ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා 2022/09/22 දින සෞඛ්‍ය ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමක් පිළිබඳව තමන් නොදන්නා බව ප්‍රමිතියෙන්
තොර හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් ඖෂධ මිලදී ගැනීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදුන් සාක්ෂිකාරිය ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියාය.
එවැනි රැස්වීමක් තිබුණාද යන්න හෝ එවැන්නක් තිබුණා නම් එහි කතා කළේ මොනවාද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් මෙම නඩුවේ අටවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත ව්ජේසුන්දර මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් මූලික සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කළ අතර 1,4,6,11,2,9 විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ද අවසන් කරන ලදි.
එහිදී දහවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නාවාන මහතා සාක්ෂිකාරියගෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදුකිරීම ඊයේ දින සිදු කළේය .
ජනාධිපති නීතිඥවරයා:
මෙම නඩුවට අදාළව පැ.229 ලකුණු කර ඇති ලේඛනය ඔබ මීට පෙර සාක්ෂි දෙමින් හඳුනාගත්තේ ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ මාස තුනකට කාලයකට ලබා ගැනීම සඳහා සකස් කළ ලේඛනයක් ලෙස නේද?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි:

ජනාධිපති නීතිඥවරයා: ලන්සු කැඳවන ලද ප්‍රසම්පාදන කටයුතු සිදු කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රසම්පාදන කමිටුව මගින් . ඖෂධ ලැයිස්තුවක් ඇමුණුමක් ලෙස ඉදිරිපත් කර තිබෙනව. එහි අංක 93 යටතේ ඇති ඖෂධය බලන්න. ඒ සඳහා ලන්සු විවෘත කිරීමක් කර තිබෙනවාද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී, මෙම ලේඛනය 251 ලෙස එය ලකුණු කර තිබෙනවා .
ජනාධිපති නීතිඥවරයා :එම ඖෂධයට අදාළව ලන්සු කොපමණ සංඛ්‍යාවක් ලැබී තිබෙනවාද ?
සාක්ෂිකාරිය: ඒ සඳහා ලන්සු 13 ලැබී තිබෙනවා. ඒ බව අධිකරණයට ඉදිරිපත් කර ඇති අසූ දෙක ගොනුවේ හැට එක සහ හැට දෙක යන පිටුවල සඳහන් වෙනවා.
ජනාධිපති නීතිඥවරයා :ඒ අතුරෙන් NMRA ලියාපදිංචිය මෙම සැපයුම්කරුවන්ට තිබෙනවාද?
සාක්ෂිකාරිය : සැපයුම්කරුවන් හතර දෙනෙක් ලියාපදිංචි සහතික ඉදිරිපත් කර තිබෙනවා. දෙකක් සජීවී ලියාපදිංචි සහතික සැපයුම්කරුවන් දෙදෙනෙකුගේ ලියාපදිංචි සහතික කල් ඉකුත් වී තිබුණා.
ජනාධිපති නීතිඥවරයා :ඒ කියන්නේ ලන්සුව ඉදිරිපත් කළ සැපයුම්කරුවන් අට දෙනෙක් ලියාපදිංචි වී නෑ .
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.

මෙම ඖෂධය සඳහා ඉදිරිපත් කර ඇති ලන්සුකරුවන් අතරින් අවම ලංසුව අයිසොලෙස් බයෝ ටෙක් පමා ඒ ජී ලිමිටඩ් ආයතනයෙන් ඉදිරිපත් කර තිබූ අතර ඒකකයක අගය ඇමරිකානු ඩොලර් පහක් ලෙස දක්වා තිබූ බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. එම ලන්සුව ඉදිරිපත් කර තිබූ NMRA ලියාපදිංචි සහතිකය සහිත සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින අතර එක් අයෙක් ඇමරිකානු ඩොලර් 10 ක් සහ අනෙක් සැපයුම්කරු ඇමරිකානු ඩොලර් 14ක් ඒකකයක වටිනාකම ලෙස ඉදිරිපත් කර තිබූ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. එසේම අදාල ඖෂධ තොගය ලබාදිය හැකි කාලසීමාව අවම ලන්සු කරු විසින් වැඩ කරන දින එකත් පහත් අතර කාලයක් ලෙස සඳහන් කර ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"මෙම ලේඛනයේ ලංසුකරුවන්ගේ නම් සඳහන් කර ඇත්තේ ඒකකයකට ඉදිරිපත් කළ වටිනාකමෙහි අනුපිළිවෙල අනුවද?" යන්න පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකාරිය සඳහන් කළේ ඔවුන් විසින් ඉදිරිපත් කළ මිල ගණන්වල වටිනාකම වැඩි වීමේ අනුපිළිවෙලට එම සටහන සකස් කර ඇති බවය.
