leader s

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයේදී සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක් අධිකරණය හමුවේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට විත්ති පාර්ශ්වයේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.

 
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් හරස් ප්‍රශ්න විමසීම  සිදු කරන අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මෙම යෝජනාව කළේය .
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි. 
 
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් මූලික සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කළ අතර විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදි.
 
එහිදී මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරිය ගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
 
නීතිඥවරයා  මුලින්ම මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ 2011 වසරේ සංවර්ධන නිලධාරිනියක ලෙස උපාධිධාරීන්ට ලබා දෙන පත්වීමක් අනුව තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ රැකියාවට පැමිණි බවය. එහිදී ප්‍රසම්පාදනයට අදාල ගොනු කළමනාකරණය සහ අංශ ප්‍රධානීන් ලබාදුන් උපදෙස් මත ලිපි සකස් කිරීම සිදුකළ බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. 
 
"මෙම නඩුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථා කීයකදී  ප්‍රකාශ ලබාදී තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරිය ගෙන්  විමසා සිටි අතර ඇය සඳහන් කළේ තමන් අවස්ථා තුනකදී පමණ කට උත්තර ලබා දුන් බවට මතකයේ ඇති බවය. 
 
"මෙකී සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලේඛන ලබා දුන්නා ද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරය සඳහන් කළේ ලේඛන කීපයක්ද තමා විසින් ලබා දුන් බවය. අදාළ ලේඛන මූලික සාක්ෂි විමසීමේදී තමන් විසින් හඳුනාගත් බවද සාක්ෂිකාරිය ය හරස් ප්‍රශ්න  වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය. 
නීතිඥවරයා:
"ඔබ මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබා දී තිබෙනවාද?"
 
සාක්ෂිකාරිය:
නැහැ එවැනි කටයුත්තරයක් ලබාදී නෑ. මෙම මෙය තමයි ප්‍රථම අවස්ථාව ස්වාමීනි 
 
නීතිඥවරයා:
මේ සිද්ධිය සම්බන්ධයෙන් ද ප්‍රථම කට උත්තරය ලබා දුන්නේ ?
 
සාක්ෂිකාරිය:
මාලිගාකන්ද අධිකරණයේ මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්තක් තිබුණා ඒ සම්බන්ධයෙන් දෙන ප්‍රකාශයක් ලෙස එම කට උත්තරය ලබා දුන්නා .
 
නීතිඥවරයා:
එම නඩුව මොකක්ද එම නඩුව කුමන ඖෂධයක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව ඔබ සොයා බැලුවාද ?
 
සාක්ෂිකාරිය :
එය eoi සම්බන්ධයෙන් බව දැන ගත්තා . මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව තිබුනේ ප්‍රමිතියෙන් තොර රිටොප්සි මැප් සහ හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සම්බන්ධයෙන් බව  මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නිතරම ප්‍රවෘත්ති පළ වුණා. ඒ මගින් දැනුවත් වුණා.
 
1721793410 health ministry L
 
තමන් වෙනත් ප්‍රසම්පාදන ක්‍රියාවලින් වලට සහභාගී වී තිබෙන අතර ඊට අදාළ ලිපි සැකසීම සිදුකළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය තමන්ට ලේඛන ලබා දුන් විට ඒවා යතුරු ලියනය කිරීම සිදුකළ බව ද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන රැස්වීම් තිබුණු අතර ඒවාට තමන් සහභාගී වූ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය එහිදී සාකච්ඡා කළ කරුණු මොනවාද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව ද තීන්දු තීරණ ගන්නා කරුණු කුමක්ද යන්න පිළිබඳව තමන්ට  ඇසී ඇති නමුත් ඒ පිළිබඳ  මතකයක් නොමැති බව  සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
"වෙනත් ප්‍රසම්පාදන වලදී සාකච්ඡා කරන සලකා බලන කරුණු ගැන ඇහිලා තියෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය ඊට සඳහන් පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි සම්බන්ධයෙන්  තමන්ට ඇසී ඇති බවය .
 
