leader s

තාක්ෂණික ඇගයීම් කමිටුව කළ ඇතැම් ඇගයීම් සම්බන්ධයෙන් පුද්ගලික දැනුවත්භාවයක් නොමැති නමුත් තාක්ෂණික නිලධාරීන් පරීක්ෂා කර දැනුම් දීමෙන් අනතුරුව සභාපතිනිය ලෙස අදාළ ලේඛන වල අත්සන් තැබූ බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල  මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පැමිණිල්ලේ 184 වන සාක්ෂිකාරිය  ලෙස සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි. 
 
මීට පෙර නිකුත් කරන ලද සිතාසි මත මෙම නඩුවේ168,184,205,293 වන්නේය ලෙස නම් කර සිටින සාක්ෂි කරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
එහිදී 184 වැනි  සාක්ෂිකාරිය වන ශම්මි කුමාරි දෙනාවත්ත ගෙන් සාක්ෂි විමසීමට තීරණය කළ අධිකරණය නැවත දැනුම් දීමක් කළ පසු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සෙසු සාක්ෂිකරුවන් මුදා හරින ලදී.
 
අනතුරුව මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන්  පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න විමසීම සිදු කෙරිණි.
 
එහිදී මෙම සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීමේදී ලකුණු කරන ලද 10v18 ලේඛණය සහ පැ.229 යන ලේඛන සම්බන්ධයෙන් සංසන්දනය කරමින් ප්‍රශ්න විමසීම සිදුකරන ලදි.
 
එහිදී  10v18 ලේඛනයේ ඇත්තේ ඇතැම් කරුණු 229 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ නොමැති බවට සාක්ෂිකාරිය  සාක්ෂි ලබා දුන්නා ය."2022 සැප්තැම්බර් 27වෙනි පසුව සිදුකළ හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදු කළේ කුමන අංශයකින්ද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ "එම ප්‍රසම්පාදන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ප්‍රසම්පාදන අංශයේ නවාවි මහතාගේ අංශයෙන්  සිදුකළා ." යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය.
එම ප්‍රසම්පාදන කටයුතුවලට අදාල ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන  අංශයෙන්  ලැබුණු අතර" එහි නිරීක්ෂණ කටයුතු සඳහා අභ්‍යන්තර විගණක පත් කළ යුතුය "යන කරුණක් එහි සඳහන් වන බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
අදාළ පස්දෙනා ගෙන් යුත් කමිටුවට අභ්‍යන්තර විගණකවරිය සහභාගි වුවද ඇය නිරීක්ෂකයකු ලෙස සහභාගී වී ඇති බවක් ලේඛනවල සඳහන් නොවන බව සාක්ෂිකාරිය එහිදී හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කළාය. එසේම ඒ බවක් අදාල ටෙන්ඩර් මිනිට් වල සඳහන් නොවන බවද ඇය කියා සිටියාය. 
 
එහිදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා පෙන්වා දුන්නේ  සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර විගණකවරිය ගේ නම අදාළ ලේඛනවල  පස්වන අංක යටතේ සඳහන් කර ඇති බවය.
 
කෙසේ වුවද "මෙම  නිලධාරිනිය කවර තනතුරක් මත එම කමිටුවට සාමාජිකයන්ට පත් කර තිබේද යන්න පිළිබඳව මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළ නොහැකි බව"ට ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය .ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් විරුද්ධ වන බව ඔහු සඳහන් කළේය. එසේම මූලික සාක්ෂි විභාගයේදී ඇසිය යුතු කරුණු හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නැවත ප්‍රශ්න කිරීම් වලදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ඇසීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා විරෝධය පළ කළේය.
එහිදී නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ද ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. 
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ මූලික සාක්ෂිවලදී මෙම කරුණ මතුවූ බව ය. අභ්‍යන්තර විගණකවරිය එම කමිටුවට සහ සහභාගි වූ බවට ලේඛනවල සඳහන් වන බවද ඇය සඳහන් කළාය. එම කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බව ඇය සඳහන් කළාය.
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ට එම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර ලබා දුන්නේය. කෙසේ වුවද එහිදී අලුත් ප්‍රශ්න විමසීමක් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමට විත්ති පාර්ශවයට හැකි බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 
 
අනතුරුව සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණ. 
 
fd43535
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය  විමසා සිටියේ "අභ්‍යන්තර  ප්‍රධාන විගණක  හෝ විගණකවරයෙකු නිරීක්ෂකයකු ලෙස අදාළ කමිටුවට සහභාගි වී තිබේ ද?" යන්න පිළිබඳව ලේඛනය සඳහන් වී තිබෙනවාද "? යනුවෙනි.
 
