කන්සල්ටේෂන් සදහා තමන් අවස්ථා තුනකදී නීතිපති දෙපාර්තමේන්තුවට ගිය බව ඖෂධ නඩුවේ සාක්ෂිකාරියක වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
අදාල නඩුවේ 184 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදීම සිදුකළ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
ඖෂධ සැපයීම සඳහා අභිලාෂ සලකා බැලූ ඇගයීම් කමිටුවේ සාමාජිකාවක වූ ගණකාධිකාරී වරිය ඖෂධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස නම් කර සිටින බව තමන් දන්නා බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ කන්සල්ටේෂන් සදහා පැමිණි අවස්ථාවේදී ඇය තමාට මුණ ගැසුණු බවත් සාක්ෂිකාරිය ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි
එහිදී සාක්ෂි දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දෙවන දිනටත් පෙනී සිටියාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් මෙම මූලික සාක්ෂි විමසීම එහිදී වැඩි දුරටත් සිදු කරන ලදී.

පෙර දින සාක්ෂි විමසීම අවසන් කරන අවස්ථාවේදී පාලන අංශයේ කේතයක් සහිත ලිපි ගොනුවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් බව සාක්ෂිකාරියට සිහිපත් කර දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් පාලන අංශයේ ප්‍රධානියා වූ සාක්ෂිකාරියගේ අනුදැනුමකින් තොරව එවැනි ලිපිගොනුවක් විවෘත වූයේ කෙසේදැයි ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ නොහැකි බවය.
එම ගොනුවේ ඇති මිනිට් සටහනක් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මගින් ගරු අමාත්‍යතුමා වෙත යොමු කර ඇති බව ද එහි සටහන්ව ඇති සමන් රත්නායක මහතාගේ අත්සන තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

එහි එක් ගොනුවක ඇත්තේ ලේඛනයක පිටපතක් තවත් ගොනුවකට ඇතුළත් කර ඇති අතර එය මාණ්ඩලික නිලධාරියකු විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කර නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එහෙත් නිවැරදි ක්‍රමවේදය අනුව එවැනි සටහනක් මාණ්ඩලික නිලධාරියෙකුගේ අත්සනින් යුතුව යම් ගොනුවක පිටු සඳහන් කොටසට ඇතුළත් විය යුතු බව සඳහන් කළ සාක්ෂිකාරිය මෙහිදී එම ලේඛනය ඇමුණුමක් ලෙස එකතු කර ඇත්තේ කවර හේතුවක් මත දැයි අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියාය.
පාලන අංශයේ කේතයක් සහිත ගොනුවක් වෙත සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එම ගොනුවේ ඇතුළත් වව්චර් පත්‍රයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළාය .
ඒ සඳහා වෙනම ගොනු පවතින බව සාක්ෂිකාරිය කියා සිටියාය
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව මූලික සාක්ෂි මෙහෙයවීම අවසන් කරන ලදී.
අනතුරුව මෙම නඩුවේ පළමුවන සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න ඉදිරිපත් කිරීම පසුව සිදුකරන බවට ඔවුන්ගේ නීතිඥවරුන් ට දැනුම් දුන්හ.

