රටේ ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලැබිය යුතු මුදල් ප්‍රතිපාදන නොලැබීම මත මුහුණදීමට ඇති දුෂ්කර තත්ත්වයන් පැහැදිලි කරමින් අදාළ මුදල් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා එවකට එම සංස්ථාවේ සභාපතිවරයාව සිටි සරත් ලියනගේ මහතා විසින් සෞඛ්‍ය ඇමතිවරයා ව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපි දෙකක් යොමු කර ඇති බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හමුවේදී අනාවරණය විය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ 09 වැනි චූදිත වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා දැඩි රෝගී තත්ත්වයට පත්වී රෝහල් ගතව සිටින බැවින් ඔහුගේ උපදෙස් මත තමන් මෙම අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය. විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන අතර සෙසු විත්තිකරුවන් ගේ හරස් ප්‍රශ්න මත රඳා පවතින බව ඇය අධිකරණයට දන්වා සිටියාය.
අනතුරුව මෙම නඩුවේ සාක්ෂි ලබාදෙමින් සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් ඉහිජාස් මහතා ගෙන් නැවත ප්‍රශ්න විමසීම නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙහි විසින් සිදු කරන ලදි.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති 10v44 යන ලේඛනය සම්බන්ධයෙන් හතරවන විත්තිකරු වෙනුවෙන් අසන ලද හරස් ප්‍රශ්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ලියාපදිංචි නැති සැපයුම්කරු වෙක් සම්බන්ධයෙන් වන තොරතුරු system එක හරහා ලබාගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළාය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ අලුත්ම සැපයුම්කරුවෙකු නම් ඔහු system එකට අලුතෙන්ම register විය යුතු අතර ඒ පිළිබඳව දත්ත ඇතුළත් කළ යුතු බවය. එලෙස නව සැපයුම්කරුවකු පිළිබඳව තොරතුරු ඇතුළත් කිරීම SPC supply අංශය සහ වෛද්‍ය සැපයුම් අංශයට ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
"මේ දත්ත පද්ධතිය බැලූ ගමන් පරණ සැපයුම්කරුවෙක්ද අලුත් සැපයුම්කරුවෙක්ද කියලා කියන්න පුළුවන්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර එලෙස වෙන්කර හඳුනා ගැනීමක් system එකේ නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.

"ලබා දෙන ඖෂධ quality fail වුණොත් මොකද කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු , රෝහල්වලින් ඒවා පරීක්ෂා කර බලලා batch එකම block කරන්න පුළුවන් . ඒක NMQL ආයතනයෙන් තමයි කරන්නේ .එම ආයතනයෙන් තීරණයක් ගත්විට සියලුම රෝහල්වල batch එක නවතිනවා එතකොට කාටවත් ඒ බෙහෙත ගන්න බෑ, යනුවෙන් කියා සිටියේය .
"හරස් ප්‍රශ්න විමසීම වලදී ඔබේ ඉහළ නිලධාරියා සම්බන්ධයෙන් ඇහුවා නඩුවලට අදාළව ලේඛණ සකස් කිරීම ඔබට පවරා ඇති බලය පිළිබඳව.ඒ ගැන පැහැදිලි කරන්න?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කර කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ" අප ආයතනයේ එවැනි වාර්තාවක් මගින් තොරතුරු ලබා දීමේ හැකියාව ඇති නිලධාරියෙකුට ඇත්තේ මා පමණයි. ඒ අනුව එම වාර්තා වූ සකස් කරන ලෙස මට දැනුම් දුන්නා." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
මෙලෙස සකස් කරන ලේඛනයට අත්සන් තැබීමක් සිදු නොකරන බවද අවශ්‍ය වුවහොත් පමණක් තමන් අත්සන් කරන බවද සඳහන් කළ සාක්ෂිකරු අල්ලස් කොමිසම විසින් ඉල්ලා සිටින වාර්තාවලට අත්සන් කිරීම තම ඉහළ නිලධාරියා වූ සදරප්පෙරම මහතා විසින් සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉල්ලා සිටින ලේඛනවල තමන් අත්සන් තබා ලබාදෙන බව සාක්ෂිකරු කියා සිටියේය.
"Pronto System එකේ දත්ත ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබට ඉදිරිපත් කළ ලිපියේත් දිනයක් නොමැති බව විත්ති පාර්ශ්වයෙන් හරස් ප්‍රශ්නවලදී පෙන්වා දුන්නා". යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අදාල ලිපියේ ඡායාස්ථ පිටපතක් පෙන්වමින් එහි received ලෙස අත්සන් තබා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය .
එහිදී සාක්ෂිකරු කියා සිටියේ එම ලිපිය තමන්ට ලැබුණු පසු එහි අත්සන් තබා දිනය සඳහා සටහන් කළ බවය.

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා කියා සිටියේ මෙම ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ඊයේ සාක්ෂි විභාගයේදී සිදු කළ අතර නැවත ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම අනවශ්‍ය බවය. එසේම අධිකරණය හමුවේ ලකුණු නොකර ඇති ලේඛනයක් පිළිබඳ ව ප්‍රශ්න නැගීම ගැටලුවක් බවද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය
එහිදී නියෝජ්‍ය සොලිසිටර් වරිය මුළු ලිපිය සම්බන්ධයෙන්ම ප්‍රශ්න කිරීමක් නොකරන බවත් එම ලිපියේ දිනය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකරන බවත් සඳහන් කළාය. එසේම විමර්ශන නිලධාරියා ගෙන්වා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය
"මෙම ලේඛනය හදනකොට drugs එකසිය අසූ දෙකක ලිස්ට් එකක් ඔබට ලැබුනද ?"යන ප්‍රශ්නය සාක්ෂිකරුට යොමු කළ අවස්ථාවේදී එවැනි ලිස්ට් එකක් නොලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය.
IT officer කෙනෙක් විදියට ඔබට quality failure එකක් ගැන දැනුමක් තියෙනවාද ? යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුට යොමු කළ අතර එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳ දැනීමක් තමන්ට නොමැති බවය. මෙම සිස්ටම් එක අනුව තොග තත්ත්වයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි අතර අනෙක් තොරතුරු පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව තොග පාලකට ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
අදාල ලේඛනයේ සඳහන් සංඛ්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසමින් ප්‍රශ්න ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම නඩුවට පාදක වන හියුමන්ඉමියුනෝග්ලොබියුලින් ඖෂධයේ මාසික අවශ්‍යතාවය 7500ක්ලෙස දක්වන බවත් 2022 නොවැම්බර් 31 වන විට ඊළඟ මාසයටත් අවශ්‍ය තොග තිබී ඇති බවත් පෙන්වා දෙමින් ඒ පිළිබඳව සාක්ෂිකරුගෙන් කරුණු විමසා සිටියාය.
"දෙසැම්බර් මස 31 වැනිදා වන විට ම එන්නත් ප්‍රමාණය 16157 එකක් ලෙස සඳහන් වන අතර එය ඊළඟ මාසික අවශ්‍යතාවයටත් වැඩි ප්‍රමාණයක් නේද?" යනුවෙන් ඇය සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ගෙන්ප්‍රශ්න කර සිටියේ "ඊළඟ මාසයටත් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය තොග ඇති බව කොහොමද කියන්නේ? ඔබ කීවා ලේඛනයේ figures ගැන ඔහු දන්නේ නෑ"කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ස්වාමීනි ඒ පිළිබඳව මම ඇහුවෙ නෑ
සභාපති විනිසුරුවරයා: ඔහු කිව්වා තියෙන figures ගැන කියන්න දන්නේ නැති බව.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :ස්වාමීනී මම එහෙම ඇහුවේ නැහැ
සභාපති විනිසුරුවරයා: ඔබ එහෙම ඇහුවෙ නැතුව ඇති නමුත් ඔබ ප්‍රකාශ කළ වචනවල අර්ථය එහෙම තමයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :ස්වාමීනි ඔහු ඊයේ ඔහුගෙන් ඇසූ ප්‍රශ්නය පැහැදිලි කරගන්න තමයි මං ඒ ගැන ඇහුවේ
.
මේ පිළිබඳව විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනාගේම අවධානය යොමු කිරීමෙන් අනතුරුව සභාපති විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට දන්වා සිටියේ "ඔබ මේ විදිහට මේ සාක්ෂිය මෙහෙයවනවා නම් එම සාක්ෂිය පිළිගන්නවාද සහ විශ්ව විශ්වාසනීය ද යන්න පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. කැමතිනම් එම ප්‍රශ්න කිරීම දිගටම සිදු කරන්න දිගටම මේ ආකාරයට ප්‍රශ්න කිරීම සිදු වෙනවා නම් එය ගැටලුවක් විය හැකියි. අධිකරණය විසින් එය තීරණය කරනවා" යනුවෙනි .
අදාල ලේඛනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් විමසූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඒ ඒ මාසයට අදාළව සටහන් වන තොග සංඛ්‍යාව පිළිබඳව විමසීමක් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: රිටොප්සිමැප් injection stock ගැන බලන්න. මාසෙකට හැම මාසෙකම අවසන් දිනයේ ලංකාවෙම තියෙන stock වල එකතුව මෙහි සඳහන් වෙනවාද ?
