අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදීමට මසකට පමණ පෙර ඔවුන් විසින් සිදුකළ දැනුම් දීමක් අනුව ප්‍රොන්ටෝ පද්ධතිය ඇසුරෙන් ලේඛන දෙකක් සකස් කර ඔවුන්ට ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් ඉහිජාස් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් සිටි අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ එකොළොස් වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත ආරියරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවය. අධිකරණයට සහාය වීම සඳහා එම කරුණු දැනුම් දෙන බව සඳහන් කළ නීතිඥවරයා එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමට තමන් උපදෙස් ලැබී නොමැති බවද දන්වා සිටියේය.

කෙසේ වුවද ඔහු සඳහා පෙනී සිටීමට හේතුන් කිහිපයක් මත තමන්ට නොහැකි බවද නීතිඥවරයා සඳහන් කර සිටියේය. මෙම නඩු විභාගයේදී සිදුවන කරුණු සම්බන්ධයෙන් නීතිඥවරයාට දැනුම් දීමේ වගකීම තමන්ට කළ හැකි බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 250 සහ 241 යටතේ මෙම නඩුව 09 වෙනි විත්තිකරු නොමැතිව විභාග කිරීමට බාධාවක් නොමැති බවට සඳහන් කළේය.
මෙම විත්තිකරු අධිකරණය මගහැර සිටින සහ වරෙන්තු නිකුත් කර සිටින්නෙකු වන නමුත් නීතිඥ රාහුල් ජයතිලක මහතා ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවට අධිකරණය දැනුවත්ව සිටින නිසා ඉදිරියේදී ඔහුට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ දෙමින් විත්තිකරු හෝ ඔහුගේ නීතිඥ නියෝජනයක් නොමැතිව නඩු කටයුතු ඉදිරියට කරගෙන යෑමට තීරණය කරන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේය.
අනතුරුව මෙම නඩුවෙහි සාක්ෂි දීම සඳහා සිතාසි නිකුත් කරමින් කැඳවා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් ඉහිජාස් මහතාගෙන් වැඩි දුරටත් සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් සිදු කරන ලදී.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අධිකරණයේ හමුවේ 243 සහ 244 ලෙස ලකුණු කර ඇති ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලූ තොරතුරු අනුව පද්ධතිය ඇසුරෙන් තමන් සකස් කළ බවය .
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ලේඛනවල තීරයන් වල සඳහන් කරුණු සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කිහිපයක් සාක්ෂිකරුගෙන් විමසා සිටියාය.
එහි "ඖෂධ 182ක සඳහනක් ඇති බවත් ඒවාට අදාළව purchase orders පරීක්ෂා කිරීමක් සිදු කළාද?" යනුවෙන් ඇය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ ඒ පිළිබඳව පරීක්ෂා කළ බවය .එහිදී එක් purchase order එකක් හෝ සොයාගැනීමට නොහැකි වූ බව සාක්ෂිකරු කියා සිටියේය
"මෙම system එකේ MSD V Oder එකක් තියෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සිස්ටම් එක පරීක්ෂා කළ යුතු බවය.
"ඒ බව මෙම ලේඛනයෙහි සඳහන්ව තිබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අතර එහිදී සාක්ෂිකරු කියා සිටියේ එම ස්ථානයේ හිස්තැනක් තබා ඇති බවය.
එම ලේඛනවල ඇති MSD Oder list සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම තොරතුරු system එකට ගිහින් බලා තහවුරු කළ හැකි බවය .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
පැ. 293 දෙක පිටුවේ 08 අංකය යටතේ MSD Oder list අංකයක් ඔබට ලැබී තිබෙනවාද?
සාක්ෂිකරු : නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :
293 ලේඛනයේ 05 තීරය බලන්න. එහි pending orders යන්නෙත් 20,21,22යන කාලයට පමණද ඇතුල් කළේ?
සාක්ෂිකරු: නැහැ. 2018 -2022 විසි දෙක වසර පහකට විතර අදාළව තොරතුරු ගත්තා. එසේ වසර පහකට ගත්තේ සමහර Oders ලැබිලා තිබුණේ නෑ ඒ නිසයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :
ඔබද තීරණය කළේ වසර පහකට ගන්න ඕන කියලා ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි
සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30 දක්වා තොග පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස රස පරීක්ෂකට නියෝගයක් තිබෙන බව ගැන ඔබට දැනීමක් තියෙනවාද ?
නැහැ එහෙම දැනීමක් නෑ.
ඒ සමගම සාක්ෂිකරුගෙන් මූලික ප්‍රශ්න කිරීම අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
ඕඩර් ලිස්ට් එක අනුව සැපයුම්කරුවන් ට පිළිබඳව තොරතුරු සඳහන් වන අතර මීට පෙර ලියාපදිංචි වී ඇති සැපයුම්කරුවන් ගේ නම එම පද්ධතියේ තිබෙන බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
පැ. 293 දෙක පිටුවේ 08 අංකය යටතේ MSD Oder list අංකයක් ඔබට ලැබී තිබෙනවාද?