මෙම ඖෂධය ලබාදීමේ ටෙන්ඩර් පත්‍රය අවම ලංසුකරුට ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයක ට යටත්ව ලබාදීමට ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති බවද සජීවී ලියාපදිංචිය සහිත සැපයුම්කරු සහ මෙම අවම ලංසුකරු අතර මිලෙහි වෙනස ඇමෙරිකානු ඩොලර් පහක් ලෙස සටහන් වන බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
එහිදී නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ" මෙම නිර්දේශය සඳහා ඇගයුම් කමිටු සාමාජිකයන් අත්සන් තබා තිබෙනවාද?" යන්න පිළිබඳවය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ ඔවුන් සියලු දෙනාම අත්සන් තබා ඇති බවය. ඔවුන්ගෙන් එක්කෙනෙකු හෝ වැඩි අයෙකු වෙනත් සටහනක් තබා නැති බවද සාක්ෂිකාරිය ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියාය.

"ඔබ මීට පෙර සාක්ෂි දෙමින් ප්‍රසම්පාදන කමිටුවේ තීරණ ගැන සඳහන් කළා නේද?. එම ලේඛනයේ මෙම ඖෂධයට අදාළව ප්‍රසම්පාදන තීරණයක් අරගෙන තිබෙන බව සඳහන් වෙනවාද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ "ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන තීරණයක් බවට සටහනක් නොමැති බව"ය. ප්‍රසම්පාදන තීරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති 83 ගොනුවේද එය සඳහන්ව නොමැති බව සාක්ෂිකාරිය ලේඛන පිරීක්මිසන් සඳහන් කර සිටියාය .එසේම ලන්සු පිරිනැමීමේ ලේඛන ඇතුළත් ගොනුව 6 ලෙස නම් කරමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම ගොනුවේද මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන පිරිනැමීමේ ලිපියක් ඇතුලත් නොවන බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.
අනතුරුව සාක්ෂිකාරියට තවත් ප්‍රශ්නයක් යොමු කරමින් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ "අධිකරණයට ඉදිරිපත් කර ඇති 247 දරණ ප්‍රමුඛතා ලැයිස්තු අංක එක යටතේ සඳහන් තවත් ඖෂධයක් සම්බන්ධයෙන් කරුණු විමසා සිටි ජනාධිපති නීතිඥවරයා "අදාළ ඖෂධ සැපයීම සඳහා ලන්සු කරුවන් කීදෙනෙක් ඉදිරිපත් වී තිබේදැ"යි සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර ඇය ඊට පිළිතුරු දෙමින් සඳහන් කෙරේ සැපයුම්කරුවන් දෙදෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වී ඇති බවය. ඒ සඳහා වූ අවම ලන්සුව අයිසොලෙස් බයෝ ටෙක් පමා ඒ ජී ලිමිටඩ් ආයතන ඉදිරිපත් කර ඇති අතර ඒකකයක මිල ලෙස ඇමරිකානු ඩොලර් 15 ක් සඳහන් කර ඇති බවද සඳහන් කළ සාක්ෂිකාරිය අනෙක් ලන්සුකරු ඇමරිකානු ඩොලර් 293ක් එක් ඒකකයකට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් දෙදෙනා අතර වෙනස ඇමරිකානු ඩොලර් 278 ක් වන බවද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය .
"ඒ සම්බන්ධයෙන් ඇගයීම් කමිටුව ගෙන ඇති තීරණය කුමක්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ අයිසොලෙස් බයෝටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයට ලියාපදිංචිය මුදාහැරීමේ සහතිකය සමග ඖෂධය සැපයීමට නිර්දේශ කරන අතර අවම මිල සහ එන්.එම්.ආර්.ඒ ලියාපදිංචිය සහිත ලන්සුකරුවන් අතර වෙනස ඇමරිකානු ඩොලර් 278ක් ලෙස සඳහන් වන බවද කියා සිටියාය .
"ඊට අදාළ ප්‍රසම්පාදන කමිටු තීරණයක් තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන තීරණයක් සඳහන් නොවන බවද සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළාය. එසේම එම ඖෂධ සම්බන්ධයෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමක් සිදුවී නොමැති බවද ඇය තවදුරටත් සඳහන් කළාය.