ඒ අනුව මෙම නඩුවේ තුන්වන විත්තිකාරිය වන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය .
එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් පරිපාලන සේවයට එක්වීමෙන් අනතුරුව මහා මාර්ග අමාත්‍යාංශයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු කළ අතර ඉන් අනතුරුව අමාත්‍යාංශයේ කිහිපයකම සේවය කළ බව ය.
ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශයට 2021 වසරේදී පත් වූ අතර 2022 වසරේ අප්‍රේල් මාසයේදී එම අමාත්‍යාංශයේ අහෝසි වී ප්‍රධාන අමාත්‍යාංශයේ අංශයක් ලෙස ක්‍රියාත්මක වූ බවද ඒ වන විට එහි ලේකම්වරයා ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා කටයුතු කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
එම අංශයට වෛද්‍ය සැපයුම් සම්බන්ධව සියලු කටයුතු භාරව තිබූ අතර ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යනාදිය සම්බන්ධයෙන් කටයුතු පැවරී තිබූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
වෛද්‍ය සමන් රත්නායකතමන් ප්‍රසම්පාදන ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක කටයුතු කර ඇති අතර ඒ පිළිබඳව යම් ප්‍රමාණයක දැනුමක් ඇති බවද සඳහන් කළ සාක්ෂිකාරිය EOI සම්බන්ධ ඇගයීම් කමිටුවකට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළාය.
මාස තුනක කාලයක් සඳහා අත්‍යවශ්‍ය සහ ජීවිත ආරක්ෂක ඖෂධ යෝජනා ක්‍රමය යටතේ ගෙන්වීම සඳහා වන ඇගයිම් කමිටුවේ සභාපතිනි ලෙස තමන්ට පත්වීමක් ලැබුණු අතර එහි සාමාජිකයන් පස් දෙනෙකු සිටි බවද වෛද්‍ය සුදර්ශන, වෛද්‍ය ජයනාත් බුත්පිටිය, ප්‍රේමතුංග ,සොලමන්ස් යන අය එහි සාමාජිකයන් ලෙස බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
මෙම පත්වීම අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් සිදුකළ අතර දින දෙකක් තුළ මෙම කමිටුව රැස්වී හී EOI ඇගයීමට ලක් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස එම ලිපිය මගින් දැනුම් දී තිබූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය
මෙම ලිපිය ලැබුනම මම අංශයේ බුත් පිටිය මහතාට කතා කළා ඔහු කිව්වා "මාස තුනකට අදාල කැබිනට් තීරණයක් ඇති බව "යනුවෙන් සාක්ෂිකාරිය ය ප්‍රකාශ කළාය.
නීතිඥවරයා:
මූලික සාක්ෂියේදී ඔබ ප්‍රකාශ කළා EOI ඉදිරිපත් කර තිබූ බහුතරයකට WOR ලියාපදිංචිය නොතිබූ බවත් WOR ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ලේඛන ඔවුන් විසින් ඉදිරිපත් කර නොතිබූ බව ත්. එය දැන් ගත්තාම කමිටුවේ සභාපතිනිය ලෙස ඔබ මොකක්ද කලේ?
සාක්ෂිකාරිය:
"මේ සම්බන්ධයෙන් සමන් රත්නායක මහතාගෙන් විමසීමක් කළා ඔහු කිව්වා NMRA සම්බන්ධ ක්‍රියාවලිය වෙනමම සිදුවෙනවා. මිල සහ කාලය පදනම් කරගෙන මෙම ඇගයීම කරන්න කියලා."
නීතිඥ වරයා :
එම උපදෙස් අනෙකුත් සාමාජිකයන්ට කිව්වා ද,?
සාක්ෂිකාරිය:
එසේය ස්වාමීනී. එහිදී ඇගයීම් කර පිරවීම සඳහා ජයනාත් බුත්පිටිය මහතා ලේඛනයක් ලබා දුන්නා. EOI තොරතුරු ඇතුළත් සංක්ෂිප්ත ලේඛනයක්ද ලබා දුන්නා. එසේම ඒ ඒ ඖෂධය සඳහා අභිලාෂ ඉදිරිපත් කළ ලන්සුකරුවන් ගේ ලේඛන ද ගොනු වශයෙන් තිබුණා. මේ ඒවා කටු සටහන් ලෙසයි ලැබුණේ
නීතිඥවරයා : ඖෂධ කීයක් කට අදාළව ලැබුණද ?
සාක්ෂිකාරිය:
දිනෙන් දින පරිගණක ගත කරන ලද ලේඛන තමයි ලබා දුන්නේ දිනෙන් දින වෙනස් වුණා. පළමු දිනයේදී ඖෂධ වර්ග 188 කට අදාළව ලේඛනය ලැබුණා.
නීතිඥවරයා: එහි තුන්වන අංකයට ඇති ඖෂධය කුමක්ද
සාක්ෂිකාරිය: හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත.