ඒ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය අදාළ ප්‍රශ්නයට තමන් විරෝධය පළ කරන බව සඳහන් කළාය. විත්තියේ නීතිඥ මහතා විසින්  සාක්ෂිකාරියගෙන් ප්‍රවාදක සාක්ෂි පිළිබඳව විමසීමක් කරන අතර ඊට විරෝධය පළ කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරත් සඳහන් කළාය. 
 
medicine 20260131
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් වන ලේඛන ය මූලික සාක්ෂි විභාගයේදී සාක්ෂිකාරිය මගින් ලකුණු කිරීමකට ලක් කළ අතර එම ලේඛන සෑදීමට පාදක කරගත් සටහන් සම්බන්ධයෙන් ලබා දුන් සාක්ෂි  සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළේය. එම ලේඛන සෑදීම සඳහා අදාළ ලංසු විවෘත කිරීමේ දී ලේඛන පදනම් කරගත් බවට සාක්ෂි ලබා දුන්නේ දුන්නා නේදැයි නීතිඥවරයා එහිදී ම සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ තමන් එලෙස ප්‍රකාශ කළ බවය. 
 
එහිදී එක් එක්  ආයතනයක් විසින් ඉදිරිපත් කර තිබූ ඒකකයක මිල සහ සම්පූර්ණ ඖෂධ තොගය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මිල සම්බන්ධයෙන් නීතිඥවරයා කරුණු විමසීමක් සිදු කළේය. "හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත සඳහා අවම මිල ඉදිරිපත් කර ඇත්තේ කුමන සමාගමක් විසින් දැයි"  නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඇය ලේඛන පරීක්ෂා කරමින් සඳහන් කර සිටියේ ඒකකයට ඇමෙරිකානු ඩොලර් එකසිය තිහ බැගින් වූ අවම මිල අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ බවය. එහිදී ඖෂධ ප්‍රමාණය ලෙස 7500 ක් සඳහන් කර තිබූ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය .
 
නීතිඥවරයා එහිදී විමසා සිටියේ ලන්සුකරුවන්ගෙන් ඖෂධ ඒකක විසි දෙදහස් පන්සියයකට අදාලව අභිලාෂ කැඳවා තිබූ බවට සාක්ෂිකාරියට දැනුමක් තිබේද යන්න පිළිබඳවය. සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ එහි සඳහන් කර ඇත්තේ  ඒකක7500 ප්‍රමාණයක් බවය. එහිදී නීතිඥවරයා අදාළ සමාගම ඉදිරිපත් කළ ලංසුව අනුව එම ඖෂධ  දෙදහස් පන්සීය සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් වලින් ගණනය කරන ලෙස එහිදී සාක්ෂිකාරියට දන්වා  සිටියේය.
 
ඒ අනුව කැල්කියුලේටරයක ආධාරයෙන් එම ගණනය කිරීම් කළ සාක්ෂිකාරිය සිටියේ ඇමරිකානු ඩොලර් දෙකෝටි අනූ දෙලක්ෂ පන්දහසක අගයක් ලැබෙන බවය. 
 
තුන්වෙනියට ඇති ඒ බී සී පාමා ආයතනය සහ දෙවැනි ලංසුකරු අතර  පරතරය ඇමරිකානු ඩොලර් 44 5500ක මුදලක වෙනසක් බව අදාළ ගණනය කිරීම් කරමින් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
ලන්සුව ඉදිරිපත් කර තිබූ එක සහ දෙක සමාගම් අතර පරතරය කීයද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර අදාළ ගණනය කිරීම් කරමින් සාක්ෂිකාරිය කියා සිටියේ ඖෂධ ඒකක විසි දෙදහස් පන්සීයට ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂ හතලිස් දහසක මුදලක වෙනසක් එම සමාගම් දෙක අතර ඇති බවය. 
 
