leader s

අභිලාෂ කැඳවීම යටතේ ඉදිරිපත් වූ ලන්සු විවෘත කිරීමේදී කිසිවකුගෙන් තමන්ට බලපෑමක් සිදු නොවූ බව ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් නියාමන අංශයේ ‍අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) රන්පට දේවගේ අසංග මෛත්‍රීරත්න මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින්  නඩු ප්‍රකාශ කළේය.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින පසිදු කුරුප්පු ආරච්චි මහතා හරස් ප්‍රශ්න යොමු කරමින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී මෙම නඩුවේ පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණය අමතමින් ප්‍රකාශ කළේ සිය සේවාදායකයාට  මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සායනයකට සහභාගි වීමට ඇති බැවින් සඳහා අධිකරණයෙන් බැහැර වීමට අවස්ථාව සලසා දෙන ලෙස ය.
ඔහු මීට පෙරද මෙම සයනයට සහභාගී වී ඇති බවට නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. 
 
 
ඒ අනුව එම විත්තිකරුට අධිකරණයෙන් බැහැරවීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල සායනයට සහභාගි වූ බවට වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය .
 
අධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලද සිතාසි මත මෙම නඩුවේ  පැමිණිල්ලේ 174 වන සාක්ෂිකරු වන දිනේෂ් නන්දන බණ්ඩාර අධිකරණයට පැමිණ සිටි අතර නැවත දැන්වීමක් කළ පසු අධිකරණයට පැමිණෙන ලෙස විනිසුරු මඩුල්ල ඔහුට දැනුම් දුන්නේය.
 
අනතුරුව මීට පෙර මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදෙමින් සිටි මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ගෙන් නැවත ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විසින් සිදු කරන ලදී. 
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඔහුගෙන් විමසා සිටියේ  ප්‍රශ්න ගත  EOI කැඳවීමට අදාළ ප්‍රසම්පාදන යේ procurement entity ලෙස කටයුතු කළේ කවුරුන්ද යන්න පිළිබඳව  මීට පෙර ලබා දුන් සාක්ෂිය පිළිබඳවය.  එහිදී සාක්ෂිකරු සඳහන් කළේ procurement entity  පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවය. 
 
මෙම HSEPC කමිටු තීරණ ගත්තේ කුමක් මත පදනම්ව දැයි නියෝජ්‍ය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කළේ  EC  කමිටුව විසින් ලබා දී තිබූ නිර්දේශ මත  සිය කමිටුව සෑම විටම තීරණ ගනු ලැබූ බවය. WOR සහතිකයට යටත්ව දෙන ලෙස නිර්දේශ ඇති අවස්ථාවක එම  අනුමැතිය ලබාදුන් බව සඳහන් කළේය. එම අවස්ථාව වන විට   තොග ලැබීමට නියමිතව තිබූ ඖෂධ වල තොග ලැබී තිබෙනවාද යන්න පිළිබඳව සලකා බැලූ  බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
නවාවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන  කමිටු තීරණ ගැනීමට පෙර සලකා බැලූ ලේඛන සම්බන්ධයෙන් 10 v 17 ලේඛනයේ document tabled යනුවෙන් සඳහන් ස්ථානයේ තිබේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී bid opening committee  minit යන්න එහි සඳහන් නොවන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"ලැබුණු bid සම්බන්ධයෙන් ඔය කමිටුවට ටේබල් කරලා තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්‍ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් නොමැති බවය. 
 
කමිටු තීරණ වලට අත්සන් තැබූ අවස්ථාවේදී EC කමිටු තීරණය ඇමුණුමක් ලෙස නොලැබුණු බවට සාක්ෂිකරු මීට පෙර ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන් සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය  සියළු ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ බව ට විත්තිය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. සාක්ෂිකරු කියා සිටියේ එවැනි ලේඛන ඉදිරිපත් වීමක් නොවූ බවය.
 