සාක්ෂිකරු : නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :
293 ලේඛනයේ 05 තීරය බලන්න. එහි pending orders යන්නෙත් 20,21,22යන කාලයට පමණද ඇතුල් කළේ?
සාක්ෂිකරු: නැහැ. 2018 -2022 විසි දෙක වසර පහකට විතර අදාළව තොරතුරු ගත්තා. එසේ වසර පහකට ගත්තේ සමහර Oders ලැබිලා තිබුණේ නෑ ඒ නිසයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :
ඔබද තීරණය කළේ වසර පහකට ගන්න ඕන කියලා ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි
සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30 දක්වා තොග පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස රස පරීක්ෂකට නියෝගයක් තිබෙන බව ගැන ඔබට දැනීමක් තියෙනවාද ?
නැහැ එහෙම දැනීමක් නෑ.
ඒ සමගම සාක්ෂිකරුගෙන් මූලික ප්‍රශ්න කිරීම අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
ඕඩර් ලිස්ට් එක අනුව සැපයුම්කරුවන් ට පිළිබඳව තොරතුරු සඳහන් වන අතර මීට පෙර ලියාපදිංචි වී ඇති සැපයුම්කරුවන් ගේ නම එම පද්ධතියේ තිබෙන බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

"Order list එක බලලා සැපයුම්කරු ලියාපදිංචි අයෙක්ද කියලා කියන්න පුළුවන්ද?" යන්න නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ ඔහු ලියාපදිංචි නම් ඒ පිළිබඳව ප්‍රකාශ කළ හැකි බවය.
අදාළ සැපයුම්කරු අසාදු ගත සැපයම් කරුවෙක් ද යන්න පිළිබඳව පද්ධතිය මගින් සොයාගත්ත නොහැකි අතර එය වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසිය යුතු බව සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව හතර වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂි කරුගෙන් හරස් ප්‍රශ්න විමසමින් අසා සිටියේ" ඔබ විසින් සාක්ෂි දෙනු ලබන දත්ත පද්ධතියේ මෙම නඩුවට පාදක වන ඖෂධ දෙකක් සම්බන්ධයෙන් දත්ත තිබෙන බව දන්නවාද?" යනුවෙනි.
සාක්ෂිකරු එහිදී සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.
මූලික සාක්ෂි විමසීමේදී ප්‍රසම්පාදන අස්ථිතිය සම්බන්ධයෙන් කළ විමසුමකදී "එක් ප්‍රසම්පාදන අස්ථිතියක් ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාව පිළිබඳව ඔබ සඳහන් කළා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් එලෙස ප්‍රකාශ කළ බවය.
ප්‍රසම්පාදන කටයුතු MSD සහ spc එක මගින් දීර්ඝ කාලයක් සිදුකළ බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
නීතිඥවරයා: ඊට පස්සේ කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වෙනසක් සිදු වූ බව ඔබ දන්නවාද ?
සාක්ෂිකරු : News වල ගිය බව දන්නවා.
නීතිඥවරයා: MSD එක ඇතුළේ හදිසි මිලදී ගැනීම් තිබෙනවාද ?
සාක්ෂිකරු :හදිසි මිලදී ගැනීම් සාමාන්‍යයෙන් සිදු කරනවා .ඒ නිසා තමයි පද්ධතිය තුළ E අකුරක් සඳහන් කර ඇත්තේ .
නීතිඥවරයා: එම අවස්ථාවලදී දේශීය සැපයම් කරුවන්ගෙන් ඖෂධ ගන්නවාද ?
සාක්ෂිකරු: ඔව්
නීතිඥවරයා :සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි මිලදී ගැනීමක් කළ බව ඔබ දන්නවාද ?
සාක්ෂිකරු: නෑ ,ඒ පිළිබඳව මම දන්නේ නෑ.
මෙම දත් පද්ධතියට අදාළ මුර පදය එක භාවිතා කර එහි තොරතුරු ලබාගත හැකි බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය .

"මෙම Oder list එකක් සකස් කිරීම සඳහා ප්‍රවේශය ඇත්තේ කාටද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම ප්‍රවේශය වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක නිලධාරීවරයා සතුව ඇති බවය. එලෙස ලබාගත් Oder list එකක් ලෙස 10v44 ලේඛනයේ ඇති Oder list හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය .
මෙය පද්ධතියෙන් දත්ත ලබාගෙන සකස් කළ ලේඛනයක් වන අතර එය සකස් කිරීම සැපයුම් අංශයේ නිලධාරියෙකු විසින් කර ඇති බව සාක්ෂිකරු කියා සිටි අවස්ථාවේදී එම කටයුත්ත සිදුකර නිලධාරියා නිශ්චිතව සොයාගැනීමේ සඳහා සොයා ගැනීමේ හැකියාවක් තිබෙනවාද යනුවෙන් නීතිඥ වරයා සාක්ෂිකරු ගෙන් විමසීමක් කළේ ය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ සැපයුම් අංශයේ නිලධාරීන් මෙම කටයුතු කරන අතර purchase order එක සකස් කිරීම ඇතුළු ප්‍රසම්පාදන කටයුතු ප්‍රසම්පාදන අංශයෙන් සිදු කරන අතර ඊට අදාළ ගෙවීම් සිදුකිරීම ගිණුම් අංශයෙන් ඇයි සිදු කරන බව ය.
එම ලේඛනයෙහි සඳහන් "අයිසොලෙස් බයෝටෙක් පමා" ආයතනයේ නම සඳහන් වන අතර එම නම ලබා ගත්තේ කුමන ස්ථානයකින් දැ යි නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු කියා සිටියේ සැපයුම්කරුවන්ගේ තොරතුරු ඇතුලත වෙනම වගුවක් තිබෙන අතර එයින් මෙම තොරතුරු ලබාගත හැකි බවය drop down list එකක් ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය
නීතිඥවරයා : ඒ හැර වෙනත් නිලධාරියෙකුට පුළුවන්ද තමන් කැමති කෙනෙක්ව ඊට ඇතුළත් කරන්න?
සාක්ෂිකරු : බෑ ස්වාමීනි
නීතිඥවරයා :පද්ධතියට Oder list එකක් නැතිව GRN එකක් ඇතුලත් කළ හැකිද ?
සාක්ෂිකරු :බැහැ ස්වාමීනි
නීතිඥවරයා :Oder list එකක් අනිවාර්යයෙන් ම එකතු කල යුතු ද ?
සාක්ෂිකරු: එසේය ස්වාමිනි.
නීතිඥවරයා :සාමාන්‍යයෙන් ඖෂධ සම්බන්ධයෙන් මිලදී ගැනීම් සිදුවෙනවා. ආධාර ලැබෙනවා, ප්‍රදානයක් ලැබෙනවා. ඒ හැම අවස්ථාවකම Oder list සහ GRN එකක් තිබිය යුතුද?
සාක්ෂිකරු: ඔව්, system එක යටතට ආධාරයක් ලැබුණත් ඊට අදාළ purchasing i order එක තිබිය යුතුයි.
නීතිඥවරයා : pronto system ඇති දත්ත drop down system ඒකට ගන්න නිලධාරියෙකුට තම තමන්ට අවශ්‍ය පරිදි වෙනත් දේ ඇතුලත් කළ නොහැකියි නේද? යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුවකින් විමසීමක් කළේය .
ඔහු ප්‍රකාශ කළේ එසේ කිරීමට හැකියාවක් නොමැති බවය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ සැපයුම් අංශයේ නිලධාරීන් මෙම කටයුතු කරන අතර purchase order එක සකස් කිරීම ඇතුළු ප්‍රසම්පාදන කටයුතු ප්‍රසම්පාදන අංශයෙන් සිදු කරන අතර ඊට අදාළ ගෙවීම් සිදුකිරීම ගිණුම් අංශයෙන් ඇයි සිදු කරන බව ය.
එම ලේඛනයෙහි සඳහන් "අයිසොලෙස් බයෝටෙක් පමා" ආයතනයේ නම සඳහන් වන අතර එම නම ලබා ගත්තේ කුමන ස්ථානයකින් දැ යි නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු කියා සිටියේ සැපයුම්කරුවන්ගේ තොරතුරු ඇතුලත වෙනම වගුවක් තිබෙන අතර එයින් මෙම තොරතුරු ලබාගත හැකි බවය drop down list එකක් ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය
නීතිඥවරයා : ඒ හැර වෙනත් නිලධාරියෙකුට පුළුවන්ද තමන් කැමති කෙනෙක්ව ඊට ඇතුළත් කරන්න?
සාක්ෂිකරු : බෑ ස්වාමීනි
නීතිඥවරයා :පද්ධතියට Oder list එකක් නැතිව GRN එකක් ඇතුලත් කළ හැකිද ?
සාක්ෂිකරු :බැහැ ස්වාමීනි
නීතිඥවරයා :Oder list එකක් අනිවාර්යයෙන් ම එකතු කල යුතු ද ?
සාක්ෂිකරු: එසේය ස්වාමිනි.
නීතිඥවරයා :සාමාන්‍යයෙන් ඖෂධ සම්බන්ධයෙන් මිලදී ගැනීම් සිදුවෙනවා. ආධාර ලැබෙනවා, ප්‍රදානයක් ලැබෙනවා. ඒ හැම අවස්ථාවකම Oder list සහ GRN එකක් තිබිය යුතුද?
සාක්ෂිකරු: ඔව්, system එක යටතට ආධාරයක් ලැබුණත් ඊට අදාළ purchasing i order එක තිබිය යුතුයි.