සාක්ෂිකරු :ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
බෆල් stock එකක් හදන එක ගැන IT නිලධාරියෙකු ලෙස ඔබ දන්නවද?
සාක්ෂිකරු: නෑ ඒ ගැන දැනුමක් නෑ. සමහර meeting වලට සහභාගි වෙන අවස්ථාවල ඇහිලා තියෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: ඇහිලා තියෙන දෙයක්ද ඔබ මේ කියන්නේ ?
නීතිඥ අමිත ආරියරත්න මහතා :
ස්වාමීනි මේ ප්‍රශ්නයට මම විරුද්ධයි. සාක්ෂිකරු සඳහන් කළේ meeting වල ඇහිලා තියෙනවා කියලා.ප්‍රශ්නය අහන්නේ ඇහිලා තියෙනවද කියලා, meeting වල ඇහිලා තියෙනවයි ඇහිලා තියෙනවයි කියන්නේ දෙකක්. මෙහෙම නැවත ප්‍රශ්න ඇසීමක් කරන්න බෑ. මෙහෙම නැවත ප්‍රශ්න ඇසීමක් මම මගේ ජීවිතයට වත් දැකල නෑ
සභාපති විනිසුරුවරයා: ඇහිච්ච දෙයක් කියලා කිව්වා නම් එය එතනින් ඉවරයි.
අනතුරුව සාක්ෂිකරුගෙන් තවත් ප්‍රශ්න කිහිපයක් විමසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම අවසන් බව අධිකරණයට දන්වා සිටියාය.

අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අංක 127 ලෙස නම්කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය ගණකාධිකාරී ආදායම් ඩයනා නිශාන්ති දේව සුරේන්ද්‍ර මහත්මිය සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියාය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙම සාක්ෂිකාරිය මීට පෙර සාක්ෂි දීම සඳහා 2026 මාර්තු මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි අතර සාක්ෂි ලබාදෙමින් සිටියදී පරිගණකයෙන් උත්පාදිත ලේඛනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදුකළ අවස්ථාවේදී එකී ලේඛනය විත්ති පාර්ශ්වයට ලබා නොදීම හේතුවෙන් මතුවූ විරෝධතාවයක් මත අදාළ ලේඛනය විත්ති පාර්ශ්වයට ලබාදීම සඳහා අධිකරණය විසින් නියෝගයක් කරනු ලැබූ බවය.
ඒ අනුව අදාළ පද්ධතියට පිවිසීම සඳහා විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට දින 45කට අධික කාලයක් ලබාදුන් අතර ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂා කළ එබැවින් මෙම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අද දින සිදුකිරීමට තීරණය කළ බව ඇය සදහන් කළාය.
අනතුරුව සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීම ආරම්භ කරන ලදී.
එහිදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ තමන් වරලත් ගණකාධිකාර ආයතනයේ අධ්‍යාපනය ලබා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවයට එක් වූ බවය. එහි ආදායම් අංශය මූල්‍ය අංශයේ කොටසක් ලෙස පවතින බවද, වෛද්‍ය සැපයුම් අංශයට සිදු කරනු ලබන සැපයුම් සම්බන්ධ චෙක්පත් මගින් කරන ගෙවීම්සිදුකිරීම ගෙවීම් අංශයේ මගින් සිදුකරන බවද ඇය සදහන් කළාය. අදාළ ගෙවීම් සඳහා කරන බැංකු ණයවර ලිපි නිකුත් කිරීම බැංකු අංශයෙන් සිදු කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළ සිටියාය.
රජයට බෙහෙත් සපයන ක්‍රියාවලියේ සහ විවෘත වෙළඳපොළ සම්බන්ධ ක්‍රියාවලිය ලෙස කොටස් දෙකකින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දී කටයුතු සිදු කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය රජයට බෙහෙත් සැපයීමේ ක්‍රියාවලිය සඳහා අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කරන ප්‍රතිපාදන යටතේ මුදල් භාණ්ඩාගාරය විසින් ලබාදීමක් සිදුකරන බවද සඳහන් කළාය
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කරමින් " මහා භාණ්ඩාගාරයෙන් සෘජුවම spc එකට ගෙවීම් සිදුකරනවාද ?"යන්න පිළිබඳව විමසා සිටියාය.
ඊට පිළිතුරු දෙමින් 2024 වර්ෂයට පෙර සෘජුවම එම මුදල් ලබා දුන් අතර එම මුදල් ලබාදීමෙන් පසුව රේඛීය අමාත්‍යාංශය දැනුවත් කර msd එකද දැනුවත් කරන බව සාක්ෂිකරුකාරිය කියා සිටියාය .