ප්‍රමුඛතා ලේඛනයේ අංක 2 ලැයිස්තුවට අදාළ අවශ්‍ය දේකට අවශ්‍ය දෙයක් සැපයීම සඳහා කළ කැඳවීමට ලැබුණු ප්‍රතිචාරයට අදාළ තොරතුරු 250 ගොනුවේ අංක 5 පිටුවේ සදහන් වී තිබෙන බවද සාක්ෂිකාරිය ලේඛන පරීක්ෂා කර බලමින් කියා සිටියාය.
එම ඖෂධ සැපයීම සඳහා එක් ලන්සුකරුවකු පමණක් ඉදිරිපත් වී සිටි අතර අයිසොලෙස් බයෝ ටෙක් පමා ඒ ජී ලිමිටඩ් යනුවෙන් සඳහන් වන එම සැපයුම්කරුට NMRA ලියාපදිංචි සහතිකයක් නොමැති අතර අදාල ඖෂධය දින එකත් පහත් අතර කාලයකදී ලබාදිය හැකි බවට ඔවුන් විසින් සඳහන් කර තිබූ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය .

"ඒ සම්බන්ධයෙන් ඇගැයීම් කමිටුවේ තීරණය කුමක්ද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනි ;එහි සඳහන් වෙන්නේ එකම ලන්සු කරුවා වූ අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් යන ආයතනයට WOR එකක් සහිතව අදාළ ප්‍රදානය කිරීමට නිර්දේශ කරන බව ය. එම ප්‍රසම්පාදන තීරණය සඳහා සාමාජිකයන් සියලු දෙනාම අත්සන් තබා ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය. මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන තීරණයක් නොමැති බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. එම ඖෂධයට අදාළව ටෙන්ඩර් පිරිනැමීමක් සිදුකර නොමැති බවද සාක්ෂිකාරියට ලේඛන පරික්ෂා කර බලන මෙන් කියා සිටියාය.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් යන ආයතනය ඖෂධ හයක් සඳහා ලන්සු ඉදිරිපත් කර ඇති බවට සාක්ෂිකාරිය මීට පෙර සාක්ෂි ලබාදුන් බව එහිදී සඳහන් කර සිටි ජනාධිපති නීතිඥවරයා ඇයට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ "ඔබ දන්නවාද තවත් ඖෂධ අටක් සඳහා මෙම බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනය ලන්සු ඉදිරිපත් කර තිබූ බව" යනුවෙන් විමසා සිටියේය.
පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ " ඊට අදාළ ලේඛන බැලීමකින් තොරව ඒ සඳහා පිළිතුරු ලබාදිය නොහැකි බව"ය. එහිදී ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඩුල්ල අමතමින්
"ස්වාමීනී, මෙම තොරතුරු හරස් ප්‍රශ්නය කිරීම් සිදුකිරීම සඳහා අවශ්‍ය වන බවට මා මීට පෙර අධිකරණයට දැනුම් දුන්නා. මෙම ලේඛන ලබාදෙන ලෙස මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් සිදු කළා. එහිදී පැමිණිල්ලෙන් කිව්වා එම ලේඛන අධිකරණය හමුවේ ඇති බව. "

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
"නෑ මා එසේ කිව්වේ නෑ. සාක්ෂි මත පදනම්ව තමයි ප්‍රකාශය කළේ. සාක්ෂිකාරිය කිව්වේ මේ සම්පාදන වලට අදාළ සියලු ලේඛන ඇගේ අංශයේ කබඩ් එකක ඇති බවයි ".
ජනාධිපති නීතිඥවරයා:
ස්වාමීනි මා එම ලේඛන සම්බන්ධයෙන් මා විමසීමක් කළා. මගේ සහෝදර නීතිඥවරුන් කිසිවෙකුට හෝ එම ලේඛන ලැබී තිබුණේ නැහැ. ඒ නිසා මම මෝසමක් මගින් ඉල්ලුවා. එම මෝසමෙහි අදාළ ඖෂධ අට සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා .පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එකහෙලාම කිව්වා මෙම ලේඛන සියල්ලම මුල් ගොනු සමග අධිකරණයේ තිබෙන බව. ඒ නිසා අධිකරණය එම මෝසම සලකා බැලුවේ නෑ"
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය:
එම ප්‍රකාශය වැරදි ස්වාමීනී, අදාළ ලේඛන කබඩ් එකේ ඇති බව තමයි සාක්ෂිකාරිය කිව්වේ. එම දිනට අදාළ පටිගත කිරීම් අසන ලෙස මා ඔබතුමන්ලා ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥවරයා: ඊට මාත් එකඟයි. රෙකෝඩ් එක අහන්න .සාක්ෂිකාරිය එවැන්නක් කියූ බව මගේ උගත් මිතුරිට ඇහුනත් මට එවන්නක් ඇසුණේ නෑ .මට ඉතිරි ප්‍රශ්න කිරීම සඳහා මෙම ලේඛන අවශ්‍යයි. "
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
"ස්වාමීනී ,එම කරුණ වැරදියි. අධිකරණ නියෝගයකට අනුව ඇතැම් ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. දහවෙනි විත්තිකරු විසින් තමයි සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන කැඳවීම්ව ලට අදාළ ගොනු කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ"
ජනාධිපති නීතිඥවරයා:
මෙම සිද්ධියට අදාළ විමර්ශනය කළේ දහවෙනි විත්තිකරු විසින් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම නඩුවට අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා. මම අධිකරණය අමතමින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ. ඊට බාධා කරමින් මෙලෙස හැසිරීම වැරදියි .