නීතිඥවරයා : pronto system ඇති දත්ත drop down system ඒකට ගන්න නිලධාරියෙකුට තම තමන්ට අවශ්‍ය පරිදි වෙනත් දේ ඇතුලත් කළ නොහැකියි නේද? යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුවකින් විමසීමක් කළේය .
ඔහු ප්‍රකාශ කළේ එසේ කිරීමට හැකියාවක් නොමැති බවය.

"සාක්ෂිකරු විසින් අධිකරණය හමුවේදී හඳුනාගත් හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ මෙම නඩුවට සම්බන්ධ බවට වැටහීමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂි කරුගෙන් විමසා සිටි අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව නොදන්නා බව ඔහු සඳහන් කළේය..
"අයිසොලස් බයෝ ටෙක පාමා නම ලැබෙන්නේ එම පද්ධතියෙන්ද?" යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කළාය.. එම ප්‍රශ්නය යොමු කළ යුත්තේ එම පද්ධතිය නිර්මාණය කළ පුද්ගලයාට බව ඇය සඳහන් කර සිටියා ය.
එම අවස්ථාවේදී නීතිඥවරයා "දත්ත පද්ධතිය ගැන අවබෝධයක් තිබෙනවා මේ ඔබට ඒ දන්න පද්ධතියෙන් බාහිර දත්ත ඇතුළත් කර ලේඛන සකස් කිරීම් කිරීමේ හැකියාවක් තිබෙනවාද?" යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි කටයුත්තක් කළ නොහැකි බවය.
ඒ සමඟම හතර වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුගෙන් 2025.04.22 දින කට උත්තරයක් ලබා ගත්තා නේද?" යනුවෙන් වරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ එවැනි කට උත්තරයක් ලබා දුන් අතරේ එය ඉතා කෙටි කටු උත්තරයක් බවය.
අදාළ දත්ත පද්ධතියේ වාර්තාවක් ලබාගත් බවද පැ. 293 වන ලෙස නම්කර සිටින ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ලබාදුන් බවද සාක්ෂිකරු කියා සිටියේය.
"මෙය පරිගණකයෙන් ස්වයංක්‍රීයව ක්‍රියේට් වුනාද, නැත්නම් ඔබ සකස් කළාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එහි වගුව තමන් විසින් සකස් කර පද්ධතිය ක් ඇසුරින් තොරතුරු ඊට ඇතුළත් කළ බවය. වෛද්‍ය සැපයුම් ඒකකය තුළ pronto සහ ස්වස්ථා ලෙස system දෙකක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥවරයා: ඔබ තමයි පැ. 293 ලේඛනය හැදුවේ. එහි එකේ සිට එකසිය අසූ දෙක වෙන තෙක් ඖෂධ තියෙනවා. එහි 70 හා 72 යනුවෙන් ඇති ඖෂධ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුමිය අහපු වෙලාවේ ඔබ කිව්වේ නැවත පද්ධතියට ගොස් චෙක් කරන්න ඕනේ කියලා ?
සාක්ෂිකරු: ඔව් එහෙම ප්‍රකාශ කළා තොරතුරු පරිගණක පද්ධතියෙන් තමයි චෙක් කරන්න වෙන්නේ.
සාක්ෂිකරු: ඔව් එහෙම ප්‍රකාශ කළා තොරතුරු පරිගණක පද්ධතියෙන් තමයි චෙක් කරන්න වෙන්නේ.
නීතිඥවරයා :pronto සහ ස්වස්ථා පද්ධතියේ තොරතුරු බලාගන්න spc එකේ අයට පුළුවන්ද ?
සාක්ෂිකරු : Oder list එක සම්බන්ධයෙන් තොරතුරු ගන්න පුළුවන්
නීතිඥවරයා: ඕඩර් ලිස්ට් එක විතරයිද ?
සාක්ෂිකරු: ඔව්. NMRA එකේ අයටත් පුළුවන් .
නීතිඥවරයා: ඒ අයට මොනවද කරන්න පුළුවන් ?
සාක්ෂිකරු: ඖෂධ වල කොලිටි ෆේල්ද කියලා බලන්න පුළුවන්.
නීතිඥවරයා: ඔබ 294 ලේඛණය තොරතුරු අරගෙන ටයිප් කළාද ?
සාක්ෂිකරු : ඔව් ඒක මාසෙ මුල දිනට අරගෙන තමයි කළේ.
නීතිඥවරයා: ඔබ ඖෂධ වේදියෙක් නෙමේනේ . ඔබට ඖෂධ සම්බන්ධයෙන් දැනීමක් නෑ
සාක්ෂිකරු :නැහැ ස්වාමීනී
නීතිඥවරයා: ඔබට පරිගණක පද්ධතිය ගැන දැනුමක් තමයි තියෙන්නේ?
සාක්ෂිකරු : ඔව් ස්වාමීනී
ගැනුම් ඇනවුම ගැනීමේ කටයුතු සැපයුම අංශයේ නිලධාරීන් විසින් කරන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු ඕඩර් ලිස්ට් එක සකස් කිරීම තොග පාලන නිලධාරීවරයා විසින් සිදු කරන බව කියා සිටියේය.