Closeup of accountant counting on calculator and working with table
 
"මෙම ප්‍රසම්පාදනය සිදුවන කාලය වන විට ඩොලර් අර්බුදයක් තිබූ බව  දන්නවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්‍ෂිකාරිය  ඒ පිළිබඳව තමන් දන්නා බව කියා සිටියාය. එම කාලය වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 300කට ආසන්න අගයක පැවති බවට  තමන්ට දැනීමක් තිබූ බව සාක්ෂිකාරිය තවත් හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියාය. එම ලංසු ඉදිරිපත් කර ඇති පළවෙනි සහ දෙවැනි සමාගම් අතර  පරතරය  ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය කළ විට රුපියල් මිලියන 162ක් පමණ වෙනසක් ඇති බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඒකකයකට ඇමරිකානු ඩොලර් 130ක  අවම මිල අයිසොලිස් බයෝ ටෙක් පාමා ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.  රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන්ද ලේඛන සැකසීම තමන් විසින් සිදු කළ අතර එම ඖෂධය ප්‍රදානය කිරීම අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ආයතනයට සිදු කර ඇති බවට තමන් දන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
එම ආයතනය ඒකකයකට ඩොලර් එකසිය හැටක් මුදලක් දක්වා තිබූ අතර අවම මිල ඉදිරිපත් කර තිබූ සමාගම එය ඩොලර් එකසිය පනස් පහක් ලෙස දක්වා තිබූ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය. 
 
මෙම ඖෂධ ප්‍රදානය කිරීමට අදාළ ප්‍රධාන ලේඛනය සැකසුවේ තමන් විසින් බවට ප්‍රකාශ කළ සාක්ෂිකාරිය එම ලේඛනය හඳුනාගත්තාය අනතුරුව නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර  සිටියේ එහි රිටොප්සි මැප් ඖෂධයේ අවම මිල ලෙස ඇමෙරිකානු ඩොලර් 152 ක ලෙස සටහන් කළේ එම ලේඛන සැකසීම avoiding decision එක මත පදනම්ව  සිදුකළ බැවින් එම තීරණය මත අදාළ  මුදල සටහන් කර බවය. 
 
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සදහා වන 2022/12/29  දිනැති ලේඛණය තමන් අතට 2023 ජනවාරි මස 03 වැනිදා පත් වූ බවද එහි හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත සම්බන්ධයෙන් සඳහන් වන  මුදලෙහි යම් වෙනසක් ඇති බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය. 
 
Sri Lanka receives key lab reports on human immunoglobulin drug from India and Germany
 
එම මිල එක් ලේඛනයක ඇමරිකානු ඩොලර් 10ක් ලෙස සටහන් වුවද තවත් ලේඛනයක එය ඇමරිකානු ඩොලර් 100ක් ලෙස සඳහන් වන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේය. අදාල ලේඛන සකස් කිරීම කමිටු තීරණ මත සිදුකළ අතර  ඇතැම් ලේඛන සැකසීම සඳහා නමය සහ දහ වැනි විත්තිකරුවන් තමන්ට උපදෙස් ලබා දුන් බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. 
 
"එම ලේඛනය සැකසීමේදී අඩු මුදල සහිත ලේඛනය ඔබ අතට පත් වී තිබුණාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය එහිදී සටහන් කර සිටියේ අඩු මුදලක් තිබූ පමණින් එය සටහන් කිරීමට තමන්ට නොහැකි බවය. වෙනසක් කිරීම සඳහා තමන්ට බලයක් නොමැති අතර ඉහළ නිලධාරීන් තමන්ට උපදෙස් ලබා දුන්නේ අදාල තීරණය මත පදනම්ව සටහන් ඇතුළත් කරන ලෙස බවද, ඒ අනුව කටයුතු කළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
අදාල ලේඛන තමන්ට ලැබීමට පෙර ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට ලැබෙන බවද එම තීරණවල වෙනසක් කිරීමට අවශ්‍ය නම් එම නිලධාරීන් විසින් එය කළ යුතු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
"මිලෙහි වෙනසක් පවතින්නේ නම් ඒ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම් දීම ඔබේ වගකීමක් නේද ?"යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඇය සටහන් කළේ. " ඒ සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවය .තමන්ට ලැබුණු උපදෙස් මත තමන් අදාළ ලේඛනය සකස් කළ බව"ද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
"ඔබ එලෙස ඉහළ නිලධාරීන්ට දැනුම් දීමක් නොකළේ නොසැලකිල්ල නිසා බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළාය .
 