"ඇගයීම් කමිටුවේ සාමාජිකයන් ගැන විත්ති පාර්ශවයෙන් හරස් ප්‍රශ්න විමසීමේදී එහි සඳහන් ප්‍රේමතුංග මහත්මිය අභ්‍යන්තර විගණක යනුවෙන් හඳුනා ගත්තේ කෙසේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ "මම එතුමිය ව දන්නේ නෑ . නමුත් ලේඛන වලින් දැක තිබෙනවා නම අභ්‍යන්තර විගණක කියලා නම ඉදිරියෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව තමයි ඒ බව ප්‍රකාශ කළේ "යනුවෙනි. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
"ඇගයීම් කමිටුව තාක්ෂණික කමිටුවක් ලෙස සැලකීමට බැහැ නේද?" කියලා විත්ති පාර්ශවයෙන් ඔබෙන් විමසීමක් කළා. 
 
සාක්ෂිකරු:
ඇත්තටම එම කමිටුව පත්කළේ ඒ නිසා තමයි.
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ඔබේ පිළිතුරු පැහැදිලි නෑ .පැහැදිලිව කියන්නේ. 
 
සාක්ෂිකරු : ස්වාමීනි  එය තාක්ෂණික කමිටුවක් ලෙස තමයි සැලකුවේ. මිල හා ප්‍රමාණය ගැන තමයි අපි තීරණය කළේ .ඉතිරි දේවල් තීරණය කරන්න අපට බැරි නිසා තමයි එම කමිටුව පත් කළේ .එය ටෙක් කියලා තමයි අපි හිතුවේ 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: ඔබ එම කමිටුව ටෙක් කමිටුවක් ලෙස සඳහන් කළේ කුමන පදනමක් මතද ?
 
සාක්ෂිකරු: බෙහෙත් වර්ග  වල තොග තත්ත්වයන් සම්බන්ධයෙන්  ජයනාත් මහතා ඉහත කමිටුව විසින් කර ඇති නිර්දේශ  සඳහන් කළා .මිල හා ප්‍රමාණය අනුව ඒවා ගැන කතා කළා. ඉන් අනතුරුව ඒ පිළිබඳව අපි තීරණයක් ගත්තා.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය:
මිල ගැන තීරණය කරන්නේ මොන අවස්ථාවලදීද ?
 
සාක්ෂිකරු : කමිටුව විසින් නිර්දේශ කරලා තිබුණු අවස්ථාවල දී එසේ කළා. ප්‍රමාණය සම්බන්ධයෙන් negotiation කරන්න කියලා තිබුණු අවස්ථාවලදී එසේ කළා .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: ඖෂධයේ ගුණාත්මක භාවය ගැන කොහොමද තීරණය කළේ?
 
සාක්ෂිකරු:
Ec කමිටුව කියලා තිබුණෙ WOR එකට යටත්ව ගන්න කියලා. තිබුණ ඒවා ඒ විදිහටම ගත්තා අපිට ඒවායේ ගුණාත්මක බව ගැන assurance එකක් ගන්න විදිහක් නෑ .
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය  :  මේ කමිටුවේ අය ඒ ගැන දැනුවත්ද ?
 
සාක්ෂිකරු: ඩොක්ටර් ජයනත් හිටියා 
 
 
MSD එකේ වෛද්‍යවරයෙක් හා ලේඩි කෙනෙක් හිටියා ඔවුන් ඒ ගැන දන්නවා යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු කමිටුවේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජිතයන් ලෙස වෛද්‍ය සුදර්ශන, එම අංශයේ සොලමන්ස් මහත්මිය සිටි බව, ඇය ඊට පෙර නවාවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුවේ ද  කටයුතු කළ බව පැවසුවේය.
 
අධිකරණයේ හමුවේ 10 v 23 ලෙස නම් කර ඇති ගොනුවේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජනය කරන කවුරුන් සිටිනවාද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර එහිදී සාක්ෂිකරු සඳහන් කළේ සොලමන්ස් මහත්මියගේ නම එහි සඳහන් වන බවය .
 
ප්‍රසම්පාදනයේදී සියලු ඖෂධ ලැයිස්තු ඉදිරිපත් වූ බවට විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි ඉදිරිපත් කිරීමක් නොකළ බවය.
 
එසේම මෙම ප්‍රසම්පාදන සිද්ධියෙන් වසර දෙකකට පසු අධිකරණය හමුවේ වෙනස් කතාවක් කියන බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ඒ පිළිබඳව දන්නා දේ ප්‍රකාශ කළ බවය. 
 