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :
යම් ලේඛන ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නේද ?
සාක්ෂිකාරිය : සෞඛ්‍ය අංශයේ අතිරේක ලේකම් පාලන තුන අංශයේ එම ලේඛන තිබෙනවා ස්වාමීනි .
ජනාධිපති නීතිඥවරයා : එම ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තු අංක එකට අයත්.
සාක්ෂිකාරිය : ස්වාමීනි, එසේනම් එය අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩු ගොනුවක තිබෙනවා.
සභාපති විනිසුරුවරයා: එය ඔබට සොයාගත හැකිද ?
සාක්ෂි කාරිය: එසේය ස්වාමීනි
සභාපති විනිසුරුවරයා: එසේ නම් එය සොයා අධිකරණයට ඉදිරිපත් කරන්න
අදාල ලේඛන පරික්ෂා කර බැලීම සඳහා විනාඩි දහයක කාලයක් අවශ්‍ය බව සාක්ෂිකාරිය සඳහන් කළ අතර ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් අධිකරණයේ කටයුතු මද වේලාවකට කල් තබන ලදී.
නැවත අධිකරණය රැස්වූ අවස්ථාවේදී සාක්ෂිකාරිය විසින් අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කළාය.
සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න විමසීමේදී අදාළ ප්‍රමුඛතා ලේඛන අංක එකෙහි සඳහන් ඖෂධ අටක් සම්බන්ධයෙන් පිළිවෙලින් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.
අදාළ ඖෂධය ඊට අදාළ SR අංකය ,ඉදිරිපත් කර ඇති ලන්සුකරුවන් සංඛ්‍යාව, ඔවුන්ගේ අවම මිල, අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතන ඉදිරිපත් කර ඇති මිල , එම ආයතනය අදාළ ලැයිස්තුවේ ඇතුළත් වන අංකය, ඇගයීම් කමිටු නිර්දේශය සහ ප්‍රසම්පාදන කමිටු තීරණය සම්බන්ධයෙන් එහිදී සාක්ෂිකාරියගෙන් එක් එක් ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීම සිදු කෙරෙන කරන ලදී.
අයිසොලේස් බයෝ ටෙක් පාමා සමාගම ඒම ඖෂධ කිහිපයක් සඳහා ඉහළම මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර ඇතැම් ඖෂධ සැපයීම සඳහා අවම මිල ගණනක් නියම කර තිබූ සමාගම්වලට එය ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබූ අත් තිබූ බවද එහිදී අනාවරණය කෙරිණි. එසේම ඇතැම් ඖෂධ සඳහා අවම මිල ඉදිරිපත් කර ලන්සුකරුවන් අදාල ඖෂධ තොගය ලබාදීමේ කාලසීමාව පිළිබඳ ව අපැහැදිළි තත්ත්වයන්, ඖෂධ බෙදා හැරීමේ කාලසීමාවට අනුකූල නොවීම යන හේතූන් මත දෙවැනි හෝ තුන්වෙනි හෝ අවම මිල ඉදිරිපත් කර ලන්සුකරු ට අදාළ ටෙන්ඩරය පිරිනැමීමට ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර ප්‍රසම්පාදන කමිටුව විසින් එය තීරණය කර ඇති බවද ඒ අනුව සම්පාදන පිරිනැමීමේ ලේඛන නිකුත් කර ඇති බවද සාක්ෂිකාරිය ප්‍රශ්න වලට අදාළ ලේඛන ඇසුරෙන් පිළිතුරු දෙමින් සඳහන් කළාය.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇතැම් ඖෂධ සැපයීම සඳහා ඉදිරිපත් කර ඇති සමාගම් පිළිබඳව සලකා බලා ඇගයීම් කමිටුව විසින් නිර්දේශ නිකුත්කර තිබුණද ප්‍රසම්පාදන කමිටුව විසින් ඇතැම් ඖෂධ මිලදී ගැනීම සඳහා තීරණයක් ගෙන නොතිබූ බවය. ඒ අනුව ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ ලිපි නිකුත් කිරීමක් කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අනතුරුව ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියකින් විමසා සිටියේ "මේ දක්වා ඔබ දුන් සාක්ෂි වලට අනුව අයිසොලෙස් බයෝටෙක් පාමා බයෝ ඒ ජී ලිමිටඩ් ආයතනය ඉදිරිපත් කර තිබූ ලන්සු අතුරින් ඖෂධ කීයක් සැපයීම සඳහා ප්‍රසම්පාදන තීරණ ලැබූ ලැබී තිබුණේද යන්න පිළිබඳවය.
