සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව අභිලාෂ කැඳවීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත සටහන් සැකසීමේදී " අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය" වන සටහන් වලදී තමා අතින් යම් යම් අත්වැරදීම් සිදුවී ඇති බව එම ලේඛන සැකසීම සිදු කළ ලිපිකාරිනිය වන සංවර්ධන නිලධාරිනිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පිළිගත්තාය .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන අවස්ථාවේ දී මෙම නඩුවේ එකොළොස්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා යොමු කළ හරස් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය මේ බව පිළිගත්තාය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් මූලික සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කළ අතර 1,4,6 විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ද අවසන් කරන ලදි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
එහිදී මෙම නඩුවෙහි එකොළොස් වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
මෙම නඩුවේ එකොළොස් වැනි විත්තිකරු වූ වෛද්‍ය සූදර්ශන මූලික සාක්ෂි ලබාදීමේදී සාක්ෂිකාරිය විසින් හදුනා ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ වෛද්‍ය සුදර්ශන මෙම ප්‍රසම්පාදනයට අදාල evaluation කමිටුවේ සාමාජිකයෙකු ලෙස සිටි අතර ඊට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාව ලදී ඔහු දැක තිබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
කෙසේ වුවද තමන් ඔහු මුණගැසී හෝ දුරකථනයෙන් හෝ කතා කරන්න නොමැති බව ද ඔහු සහභාගි වූ ටෙන්ඩර් කමිටුවලට තමන් සහභාගී නොවූ නමුත් අදාල evaluation කමිටුවේ කටයුතු සඳහා ඔහු පැමිණ ඇති අවස්ථාවලදී දැක තිබෙන බවද ඒ අනුව අධිකරණයේදී හඳුනා ගත් බව ද සාක්ෂිකාරිය කියා සිටියාය .

eoi කමිටුව ශම්මි කුමාර දෙනාවත්ත ගේ සභාපතිත්වයෙන් යුතුව පැවැති අතර එහි සාමාජිකයන් පස් දෙනෙකු සිටි බවද එහි එක් සාමාජිකයෙකු ලෙස ප්‍රේමතුංග මහත්මිය කටයුතු කළ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.
නීතිඥවරයා:
ඔබ දෙනාවත්ත මහත්මියව හඳුනනවාද?
සාක්ෂිකාරිය:
එසේය ස්වාමීනී
නීතිඥවරයා :ඇය මෙහි සිටිනවාද ?
සාක්ෂිකාරිය :නැත ස්වාමීනී
නීතිඥවරයා :එම කමිටුවේ සාමාජික ප්‍රේමතුංග මහත්මිය මෙහි සිටිනවාද ?
සාක්ෂිකාරිය: නැද්ද ස්වාමීනී
මූලික සාක්ෂි විභාගයේදී පැමිණිල්ල විසින් සාක්ෂිකාරිය මගින් ලකුණු කරන ලද ලේඛන දෙකක් අදාල කර ගනිමින් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න කිහිපයක්විමසීම සිදු කළේය .
එම ලේඛන අනුව රිටොක්සිමැප් ඖෂධය ලබාදීම සඳහා සැපයුම්කරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් විසින් ලබා දුන් තොරතුරු සංශිප්ත ලේඛනයකට ඇතුළත් කිරීම තමන් විසින් සිදුකළ බව සාක්ෂිකාරිය එහිදී පිළිගත්තාය. එම ඖෂධය ලබාදීම සඳහා හීතෘ බයෝ පාමා ලිමිටඩ් ආයතනයේ නම පළමු ලන්සුකරු ලෙස සඳහන් වන බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
නීතිඥවරයා: එහි දෙවැනි අංකයට නම සඳහන් වන්නේ කෙසේද ?
සාක්ෂිකාරිය:.
අයි සොලිස් බයෝ ටෙක් පාමා ලෙස
නීතිඥවරයා: ඔබ විසින් ලකුණු කළ දෙසිය හතලිස් එක(A) 2 ලේඛනය බලන්න එහි සැපයුම්කරුගේ නම කුමක්ද ?