"Ec  කමිටුවේ තීරණ ය HSEPC කමිටුවේ තීරණ වල සඳහන් නොවූයේ කවර හේතුවක් මතද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එම අවස්ථාවේදී ඉදිරිපත් වූ ලේඛන වලට අත්සන් තැබූ බවය. ප්‍රතික්ෂේප වූ ලේඛන සම්බන්ධයෙන් ද එහි සටහන් තබා ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
signed in seconds
 
"ඔබේ කමිටුව විසින් යම් යම් ඖෂධ මිලදී ගත යුතු යැයි සඳහන් යුතු බවට ගත් තීරණ මිනිට් එකට ඇතුළත් කළාද ? යනුවෙන් ඉදිරිපත් වූ පැනයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තම කමිටුව විසින් ගත් සියලු තීරණ එම ලේඛනයේ ඇතුළත් බවය. කිසිදු ඖෂධයක් හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
Ec කමිටුවේ තීරණ මෙම  HSEPC කමිටුවේ තීරණ ගැනීමේදී අවධානයට නොගත් බවට 10 වෙනි චූදිත වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කය සම්බන්ධයෙන් කරුණු දැක්වූ සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව දැනීමක් නොමැති බවය. 
 
නවාවි මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති ප්‍රසම්පාදනය කටයුත්තේදී ලන්සු කැඳවා සිටියේ  NMRA register පදනම මත බව සාක්ෂිකරු කියා සිටියේය .
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරිය විමසා සිටියේ "10 v 17 යන ලේඛනයේ අංක හතර හි සඳහන් වන පරිදි ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් bid කැඳවූ බවට සටහන්ව තිබේද?" යන්නය.
 
සාක්ෂිකරු කියා සිටියේ එම ප්‍රසම්පාදනයේදී ලන්සු කැඳවා තිබුණේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් බවය. නවාවි  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුවේදී ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව සෑහීමකට පත් වූයේ ලියාපදිංචිය යන කරුණ මත බව සාක්ෂිකරු කියා සිටියේය. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් සහ ඊට පෙර සපයා ඇති සැපයුම්කරුවන් පිළිබඳව විශ්වාසයක් ඇති බවද ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ යාන්ත්‍රණ සම්බන්ධයෙන්  ඖෂධ නියාමන අධිකාරිය විසින් තක්සේරුවක් කර අනුමත කර ඇති බවද ඒ අනුව ඒවා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ මට්ටමක පවතින බවට විශ්වාස කරන බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
හරස් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී 10 වන විත්තිකරු වෙනුවෙන් ලේඛන කිහිපයක් පෙන්වමින් "අවම ලන්සුව ඉදිරිපත් කළ සමාගමට ඖෂධය ගෙන්වීම සඳහා ප්‍රදානය නොදීම "සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණ එහි සඳහන්ව ඇති බවය ඒ අනුව එම "අවම  ලන්සුව ඉදිරිපත් කළ සැපයුම්කරු කමිටුව විසින් අපේක්ෂා කරන කාල සීමාව ඇතුළත ඖෂධය සැපයීමට ඉදිරිපත් නොවීම" නිසා ඖෂධ සංස්ථාවට ලැබීමට ඇති තොග සම්බන්ධයෙන් අවධානය යොමු කරන කරන ලෙස දැනුම් දුන් බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කමිටු තීරණ වලදී WOR මත ප්‍රදානයන් සිදුකරන ලෙස අවස්ථා ගණනක දීම තීරණ ගෙන තිබූ නැවත ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු මීට පෙර පැවති කමිටු වලදී ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් තෝරාගෙන තිබූ අවස්ථාවලදී එම නිර්දේශ අවලංගු කර බව  සිටියේය. 
 
ahlstrom wright law lawyer questioning civil litigation undertaking trial lawyers alberta sherwood park edmonton yellowknife
 
තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සාම්පල් පිළිබඳව යොදා තිබුණේ නිර්දේශ ගැන සටහනක් HSEPC කමිටුව සටහනේ නොමැති බවට  විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අඩුපාඩුවක් තිබෙන අවස්ථා සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාවක් ඇති බවය .
 
HSEPC කමිටුවට සාම්පල කිසිවක් නොලැබුණු අතර එම සාම්පල සම්බන්ධයෙන් EC කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ ලේඛන මත  තීරණ ගත් බව සදහන් කළ සාක්ෂිකරු ටෙක් කමිටුවට ඉදිරිපත් කරන සාම්පල් සම්බන්ධයෙන් සටහනක් මෙම කමිටුවට ඉදිරිපත් වූ බව කියා සිටියේය. 
 