එහිදී සාක්ෂිකාරිය සදහන් කර සිටියේ "ඖෂධ 14ක් සම්බන්ධයෙන් එම ආයතනය ලන්සු ඉදිරිපත් කර තිබූ අතර 6 ක් සම්බන්ධයෙන් ඇගයීම් කමිටුවේ නිර්දේශ ලැබී තිබූ බව"ය.
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් ඖෂධ සැපයීම සඳහා එම ආයතනයට ප්‍රසම්පාදන තීරණය ලැබී තිබූ බවද සඳහන් කළ සාක්ෂිකාරිය ඖෂධ අටක් සම්බන්ධයෙන් අදාළ සමාගමට නිර්දේශ ලැබී නොතිබූ බව කියා සිටියාය.
ඔබේ සාක්ෂිය අනුව "අයිසොලෙස් බයෝටෙක් පාමා ඒ.ජී.ලිමිටඩ් ආයතනය ඉදිරිපත් කළ ලන්සු අතරින් ඖෂධ හයක් නිර්දේශ කරත් එයින් ඖෂධ තුනක් සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින් ටෙන්ඩර් ප්‍රදානයක් කර නැහැ" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට විරෝධය පළ කළාය .
"ස්වාමීනී එම ප්‍රකාශයට මම විරුද්ධයි. සාක්ෂිකාරිය එම කමිටු සාමාජිකයෙක් නෙවෙයි. හදිසි ප්‍රසම්පාදන කමිටුවේ කරුණු ගැන මේ සාක්ෂිකාරියට ම කියන්න බැහැ. සාක්ෂි දෙන්න බෑ "
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: "ලේඛනවල ඇති දේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න . එවැනි තීරණයක් අඩංගුවට නැති එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්."
ජනාධිපති නීතිඥවරයා: ස්වාමීනී සාක්ෂිකාරිය තමයි කිව්වේ ඖෂධ හයක් තිබූ බව. ඖෂධ හයකට නිර්දේශ කර තිබූ බව. ප්‍රසම්පාදන කමිටුව විසින් හයක් නිර්දේශ කර තිබියදී තුනයි දුන්නේ"
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : "හයෙන් තුනක් දුන්නද යන්න දන්නේ ප්‍රසම්පාදන කමිටුව.ඒ අය තමයි තීරණය කරන්නේ .ඒ ගැන සාක්ෂි දෙන්න මේ සාක්ෂිකාරියට බෑ "
සභාපති විනිසුරුවරයා :ඖෂධ තුන ගැන ලේඛන මත ප්‍රශ්න අහන්න .
ඔබට අවශ්‍ය මේ තෝරා ගැනීම සාධාරණ බව අධිකරණයට පෙන්වීමට නේද ?
ජනාධිපති නීතිඥවරයා :එසේය ස්වාමීනි
එම සංවාදයෙන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
අයි සොලෙස්බයෝටෙක් පාමා ඒ ආයතනයට ඖෂධ තුනක් සම්බන්ධයෙන් ටෙන්ඩර් ප්‍රදානය කර ඇති බවට ඔබ සාක්ෂි ලබා දුන්නා . එසේම තවත් ඖෂධ තුනකට ඇගයීම් කමිටු නිර්දේශය ලැබී තිබූ බව ඔබ කිව්වා නේද" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය පිළිගත්තාය.