තොග පාලක නිලධාරීවරයාට පද්ධතියට ඇතුල් වී කටයුතු කිරීමේ හැකියාව ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.

තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිගණක තොරතුරු නිලධාරීවරයකු ලෙස කටයුතු කරන අතර තමන්ගේ ඉහළ නිලධාරියා ලෙස සඳරප්පෙරුම මහතා කටයුතු කරන බව සාක්ෂිකරු නීතිඥවරයා විමසූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
සඳරප්පෙරුම මහතා විසින් තොරතුරු තාක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කරන අතර ඔහු එම කටයුතු සම්බන්ධයෙන් දැනුමක් සහිත නිලධාරියකු බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
මෙම පද්ධතියේ නඩත්තු කටයුතු කිරීම වෙනත් ආයතනයක් විසින් සිදුකරන බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. Oder list එක සකස් කිරීමෙන් අනතුරුව purchase list එක හා සකස් කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.ඒ සඳහා අංකයක් ඇතුළත් කළ යුතු බවද අංකය නිර්මාණය කිරීම කටයුත්ත සිදු කරන නිලධාරියාගේ අභිමතය පරිදි එය සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය .
එහිදී නීතිඥවරයා මෙම ලේඛනයේ ඇති අංගයක් පිළිබඳව සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින්" එහි MSD යනුවෙන් සඳහන් කර ඇත්තේ කුමක්ද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේ සාක්ෂිකරු කියා සිටියේ බොහෝවිට එය ප්‍රසම්පාදන අස්ථිතිය සම්බන්ධයෙන් සඳහන් කරන අතර එය තොග පාලන නිලධාරියා විසින් නිර්මාණය කර ඇතුළත් කරන බවය. ඒ පිළිබඳව තමන්ගේ විෂය පථයට ඇතුළත් නොවන අතර තමන් ඒ පිළිබඳව වැඩිදුර නොදන්නා බවද සාක්ෂිකරු කියා සිටියේය.
Pending orders සම්බන්ධයෙන් මෙම ලේඛනයේ ඇති සඳහන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරයා ඔබ සාක්ෂි දෙමින් සඳහන් කළාද Pending orders යන්න අතරේ කවදාවත්ම නොලැබෙන ඕඩර්ස් ද ඇතුළත්ව තිබූ බව?
"ඒ ගැන මට දැනුමක් නෑ ස්වාමීනි එය තොග පාලකගෙන් තමයි අහන්න ඕන" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
තමන් ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් නොදන්නා අතර ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවද සඳහන් කළ සාක්ෂිකරු ඒ පිළිබඳ නීති රීති ද නොදන්නා බව කියා සිටියේය.

මෙම නඩුවට සම්බන්ධ ඖෂධ දෙකට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කට උත්තරයක් ලබා දුන් බව සඳහන් කළ සාක්ෂිකරු මෙම ඖෂධයට අදාළව ප්‍රසම්පාදනය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා නොදුන් බවද කියා සිටියේය.
නීතිඥවරයා: ඔබ ප්‍රසම්පාදන අස්ථිතිය කියන්නේ මොකක්ද කියලා දන්නවද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී
නීතිඥවරයා: තමන්ට කවුරුහරි කිව්වද ප්‍රසම්පාදන අස්ථිතිය මේකයි කියල කියන්න කියලා
සාක්ෂිකරු :නැත ස්වාමීනි
නීතිඥවරයා :ඖෂධ එකසිය අසූ දෙක මිලදී ගත යුත්තේ MSD එක බවට ප්‍රසම්පාදන අවස්ථාවේදී තීරණය කරලා තිබූ බව ඔබ දන්නවාද ?
සාක්ෂිකරු :නැත ස්වාමීනි
නීතිඥවරයා : මුදල් ගෙවලා MSD එක විසින් මිලදී ගත යුතු බවට තීරණයක් ඇති බව ඔබ දන්නවා ද?
සාක්ෂිකරු : නැත ස්වාමීනී .
නීතිඥවරයා: purchasing order එකේ v අකුර යෙදුවේ ඇයි කියන එක පැහැදිලි කරන්න ඔබට බැරිද?
සාක්ෂිකරු : බෑ ස්වාමීනී .
නීතිඥවරයා :එය ක්‍රියේට් කරන්නේ කවුද ?
සාක්ෂිකරු: තොග පාලක නිලධාරීවරයා
නීතිඥවරයා: මාස තුනකට අදාළව තොග වලට යෙදුවේ v අක්ෂරය බව ඔබ දන්නවාද ?