"ලියාපදිංචි සැපයුම්කරුවකුට අදාළ ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබියදී සාම්පල් බැලීමක් සිදු නොකරන බව සාක්ෂිකරු කියා සිටි අවස්ථාවේදී එවැනි සාම්පල බැලීමකින් තොරව තීරණ ගනු ලබන්නේ කවර පදනමක්  මතද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළාය.
 
එහිදී සාක්ෂිකරු කියා සිටියේ  NMRA හි ලියාපදිංචි වන අවස්ථාවේදී අදාළ සැපයුම්කරු විසින් එහි පවතින නීතිරීතිවලට අනුව සාම්පල ඉදිරිපත් කරන කරන බවය. එම සාම්පල NMRA  ආයතනය මගින් පරීක්ෂාවට ලක් කරන අතර එහිදී දෙන තීරණ මත මෙම තීරණ ද ගනු ලබන බව සාක්ෂිකරු කියා සිටියේය .
 
විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න විමසීමේදී ඌනතාවයන් කිහිපයක් පිළිබඳව අධිකරණයේ අවධානයට යොමු කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2022 ඔක්තෝම්බර් මස 13 සහ 18 වැනි දිනයන් වලදී කමිටුවට ඖෂධ ලැයිස්තු ඉදිරිපත් නොකළ බවට මේ අධිකරණය හමුවේදී කළ සඳහන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ නොකිරීම  ඌනතාවයක් ලෙස එහිදී ලකුණු කිරීම පිළිබඳවය.
 
එහිදී සාක්ෂිකරු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු කිහිපයක් පිළිබඳව පමණක් ප්‍රශ්න කිරීම සිදුකළ අතර  එහිදී එය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් නොලැබුණු බවය. එහෙත් අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම සිදුකළ නිසා එය ප්‍රකාශ කළ හැකි වූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එසේම මෙම නඩුවේ 10 වන චූදිත විසින් "ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට" කළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයේ ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් විත්ති පාර්ශ්ව විසින් පෙන්වා දුන් ඌනතාවය පිළිබඳව කරුණු දක්වමින් සාක්ෂිකරු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී අවස්ථානුකූලව පිළිතුරු සැපයීමක් සිදුකළ බවය. එහිදී මෙම ප්‍රකාශය කිරීමේ අවස්ථාවක් නොලැබුණු බව ඔහු කියා සිටියේය. 
 
එසේම ජයනාත් මහතා විසින් අදාල ලේඛන කාර්යාලට රැගෙන විත් අත්සන් කරගත් බව සහ තීරණ ගැනීමට අදාළ අත් අකුරෙන් ලියූ ලේඛන වල තිබූ දේ ජයනාත් මහතා විසින් කමිටුවට ඉදිරිපත් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දෙන ලද  ප්‍රකාශයේ සඳහන් නොකිරීම සම්බන්ධයෙන්  අධිකරණයේ අවධානය ට යොමු කළ ඌනතාවය පිළිබඳව විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනී, ඒ පිළිබඳව අවධානයක් යොමු කිරීමක් මගේ පැත්තෙන් සිදු වුණේ නෑ .එතනදි එහෙම කීමට අවශ්‍යතාවයක් ඇතිවුණේ නෑ." යනුවෙනි.
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
ඒ සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ කොතැනදී ද ? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් මතු කළ අතර සාක්ෂිකරු කියා සිටි එම අවස්ථාව අධිකරණයේදී තමන්ට ලැබුණු බවය. 
 
ප්‍රශ්නගත රිටොප්සි මැප් ඖෂධය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ පිළිබඳව හරස් ප්‍රශ්න විමසීම් වලදී යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම ඖෂධය සැපයීමේ ප්‍රදානය "අයිසොලෙස් බයෝ ටෙක් පාමා" ආයතනයට දීමට නිර්දේශ කර තිබුණේ ලියාපදිංචි සැපයුම්කරු අවශ්‍ය කාල රාමුවේ දී එම ඖෂධය සැපයීමට නොහැකි බවට සඳහන් කිරීම නිසා බව  ය. 
 
"එම ඖෂධය සැපයීම සඳහා ඉදිරිපත් වූ වෙනත් සැපයුම්කරුවන් ගැන එම ලේඛනයේ සඳහන් වෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි සඳහනක් නොමැති බව කියා සිටියේය. 
 