සාක්ෂිකාරිය ඊට "නැත" යනුවෙන් පිළිතුරු ලබාදුන්නාය.
 
"එහි අභ්‍යන්තර විගණක ලෙස සඳහනක් තිබෙනවාද ?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ "එවැනි සටහනක් ඇති බව"ය. අදාළ කමිටුවට සහභාගී වූවන්ගේ නම් එම සටහනේ ඇති බව සාක්ෂිකාරිය කියා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය "ඒ කවුරුන්ද?"  යනුවෙන් විමසීමක් කළාය .
 
එම අවස්ථාවේදී 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ "කමිටු සාමාජිකයන් කවර තරාතිරම මත ඊට ඇතුළත් කර තිබේද?" යන්න පිළිබඳව ප්‍රකාශ කිරීමට මෙම සාක්ෂිකාරියට නොහැකි බවය. ඇය තමන්ට ලැබෙන දේ යතුරු ලියනය කළා පමණක් මිස අදාළ ප්‍රශ්නයට පිළිතුරක් දීමට තරම් ඇය සුදුසු සාක්ෂිකාරියක් නොවන බවට නීතිඥ වරයා පෙන්වා දුන්නේය.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල  නඩු සටහන්වලින් එම  ප්‍රශ්නය ඉවත් කරන ලෙස නියම කළේය .
 
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අධිකරණයට ඉදිරිපත් කර ඇති 236 බී දරණ ලේඛනයේ අංක   අංක තුනේ සිට හත දක්වා නම් වල අභ්‍යන්තර විගණක ප්‍රේමතුංග මහත්මියගේ නම EOI කමිටු සාමාජිකයෙකු ලෙස තමන්ට ලැබුණු උපදෙස් මත  ඇතුළත් කළ බව ය..
 
මෙම නඩුවේ 09 වැනි විත්තිකරුගේ උපදෙස් මත  තාක්ෂණික ඇගයීම් කමිටුවේ මිනිට් ඇතුළත්  කර වගුවක් සකස් කළ බව මූලික සාක්ෂි වලදී ප්‍රකාශ කළ බව සාක්ෂිකාරිය එහිදී පිළිගත්තා ය.
 
frt546677765
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඇගයීම් කමිටු නිර්දේශ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඒ  සම්බන්ධ විරෝධය පළ කළහ .
 
"මූලික සාක්ෂි විභාගයේදී විමසිය යුතු කරුණු නැවත ප්‍රශ්න කිරීම් වලදී සිදුකරමින් පවතින තත්ත්වයෙන් ඔබ්බට යමින් ප්‍රශ්න විමසීමක් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් සිදුකරන බවට" විත්තියේ නීතිඥවරු විරෝධය පළ කළහ. මූලික සාක්ෂි විමසීමේදී ඇයගෙන් ගිලිහී ගිය කරුණු නැවත ප්‍රශ්න කිරීම් වලදී ඇසීමට උත්සාහ කරන බවට ඔවුහු චෝදනා කළහ. එමඟින් විත්තිකරුවන්ට අගතියක් වන බවද නීතිඥවරු පෙන්වා දුන්හ.
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙම ප්‍රසම්පාදනයට අදාළ 6v6  නමැති ලේඛනය  මූලික ප්‍රශ්න කිරීම් අවස්ථාවේදී අධිකරණය හමුවේ නොතිබූ බවත් ඒ පිළිබඳව පැමිණිල්ල දැනුවත්ව නොසිටි බවත්ය. 
 
අනතුරුව හයවන විත්තිකරු විසින් එය අධිකරණයට ඉදිරිපත් කළ අතර හරස් ප්‍රශ්න වලදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීමක් සිදුකළ බවද ඇය සඳහන් කළාය. ඒ අනුව එම කරුණු පැහැදිලි කර ගැනීම සඳහා සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කිරීම් සිදුකිරීමට සිදුවන බව  ඇය එහිදී පෙන්වා දුන්නාය. එවැනි ප්‍රශ්න කිරීම සඳහා නෛතිකමය බාධාවක් නොමැති බවට ද මූලික ප්‍රශ්න වලදී පැමිණිල්ලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති වූ බැවින් එම ප්‍රශ්න කිරීම් කළ නොහැකි වූ බව ඇය තවදුරටත් කියා සිටියාය.
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල සඳහන් කළේ මෙම ප්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්නවලදී විත්තිය විසින් කරුණු විමසීම් සිදුකර ඇති බවය. ඒ අනුව ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාව සලසා දීමක් විත්තිය විසින්ම සිදුකර ඇති අතර මූලික ප්‍රශ්න කිරීම් වලදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධ ඉදිරිපත්  නොකළ කරුණක් හරස් ප්‍රශ්න කිරීම් වලදී ඉදිරිපත් වූ විට එම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කර ගැනීමට  පැමිණිල්ලට නැවත ප්‍රශ්න කිරීම් වලදී ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇති බව මඩුල්ල සඳහන් කළේය. 
 