මෙම ප්‍රසම්පාදනයට අදාළව ඖෂධ ටෙන්ඩර් එකසිය හැත්තෑවක ප්‍රමාණයක් සැපයුම්කරුවන් 25 ක් පමණ අතර බෙදී ගිය බව සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය

තමන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට රාජකාරී සඳහා පත්වීම ලැබ පැමිණෙන විට එහි ලේකම්වරයා ලෙස සමන් කුසුම් සිරි රත්නායක රාජකාරියක කටයුතු කළ අතර එම අමාත්‍යංශය අහෝසි කිරීමෙන් අනතුරුව එහි සිටි පිරිස රාජ්‍ය අමාත්‍යාංශයේ ම රැඳී සිටි බවද එහි සේවය කළ අයගේ පෞද්ගලික ලිපිගොනු රාජ්‍ය අමාත්‍යාංශයේ ම තිබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය. තමන් සිටි අංශයේ ප්‍රධානියා ලෙස ජයනාත් බුත්පිටිය මහතා කටයුතු කළ අතර අභ්‍යන්තර විගණන ඒකකයේ ප්‍රේමතුංග මහත්මිය ද, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්බන්ධ අංශයේ අරවින්ද මහතාද කටයුතු කළ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ කටයුතු කිරීමේදී සිය අංශ ප්‍රධානියා වූ බුත්පිටිය මහතාගේ උපදෙස් මත කටයුතු කළ අතර අදාළ ලිපි යතුරුලියනය කළා මිස එහි අන්තර්ගතය පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
තමන් වෙනත් ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර ඇති නමුත් ඉන්දියානු නය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු කළ කළ ප්‍රථම අවස්ථාව මේ වන බැවින් ඒ පිළිබඳව අවබෝධයක් නොතිබුණු බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
ජනාධිපති නීතිඥවරයාගේ එම හරස් ප්‍රශ්න සිදුකිරීමෙන් අනතුරුව මෙම නඩුවේ හත්වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීක්ෂණ පතිරණ සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය.
සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සඳහා promise.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලන්සු කැඳවීමේ ලේඛනය සම්බන්ධයෙන් එහිදී නීතිඥවරයා ප්‍රශ්න කිහිපයක් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ අදාළ ලේඛනය තමන්ට හඳුනාගත හැකි බවත් එහි ලන්සු කැඳවන ආරම්භක දිනය 202209/27 ප:ව 4 .00ලෙස සඳහන් වන අතර ලන්සු කැඳවීමේ අවසන් දිනය 2022/10/03 පෙ:ව 11 .00ලෙස සඳහන් කර ඇති බවය.
දෙනාවත්ත මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කළ ප්‍රේමතුංග මහත්මිය කටයුතු කළ බව සාක්ෂිකාරිය ඊට පෙර සඳහන් කළ බව පෙන්වා දුන් නීතිඥවරයා "ඇය එම කමිටුවට පත් කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් තිබේදැ"යි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු අවබෝධයක් නොමැති බවය.

"අභ්‍යන්තර විගණකවරිය කමිටුවට ඇතුළත් කරගන්නේ එහි කටයුතු නිසි පරිදි කිරීමට බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ" බුත්පිටිය මහතා දුන් උපදෙස් අනුව අදාළ කමිටු සාමාජිකයන්ගේ නම් සහිත ලිපි යතුරු ලියනය කිරීම කළා මිස එම අය එම තනතුරු වලට පත් කළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව තමන්ට කිසිදු අවබෝධයක් නොමැති බව"ය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ අටවෙනි විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
නීතිඥවරයා: නම වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසන අවස්ථාවේදී ඔබ සඳහන් කළා 2022 සැප්තැම්බර් මස 2 වැනි දා අට වැනි චූදිතගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් ගැන.
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි
නීතිඥවරයා :එම රැස්වීම ගැන ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය :නැත ස්වාමීනී
නීතිඥවරයා: එහෙම රැස්වීමක් තිබ්බාද කියලා දන්නෙත් නෑ?
සාක්ෂිකාරිය: නැහැ
නීතිඥ වරයා:
එහෙම රැස්වීමක් තිබ්බා නම් ඒකෙ මොනවද කතා කළේ කියලත් දන්නේ නෑ.
සාක්ෂි කාරිය:නැත ස්වාමීනී
අනතුරුව සාක්ෂිකාරියගේ අවධානය අධිකරණය හමුවේ ඇති 73 ගොනුවේ 13 දහතුන පිටුවෙහි ඇති පැ.231 ලේඛනය වෙත අවදානය යොමු කරන බව ප්‍රකාශ කළ නීතිඥවරයා එලෙස ලකුණු කර ඇති මෙම ලේඛනයේ පළමු වන ඡේදයට අවධානය යොමු කරන ලෙස සාක්ෂිකාරියට ප්‍රකාශ කළේය.