සාක්ෂිකාරිය :
අයි සොලිස් බයෝටෙක් පමා ඒ.ජී ලෙස එහි සඳහන් වෙනවා
නීතිඥවරයා:
අදාළ සංක්ෂිප්ත ලේඛණය සකස් කළේ ඔබ එහි කුමක් හෝ වරදක් තිබෙනවා බව පේනවා ද ?
සාක්ෂිකාරිය:
එසේය ස්වාමීනි
නීතිඥවරයා :කෑල්ලක් අඩුයි නේද ?
සාක්ෂිකාරිය:
අයි සොලෙස් බයෝටෙක් පාමා යනුවෙන් පමණයි එහි සඳහන් වන්නේ" ඒ ජී "යන්න සඳහන් වන්නේ නෑ.
නීතිඥවරයා: එය අත් වැරදීමක්ද ?
සාක්ෂිකාරිය: අත් වැරදීමක් .
නීතිඥ වරයා:
එවැනි අත්වැරදීම් සිදුවිය හැකිද ?
සාක්ෂිකාරිය: මෙවැනි ලේඛන සැකසීමේදී එවැනි අත්වැරදීම් විය හැකියි.

රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන් සකස් කළ සංශිප්ත සටහනේ සැපයුම්කරු ලෙස "අයිසොලේස් බයෝ ටෙක් පාමා "යන නම සඳහන් කර ඇති අතර එය වැරදීමකින් සටහන් කර ඇති බව සාක්ෂිකාරිය පිළිගත්තාය. එය තමන්ට වූ වරදක් බවට පිළිගත් සාක්ෂිකාරිය එවැනි වැරදි සිදුවිය හැකි බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
මෙම නඩුවට අදාළව 253 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ වගුව තමන් විසින් සකස් කළ බව ප්‍රකාශ කල සාක්ෂිකාරිය එම වගුවට යටින් කමිටු සාමාජිකයන්ගේ නම් සඳහන් කළ බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
එහි ඖෂධය සහ ඊට අදාළ තොරතුරු ඇතුළත් කොට වගුව සකස් කර කමිටු සාමාජිකයන්ගේ අත්සන සඳහා ලබා දුන් බව ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය. එම ලේඛනයේ අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයේ නම ඇති අතර එහිද වරදක් ඇති බවද එය අත්වැරදීමක් බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

කමිටු සාමාජිකයන්ගේ නම් ලෙස දෙනාවත්ත, සුදර්ශන , ජයනාත් බුත්පිටිය, ප්‍රේමතුංග සහ සොලමන්ස් යන නම් සඳහන් වන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. එම නිල ලේඛනය අත්සන සහ මුද්‍රාවට ඉහළින් ඇති සටහනක eoi අයිතම ඉතා හදිසි අයිතම බවට සඳහන් කර ඇති බවද සාක්ෂිකාරිය ලේඛන පරීක්ෂා කර බලමින් කියා සිටියාය.
"EOI කමිටුව සඳහා ඇගයීමට ලක් කළ ඖෂධ තොග අඩු බවට තමන්ට දැනීමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට දැනීමක් නොමැති බවය.
එහිදී නීතිඥවරයා නැවත වරක් ප්‍රශ්න කර සිටියේ "මෙම ඇගයීම් කටයුතු කරන විට හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය මාසෙකටත් අඩු කාලයකට අවශ්‍ය තොග පමණක් ම තිබූ බවට සාක්ෂිකාරිය දැනුවත් ද?" යන්න පිළිබඳවය.
තමන්ට ඒ පිළිබඳව දැනුමක් නොමැති බවද වෛද්‍ය සැපයුම් අංශයේ ඇති තොග සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට නොහැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"ඔබ ප්‍රසම්පාදන කටයුතු කර තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ඉදිරි ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ" එම අංශයේ සේවය කරන අතර යම් යම් දේ සාකච්ඡා කර ලැබෙන උපදෙස් අනුව ලිපි සෑදීම තමන් කටයුතු කළ බව" ය.