"අධිකරණයට සියලුම සාක්ෂි අවශ්‍ය බවද  සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කළේය. 
 
අනුව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ගේ ප්‍රශ්න කිරීම් වලට ඉඩ දෙන ලදී. 
 
wooden dice spelling the word bid on a dark reflective surface representing a business auction or competitive offer conveying a sense of strategy and chance in a highstakes environment free photo
 
අනතුරුව "අභිලාෂ කැඳවීමේ ලේඛනය  මගින් ආරාධනා කර තිබෙන්නේ කවර ලන්සුකරුවන්ටදැ"යි විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ ලියාපදිංචි සැපයුම්කරුවන්ට ඒ සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බව හැකි බව එහි සඳහන් වන බවය. 
 
අධිකරණය හමුවේ ලකුණු කරන ලද 06 වැනි ගොනුවේ ඇති ලන්සු පිරිනැමීමේ ලිපියෙන් පසුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වන බවට සාක්ෂිකාරිය මීට පෙර ලබාදුන් සාක්ෂිය සම්බන්ධයෙන් ‍ප්‍රශ්නයක් යොමු කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එලෙස ප්‍රකාශ කරේ කවර හේතුවක් මතදැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියාය. 
 
ඒ සඳහන් කලේ එම ලිපිය නිකුත් කිරීම සමග සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් නොවන නමුත් තමන් සේවය කරන අංශයේ කටයුතු එම ඒ සමග අවසන් වන බැවින් එම පිළිතුරු ලබා දුන් බවය. 
 
අධිකරණයට ඉදිරිපත් කර ඇති 9(VIII) ලේඛනයේ  අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රමය යටතේ වන කමිටුවට ලේකම්වරයා හැර පත් කරන ලද සෙසු සාමාජිකයන් කවර අයද? යන්න සම්බන්ධයෙන් සාක්ෂිකාරිය සාක්ෂියක් ලබා දුන්නේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  ද ප්‍රශ්න කර සිටියාය. 
 
 එවැනි සාක්ෂියක් ලබා දුන් බව එම සාමාජිකයින් අතර සිටි අතුල කුමාර මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස සඳහන් කරේ කවර පදනමකින් දැයි  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එහි සඳහන්ධ තනතුරු නාමය අනුව තමන් එලෙස ප්‍රකාශ කළ බවය. 
 
"ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා දීර්ඝ කාලයක් එම තනතුරේ කටයුතු කළ බවට සාක්ෂි ලබා දුන්නේ කවර පදනමකින් දැ"?යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" මට හැඟී ගිය පමණින් එම ප්‍රකාශය සිදුකළා යනුවෙනි" 
 
ds22
 
නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරිය : "අධිකරණයට  ඉදිරිපත් කළ නඩු ගොනුව බුත්පිටිය මහතාගේ උපදෙස් මත සකස් කළ බවට ඔබ සාක්ෂි ලබා දුන්නා. ඒ බව ඔබ පොලිසියට ප්‍රකාශ කළේ නැත්තේ ඇයි ?"යනුවෙන්   විත්තියෙන් ප්‍රශ්න කළා.
මෙම ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ කවුරුන් විසින්ද ?
 
සාක්ෂිකාරිය :සමන් රත්නායක මහතා විසින් එම ගොනු පොලිසියට ඉදිරිපත් කළේ.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය: රත්නායක මහතා විසින් එම ගොනු ලබා දුන්නා  නම් ඔබට පුළුවන්ද ඒ ගැන පොලිසියට කියන්න ?
 
සාක්‍ෂිකාරිය: බැහැ ස්වාමීනි. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය:
විත්තියෙන් ඔබලාගේ පැමිණීමේ ලේඛනය සම්බන්ධයෙන් විමසීමක් කළා නේද?
 
සාක්ෂිකාරිය : එසේය 
 
නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය : ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරන්න ඔබට උපදෙස් ලැබුණද? 
 
සාක්ෂි කාරිය,: නැත ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එලෙස උපදෙසක් ලැබුණේ නැත්නම් ඔබට බලයක් තිබෙනවාද එය ඇතුළත් කිරීමට ?
 
සාක්ෂි කාරිය,: නැත ස්වාමීනි 
 
නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරිය: තාක්ෂණික ඇගයීම් කමිටුවේ සටහන්වලට ඔවුන් පස්දෙනාම අත්සන් තබා තිබෙනවා .එම අත්සන් තැබුවේ එකම ස්ථානයකදීද ?
 