එහි මාස තුනකට අදාල තොග අවශ්‍ය බව සඳහන්ව තිබුණාද ?
එහි මාස තුනකට අදාල තොග අවශ්‍ය බව සඳහන්ව තිබුණාද ?
සාක්ෂිකාරිය:
එසේය ස්වාමීනී, ඒ අනුව 22500ක ප්‍රමාණයක් සදහන් ව තිබුණා. ඒ සඳහා අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනය ලන්සු ඉදිරිපත් කර තිබුණා. එහි මිල ලෙස ඇමරිකානු ඩොලර් 130 ක් සඳහන්ව තිබුණා. ඖෂධය සැපයිය හැකි කාලසීමාව වැඩ කරන දින 1-5 ලෙස සඳහන්ව තිබුණා.

ඒ සම්බන්ධයෙන් වන කමිටු නිර්දේශයට ඔබ අත්සන් තැබුවාද ?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනී
නීතිඥවරයා:
එලෙස අත්සන් තැබීමට කවුරුන් හෝ ඔබට බලපෑම් කලාද ?
සාක්ෂිකාරිය:නැත ස්වාමීනී
නීතිඥවරයා : කැමැත්තෙන්ද ඔබ අත්සන් කළේ ?
සාක්ෂිකාරිය: EOI බලලා අත්සන් කලා

එම නිර්දේශයේ කුමක්ද සඳහන් වන්නේ?
එම නිර්දේශයේ කුමක්ද සඳහන් වන්නේ?
සාක්ෂිකාරිය :
එම ඖෂධය සැපයීම සඳහා WOR එකකට යටත්ව අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයට ප්‍රදානය කරන ලෙස නිර්දේශ කළා. ලන්සූ ඉදිරිපත් කළ අය අතර NMRA ලියාපදිංචි අය නොමැති බවද එහි සඳහන්ව තිබුණා.
එම ඖෂධය සැපයීම සඳහා WOR එකකට යටත්ව අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයට ප්‍රදානය කරන ලෙස නිර්දේශ කළා. ලන්සූ ඉදිරිපත් කළ අය අතර NMRA ලියාපදිංචි අය නොමැති බවද එහි සඳහන්ව තිබුණා.