"වෛද්‍ය සැපයුම් අංශයේ තොග සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තොග පාලන අංශයක් තිබෙන බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "ඒ පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බව"ය.
එහිදී නීතීඥවරයා" මම යෝජනා කරනවා කමිටුව රැස්වන විට රිටොප්සිමැප් ඖෂධය මාසයකටවත් ප්‍රමාණවත් නොවන පරිදි ශුන්‍ය තත්ත්වයේ තිබූ බවට " යනුවෙන් සාක්ෂිකාරියට ම පැවසූ අතර ඇය සඳහන් කළේ" වෛද්‍ය සැපයුම් අංශයේ ලිපිගොනු හෝ කටයුතු වලට අවතීර්ණ වීමට තමන්ට හැකියාවක් නොමැති බවය . තමන් විසින් ප්‍රමුඛතා ලේඛනය සකස් කල ද එහි සඳහන් වන්නේ මාසික අවශ්‍යතාවය බව" සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය .
"ඔබ රාජකාරී කළේ ඖෂධ තොග මට්ටම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැතිව ද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් සිදු කළේ "ලැබුණු උපදෙස් අනුව ලබාදුන් ලේඛන යතුරු ලියනය කිරීම පමණක් බව" ය.
"මූලික සාක්ෂි විභාගයේදී එකසිය හතලිස් තුන ගොනුවට අදාළව 229 ලෙස සලකුණු කළ ලේඛනය කුමක්දැ"යි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර එය ඖෂධ දෙසිය අසූ පහක් සඳහා EOI කැඳවීමේ ලේඛනය බව ඇය සඳහන් කළාය.
එහි "දෙසිය විසි නමය (A) යන කොටසේ කුමක්ද සඳහන් වන්නේ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර එම කොටස කියවූ සාක්ෂිකාරිය සඳහන් කළේ "ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ඇති සැපයුම්කරුවන්ට මෙම ඖෂධය සැපයිය හැකි බව"ය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති අවම මිල ලබාදුන් සැපයුම්කරුවන්ටද ඒ සඳහා අවස්ථාව දිය යුතු බව එහි සඳහන් වන බව සාක්ෂිකාරිය කියා සිටියාය .
"එය මාර්ගෝපදේශයක්ද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර ඇය සඳහන් කළේ ඒ පිළිබඳව පැවසීමට තමන් නොදන්නා බවය.
"ඔබ නොදන්නා බව පවසමින් ප්‍රශ්න මගහරින හරිනවා "යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළ අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "නෑ ,මම කළේ මට ලබාදෙන දේ යතුරු ලියනය කිරීම පමණයි ඒ ගැන අදහස් පළ කරන්න මට බෑ " යනුවෙන් කියා සිටියාය.
"එම කරුණ මාර්ගෝපදේශයක් බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය කුමන කරුණක් මත ඇතුළු කළාද යන්න පිළිබඳව තමන්ට සඳහනක් කළ නොහැකි බවය. WOR යනු wawe of registration යන්න බව පමණක් තමන් දන්නා බව ඇය සඳහන් කර සිටියාය.

තමන් ප්‍රසම්පාදන අංශයේ ලේඛන සම්බන්ධයෙන් කටයුතු කළ අතර EOI යටතේ ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කර ඇති බව තමන් නිවැරදිව නොදන්නා බවත් ඒ පිළිබඳව සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කළ නොහැකි බවත් සාක්ෂිකාරිය කියා සිටි අවස්ථාවේදී නීතිඥවරයා එහිදී විමසා සිටියේ එම කටයුත්තට අදාල ලේඛන මූලික සාක්ෂි විමසීමේදී සාක්ෂිකාරිය මගින් ලකුණු කිරීමකට ලක් කළ බවය.
එහිදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන් අදාළ ලේඛන සැකසීම පමණක් කළ අතර සැපයුම්කරුවන් යම් ප්‍රමාණයක් එහි සිටි බවය. තොරතුරු ඇතුළත් කිරීම සඳහා ලංසු කරුවන් විසින් ඉදිරිපත් කර ලේඛන උපයෝගී කරගත් අතර "ඖෂධ ලේඛනයක්" ඉදිරිපත් කර තිබුණාද යන්න පිළිබඳව තමන්ට නිවැරදි මතකයක් නොමැති බව ද සාක්ෂිකාරිය කියා සිටියාය.
"ඔබ සකස් කළ සංශිප්ත වාර්තා අනුව අයි සොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය මිල ගණන් ඉදිරිපත් කළාට එම ආයතනයට ගැනීම් නිර්දේශ නොලැබුණු බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවය.
" අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගොනු සකස් කරන අවස්ථාවේදී ඖෂධ හයක් තෝරාගෙන තිබූ බවම තමන්ට මතක බවද ඊට අමතරව ඇගයීම් කමිටුව විසින් ඖෂධ තුනක් තෝරාගෙන තිබූ බවද සාක්ෂිකාරිය එහිදී ප්‍රකාශ කළාය.
ඖෂධ 285න් ඖෂධ 229 ක් ෂෝට් ලිස්ට් කළ අතර එයින් හයක් ගැන පමණක් තමන්ට පැවසීමට හැකි බව සඳහන් කළ සාක්ෂිකාරිය සෙසු ඖෂධ සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ප්‍රකාශ කළාය.
ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව රාජකාරී ඉටුකිරීම වරදක් ලෙස තමන් නොදකින බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරියගෙන් හරස්
ප්‍රශ්න විමසීම සිදු කළේය.
මූලික සාක්ෂි විභාගයේදී සාක්ෂිකාරිය මගින් ලකුණු කරන ලද 143 ගොනුවේ 259 ලේඛනය මගින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වීම සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී සාක්ෂිකාරයගෙන් කරුණු විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ එම ලේඛනය මගින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වන බවය.
එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදනය හා නියාමන අංශය මගින් සිදුකළ අතර රාජ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ දී භෞතිකව එම කටයුතු සිදුකළ බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති දෙසිය විසි නවය ලේඛණයට අනුව විවිධ සැපයුම්කරුවන් ඔවුන්ට සැපය හැකි ඖෂධ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබූ බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
2022/09/ 22 දෙන දෙක දරණ ලේඛනය අනුව පස් දෙනෙකුගෙන් යුත් ඇගයීම් කමිටුවක් පත් කළ අතර එහි ප්‍රධානියා ලෙස දෙනාවත්ත මහත්මිය කටයුතු කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඇය අතිරේක ලේකම් ලෙස කටයුතු කළ බව සඳහන් කළාය.
"දෙනාවත්ත මහත්මිය මෙම නඩුවේ 144 වැනි සාක්ෂිකරු ලෙස නම්කර සිටින බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවය.එම කමිටුවේ සී.එච්.ආර්.එම් ප්‍රේමතුංග මහත්මිය සිටි අතර ඇය අභ්‍යන්තර විගණන අංශයේ සේවය කළ බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය .
එහිදී නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ අභ්‍යන්තර "විගණකවරිය කිසියම් කටයුත්තක් කිරීමේදී ඒ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි නේද?" යනුවෙනි.
"ඇය මේ වන විට අමාත්‍යාංශයේ සිටිනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කරන බවය .

HSECP කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු සිටි අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයේ අතුළ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව සිටි නීතිඥ සරත් ලියනගේ මහතා එම කමිටුවේ සාමාජිකයන් වන බව සාක්ෂිකාරිය ලේඛන ඇසුරෙන් ප්‍රකාශ කළාය.