සාක්ෂි කාරිය: ඔවුන් එම ලේඛන සකස් කළ පිළිවෙලට අත්සන් තැබුවා. කාර්යාල කාර්ය සහායකයකු ලවා එම ලේඛන ඔවුන් වෙත වරින් වර යවා අත්සන ලබා ගත්තා 
 
මෙම ප්‍රශ්නය විමසූ අවස්ථාවේදී ,99 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා සිය විරෝධය පළ කළ අතර  විනිසුරු මඩුල්ල විසින් එය නොසලකා හරින ලදි. 
 
court
 
"මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී රුවන් දල්පදාදු මහතාගෙන් අදහස් විමසූ බවට සඳහන් වුණා. වෙනත් ප්‍රසම්පාදන ක්‍රියාවල දීත් ඔහුගෙන්
උපදෙස් ලබා ගන්නවාද?"යනුවෙන් නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර එවැනි උපදෙස් ලබා ගැනීමක් සිදු නොකරන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
ඒ සමග පැමිණිලි පාර්ශ්වයේ නැවත ප්‍රශ්න කිරීම් අවසන් කරනු අතර  නැවත ප්‍රශ්න කිරීම්වලදී මතුවූ කරුණු සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට විත්තියට අවස්ථාව ලබා දෙන ලදී .
 
දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිහංස විජේසිංහ මහතා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ "තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකාවක ලෙස ප්‍රේමතුංග මහත්මියගේ නම සඳහන්ව තිබේ ද යන්න පිළිබඳවය. 
 
එම නම සඳහන්ව ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී "අයගේ නමට ඉදිරියෙන් ඇති තනතුරු නාමය කුමක්දැ"යි නීතිඥවරයා ප්‍රශ්න කළේය. එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ අභ්‍යන්තර විගණක ලෙස සඳහන් වන බවය. 
 
ඉන් අනතුරුව  සාක්ෂිකාරියගෙන් වෙනත් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන බවට විත්තියේ නීතිඥවරු දැනුම් දුන්හ. 
 
ඒ සමගම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අවසන් කරන ලදී. 
 
අනතුරුව මෙම නඩුවේ 184  වන  සාක්ෂිකාරිය වන  වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය , ශම්මි  කුමාරි දෙනාවත්ත මහත්මිය ගෙන් මූලික සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් සිදු කරන ලදී. 
 
එහිදී ඇය සඳහන් කළේ පේරාදෙනිය විශ්වවද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ තමන් පරිපාලන සේවයේ විභාගය සමත්ව සුදුසුකම් සපිරීමෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස මෝටර් රථ  ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී වී, අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආධුනික අධ්‍යක්ෂ පරිපාලන (හෙද )ලෙස කටයුතු කළ බවය. අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස 2017 දක්වා කටයුතු කළ අතර 2021 වසරේ හය වන මාසයේදී පමණ  ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට පත් වූ බවද ඒ වන විට  රාජ්‍ය ඇමතිවරයා ලෙස චන්න ජයසුමන මහතා කටයුතු කළ අතර එම අමාත්‍යංශ ලේකම්වරයා ලෙස සමන් රත්නායක මහතා කටයුතු කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
සමන් රත්නායක මහතා රාජකාරී මය ලෙස මුණ ගැසී ඇති අතර පරිපාලනයට කටයුතුවලදී ඔහු සමග කටයුතු කර ඇති බැවින්  ඔහු හඳුනාගත හැකි බවද සඳහන් කළ සාක්ෂිකාරිය  මෙම අධිකරණයේ  අධිකරණයේ සිටි දහවන විත්තිකරු සමන් රත්නායක ලෙස හඳුනා ගත්තාය. 
 
තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන අංශයේ රාජකාරි  කළ අතර පාලන පරිපාලන හා විනය  සම්බන්ධයෙන් කටයුතු කිරීම පැවරී තිබූ බවද   ප්‍රකාශ කළ සාක්ෂිකාරිය වෛද්‍ය සැපයීම් අංශය රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන අංශය යටතේ පාලනය වූ බව සඳහන් කළාය. 
 
1721793410 health ministry L
 
එහිදී එම අංශය වල  දෛනික කටයුතු, ප්‍රවාහන කටයුතු, පත්කිරීම් ,විනය කටයුතු ආදිය තමන් ට පැවරී තිබූ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් මූලික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
රාජ්‍ය අමාත්‍යාංශයේ  ප්‍රසම්පාදනය අංශයක්  තිබූ අතර තමන් පාලන අංශය භාරව කටයුතු කළ බවද සඳහන් කළ සාක්ෂිකාරිය එම අමාත්‍යංශයට පත්වීමට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සිටියදී ප්‍රසම්පාදන කටයුතුවලට වල නිරත වූ බව කියා සිටියාය. 
 