එහිදී 10 වන විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයේ අවධානය වෙනත් ලේඛනයක් වෙත යොමු කරමින් පෙන්වා දුන්නේ එහි මෙම සියලු ලන්සුකරුවන් පිළිබඳව කරුණු ඇතුළත් වන බවය. එම ලේඛනය මග හරිමින් තෝරාගත් ලේඛන මත පමණක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න විමසීම සිදුකරන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. 
එම අවස්ථාවේදී ඇය සඳහන් කළේ තමන් තවමත් සාක්ෂි විමසීම සිදුකර අවසන් නොමැති බවය. තමන්ගේ ඊළඟ ප්‍රශ්නය ඒ සම්බන්ධයෙන් විමසීමට සැලසුම් කර තිබූ බව ඇය සඳහන් කළාය. 
 
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සෙසු සැපයුම්කරුවන් සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී "මෙම ප්‍රසම්පාදනය කෙටි කලෙක දී කළ නිසා වෛද්‍ය ජයනාත් ගෙන් තොරතුරු ගත්තා. ඉතිරි සංඛ්‍යාව ගැන ඔහු තමයි කිවුවේ. ඒ සම්බන්ධයෙන් සලකා බැලුවා "සාක්ෂිකරු කියා සිටියේ ය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :විශේෂ ලේඛනයක් ලැබුණද ?
 
සාක්ෂි කරු:නැත ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :තීරණ ගන්නා විට අනෙක් ලන්සුකරුවන් ගැන අවධානය යොමු කළේ නැද්ද ?
 
සාක්ෂිකරු: EC කමිටුව තෝරා ගෙන තිබූ සැපයුම්කරුවන් පිළිබඳව සලකා බැලීම තමයි අපි කළේ. ඒ නිසා අපි එම තෝරා ගැනීම් මත ලබා තීරණ දුන්නා .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
මේ ඖෂධයට අදාළව ටෙක් රිපෝර්ට් එකක් ඉදිරිපත් වුණා ද?
 
සාක්ෂිකරු: නැත ස්වාමීනි ,
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : අනිත් සැපයුම්කරුවන් ගැන දැනුවත් වුණේ කොහොමද ?
 
සාක්ෂිකරු :බුත්පිටිය ගෙන් ඇහුවා .ඔහු කිව්වා. අපි ඒක විශ්වාස කරා.
 
සභාපති විනිසුරුවරයා: මෙම සියලු  ලන්සු කරුවන්ගේ තොරතුරු තියෙන ලේඛනය ඔබට ඒ වෙලාවේ ලැබුනද ?
 
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී, බුත් පිටිය මහතා කොළයක් බලාගෙන තමයි කිව්වේ එය මෙය විය යුතුයි .
 
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම කටයුතු කළ බව සාක්ෂිකරු නැවත ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
"EC කමිටුව විසින් තෝරා ගැනීම් සිදුකළේ කවර පදනමක් මත ද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදු නොකළ අතර එම කමිටු තීරණය මත පදනම්ව තීරණ ගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
 
 
ඒ සමගම ඔහුගේ  නැවත ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී.
 
අනතුරුව පෙර දින නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලෙ හි 156 වන සාක්ෂිකරු වන ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් නියාමන අංශයේ ‍ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන )රන්පට දේවගේ අසංග මෛත්‍රීරත්න මහතා ගෙන් සාක්ෂි විමසීම සිදු කෙරිණ.
 
මේ වන විට තමන් මුදල් අමාත්‍යාංශයේ සේවය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන සමයේදී  රාජ්‍ය අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අංශයේ  සේවය කළ අතර එම රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව ක්‍රම සම්පාදන අංශයේ වැඩ කළ බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
 
ලන්සු විවෘත කිරීමේ රාජකාරියේ දී අදාළ  කටයුතු කිරීමට බලය පවරමින් ලිපියක් ලැබෙන අතර  ලැබෙන ලන්සු පෙට්ටි විවෘත කර ප්‍රසම්පාදන අංශය විසින් ලබාදෙන ආකෘති පත්‍රය පුරවා , ලන්සුකරුවන් ගේ සියලු ලේඛන සමග ප්‍රසම්පාදන අංශයට ලබාදීමක් සිදුකරන බව ,පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
EOI යටතේ කැඳවන ලද ලන්සු විවෘත කිරීමක් සම්බන්ධයෙන්  තමන් කටයුතු කළ බව සඳහන් කළ සාක්ෂිකරු ඊට අදාළ පත්වීම් ලිපිය 2022 සැප්තැම්බර් මස 28  වැනිදා වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම්  වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දුන් බව සඳහන් කළේය.
 