සාක්ෂි කරු: නෑ ස්වාමීනි
වෛද්‍ය සැපයුම් අන් අංශයෙන් රෝහල්වලට ඖෂධ නිකුත් කරන අවස්ථාවේදී තොග මට්ටමේ වෙනසක් සිදු නොවන අතර රෝහල්වලින් ඒවා ට යොමුකර භාවිතයට ගත් අවස්ථාවලදී තොග මට්ටම වෙනස් වීම් වලට ලක්වෙන බව සාක්ෂිකරු කියා සිටියේය
මෙම පද්ධතිය දත්ත සුරක්ෂිත බවත් එම සුරක්ෂිත බව තබා ගැනීම සාක්ෂිකරු තමන්ගේ වගකීමක් බවත් සාක්ෂිකරු ම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
ඉන් අනතුරුව හයවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
සාක්ෂිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උත්තරයක් ලබාදීමට මාසයකට පෙර අධිකරණයේ හමුවේ 293 ලෙස ලකුණු කර ඇති ලේඛනය සකස් කරන ලෙස උපදෙස් ලැබුණු බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.

අදාල ලේඛන ඉල්ලා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු විසින් එය ලබාදීමෙන් අනතුරුව එය නීතිඥ වරයා විසින් එය නිරීක්ෂණයට ලක් කරන ලදි.
කෙසේ වුවද එම ලිපියෙහි දිනයක් සඳහන් නොවන අතර එය ලැබුණු දිනයක් තමන්ට මතක නැති බවද සාක්ෂිකරු කියා සිටියේය.
දිනයක් රහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලැබුණු ලිපියක් අනුව ඔබ වාර්තා දෙකක් සකස් කර දුන්නා ද? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් වාර්තා දෙකක් සකස් කළ බවය.
මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට නියෝගයක් නොලැබුණු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2025 ජනවාරි මස කට උත්තර ලබාදීමට මසකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ලිපිය තමන් වෙත යොමු කරමින් විමර්ශනයකට අදාළව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"අදාළ වාර්තාව සකස් කිරීම සඳහා ඔබට ප්‍රශ්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දුන්නාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි ප්‍රශ්න කිහිපයක් ලබා දුන් අතර pronto system එක බලා තමන් වාර්තාව සකස් කළ බවය. කෙසේ වුවද එම ලේඛනය කුමක් සඳහා ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති අතර එහි ශීර්ෂයක් සඳහන් නොකළ බවද ඔහු සඳහන් කළේය .
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති 293 යන ලේඛනය system එක බලා ඔබ විසින් සකස් කළ ලේඛනයක් නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට ඔව් ලෙස පිළිතුරු ලබා දුන්නේය.
"ඔබ pronto system එක බලලා සකස් කළ ලේඛනයක් කියන එක මේ ලේඛනයේ සඳහන් කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් නොකළ බවය.
එම ලේඛනය ඉහළ නිලධාරියකු විසින් අධීක්ෂණය නොකළ බවද සාක්ෂිකරු තවදුරටත් කියා සිටියේය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ, 294 යන ලේඛනය ද තමන් විසින් සකස් කළ බව සාක්ෂිකරු කියා සිටි අතර එහි ද ශීර්ෂයක් නොමැති බව යි කියා සිටියේය
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "මෙම ලේඛන දෙකම තමන්ද හැදුවේ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
"ඔබ pronto system එක බලලා සකස් කළ ලේඛනයක් කියන එක මේ ලේඛනයේ සඳහන් කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් නොකළ බවය.
එම ලේඛනය ඉහළ නිලධාරියකු විසින් අධීක්ෂණය නොකළ බවද සාක්ෂිකරු තවදුරටත් කියා සිටියේය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ, 294 යන ලේඛනය ද තමන් විසින් සකස් කළ බව සාක්ෂිකරු කියා සිටි අතර එහි ද ශීර්ෂයක් නොමැති බව යි කියා සිටියේය
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "මෙම ලේඛන දෙකම තමන්ද හැදුවේ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

සාක්ෂිකරු සඳහන් කරේ තමන් විසින් එය සකස් කළ බවය. පද්ධතියේ තිබුණු කරුණු ඇතුලත් කර එහි තීර සකස් කර බවද Excel document එකක් ලෙස ඒ ලබාගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
මෙම ලේඛනය සකස් කලේ කොහොමද හරියට පැහැදිලි කරන්න යනුවෙන් සභාපති විනිසුරුවරයා නැවත වරක් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ" system එක බලලා දවසින් දවස බලලා අදාල ලේඛනය තමන් විසින් සකස් කළ බව"ය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: මෙම ලේඛන කොහොමද හැදුවේ?
සාක්ෂිකරු: report module එකක් තියෙනවා ස්වාමීනී. ඒක බලලා දවසින් දවස බලලා තමයි හැදුවේ සමහර ඒවා ගන්න බෑ.ඒ ටික ලියලා ගන්න වෙන්නේ .
සභාපති විනිසුරුවරයා: pronto පද්ධතියේ තියෙන figures බලලා ඒක වෙන වෙනම document එකකට ගත්තද ?
සාක්ෂිකරු :මේක Excel document එකක් තමයි ගත්තේ.