සභාපති විනිසුරුවරයා එම ප්‍රශ්නය නීතිඥවරයාට ඇසීමට හැකියාව ඇති බව සඳහන් කළේය. 
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
ඖෂධ ඒකකයකට අඩු මුදල් ඉදිරිපත් කර තිබියදී ඊට වැඩි මුදලකට ප්‍රදානය කළේ ඔබේ නොසැලකිල්ල සහ අතපසුවීම මත බවට මම නැවත යෝජනා කරනවා යනුවෙන් නීතිඥවරයා එහිදී සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "නෑ එම ලේඛනය සකස් කලේ ලැබුණු කමිටු තීරණය මතයි. කමිටු තීරණය වෙනස් කිරීමට මට බෑ. එසේනම් කමිටුව නැවත රැස්වී ම කළ යුතුයි.මෙම ලේඛනය ඉහළ නිලධාරීන් දෙදෙනෙක් ළඟට යාමෙන් අනතුරුවයි මට ලැබෙන්නේ මට උපදෙස් ලැබුණේ කමිටු තීරණය මත ය වැඩ කිරීමට පමණයි මම කළා" යනුවෙන් සඳහන් කර සිටියාය.
"ඔබ අධිකරණයේදී හඳුනාගත් සුදත් ජානක ප්‍රනාන්දු ව කොපමණ කාලයක සිට හඳුන්වනවා ද'" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ  "ඔහුව හඳුනන්නේ නැහැ. ඔහු සමග රාජකාරී කර නැහැ. නමුත් අවස්ථා දෙකක දී ඔහු සමග ලිපි හුවමාරු කර තිබෙනවා"
යනුවෙනි.. 
 
"එලෙස  අවස්ථා දෙකක දී පමණක් ලිපි රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද ඔබ අධිකරණයේදී හඳුනා ගත්තේ" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය  " එහෙමයි ස්වාමීනී" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
 
නීතිඥ වරයා:
ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසන් වරට ප්‍රකාශයක් ලබා දුන්නේ කවදාද 
 
සාක්ෂිකාරිය:
2024 මුල් භාගයේදී
 
නීතිඥවරයා 
ඒ වන විට ඔබේ අංශය ආයතන ප්‍රධානීන් සිටියේ කොහෙද ?
 
සාක්ෂිකාරිය:
ඒ වන විට ආයතන ප්‍රධානියෙක් සිටියේ නෑ . සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තමා අප ආයතනය තිබුණේ දහවන විත්තිකරු ඒ වන විට බන්ධනාගාර ගතව සිටියා. හයවන චූදිත කොහේ සිටියාද කියන එක ගැන මතකයක් නැහැ ඒ වන විට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බව සහ එය ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් වන බව මාධ්‍ය මගින් දැනගත්තා. 
 
මෙම ඖෂධය හේතුවෙන්  මරණ සිදුවී නැති බව මාධ්‍ය මගින් දැන ගත් නමුත් ඒ හේතුවෙන් ඇති වූ සංකූලතා පිළිබඳව තමන් නොදන්නා බව සාක්ෂිකාරිය  සඳහන් කර සිටියාය 
 
ඒ සමගම පළවෙනි සාක්ෂි විත්තිකරු වෙනුවෙන් සාක්ෂි විමසීම අවසන් කෙරිණ . අනතුරුව මෙම නඩුවේ තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නීතිඥ ඉසුරු  ජයවර්ධන විසින් සිදු කළේය.
 
f45y54y5b5yu
 
එහිදී නීතිඥවරයා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාලව අභිලාෂ කැඳවීමේ ඉදිරිපත් කර තිබූ ලන්සු සම්බන්ධයෙන් ලේඛන සැකසීම තමන් විසින් සිදුකළ බවය එහිදී ලන්සු ලේඛන දාහකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ලියාපදිංචි නොමැති අයද මේ මෙම ලංසු කරුවන් අතර සිටි බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සටහන් කළාය 
 
"අභිලාෂ කැඳවීමට පිළිතුරු එවා තිබූ බොහෝ සැපයුම්කරුවන් ලියාපදිංචි නැති සැපයුම්කරුවන් නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව ලේඛන බැලීමකින් තොරව තමන්ට පිළිතුරු ලබාදිය නොහැකි බවය. 
 