ඔහු මෙම නඩුවෙහි 10 වෙනි චූදිත ලෙස නම්කර මෙම අධිකරණ ශාලාවේ සිටින බවට සාක්ෂිකරු විසින් හඳුනා ගන්නා ලදී 
 
එම අභිලාෂ කැඳවීම් විවෘත කිරීමේ 3 වන  කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් පත් කර තිබූ අතර ප්‍රසම්පාදන අංශයේ ප්‍රසම්පාදන නිලධාර නි සෙව්වන්දී  එහි සාමාජිකාවක ලෙස පත් කර තිබූ බවද තමන්ගේ සහයට කාර්යාල කාර්ය සහායක වරයෙකුගේ සේවය ලබා දී තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
bid0wq93rw
 
අදාළ ලන්සු විවෘත කිරීම 2022 ඔක්තෝම්බර් මස 03 වැනිදා පෙරවරු එකොළහට සිදු කළ අතර එහිදී ලන්සු පෙට්ටිවල ඒ ඒ ඖෂධය ට ඉදිරිපත් කර තිබූ ලන්සු වෙන් වෙන්ව සලකා බැලීමක් සිදුකරමින් අදාළ ආකෘති පත්‍රය පිරවීම සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම ලේඛනවල නිල මුද්‍රාව තබා කෙටි අත්සන ද යෙදූ බව සාක්ෂිකරු සටහන් කළේය. 
 
අනතුරුව අදාළ ආකෘති පත්‍රය ඒ ඒ ඖෂධයට අදාල ලේඛන සහ ලන්සු ලේඛන සියල්ල ප්‍රසම්පාදන අංශය වෙත භාර දුන් අතර  තමන් විසින් ගොනු විවෘත කිරීමක් නොකළ බවද කිසිදු ලේඛනයක් තමන් ළඟ රඳවා නොගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
එම ලේඛන ප්‍රසම්පාදන අංශයට භාර දීමෙන් පසු තමන්ගේ රාජකාරී කටයුත්ත අවසන් වන බව සාක්ෂිකරු කියා සිටියේ ය.
 
ඉන් අනතුරුව මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පසිඳු කුරුප්පුආරච්චි විසින් සිදු කළේය. 
 
නීතිඥවරයා: ඔබ ලන්සුව විවෘත කිරීමේ කීවෙනි කමිටුවේ ද කටයුතු කළේ ?
 
සාක්ෂිකරු: තුන්වෙනි කමිටුවේ සේවය කළා ස්වාමීනී .
 
නීතිඥවරයා: ඔබ එම කමිටුවේ දැරූ තනතුරු කුමක්ද ?
 
සාක්ෂිකරු :එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. 
 
නීතිඥවරයා: එහිදී ඔබ කළ රාජකාරිය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න?
 
සාක්ෂිකරු :
ලන්සු පෙට්ටි ප්‍රසම්පාදන අංශයෙන් භාරගෙන විවෘත කිරීමෙන් පසු එක් එක් ඖෂධයට අදාළව ලැබුණු ලන්සු වෙන් කළා ආකෘති පත්‍රයට ඇතුළත් කර  ආපසු සියලුම ලේඛන සමග ප්‍රසම්පාදන අංශයට භාර දුන්නා .
 
නීතිඥවරයා: මෙම රාජකාරිය සම්බන්ධයෙන් ඔබට කිසියම් අයෙකුගෙන් බලපෑමක් තිබුණාද? 
 
සාක්ෂිකරු :නැත ස්වාමීනි 
 
නීතිඥවරයා: ඔබ එම ලන්සු විවෘත කිරීමේ කටයුතු සත්භාවයෙන් ද සිදු කළේ ?
 
සාක්ෂිකරු: එසේය ස්වාමීනී 
 
මෙම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ මෙම සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බවය. 
 