සභාපති විනිසුරුවරයා: මේක ඔබද හැදුවේ. ?
සාක්ෂිකරු Excel එකේ generate කරලා ගත්තා
සභාපති විනිසුරුවරයා: generate කරලා ගත්තා කියන්නේ report එකක්ද නැත්නම් ඔබ figures බලාගෙන ටයිප් කළාද ?
සාක්ෂිකරු: system එකේ ප්‍රෝග්‍රෑම් අනුව format එකක් ගන්න ඕනේ
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: පැහැදිලිව කියන්න system එකෙන්ම generate කරලා දුන්න එකක්ද මේක .
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී
සභාපති විනිසුරුවරයා :මෙයට කලින් හරස් ප්‍රශ්න අසන වෙලාවක ඔබ කිව්වා තොරතුරු පද්ධතියෙන් ලබාගෙන මේ හැදුවෙ කියලා .
සාක්ෂි කරු: මම හදපු රිපෝර්ට් එකක් තමයි මේ තියෙන්නේ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: මේක manual හැදුවද නැත්නම් generate කරලා කරපු රිපෝර්ට් එකක්ද?
සාක්ෂිකරු :ජෙනරේට් කරලා ගත්ත එකක්.
සභාපති විනිසරුවරයා: ඔබ කලින් කිව්වා නේ මේක දත්ත අරගෙන දාපු ලේඛනයක් කියලා. System එක බලාගෙන මේක හැදුවා කියල. දැන් මේ මොකක්ද කියන්නේ?
සාක්ෂිකරු: ස්වාමීනි 293 ලේඛණය system එක බලාගෙන ටයිප් කලා. Columns ටිකක් system එක බලාගෙන පිරෙව්වා. එකක් මම බලලා හැදුවා .අනිත් එක system එක බලාගෙන තීරු ටික පිරෙව්වා
සභාපති විනිසුරුවරයා: ඒ කියන්නේ 293 ලේඛණය system එක බලලා ටයිප් කරපු ලේඛනයක් 294 ලේඛණය system එකේ රිපෝට් එක අරගෙන generate කරගෙන ඒ හදපු ලේඛනයක් එහෙමද ?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
මින් අනතුරුව සාක්ෂිකරුගෙන් නැවත හරස් ප්‍රශ්න විමසීම සිදුකළ නුවන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා විමසා සිටියේ ponto system එකට දත්ත ලබා දුන්නේ කවුරුන් විසින්ද? යනුවෙනි
එය සිස්ටම් මාස්ටර් එකෙන් සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය .එය දත්ත සැපයීම සඳහා පවතින වෙනම අංශයක් බවත් එහි කවුරුන් විසින් දත්ත ඇතුළත් කිරීම සිදු කරන්නේද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් සාක්ෂිකරු කියා සිටියේය. මෙම ලේඛනයෙන් pending orders යනුවෙන් තීරයක් ඇති අතර එහි දත්ත ඇතුලත් කරන්නේ කවුද, කුමක් පදනම් කරගෙන දත්ත ඇතුලත් කරනවාද යන්න පිළිබඳව තමන් නොදන්නා බව සාක්ෂිකරු කියා සිටියේය.
එසේම ජාතික තොග තත්ත්වයන් සම්බන්ධයෙන් දත්ත ඇතුළත් කරේ තමන් විසින් නොවන බවද එම දත්ත කවුරුන් විසින් කුමන පදනමක් මත ඇතුළත් කරන්නේද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකරු කියා සිටියේය.
මෙම දත්ත ඇතුළත් කිරීම සඳහා වෙනම මුර පදයක් ඇති බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.
"පරිගණක පද්ධතියක audit log කියන්නේ මොකක්ද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුවන් විමසීමක් කර අතර සාක්ෂිකරු කියා සිටියේ පරිගණක පද්ධතියක දත්ත ඇතුලත් කරේ කිරීම වෙනස් කිරීම හෝ යාවත්කාරීන කිරීම යම් අයෙකු විසින් සිදු කර ඇත්නම් එය සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව audit log එක හරහා දැනගත හැකි බවය .
" pronto system එක බලා සකස් කළ ලේඛන වල නිවැරදිතාවය audit log එක බලලා තහවුරු කරගත හැකියි නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එසේ කළ හැකි බවය." එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වාර්තා සකස් කර ඉල්ලීම හැර ඔබෙන් audit log එක පිළිබඳව විමසීමක් සිදු කළාද ?"යනුවෙන් සාක්ෂිකරුගේ නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි කිසිදු විමසීමක් නොකළ බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදීමට මාසෙකට පෙර මෙම වාර්තා ව ඉල්ලා සිටි අතර audit log එකක් පිළිබඳව සඳහන් නොකළ අතර අදාළ වාර්තා වූ ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන් බවද එය අධිකරණය නියෝගයක් මත සිදුකර ඉල්ලීමක් නොවන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
එම හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ මෙම ලේඛනවල ජාතික තොග තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කරේ රෝහල් සහ අනෙකුත් ආයතන පිළිබඳව පවතින තොග සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවද යන්න පිළිබඳවය.