2022 සැප්තැම්බර් 22 වැනි දා අටවැනි චූදිතගේ ප්‍රධානත්වයෙන් පැවති බව කියන රැස්වීමේ දී "අභිලාෂ කැඳවීමේ කටයුත්තක් හෝ EOI ගැන කතා කළ බවක් එම ලේඛනයේ කොතැනක හෝ සටහන් වෙනවද? "යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
"නැත ස්වාමීනී "යනුවෙන් සාක්ෂිකාරිය එහිදී පිළිතුරු ලබා දුන්නාය.
අනතුරුව "එම ලේඛනයේ දෙක ඡේදයේ සඳහන් වන්නේ කුමක්දැ"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" ඉහත සඳහන් තීරණය හා වෛද්‍ය සැපයුම් ඒකකය ඉදිරිපත් කළ අවශ්‍යතාවය අනුව අත්‍යවශ්‍ය සහ ජීවිත ආරක්ෂක ඖෂධ සඳහා සැපයුම්කරුවන්ගේ අභිලාෂ කැඳවීමට තීරණය කළ බව එහි සඳහන් වන බවය.

"මා ඔබට යෝජනා කරනවා 2002 සැප්තැම්බර් මස 22 දින ඇමතිවරයා සමග පැවති රැස්වීම් සටහන් වල අභිලාෂ කැඳවීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොමැති බවට "යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" රැස්වීම් සටහන් මා දැක නෑ .ඒ පිළිබඳව මට අවබෝධයක් නෑ." යනුවෙනි
එහිදී අමාත්‍ය මණ්ඩල සංදේශයකට සාක්ෂිකාරියගේ අවධානය යොමු කරන බව ප්‍රකාශ කළ නීතිඥවරයා එම ලේඛනය හඳුනනවාදැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය. එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ, එම ලේඛනය හඳුනන අතර එහි කෙළවරේ සඳහන් වන "මගේ අංකය" ලෙස සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමට තමන්ට දැනුමක් නොමැති බවය.
සාක්ෂිකාරියගේ අවධානය අභ්‍යන්තර සටහනකට යොමු කරන බව සඳහන් කළ නීතිඥවරයා" එහි යොමු අංකයක් ඇති බවද එය අදාළ කැබිනට් සංදේශයේ "මගේ අංකය" ලෙස සඳහන් වූ අංකය ද යන්න හදුනා ගැනීමට හැකියාවක් තිබේදැ"යි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
එම අංක දෙකම සමාන බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය අදාල ලේඛනය අභ්‍යන්තර මෙමෝවක් බවට පිළිගත්තාය. එම අභ්‍යන්තර මෙමෝව කිසියම් අවස්ථාවකදී කැබිනට් සංදේශය හා එහි ඇති ඇමුණුම් අනුපිළිවෙලට නොතිබූ නිසා ඒවා නැවත අනු පිළිවෙලට සකසා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති ලේඛනයක් බවට සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය .
නීතිඥවරයා: ඔබ එම ඇණුම් සම්බන්ධයෙන් දැනුවත් ද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි
නීතිඥවරයා : ඇමුණුම් නිසි ලෙස අමුණා නොතිබීම මෙමෝ පත්‍රයට හේතුව බව ඔබ දන්නවාද ?
සාක්ෂි කාරිය:
හේතුව දන්නේ නෑ ස්වාමීනී විශාල ලේඛන රාශියක් මෙම කරුණට අදාළව ඇමිණුවා .
නීතිඥවරයා: එම ලේඛන සකස් කළේ කවුද?
සාක්ෂිකාරිය :මම ඇතුළු පිරිසක් විසින් එය සකස් කළා .
නීතිඥ වරයා:
ඒ කියන්නේ ඔබ එම ඇමුණුම් කළයුතු ආකාරය පිළිබඳව දැන සිටියාද ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
නීතිඥවරයා:
ඒ හේතුව නිසා තමයි එම සංදේශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට කිහිපවරක්ම යැවීමට සිදුවන්නේ .එලෙස යැව්වත් එය ආපසු ඒවා තිබුණා?.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :එම ප්‍රශ්නයට මා විරුද්ධ වෙනවා ස්වාමීනි. කිහිප වරක් යැව්වාද කියා සාක්ෂිකාරිය දන්නේ නෑ .
නීතිඥවරයා :සංවර්ධන නිලධාරීන් ලෙස පත් වූ අය කී දෙනෙක් ඔබගේ අංශයේ සිටියාද ?