මෙහිදී අදාළ ලේඛනය සඳහන් standard price, last revoded price, last awarded price යන්න පිළිබඳව සාක්ෂිකාරිය ගෙන් නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසා සිටි අවස්ථාවේදී ඇය එම වචන වල තේරුම් ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදීමට තමන්ට දැනුමක් නොමැති බව සඳහන් කළාය.
"අදාළ ඇගයීම් කටයුතු කිරීමේදී මිල සම්බන්ධයෙන් අවබෝධයෙන් තොරව ද කටයුතු කළේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කරේ තාක්ෂණික නිලධාරීන් දුන් තොරතුරු මත පදනම්ව ඔවුන් සද්භාවයෙන් කටයුතු යි කරන බවට ඇති විශ්වාසය මත අදාල තීරණයන්ට තමන් අත්සන් කළ බවය.
මිල සම්බන්ධයෙන් වන තොරතුරු තුන්වන විත්තිකාරිය විසින් තමන්ට ලබා දුන් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
නීතිඥවරයා :එම තොරතුරු ප්‍රොන්ටෝ නැමැති පද්ධතියෙන් ගත් බව ඔබ දන්නවාද ?
නීතිඥවරයා :එම තොරතුරු ප්‍රොන්ටෝ නැමැති පද්ධතියෙන් ගත් බව ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය :ඒ පිළිබඳව අහලා තියෙනවා
නීතිඥවරයා: එම පද්ධතියට msd එක වගේම spc ආයතනයේ අයටත් ඇතුල් වී තොරතුරු ගන්න පුළුවන් බව ඔබ දන්න දන්නවාද ?
සාක්ෂිකාරිය: ඒ පිළිබඳව මා දැන සිටියේ නෑ.
නීතිඥවරයා:
තුන්වෙනි විත්තිකාරිය එම තොරතුරු ලබාදෙන විට ඔබ එතැන සිටියා ද ?
සාක්ෂිකාරිය: ඔව් පරිගණක තිරයේ ඇති තොරතුරු සඳහන් කළා.
නීතිඥවරයා :තුන්වෙනි විත්තිකාරියගේ රාජකාරිය වුණේ පද්ධතියට ඇතුල් වී නිවැරදි තොරතුරු ලබා දීම ,තොග සහ මිල සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීම යනුවෙන් කිව්වොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය: එසේය ස්වාමිනි
නීතිඥවරයා :එම අවස්ථාවේදී ඇය නිවැරදි තොරතුරු දුන් බවට ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය : ඒ අවස්ථාවේදී සත්භාවයෙන් තොරතුරු ලබා දුන් බවට එකඟ වී මම අත්සන් කලා.
අදාල ඖෂධය සම්බන්ධයෙන් ඇගයීම් කමිටුව විසින් ගත් තීරණය සාමූහික තීරණයක් බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"තුන්වන විත්තිකාරිය තමන්ට පැවරූ රාජකාරිය නිසි ලෙස ඉටු කළ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ඒ අවස්ථාවේදී ඇය සත්භාවයෙන් කටයුතු කළා යන පදනම මත මම එකඟ වුණා". යනුවෙනි.
තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ හයවෙනි විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නීතිඥ නුවන් ජයවර්ධන මහතා සිදු කළේය.
මේ වන විට වසර විසි හයක පමණ ක්ම පල පුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සාක්ෂිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වීමට පෙර සේවා කළ ස්ථානයන් වල දී ප්‍රසම්පාදන කටයුතු සහ තාක්ෂණික ඇගයීම් කටයුතු වලට සහභාගි වී ම තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න යොමු කළේය .
2010 වසරේදී තමන් SPMC අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ බවද 20216.28 න රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ බවද සඳහන් කළ සාක්ෂිකාරිය ධූරාවලිය අනුව අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට ඉහළ නිලවල කටයුතු කළ බව සඳහන් කළාය.
2022 වසරේදී ජ්‍ය අමාත්‍යංශය අහෝසි වී වෙනත් අංශයක් ලෙස ප්‍රධාන අමාත්‍යාංශයට එකතු වූ අතර රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඉවත් නොවූ අතර එම අංශය විසින් එම කටයුතු සිදු කළ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
ඊට පෙර රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවකට පත් කර අතර රාජ්‍ය අමාත්‍යාංශය අප්‍රේල් මාසයේදී අහෝසි කිරීම නිසා එම තනතුරේ කටයුතු සිදු කිරීමට නොහැකි වූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
ප්‍රසම්පාදන සහ ඇගයීම් තාක්ෂණික කමිටුවලට හත් අට වතාවක් තමන් පත් වූ බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය මෙවැනි ඇගයීමක් කිරීම සඳහා පත්කළ ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් කළාය.
ප්‍රසම්පාදන සහ ඇගයීම් තාක්ෂණික කමිටුවලට හත් අට වතාවක් තමන් පත් වූ බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය මෙවැනි ඇගයීමක් කිරීම සඳහා පත්කළ ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් කළාය.
"මෙම ඇගයීම් කිරීමේදී යම් ඖෂධයකට හෝ යම් සැපයුම්කරුවකු සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් කළාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර" ඒ අවස්ථාවේදී එහෙම වූ බව ට ඒත්තු ගියේ නෑ. අදාළ තාක්ෂණික නිලධාරීන් සද්භාවයෙන් කටයුතු කරන්න ඇති බවට විශ්වාස කළා" යයි ඇය ට පිළිතුරු ලබාදුන්නාය
.
"ඔබ එලෙස යම් ඖෂධයකට හෝ සැපයුම්කරුවකුට විශේෂයක් කළාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ විට "කිසිසේත්ම නෑ "යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.
එම ඇගයීම් කටයුතු කමිටුවේ කටයුතු ඒකාකාරී ලෙස සිදු වූ අතර ඇගයුම් කමිටු නිර්දේශවලට එහි කිසිදු සාමාජිකයෙකු විරෝධතාවයක් පළ නොකළ බව ද සාක්ෂිකාරිය කියා සිටියාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා එහිදී සාක්ෂි කාරියගෙන් අදාළ ඇගයීම් කමිටුව පිළිබඳව හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේ ය.
මෙම කමිටුවට පත් වූ අවස්ථාවේදී තමන් ජයනාත් බුත්පිටිය මහතාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළ බව සාක්ෂිකාරිය මීට පෙර සඳහන් කළ බව සිහිපත් කර දුන් නීතිඥවරයා ධූරාවලිය අනුව පහළ නිලධාරියෙකුගෙන් ඉහළ නිලධාරියෙක් උපදෙස් ලබා ගන්නේ දැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.
ප්‍රසම්පාදන අංශයේ සම්බන්ධයෙන් මෙම ඇගයීම කළ අතර ඒ සම්බන්ධයෙන් එම අංශයේ ප්‍රධානියා හොඳින් දැනුවත්ව සිටි බැවින් ඔහුගෙන් එම විමසීම කළ බව සාක්‍ෂිකාරිය එහිදී කියා සිටියාය.
අදාල ලිපිය සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර තිබුණද සෑම අවස්ථාවකදීම ඔහු හමුවීමේ අවස්ථාවක් නොමැති බවද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය
"මෙම ඇගයීම් කමිටුවේ සාමාජිකයන් පස් දෙනෙක් හිටියා නේද. ඔබ සභාපති ලෙස කටයුතු කළා. එහි සිටි ගණකාධිකාරී වරිය වන ප්‍රේමතුංග මහත්මිය පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස නම් කර සිටින බව දන්නවාද ?" යනුවෙන් නීතිඥ වරයා ප්‍රශ්න කර සිටියේය.