ඊට සාක්ෂිකරු ඔව් ලෙස පිළිතුරු ලබාදුන් අතර නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ජාතික තොගය තුළ වෛද්‍ය සැපයුම් අංශය තුළ තිබූ තොගය සහ රෝහල්වල තිබෙන තොගය වෙන් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳවය
එවැනි හැකියාවක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. අදාළ තොග තත්වය ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකි බවද පවතින තොග තත්ත්වයන් භාවිතයට ගත් අවස්ථාවේදී එම දත්ත වෙනස් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව හත්වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා කරුගෙන් හරස් ප්‍රශ්න විමසමින් " ඖෂධ සම්බන්ධයෙන් තොරතුරු ලැයිස්තුවක් සකස් කිරීම කවුරුන් විසින් සිදු කරන්නේ ද?" යන්න පිළිබඳව ප්‍රශ්න කර සිටියේය

ඖෂධ වල අවශ්‍යතාවය පිළිබඳව ඇස්තමේන්තුව අරගෙන ඒ අනුව වාර්ෂික අවශ්‍යතාවය පිළිබඳව ලැයිස්තු සකස් කිරීමක් සිදු කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය . මෙම ලේඛනවල ඇතුළත් ඖෂධ 182 ලැයිස්තුව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද එම ලැයිස්තුව සකස් කළේ නන්දන බණ්ඩාර නම් නිලධාරියා බවට තමන්ට දැනුමක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය.
එම හරස් ප්‍රශ්නය විමසීමෙන් අනතුරුව දහවෙන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුට හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.
පොන්ටෝ පද්ධතියෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් මෙම ලේඛන සකස් කළ බව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ සාක්ෂිකරු පද්ධතියට තොරතුරු ඇතුල් කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව කියා සිටියේය. මෙම ඖෂධ සැපයීමට අදාළව සැපයුම්කරුවන් විසින් තොරතුරු ලබාදී තිබුණේද යන්න යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඇතැම් සැපයුම්කරුවන් විසින් තොරතුරු ලබාදී තිබූ අතර ඇතැම් සැපයුම්කරුවන් තොරතුරු යම් ප්‍රමාණයක් ලබාදී තිබුණු බවය. ඇතැම් අවස්ථාවලදී වලදී කොහෙත්ම තොරතුරු සපයා සැපයීමක් සිදු කර නොතිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී අදාල වගුවේ සඳහන් කරුණු පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර යම් යම් ඖෂධ තත්ත්වයන් සහ ලබාගත යුතු ප්‍රමාණයන් පිළිබඳව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නඩුවේ එකොළොස් වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිතාරියරත්න මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"පරිගණකයකින් උත්පාදිත ලේඛනයක් විශ්වාස කළ හැකිද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ ඒ පිළිබඳව විශ්වාස තැබිය හැකි බවය.
"එලෙස පරිගණකයෙන් උත්පාදිත ලේඛනයක් වෙනස් කරන්න ඕනෑම අයෙකුට පුළුවන්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි වෙනස්කමක් සිදු කළ නොහැකි බවය. පද්ධතියේ modification සිදු කිරීම පද්ධතිය අයත් සමාගම විසින් සිදු කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
ඒ පිළිබඳව ප්‍රශ්න කිහිපයක් නීතිඥවරයා විසින් සාක්ෂිකරුට යොමු කිරීමෙන් අනතුරුව එම හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර මෙම නඩුවේ පස්වන, අටවන සහ දොළොස්වැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බවය.
කෙසේ වුවද නව වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අසනීප වී රෝහල් ගතව සිටන බැවින් ඔහුගේ හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව දීමට අධිකරණය කාරුණික වෙමින් නඩු කටයුතු ඊළඟ දිනය තෙක් අත්හිටුවීමට තීරණය කළ බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
තුන්වන විත්තිකරු මේ වන විටත් අධිකරණය මගහැර සිටින විත්තිකරුවකු වන අතර තමන්ගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් නීතිඥවරයෙකු සපයා ගැනීම ඔහු ට විත්තිකරුගේ වගකීමක් වන බවද ඔහු නීතිඥවරයකු සපයා නොගන්නේ නම් ඒ මත නඩු විභාගය අත්හිටුවීමට අධිකරණයට නොහැකි බවද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නමවන විත්තිකරු විසින් එම කාර්යය ඉටු කර නොකරන්නේ නම් ඔහු නොමැතිව නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කරන බවද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේය
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගයේ කටයුතු අවසන් කළ අතර මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කෙරිණි.
නමවන විත්තිකරු විසින් එම කාර්යය ඉටු කර නොකරන්නේ නම් ඔහු නොමැතිව නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කරන බවද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේය
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගයේ කටයුතු අවසන් කළ අතර මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කෙරිණි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