නීතිඥවරයා: 2022 ඔක්තෝම්බර් 28 වැනිදා නිකුත් කළ ලේඛනයක් ගැන ඔබ සාක්ෂි දුන්නා .
සාක්ෂිකාරිය: ඔව්. ඔහු එහි සඳහන් කර තිබෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇති බව.
"මෙම ප්‍රසම්පාදනය වෛද්‍ය සැපයුම් අංශය යටතේ කළ ප්‍රසම්පාදනයක් නොවෙයි නේද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළත් අතර සාක්ෂිකාරිය ඊට "එසේය ස්වාමීනි "යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
නීතිඥවරයා:
6v6 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ වෛද්‍ය සැපයුම් අංශයේ එක කියලා කරන්න කිව්වේ කවුද ?
සාක්ෂිකාරිය:
ටයිප් කළේ බුත්පිටිය මහතා ගේ .උපදෙස් මත.
නීතිඥවරයා: එය වැරදියි නේද?
සාක්ෂිකාරිය: එය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. මට දුන්න උපදෙස් අනුව මම ටයිප් කලා"
තමන් විසින් ඖෂධ එකසිය හැත්තෑ හයකට අදාල තීරණ ය සකස් කළ බවත් purchasing order ය යවන ලෙස දැනුම් දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විධානයක් කළ බවත් සාක්ෂිකාරිය කියා සිටියාය
"මෙලෙස කළ ප්‍රසම්පාදන තීරණය වැරදියි කියා කවුරුන් හෝ කියා තිබෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර "නැත ස්වාමීනි "යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබාදුන්නාය.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කමිටුවල පාලන අංශයේ දෙනාවත්ත විගණන අංශයේ ප්‍රේමතුංග, ඖෂධ සංස්ථාවේ සරත් ලියනගේ, ඇතුළු කිහිප දෙනෙකු සිටි නමුත් ඔවුන් විසින් හෝ මෙය වැරදි බවට සඳහනක් නොකළ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
එම නීතිඥවරයා ගේ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නම වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
එහිදී සාක්ෂිකාරිය සේවය කරන අංශයේ පැමිණීමේ ලේඛනය සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර සාක්ෂිකාරිය එම පැමිණීමේ ලේඛණය ආයතනයේ පවතින බව සඳහන් කළාය
මෙම සිද්ධියට අදාළව තමන් අවස්ථාවන් කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන් අතර එහිදී සත්‍ය කරුණු ප්‍රකාශ කළ අතර මෙම පැමිණීමේ ලේඛනය භාරදීම සඳහා බාධාවක් පැවතියේ නැති බව ද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.
තමන් ප්‍රසම්පාදන අංශයේ සේවය කරද්දී එහි තමන්ට ඉහළ නිලධාරියා ලෙස වෛද්‍ය ධනංජය මහතා කටයුතු කළ බවද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය.
තමන් විසින් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කිහිපයක් ලබාදුන් අතර එම ප්‍රකාශ ලබාදුන් දිනයන් මතක නැති බවද යම් පරතරයක් ඇතිව අදාළ ප්‍රකාශ ලබාදුන් බව ද ඇය සඳහන් කළාය.
නීතිඥවරයා:
ඔබෙන් පළවෙනි ප්‍රකාශය 2024 /03/07 දාත් දෙවැනි ප්‍රකාශය 2024 /03/15 වැනිදාත් තුන්වැනි ප්‍රකාශය 2024/03/02 වැනිදාත් ලබා ගත් බවට පිළිගන්නවාද ?
සාක්ෂිකාරිය:
ඔව්
නීතිඥවරයා: හතරවන ප්‍රකාශයක් 2024 /06/02 දින ලබාදී තිබෙනවා නේද ?