නැවත ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවද පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
 
medicine 20260131
 
අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරය ට පාදක වන රිටොප්සි මැප් ඖෂධයකට අදාළව ලන්සු විවෘත කිරීමක් සම්බන්ධයෙන් මෙවැනිම සාක්ෂියක් මෙහෙයවීමට ඇති බැවින් එම කරුණු විත්ති පාර්ශ්ව විසින් පිළිගැනීමක් සිදුකරන්නේ නම් අදාළ සාක්ෂිය කැඳවීමකින් තොරව නඩු කටයුතු ඉදිරියට ගෙන යා හැකි බවය.
 
ඒ පිළිබඳව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ගෙන් විමසා සිටි අවස්ථාවේදී දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේ එම කාරණය තමන්ට අදාල නොවන නමුත් ඊට එකඟතාව පළ කරන බවය. සෙසු විත්තිකරුවන් ගේ නීතිඥයින් එය පිළිගැනීමට එකඟ විය.
 
අනතුරුව මෙම නඩුවෙහි සාක්ෂි දීම සඳහා සිතාසි නිකුත් කරමින් කැඳවා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් ඉහිජාස් මහතාගෙන් සාක්ෂි  විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙහි  විසින් සිදු කරන ලදී.
 
තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කරන බව  සඳහන් කළ සාක්ෂිකරු එම අමාත්‍යංශයේ සේවයට එක්වීමට පෙර චයිනා හාබර් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ බව කියා සිටියේය. 
 
අනතුරුව කටාර් රාජ්‍යයට ආයතනයක system administration s සම්බන්ධයෙන් කටයුතු කළ අතර 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සේවයට එක්වුණු බව සඳහන් කළේය. 
 
එහිදී පද්ධතිය සමග කටයුතු කිරීමට පහසුකම් දීම, පද්ධතිය සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුවක් ඇති වුවහොත් එය නිරාකරණය කිරීම, කළමනාකාරීත්වය ට අවශ්‍ය තොරතුරු ලබාදීම ඇතුළු කරුණු රැසක් තොරතුරු තාක්ෂණ අංශය විසින් සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය .
 
Health facilities in Pakistan Free medicines stock at drug store for the patients in district headquarters hospital (DHQ) Kasur.
 
"වෛද්‍ය සැපයුම් ඒකකට පරිගණක system එකක් තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්‍ෂිකරු කියා සිටියේ pronto නමින් පරිගණක  මෘදුකාංග පද්ධතියක් තිබුණු බවය. "MSD එකේ CO Business එකක් තමයි medical supply කිරීම. ඒකට අදාළ කටයුතු මෙම පද්ධතිය මගින් සිදු කළා"යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
 
මෙම පද්ධතිය හරහා තොරතුරු ලබා ගැනීමේදී ලංකාවේ රෝහල් 254 කට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන විසි හයකට මෙම තොරතුරු ජාලය සම්බන්ධ කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"Pronto පද්ධතියට Access වෙන්න කාටත් පහසුකම් තිබුණද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එසේ තිබුණු බවය .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය: එම පද්ධතියේ මොනවද තිබුණේ ?
 
සාක්ෂිකරු: ඖෂධ සම්බන්ධයෙන් තොරතුරු එහි තිබුණා .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: එහි software එක කොහොමද වැඩ කරන්නේ? 
 
සාක්ෂිකරු: එය database එකක් ලෙස තමයි වැඩ කරන්නේ. එහිදී data feed  කිරීමක් කරන්න ඕන .
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
 කොහොමද එම data feed කිරීම කරන්නේ?
 
සාක්ෂිකරු:
ඖෂධයක නම්  SR අංකය ,ඖෂධය, ටයිප් එක වගේ කරුණු ගොඩක් ඇතුළු කරන්න පුළුවන්.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කවුද ඒ තොරතුරු Feed කරන්නේ ?
 
" item master" කියලා ටීම් එකක් තියෙනවා. ඒකේ අය තමයි data feed කිරීම කරන්නේ. system එකට login වෙලා තමයි එම data feed කිරීම කරන්නේ. ඒකට අදාළ password එකක් create කරලා දෙනවා IT unit එක විදිහට" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: IT unit එකට login password එක කැමති විදිහකට හදන්න පුළුවන්ද ?
 
සාක්ෂිකරු :එහෙම කරන්න බෑ .MSD Director ගේ අනුමැතිය ඇතිව තමයි එය කරන්න පුළුවන් .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: item එකක data භාවිතා කරලා  procurement process එකක් කොහොමද කරන්නේ?
 