"ප්‍රමුඛතා ලේඛන එක සහ ප්‍රමුඛතා ලේඛන දෙකට ඖෂධ ඇතුළු ඇතුළත් කළේ කොහොමද?" යනුවෙන් සාක්ෂිකාරයගෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර ඇය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ තමන්ට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බවය. ලේඛන පරීක්ෂා කිරීමකින් අනතුරුව තමන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය හැකි බවද සාක්‍ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය. 
 
u76b76
 
නීතිඥවරයා :
හදිසි මිලදී ගැනීම් වලට අදාල මාර්ගෝපදේශ නිකුත් වූ බවක් ඔබ දන්නවාද 
 
සාක්ෂිකාරිය :
ඔව් ඒ පිළිබඳව මම දන්නවා 
 
නීතිඥවරයා:
එම මාර්ගෝපදේශය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවට අවශ්‍ය නම් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර නොගෙන කටයුතු කළහැකි බව ඔබ දන්නවාද ?"
 
සාක්ෂිකාරිය:
හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් එය තීරණය කළ යුතු බවට සඳහන් වෙනවා. 
 
නීතිඥවරයා:
මෙම ලේඛන පිරික්සීමේදී දෙනා වත්ත සහ ප්‍රේමතුංග යන යනුවෙන් නම් දෙකක් සඳහන් වෙනවා. ඔවුන් දන්නා බව මීට පෙර ඔබ සාක්ෂි දෙමින් කියා සිටියා. ඔවුන් මෙම විත්තිකරුවන් අතර සිටිනවාද ?"
 
සාක්ෂිකාරිය:
නැත ස්වාමීනී 
 
නීතිඥ වරයා:
eoi ඇගයීම් කටයුතු සඳහා කටයුතු සඳහා පත්කළ කමිටුවේ සභාපති  ලෙස කටයුතු කළ ශම්මි කුමාර දෙනාවත්ත මෙම නඩුවේ එකසිය අසූ හතර වැනි පැමිණිල්ලෙ සාක්ෂිකරු ලෙස නම්කර සිටින්නේ බව ඔබ දන්නවාද ?
 
සාක්ෂිකාරිය:
ඒ ගැන දන්නේ නෑ ලේඛන අනුව නිවැරදි නම් පිළිගන්නවා 
 
නීතිඥ වරයා:
එසේම එම කමිටුවේ සිටි ප්‍රේමතුංග නමැත්තිය මෙම නඩුවේ  සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින බව ඔබ දන්නවාද ?
 
සාක්ෂිකාරිය :ලේඛන අනුව නිවැරදි නම් පිළිගන්නවා .
 
නීතිඥ වරයා:
ඔබ රෝහණ සමන් කුමාරව දන්නවාද
 
සාක්ෂිකාරිය
ඔව් 
 
නීතිඥ වරයා :
මෙහි බුත්පිටිය මහතාගේ සටහනක් තිබෙනවා එහි රෝහණ ලෙස සමන් සඳහන් වන්නේ රෝහණ සමන් කුමාර බවට ඔබ දන්නවාද?
 
සාක්ෂිකාරිය:
ස්වාමීනි මෙහි රෝහණ කියන නම පමණයි සඳහන් වෙන්නේ. මේ වෛද්‍ය සැපයුම් ඒකකයේ රෝහණ ද යන්න පිළිබඳව මට දැනීමක් නෑ
 
judge wig gavel
 
2022 ඔක්තෝම්බර් මස 26 වෙනිදා පැවති evaluation කමිටුවට අදාල ලේඛන තමන් විසින් සකස් නොකළ බවද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව ම නඩුවේ හය වැනි විත්තිකරුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
සංවර්ධන නිලධාරියකු ලෙස ඔබට ඇති ආයතනයක වගකීම කුමක්ද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ රාජ ආයතනයකට පත් කිරීම පත්වීමෙන් පසුව හි ප්‍රධානීන් විසින් ලබාදෙන උපදෙස් අනුව රාජකාරී න් සිදු කළ යුතු බවය. 
 
