම් පමණක් සකස් කිරීම සිදු කළ බවද ඇය එහිදී සඳහන් කළාය. 
 
files
 
මෙම ක්‍රියාවලියෙන් අනතුරුව  රිටොප්සිමැප් එන්නත සහ හියුමන් ඉමියුනොග්ලොබියුලීන්  එන්නත ලබාදීමට අදාලව සැපයුම්කරුවන් තෝරාගැනීමක් සිදුකළ බව සඳහන් කළ  සාක්ෂිකාරිය ඊට අදාළ ප්‍රධානය කිරීමේ ලිපි රැගෙන යාමට පැමිණෙන ලෙස සැපයුම්කරුට දැනුම්දුන් බව සඳහන් කළාය. 
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් පුද්ගලයෙකු පැමිණ එය රැගෙන ගිය බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය ඔහු මෙම නඩුවේ පළමු වන විත්තිකරු ලෙස සිටින බවද  හඳුනා ගත්තාය.
 
ඔහු  අදාළ ලේඛන භාරගත් බවට සටහනක් තබා ඇති බවද  එමසටහන් තම අංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය. 
 
ඉන් අනතුරුව තවත් ලිපි කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසමින් අනතුරුව මූලික සාක්ෂි විමසීම අවසන් කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය කටයුතු කළාය. 
 
එහිදී විත්තිකරුවන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම සාක්ෂිකාරිය ගෙන් දීර්ඝ මූලික සාක්ෂි විමසීමක් සිදුකළ ඇති බැවින් කරුණු සලකා බලා හරස් ප්‍රශ්න විමසීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවය . ඒ අනුව හරස් ප්‍රශ්න විමසීම ඊළඟ නඩු දිනයේදී සිදු කරන බව එම නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්න.
 
එහිදී මෙම නඩුවෙහි දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා  අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සාක්ෂිකාරියට නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු, හෝ එහි තාවකාලික පදනමින් වැඩ කරන අයකු හෝ ඊට සම්බන්ධ කිසිවෙකු සමග කිසිදු සම්බන්ධතාවක් මෙම සාක්ෂි විභාගය අවසන් කරන තෙක් නොපවත්වන ලෙස නියෝග කරන  ලෙසය. 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියද  විත්තිකරුවන් හෝ ඔවුන්ගේ කිසිදු නියෝජිත සමග කිසිදු සම්බන්ධයක් හෝ සාකච්ඡාවක් නොකරන ලෙස සාක්ෂිකාරියට නියෝග කරන ලෙස ඉල්ලීමක් කළාය. 
 
ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ කිසිදු පාර්ශ්වයක හෝ කිසිවෙකු සමග නඩුව සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකරන ලෙස සහ කිසිදු සම්බන්ධයක් නොපවත්වන ලෙස සාක්ෂිකාරියට නියෝග කළේය. 
 
වැඩිදුර සාක්ෂි විමසීම  මැයි මස හතරවැනි සඳුදා තෙක් කල් තබන ලදී.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
medicine 20260131
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

 

whatsapp 202507155

නවතම පුවත්