සාක්ෂි කාරිය
40 දෙනෙකු පමණ සිටියා. අදාල සංදේශය සහ ඇමුණුම් නැවත යැවූ නමුත් එය නැවතත් අප වෙත ඒවා තිබුණා. ඒ බව 2023 /09/ 18 සහ 2023/09/ 21 දරණ ලේඛන වල සඳහන් වෙනවා.
PSRP යවන ලද ගොනුවක ඇති මිනිට් සටහනෙහි ඇති අංකය සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ එම අංකය පාලන අංශයේ අංකයක් වන බවය. තමන් පාලන අංශයේ කටයුතු කරන නොමැති බැවින් ඒ පිළිබඳව සාක්ෂි දීමට හැකියාවක් නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
එහිදී නීතිඥවරයා සාක්ෂිකාරියගේ අවධානය හැටඅට ගොනුවට යොමු කළ අතර එහි හය පිටුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා වන ආකෘතියක් ඇති බව ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් දැනුම සාක්ෂිකාරියගේ දැනුවත්භාවය සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ "ස්වාමීනි මෙය covering approval එක හදනකොට හදනවා. යම් ගැටලුවක් ඇතිවුවහොත් එම කැබිනට් පත්‍රිකාව පිළිබඳ විමසීමට අදාළ නිලධාරීන්ගේ විස්තර ඇතුළත් කරනවා. එහි සඳහන් කරන්නේ අදාළ ප්‍රසම්පාදනයට අදාල කැබිනට් මණ්ඩල තීරණ ය පිළිබඳව කටයුතු කරන නිලධාරීන්ගේ තොරතුරු " යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
එහිදී සාක්ෂිකාරයගේ අවධානය ලේඛනයකට යොමු කළ නීතිඥවරයා "එය ඔබගේ අංශයෙන් පිළියෙල කළ ලේඛනයක්දැ"යි විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සදහන් කළේ" එහි සඳහන් අංකය අනුව එය පාලන අංශය විසින් සකස් කරන ලද ලේඛනයක් බව"ය.

අධිකරණය හමුවී ඇති 73 නඩු ගොනුවේ පැ 231 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ 2022 සැප්තැම්බර් මස 22 වැනි දින සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක් ගැන සඳහන් කරුණක් ගැන අවධානය යොමු කළ නීතිඥවරයා "එවැනි රැස්වීමක් ගැන ඔබ දන්නවාදැයි" සාක්ෂිකාරියගෙන් විමසීම කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එවැන්නක් පිළිබඳව නොදන්නා බවය.
"73 වෙලුමේ පැය 236 ලෙස සටහන් කර ඇති අභ්‍යන්තර සටහනෙන් 2022 සැප්තැම්බර් 22 පැවති රැස්වීමක් ගැන සටහන් වන අතර" ඒ පිළිබඳව ඔබ දන්නවාදැ"යි සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ එවැන්නක් පිළිබඳව නොදන්නා බවය.
"සෞඛ්‍ය ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැති කිසිම රැස්වීමක් ගැන කිසිවක් ඔබ දන්නේ නැද්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර ඇය සඳහන් කළේ "ඒ පිළිබඳව නොදන්නා බව"ය.
නීතිඥවරයා :අභිලාෂ කැඳවීම ගැන උපදින්නේ නැද්ද ?
සාක්ෂිකාරිය :නැහැ ස්වාමීනි
නීතිඥවරයා: ඔබ දැන් සති තුනක් තිස්සේ සාක්කි දුන්නානේ .ඒ අභිලාෂ කැඳවීම් ගැන එහිදී කතා කළානේ. එකපාරම දන්නේ නැහැ කියලා කියන්න එපා. අභිලාෂ කැඳවීමේදී එය ඕනෑම අයෙකුට බාගත කරගෙන සඳහා ඒ ඉදිරිපත් වී ඉල්ලුම් කිරීම කරන්න පුළුවන් නේද ?
සාක්ෂිකාරිය:
එම අභිලාෂ ඉදිරිපත් කරන්න පුළුවන් කාටද කියන එක ගැන මට දැනුමක් නෑ. බාගත කළ හැක්කේ කාටද කියන එක පිළිබඳවත් මට දැනුමක් නෑ. වෙබ් අඩවිය සම්බන්ධයෙන් මා දැනුවත් නැහැ.
ඒ සමග අට වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කල අතර සෙසු විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ හරස් විමසීමක් සිදු නොකරන බවය.
අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කළාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