ඉහළ නිලධාරීන් විසින් ලබාදෙන නීති විරෝධී උපදෙස් අනුව කටයුතු කර තිබෙනවාද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය "නීති විරෝධී කටයුතු කරන්නේ නැහැ . නමුත් ඉහළ නිලධාරීන් නිවැරදි උපදෙස් ලබාදෙන බවට අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙනවා. ඒ අනුව තමයි කටයුතු කරන්නේ යනුවෙන්  පිළිතුරු ලබා දුන්නාය .
ඉහළ නිලධාරීන් විසින් ලබාදෙන නීති විරෝධී උපදෙස් ක්‍රියාත්මක කළහොත් මුහුණ දීමට සිදුවන වන නීතිමය ප්‍රතිපාදන ගැන තමන් දැනුවත් නොමැති නමුත් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට දන්නා බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය. 
 
2021 වසරෙදි තමන් රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ සේවය කළ බවත් තම අංශයේ ප්‍රසම්පාදන නිලධාරීන් පස් දෙනෙකු සිටි අතර  ආයතන ප්‍රධානියෙක් ලෙස වෛද්‍ය නිලධාරියකු සිටි බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. තමන් ප්‍රසම්පාදන නිලධාරීවරයා යටතේ සිටි අතර තාක්ෂණික ඇගයම් නිලධාරීන් එම අංශයේ ප්‍රධානියා යටතේ සිටි බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
"2022/7/22 රාජ්‍ය අමාත්‍යංශයට මොකද වුණේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කරේ එදින ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අහෝසි කළ බවය.  ඒ හේතුවෙන් අමාත්‍යාංශයේ යටතේ සිටි පිරිසට  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කිරීමට සිදුවූ බව සාක්ෂිකාරිය  කියා සිටියාය. තමන් ඇතුළු සංවර්ධන නිලධාරීන් පස්දෙනෙකු ප්‍රසම්පාදන අංශයේ සේවය සඳහා යෙදවූ අතර  එක් අයෙකු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන අතර අනිත් සියලු දෙනා තමන් හා සමකාලීනයන් වන බව සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය. ඊට ඉහළින් වෛද්‍ය නිලධාරියකු ප්‍රසම්පාදන නිලධාරියා ලෙස සිටි අතර තාක්ෂණික ඇගයීම් නිලධාරියකු ද සිටි බව සඳහන් කළ සාක්‍ෂිකාරිය ඊටත් ඉහළින් ප්‍රසම්පාදන අධ්‍යක්ෂවරයකු සිටි බවට සඳහන් කළාය. 
witness stand
 
නීතිඥවරයා :
මූලික සාක්ෂි විමසීමේදී ඔබ ප්‍රසම්පාදන  කටයුතු සම්බන්ධයෙන් සඳහන් කළා. එම කටයුතු වලට ඔබ සහභාගි වුණාද ?
 
සාක්ෂිකාරිය:
ඔව් ප්‍රසම්පාදන කටයුතුවලදී සහාය දැක්වීමට සංවර්ධන නිලධාරියකු යොමු කරනවා.
 
නීතිඥවරයා:
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඔබ ලේඛන  සැකසීම කලාද ?
 
සාක්ෂිකාරිය:
ලේඛන යතුරු ලියනය කිරීම කළා .එහි තීරණ වලට පදනම් වූ කරුණු මොනවාද හෝ අන්තර්ගතය පිළිබඳව මා දන්නේ නෑ .
 
නීතිඥවරයා:
කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට තුළ ඔබ කටයුතු කළාද 
 
සාක්ෂිකාරිය:
එසේ ස්වාමීනී,දුන් උපදෙස් අනුව ලේඛන සකස් කිරීම සිදුකළා.වෛද්‍ය බුත්පිටිය මහතා සහ රුවන් දල්පදාදු මහතා එහි සාමාජිකයන් ලෙස කටයුතු කළා. 
 