සාක්ෂිකාරිය :"පළාත් සහ පළාත් පාලන අමාත්‍ය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කළා. එහිදී වාහන සහ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන තීරණ වලට අදාළ ඇගයීම් සිදුකළා."
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එවැනි තාක්ෂණික ඇගයීමක් කිරීමට ඔබට දැනුමක් තිබුණාද ?
 
සාක්ෂිකාරිය: කිසිසේත්ම නැති ස්වාමිනි .
 
"අදාළ කමිටුවට තාක්ෂණික නිලධාරීන් පත්කර සිටි අතර  ඉංජිනේරුවන් , ගණකාධිකාරී  සහ සැලසුම්  ලෙස පත් කිරීම් කර තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය පරිපාලන නිලධාරියකුට එහිදී ඇති වගකීම වන්නේ" තාක්ෂණික නිලධාරීන් පාරදෘෂ්‍ය භාවයෙන් නිවැරදි තීරණ ගන්නවාද?" යන්න  නිරීක්ෂණය කිරීම සහ තමන්  ට ඇති දැනුම මත  එම තීරණ වලට එකඟතාවය පළ කිරීම බවද" සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
තමන් ඖෂධ සැපයීම් නිෂ්පාදන අංශයේ ප්‍රසම්පාදනය හා තාක්ෂණික ඇගයුම් කමිටුවේ කටයුතු කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය  2022 23 න් තුන්වන මාසේ අග වන තෙක් එම කටයුතු සිදුකළ බව සඳහන් කළාය. එහිදී ඖෂධ සහ උපකරණ සම්බන්ධයෙන් ඇගයීම් කටු යුතු කළ අතර එකී ඇගයීම් සම්බන්ධයෙන් තමන්ට  කිසිදු දැනුමක් නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් විශේෂඥ භාවයෙන් යුතුව නිලධාරීන් එම කමිටුවේ සිටි බවද සාක්‍ෂිකාරිය සඳහන් කළාය. 
2022 වසරේ සැප්තැම්බර් මාසයේදී තමන් EOI  කමිටුවේ ප්‍රධානියා ලෙස සහභාගි වූ බව සාක්ෂිකාරිය සඳහන් කළේ" තාක්ෂණික ඇගයීම් නොවන කමිටු රාජකාරිය සඳහා ඔබ සහභාගී වූවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 
 
2022 නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කාලයේදී තාක්ෂණික ඇගයීම් සිදු කළ කමිටුවේ සභාපති ලෙස තමන් පත් වූ බවද එම පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකළ බවද සාක්ෂිකාරිය මූලික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය. 
 
එම කමිටුවේ දී මාස තුනක කාලයකට ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ජීවිතාරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සහ සැපයීම සඳහා කැඳවන ලද EOI ඇගයීම කට ලක් කර බව සාක්ෂිකාරිය කියා සිටියාය .
 
image 4b631fca90
 
අදාළ පත්වීම ලද දිනය තමන්ට මතක නැති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එම ලිපිය නිකුත් කර ඇති බව සඳහන් කළ සාක්ෂිකාරිය  එම කමිටුවේ සිටි සාමාජිකයන්ගෙන් ජයනාත් බුත්පිටිය සහ ගණකාධිකාරිනිය ලෙස කටයුතු කළ ප්‍රේමතුංග හඳුනන අතර එහි සිටි අනෙකුත් සාමාජිකයන් තමන් හඳුනන්නේ නැති බව සාක්ෂිකාරිය කියා සිටියාය .
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :2002 සැප්තැම්බර් වන විට රාජ්‍ය අමාත්‍යාංශයක් තිබුණාද ?
 
සාක්ෂිකාරිය: නැහැ .එම අමාත්‍ය අංශය අප්‍රේල් මාසයේදී අහෝසි වී  සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත වුණා. මගේ තනතුරු වෙනසක් වුණේ නෑ. කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ලිපියක තිබුණා අමාත්‍යංශයේම අංශයක් ලෙස රාජ්‍ය  අමාත්‍යාංශය පවත්වාගෙන යන ලෙස .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට කුමක්ද සිදුවුණේ?
 