එහෙමයි ස්වාමීනී" යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු ලබා දුන්නාය..
"ඔබ හරි දැනුවත්නේ.ඒ ගැන දන්නවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ " නීතිපති දෙපාර්තමේන්තුවේ කන්සල්ටේෂන්වලට පැමිණි අවස්ථාවේදී ඇයව හමුවුණා" යනුවෙන් ඇය සඳහන් කළාය.
එහිදී කී වතාවක් ආවාද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.
"තුන් වතාවක් පමණ පැමිණියා ".
යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
මෙම ඖෂධ ඇගයීම් සම්බන්ධයෙන් දේශපාලන සම්බන්ධයක් ඇති අයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට සහභාගි වූ බවක් තමන්ට මතක නැති බවට ඇය සාක්ෂි ලබා දුන්නාය.
මෙම නඩුවේදී කරුණු වසන් කරමින් බොරු සාක්ෂි ලබාදෙන බවට නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සාක්ෂිකාරිය ප්‍රතික්ෂේප කළාය.
පස් දෙනෙකුගෙන් යුත් ඇගයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් සද්භාවයෙන් කටයුතු කළාය යන පදනම මත සභාපතිනිය ලෙස තමන් අදාළ ලේඛන වලට අත්සන් තැබූ බව බවයි එහිදී සාක්ෂිකාරිය සඳහන් කළාය .
කමිටුවේ යම් වරදක් සිදුවුවහොත් සභාපතිනි ලෙස එහි වගකීම තමන්ට පැවරෙනවා නේද යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ මෙම ඇගයීමේ කමිටුව පත්කිරීමේදී ඊට අදාල TRO ලබාදී නොමැති බවය.
කමිටු සාමාජිකයන් සාමූහිකව වගකිවයුතු බවත් කමිටු සාමාජිකයන් සත්භාවයෙන් කටයුතු කළ බව තමන් නිරීක්ෂණය කළ බවත් සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

අනතුරුව නම වැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂි විමසීම අවසන් කරන ලදී.
මෙම නඩුවේ හතර පහ සහ හත් වෙන විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බව නීතිඥවරුන් දැනුම් අතර සෙසු විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි විමසීම ඊළඟ නඩු දිනයේදී සිදුකරන බව නීතිඥවරු දන්වා සිටියහ.
ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් සාක්ෂිකාරිය මුදා හරින ලදී.
ප්‍රමිතියෙන් තොර තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න