2022 /9/22 දින පැවති රැස්වීමේ මිනිට් සටහන් තමන් විසින් සකස් කළ බවද ඒවා තමන්ට හඳුනා ගැනීමට හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. මීට අදාල අභ්‍යන්තර මෙමෝව තමන් විසින් සකස් කළ බවද ඇය කියා සිටියාය. 2023 /01 19 දින ප්‍රසම්පාදන අංශය  සතු ලිපි ගොණු විගණකාධිපතිට යොමු කිරීම සම්බන්ධයෙන් ලිපියක් සකස් වූ බවට තමන් දැනුවත් බව හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. එම ලේඛනය දෙනා වත්ත අතිරේක ලේකම් විසින් යොමු කළ ලේඛනයක් වන අතර ඇගයුම් කමිටුවේ සභාපතිනි ලෙසද ඇය කටයුතු කළ බවට සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. එම කමිටුවේ රැස්වූ දින සහභාගි වූ අය ලෙස තමාගේ නම සඳහන් වන නමුත් තමන් එවැනි රැස්වීමකට සහභාගි නොවූ බව සාක්ෂිකාරිය කියා සිටියාය. විගනකාධිපති වරයා විසින් ඉල්ලා සිටි ලිපි ගොනු කාර්යාල කාර්ය සහයක විසින් භාර දුන් බවද ඇය සඳහන් කළාය.
meetinge57ue
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක හිටපු අතිරේක ලේකම් නවාවි විසින් ඖෂධ හැට හයකට අදාළව පැවැත්වූ රැස්වීම සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද තමන් ඊට සහභාගි නොවූ බවද ඇය සඳහන් කර සිටියාය.
 
"කොවිඩ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් ලෙස අමාත්‍යාංශයේ ලේකම් සමන් රත්නායක, මුදල් අමාත්‍යාංශයේ අතුල කුමාර , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා සහභාගී වූවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර ඇය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ " රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ ඊට පෙර සිටී සභාපති ප්‍රසන්න ගුණසිංහ මහතා ඊට සහභාගී වූ බවය. සරත් ලියනගේ මහතා එම ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සහභාගී වී තිබේද යන්න පිළිබඳව තමන්ට  මතකයක් නොමැති බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
"නවාවි මහතා විසින් පවත්වන ලද ඖෂධ හැට හයේ ප්‍රසම්පාදන කමිටු රැස්වීමේ ට එක් රටකින් පමණක් ලන්සු ලබා ගැනීමට සීමා වී තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නයට  පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් ඒ ගැන නොදන්නා බවය ඖෂධ හැට හයේ රැස්වීමකට තමන් සහභාගී නොවූ බවද ඖෂධ 285රැස්වීමකට සහභාගී වූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා :
ඔබ සාක්ෂි ලබාදුන් හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ප්‍රසම්පාදනය කළ කමිටුවේ සරත් ලියනගේ මහතා සිටි බවට පිළිගන්නවාද ?
 
සාක්ෂිකාරිය :
ඔව් ඒ වන විට ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටියා. 2022 10.22 පැවති මිලදී ගැනීම් කමිටුවේ රැස්වීමේ  වාර්තාව තිබෙන බවත් අතුල කුමාර කුමාර ඊට සහභාගී වූ බවට එහේ සඳහන් වන බවද එකී රැස්වීමට තමන් සහභාගී නොවූ අතර සහභාගී වූවන්ගේ නම් අතර තමන්ගේ නම සඳහන් වන බවද  සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
නීතිඥවරයා :
ඔබ එම රැස්වීමට සහභාගි වූ නොවූ බවට මෙම අධිකරණයේදී දිව්රුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකාරිය:
එවැනි රැස්වීමකට සහභාගී  වූයේ නෑ.
 
නීතිඥවරයා විසින් තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් සාක්ෂිකාරියට යොමු කිරීමෙන් අනතුරුව එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
 
19 06 2025 keheliya and family
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

 

whatsapp 202507155

නවතම පුවත්