සාක්ෂිකාරිය:
වෙනත් රාජ්‍ය අමාත්‍යාංශ අහෝසි වන විට එහි ලේකම්වරුන්ට අමාත්‍යශයේ අතිරේක ලේකම් ලෙස පත්වීම් දුන්නා.නමුත් අප අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පුරප්පාඩුවක් තිබුණේ නෑ. ඒ නිසා ලේකම්වරයා ඒ තත්ත්වයට පත්වුණේ නෑ 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අභ්‍යන්තර විගණක අමාත්‍යාංශ ලේකම්ට වගකිවයුතු බවට සඳහන් වුනා. රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි වූ පසුවත් අභ්‍යන්තර විගණක  ලේකම්වරයාට තවදුරටත් වග කියනවාද?
 
සාක්ෂිකාරිය :නීත්‍යානුකූලව එසේ කරන්න බැහැ .
 
ඒ වන විට අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කළ ප්‍රේමතුංග මහත්මිය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විගණක ලෙසද කටයුතු කළ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
2022 සැප්තැම්බර් මස 3 වැනිදා  අභිලාෂ කැඳවීමේ රාජකාරී වලට සහභාගි වීමට පෙර. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන ප්‍රසම්පාදන කටයුත්ත කට සහභාගී වී නොතිබුණු බවද සාක්ෂිකාරිය සඳහන් කළා ය. එසේම ඒ යටතේ වගකීම් සම්බන්ධයෙන් කටයුතු කර නොමැති අතර ජීවිත ආරක්ෂක ඖෂධ පිළිබඳව දැනීමක් නොතිබුණු බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
තමන්ට අදාළ නොවන මාතෘකාවක් සම්බන්ධයෙන් ලිපියක් ලැබුණු පසු ඒ පිළිබඳව එම අංශය භාරව සිටිය සිටි ජයනාත් බුත්පිටිය මහතාගේ විමසීමක් සිදුකළ අතර මාස තුනක කාලයකට ඖෂධ  මිලදී  ගැනීමට කැබිනට් අනුමැතිය අරගෙන ඇති බැවින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇති බව ඔහු දැනුම් දුන් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
"2022 ඔක්තෝම්බර් 06 වැනි දින කමිටුව රැස්වෙලා තීරණ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. "යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය .
 
ඒ අනුව හය වෙනිදා රාජ්‍ය අමාත්‍යංශය ගොඩනැගිල්ලේ දී අදාළ කමිටුව රැස්වූ බවද එහි සිටි බුත්පිටිය සහ ප්‍රේමතිලක යන අයව තමන් මුණ ගැසී හඳුනාගෙන තිබූ බවද රාජකාරීමය ලෙස හමුවී නැති නමුත් සොලමන් මහත්මියගේ නම ඊට පෙර අසා ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.එසේම වෛද්‍ය සුදර්ශන ද එම ස්ථානයේ සිටි බව ත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
mmeetingy456y
 
සුදර්ශන සමග රාජකාරී කටයුතු තමන් සිදුකර ඇති බව අතර ඔහු හඳුනාගත හැකි බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය අධිකරණයේ සිටිමෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු හඳුනාගත්තාය. 
 
එම කමිටුවට වෛද්‍ය බුත්පිටිය මහතා සමඟ ඔහුගේ අංශයේ නිලධාරීන් සහභාගි වී සිටි බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය සභාපතිනිය ලෙස තමන්ට සිදු කිරීමට විශේෂ රාජකාරියක් නොතිබුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාල රැස්වීමේදී බුත්පිටිය විසින් ලිපි ලේඛන ලබාදුන් අතර අභිලාෂ  පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් , අභිලාෂ  දැන්වීම, යනාදිය ඉදිරිපත් කළ බවද කියා සිටියාය. 
 
එසේම ඖෂධයට අනුව අදාළ සැපයුම්කරු විසින් ලබා දී ඇති තොරතුරු සාරාංශ කර ඉදිරිපත් කර ලේඛනයක්  තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය  එම ලේඛනය අධිකරණයේදී හඳුනාගත්තාය .
 
නියෝජ්‍ය සොරිස්ටර්  ජනරාල්වරිය :සභාපතිනිය ලෙස  ඔබ මෙවැනි ලේඛනයක් දෙන බව ට දැනුවත්ව සිටියාද ?
 
සාක්ෂිකාරිය:
නෑ ,සැපයුම්කරුවන්ගේ තොරතුරු ඇතුළත් කර සකස්කර ඇති බවට හඳුනා ගැනීමක් පමණයි එහිදී කළේ .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:
මෙම ලේඛනය ඔබට දෙන විට එහි අත්සන් තිබුණද ?
 
සාක්ෂිකාරිය : නෑ මා තමයි මුලින් අත්සන් තැබුවේ.ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව තමයි අත්සන් යෙදුවේ. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
ඊට කලින් මොන වගේ ලේඛනද ලැබුණේ ?
 