සාක්ෂිකරු :ඒකට order list එකක් තියෙන්න ඕන. Order list ලිස්ට් එකේ සදහන් අවුරුද්ද  procurement entity එක, එම order යේ ස්වභාවය එනම් සාමාන්‍ය ද හදිසි ද කියන එක, අදාළ අයිටම් සාමාන්‍ය ද, laboratory ද,   surgical ද කියන ඒවා සම්බන්ධයෙන් දැනගන්න ඕනේ .
 
Order list එකක් system එකට ඇතුළු කරන අවස්ථාවේදී ප්‍රසම්පාදන අස්ථිතිය පිළිබඳව තෝරාගන්නේ ගැනීම සඳහා අකුරු තුනක් ඇති අතර  එහි s.p.c, m s d, යනාදී ලෙස පවතින බව සාක්ෂිකරු කියා සිටියේය .
 
computer type
 
Order එකට අදාල අකුරු system එකේ පවතින බවද සාක්ෂිකරු කියා සිටියේය .
 
"මේ system එක modification කරන්න IT Unit  පුළුවන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය සිදුකළ නොහැකි බවය.එය එම  මෘදුකාංගය හඳුන්වා දුන් සමාගම විසින් එය සිදුකළ යුතු බව සාක්ෂිකරු කියා සිටියේය.
 
modification කිරීම සඳහා කරන ඉල්ලීමක් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ හරහා කළ යුතු බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම තොග මෙම පද්ධතියේ ගැනුම් ඇනවුම නිර්මාණය කිරීම තොග පාලන නිලධාරියා විසින් සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම පද්ධතිය හරහා තොරතුරු ලබා ගැනීමේදී ලංකාවේ රෝහල් 254 කට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන විසි හයකට මෙම තොරතුරු ජාලය සම්බන්ධ කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
පද්ධතිය හරහා එම ආයතන වල තිබෙන ඖෂධ තොග සම්බන්ධයෙන් දත්ත ලබාගත හැකි බවද සඳහන් කළ සාක්ෂිකරු  තොග ප්‍රමාණය ඖෂධයේ මිලෙන් බෙදීමෙන් පසුව එක් ඒකකයක මිල තීරණය කරන බවද කියා සිටියේය. 
 
"එම පද්ධතියේ තොරතුරු  සම්බන්ධයෙන් ලැබුණු උසාවි නියෝගයකට අනුව කුමක්  හෝ කවුරුන් විසින් හෝ විසින් රැගෙන ගියාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ "ස්වාමීනි මෙම system අදාළව backup system  එකක් තියනවා .එම backup systemඑක තමයි අරගෙන ගියේ" යනුවෙනි. 
මෙම නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් විසින් ලේඛන දෙකක් ලබා දුන් බව සාක්ෂිකරු කියා සිටියේය.
 
එම ලේඛන තමන් විසින් ම සකස් කල බවද ඒ සඳහා 2023 සැප්තැම්බර් 23 වැනිදා වන විට දිවයින පුරා පවතින තොග පිළිබඳව සලකා බැලූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඒ අනුව 2023 .09.23 වැනිදා වන විට හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් තොග පැවති ප්‍රමාණය පිළිබඳව දත්ත මෙම ලේඛනයෙහි ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. අදාළ තොග ප්‍රමාණය පිළිබඳව දත්ත තොග පාලන නිලධාරීවරයා විසින් පද්ධතියට ඇතුල් කරන බවද සාක්ෂිකරු කියා සිටියේය 
 
"Pendant quantity කියන්නේ මොකක්ද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර  අදාළ" ඖෂධ order එක තව එන්න කොච්චර තියෙනවද කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
 
medicine 260325 
national aware pility කියලා වෙනත් ආයතන වල ස්ටොක් දැනගන්න වෛද්‍ය සැපයුම් අංශයේ පොන්ටෝ පද්ධතියට පුළුවන්ද 
 
2023දී මෙම pronto පද්ධතිය  බාහිර ආයතන වලින් ඉවත් කළ අතර  නව පද්ධතියක් හඳුන්වා දුන් බවද  pronto පද්ධතිය වෛද්‍ය සැපයුම් ඒකකය තුළ පමණක් ක්‍රියාත්මක වන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී. 
 
මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කෙරිණි.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න 

 

whatsapp 202507155

නවතම පුවත්