සාක්ෂිකාරිය :එසේ ස්වාමීනි
නීතිඥවරයා: මෙම ප්‍රකාශ ලබා ගැනීමේදී එම ප්‍රකාශය ලබාගන්නේ කවර හේතුවක් මතද යන්න ඔබට ප්‍රකාශ කළාද ?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී පළවෙනි ප්‍රකාශයේදී buy hand book දෙකක් සම්බන්ධයෙන් දෙවැනි ප්‍රකාශය evaluationලේඛන සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළා.
නීතිඥවරයා: ඔබ සංවර්ධන නිලධාරිනියක් නේද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
නීතිඥවරයා:
ඔබ ප්‍රසම්පාදන නිලධාරිනියක්ද?
සාක්ෂිකාරිය :
මා ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා.
නීතිඥවරයා:
ඔබට ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස පත්වීමක් තිබෙනවාද ?
සාක්ෂිකාරිය: එවැනි පත්වීමක් නෑ. නමුත් මම ප්‍රසම්පාදන කටයුතු වලට අදාල කටයුතු කළා. එවැනි අවස්ථාවලදී ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස හැඳින්විය හැකියි.
නීතිඥවරයා: ඔබ හිතනවා ඔබව ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස හැඳින්විය හැකියි කියලා .
සාක්ෂිකාරිය :එහෙමයි ස්වාමිනි
ප්‍රසම්පාදන කටයුතු වලදී ඉහළ නිලධාරීන් දෙන උපදෙස් අනුව ලේඛන සකස් කිරීම තමන් විසින් සිදුකළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
කොවිඩ් 19 දින හදිසි ප්‍රසම්පාදන කටයුතුවලට සහභාගි වීමට පෙර ආයතන ප්‍රධානියා ලෙස කටයුතු කළ ධනංජය මහතාගේ උපදෙස් පරිදි ප්‍රශම්පාදන කටයුතුවලට අදාළ පුහුණුවීම් ලැබූ බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.

කමිටු සඳහා පත් කරන අයගේ පත්වීම් ලිපි සකස් කිරීම තමන් විසින් සිදු කළ අතර එම ලිපිය සමන් රත්නායක මහතාගේ අනුමැතියට යැවූ බවද එම ලේඛන සැකසීම සඳහා ධනංජය සමරසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බවද සාක්ෂිකාරිය කියා සිටියාය
තාක්ෂණික ඇගයීම් කමිටුව වෛද්‍ය රුවන් දල්පදාදු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ප්‍රසම්පාදන අංශයේ ප්‍රධානියා ලෙස බුත්පිටිය මහතා කටයුතු කළ බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
තාක්ෂණික ඇගයීම් කටයුතු කිරීම සඳහා වෙනම අංශයක් තිබූ අතර වෛද්‍ය ධනංජය සමරසිංහ යටතේ තමන් ටෙන්ඩර් එක සැකසීම පමණක් සිදුකළ බවද තාක්ෂණික කමිටුව පත් කිරීමට අදාළ ලිපි සකස් කිරීම ප්‍රසම්පාදන අංශය විසින් සිදුකළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය
කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි මිලදී ගැනීම් වලට අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කීපයක් විමසා සිටියේය.
සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදනය සහ කමිටුව සම්බන්ධයෙන් තමාට දැනීමක් ඇති බව එහිදී සඳහන් කළ සාක්ෂිකාරිය එහි සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රගුප්ත මහතා ද මුදල් අමාත්‍යාංශයේ අතුළ කුමාර, එස්පීසි සභාපති සරත් ලියනගේ කටයුතු කළ ළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම සාක්ෂිකාරයගෙන් තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළ අතර දිනය අවසානයේදී විනිසුරු මඩුල්ල ට දන්වා සිටියේ මෙම සාක්ෂිකාරියගෙන් තවත් දින දෙකක කාලයක් හරස් ප්‍රශ්න විමසීමට තමන්ට අවශ්‍ය බවය.
ඒ අනුව එම ප්‍රශ්න කිරීම් ඉදිරි දිනවලදී සිදු කිරීමට නියම කෙරිණ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