සාක්ෂිකාරිය : EOI සම්බන්ධයෙන් ලේඛනයක් ලැබුණා .එහි තීරු හිස්තැන් ඇතිව ඉදිරිපත් කරලා තිබුණා කමිටු සාමාජිකයන්ට පිරවීම සඳහා. 
එම ලේඛන වලට අමතරව එක් එක් සැපයුම්කරුවන් එක් එක් ඖෂධය සඳහා ඉදිරිපත් කළ ලන්සුව වෙනුවෙන් වෙන් වෙන්ව ගොනු ලැබී තිබුණා. 
 
ලන්සු කැඳවීමේ ලේඛනය සමඟ අයදුම් පතක් තිබූ බවද එම ලේඛන සහ සැපයුම්කරු විසින් ලබාදී ඇති ෆෝම් එක සංසන්දනය කර බැලීමක් සිදුකළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. එහිදී මුල් ලේඛන සහ සකස් කළ ලේඛනයේ ඇති කරුණු එකිනෙක සංසන්දනය කරමින් එම කරුණු පිළිබඳව ඇගයීමක් කළ අතර අත්‍යවශ්‍ය ලේඛන ලෙස WOR ලබා ගැනීම සඳහා  ඉදිරිපත් කළ යුතු ලේඛන දක්වා තිබූ නමුත් ඒවා බොහෝ අභිලාෂ ගොනුවල ඒවා නිරීක්ෂණය නොවූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : WOR ලබා ගැනීමට අදාළ ලේඛන  සම්බන්ධයෙන් නිරීක්‍ෂණයන් කිරීමට ඔබට ඒ ගැන දැනුමක් තිබුනද ?
 
සාක්ෂිකාරිය:
කිසිසේත්ම නැති ස්වාමීනි .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
එසේ නම් කොහොමද ඔබ පරීක්ෂා කළේ ?
 
සාක්ෂිකාරිය:
ඒ සඳහා තාක්ෂණික දැනුම ඇති නිලධාරීන් ඒවා පරීක්ෂා කර මා වෙත දැනුම් දුන්නා තාක්ෂණික නිලධාරීන් ලෙස අපේ කමිටුවේ සිටියේ බුත්පිටිය , සුදර්ශන සහ සොලමන් මහත්මියයි. ඔවුන් තමයි ලියාපදිංචි සහතිකය මේ වගේ කියලා පෙන්නුවේ 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඊට පෙර එම සහතිකය දැක තිබුණාද ?
 
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
ඔබ ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමේදී අනුගමනය කරන උපමාන පිළිබඳව දැනුවත් වෙලාද තිබුණාද ?
 
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී 
ස්වාමීනි ඒ පිළිබඳව එහි සිටි නිලධාරීන් දැනුවත් කළ කරුණු අනුව තමයි කටයුතු කළේ .
 
නියෝජ්‍ය සොරිසිටර් ජනරාල්වරිය:
කවුද එහි සිටි නිලධාරීන් ? 
 
සාක්ෂිකාරිය:
සුදර්ශන  බුත්පිටිය සහ සොලමන්ස්. 
 
මෙහිදී මතුවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව තමන් සමන් රත්නායක මහතාට දැනුම් දුන් බවද WOR ලබා ගැනීම මෙම ක්‍රියාවලියෙන් පසුව සිදුකරන  වෙනම  ක්‍රියාවක් බවට ඔහු දැනුම්දුන් බවද ඒ පිළිබඳව ඇමතිවරයාගේ රැස්වීමේදී සාකච්ඡා කර අවශ්‍යය කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ඔහු සඳහන් කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
med334645
 
මෙහිදී සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති අවම මිල සහ අවම කාලය පිළිබඳව සැලකිල්ල යොමු කරමින් අදාල තීරණ ගන්නා ලෙස ඔහු තමන්ට ත උපදෙස් ලබා දුන් බව සාක්ෂිකාරිය කියා සිටියාය. ඒ අනුව තම කමිටුව අවම මිලට කෙටිම කාලයකදී සැපයුම් සිදු කරන සැපයුම්කරුවන් තෝරා ගැනීමට කටයුතු කළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය 
 
නියෝජ්‍ය සොලිසිටර්ජෙනරාල්වරිය: අඩුම ලන්සුව තෝරා ගැනීමට නොහැකියාවක් තිබුණද ?
 
සාක්ෂිකාරිය :බැලූ බැල්මට අඩුම ලන්සුව මේ යයි කියන්න බැරි වුණා. මිල සම්බන්ධව බලන්න තිබුනා. පිරවීමට තිබුණු ලේඛනය අනුව සැලකිලිමත් විය යුතු කරුණු තිබුණා. 
 
යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පරිගණක පද්ධතියට ඇතුළුව  කරුණු ලබා ගැනීමක් සිදුකළ අතර  වෛද්‍ය සැපයුම් අංශයේ සොලමන්ස් මහත්මිය විසින් එම කටයුතු සිදුකළ බවද ඇය ලබාදෙන තොරතුරු සටහන් කර ගැනීම බුත්පිටිය විසින් සිදුකළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"ඔබ සභාපතිනි ලෙස පරිගණකයෙන් පරීක්ෂා කරන්නේ කුමක්ද කියා දැන සිටියාද ?" යනුවෙන් නියෝජ්‍ය නියෝජ්‍ය ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තමාට දැනුමක් නොමැති බවය. "එම ලේඛනයේ  හිස්තැන්වල පිරෙව්වේ මොනවාද කියා ඔබ හා ප්‍රේමතුංග මහත්මිය දැනුවත් කළාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර  සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ "විශේෂ දැනුම් දීමක් කළේ නෑ."  යනුවෙනි 
 
"සොලමන්ස් මහත්මිය කියන දේම බුත් පිටිය ලියන බව ඔබ දැක්කාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර ඇය සඳහන් කළේ "මෙම ඇගයීම් කමිටුවේ හිටියේ පළපුරුදු නිලධාරීන්. ඔවුන් අවංකව රාජකාරී කරන බවට උපකල්පනය කරා .එක් එක් නිලධාරියාට පැවරී තිබූ රාජකාරිය නිවැරදිව සිදුකිරීම යන්න පිළිබඳව කිසිදු සැකයක් තිබුණේ නැහැ. 
 
එක් එක් ඖෂධය තොග අවසන් වර්ෂ ලැබුණු වර්ෂය සඳහන් කර තිබුණා. ඒවා පරීක්ෂා කර බලන්න පුළුවන් MSD ආයතනයේ කෙනෙකුට පමණයි . එය සිදු කරන්න මට බෑ .පරිගණක  පද්ධතියට ඇතුළුවීමට හැකියාව තිබුණේ සොලමන්ස් මහත්මියට පමණයි. එවැනි නිලධාරීන් නිවැරදිව කටයුතු කරන බවට උපකල්පනය සිදු කරමින් තමයි වැඩ කළේ. ඔවුන් ගැන සැක කරන්න කිසිම හේතුවක්  තිබුන නෑ" යනුවෙන් සාක්ෂිකාරිය එම ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් ලබා දුන්නාය. 
 
"ඔබ මිල කියන කාරණයට එකඟ වුණේ කෙසේද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර ඇය සඳහන් කළේ තාක්ෂණික නිලධාරීන් ලබා දෙන තොරතුරු අනුව තමන් කටයුතු කළ බවය. 
 
කෙසේ වුවද බුද්පිටිය මහතා විසින් සටහන් කළ තොරතුරු පරීක්ෂා කරගෙන බැලීමට තමන්ට බාධාවක් නොතිබූ බවද සාක්ෂිකාරිය ය මූලික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
 
man signing on contract documents after reading man holding pen and approve on business report contract agreement law and deal concepts free photo 
 
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ239 ලේඛනයට අත්සන් කළේ වෙන වෙනම පරීක්ෂා කර බැලීමෙන් පසුවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර  ඇය සදහන් කළේ පරීක්ෂා කර බැලීමෙන් පසුව ඊට අත්සන් තැබූ බවයි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
ඔබ කිව්වා ලියාපදිංචි සහතිකය සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් නොමැති බව එසේ තිබියදී ලියාපදිංචි සැපයුම්කරුවන් සම්බන්ධයෙන් වන තීරණය ඔබ පරීක්ෂා කළේ කෙසේද ?
 
සාක්ෂිකාරිය:
අප කමිටුවේ සිටි වෛද්‍යවරුන් සහකාර සහකාර අධ්‍යක්ෂකවරියට අවබෝධයක් තිබුණා ඒ සම්බන්ධයෙන්. ඔවුන් පරීක්ෂා කර බලා දැනුම්  දුන්නා. ඒ අනුව ඊට අත්සන් තැබුවා ඒ හැර ඒ තොරතුරු සම්බන්ධයෙන් පුද්ගලික දැනුවත්භාවයක් නෑ. ඒ අවස්ථාවේදී නිලධාරින් දුන් තීරණ සහ නිරීක්ෂණ අනුව තමයි අදාළ තීරණයට එළඹුණේ. 
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂිකාරියගේ මූලික ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී. 
 
ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් සාක්ෂිකාරිය මුදා හරින ලදී.
 
keheliya rambukwella remanded
 
ප්‍රමිතියෙන් තොර තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

whatsapp 202507155

නවතම පුවත්