වෛද්‍ය සැපයුම් අංශයට භාණ්ඩ ලබා දෙන සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම spc ආයතනය මගින් සිදු කරන අතර ඒ සඳහා වන මුදල් අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන යෙන් ලැබෙන අතර වසර පුරා වරින් වර මුදල් නිකුත් කිරීමක් කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය .
විවෘත වෙළඳපළ ඔසුසල් සඳහා වන මුදල් ආයතන විසින්ම සපයා ගන්නා බවත් එය ඔසුසල් ජාලය හරහා සිදුකරන බව ඇය සඳහන් කළාය.
එය self funding operation එකක් ලෙස පවතින අතර රජයෙන් කිසිදු අවස්ථාවක ඒ සඳහා මුදල් නොලැබෙන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"වෛද්‍ය සැපයුම් අංශයට අදාළ ගෙවීම් කරන්නේ කවුද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් මතු කළ අතර සැපයුම්කරුවන් වෙත ගෙවීම් කරන්නේ චෙක්පත් වලින් නම් එම ගෙවීම් ගෙවීම් අංශයෙන් සිදුකරන බවද ණයවර ලිපි මගින් නම් එය බැංකුව අංශයෙන් සිදු කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
msd එකට භාණ්ඩ දෙන විටම spc එකට මුදල් ලැබෙන්නේ නැද්ද" යනුවෙන් නියෝජ්‍ය සුරිස්ට ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එලෙස ගෙවීමක් සිදුනොවන අතර එමඟින් අගය හරපතක් ලෙස සේවා ගාස්තුවද ඇතුළුව එකතු කිරීමක් සිදුකරන බවය.
එම හරපත සම්බන්ධයෙන් සටහනක් තම ගිණුම් විස්තර වල ඇතුළත් කරන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
මාසයක් සඳහා එම හරපත්වල ින් එකතුව ලබාගෙන එය ඒ එස් ප්‍රෝහන්ඩ සිස්ටම් එකට ඇතුලත් කරන බවද ඇය තවදුරටත් කියා සිටියාය. සැපයුම්කරුවන්ට සෑම විටම මුදල් ලබාදීමට spc ආයතනය කටයුතු කරන අතර ලැබී ඇති මුදල් සහ ලැබීමට ඇති මුදල් අතර සෑම විටම පරතරයක් පවතින බව ඇය තවදුරටත් සඳහන් කර සිටියාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දෙන අවස්ථාවේදී ලේඛන කිහිපයක් ලබාගත් බව කළමනාකරණ වාර්තාවක් ඒ අතර වූ බවද ඇය කියා සිටියාය.
එම ලේඛනය සාක්ෂිකාරියගේ අවධානයට ලක් කිරීමෙන් අනතුරුව ඇය එය ඇය විසින් එය හඳුනා ගන්නා ලදී.
ඒ අනුව එම ලේඛනයෙහි ඇති දත්ත සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියකින් කරුණු විමසීමක් කළාය.

සැපයුම් කරුවන් විසින් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙන ඖෂධ සහ භාණ්ඩ වෙනුවෙන් මුදල් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම spc එක මගින් සිදු කරන අතර msd එක විසින් එය පසුව පියවීමක් කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී බැංකු අයිරා පහසුකම් ලබා ගැනීමක් සිදුකරන බවද කියා සිටියාය.
එය රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය මත සිදුකරන බවද සඳහන් කළ සාක්‍ෂිකාරිය ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා හරහා සෞඛ්‍ය ඇමතිවරයාට දැනුම් දීමක් කරන බව කියා සිටියාය. අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් දමා එම අනුමැතිය ඇමතිවරයාට යවන බවද පසුව මහ භාණ්ඩාගාරය වෙත යොමු කර අදාළ ප්‍රතිපාදන ලබා ගැනීම සිදුකරන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විසින් මූලික සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ලෙස රටේ ඇතිවූ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් දැනීමක් තිබෙනවාදැ"යි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඩොලර් හිඟයක් තිබූ අතර එය තම ආයතනයට ද බලපෑමක් ඇති කළ බවය.
ඒ පිළිබඳව කරුණු විමසූ නීතිඥවරයා "ඔබ කිව්වා ඩොලර් හිඟයක් තිබ්බා කියලා. ඖෂධ මිලදී ගැනීමට ඉන් බලපෑමක් ඇති වූ බවත් ඔබ කිව්වා" යනුවෙන් සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ මුදල් ගෙවීම්වලදී ඩොලර් හිඟය යන ප්‍රශ්නය ඇති වූ බව ය. ඖෂධ ආනයනය කළ පුද්ගලික සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේදී ඩොලර් ගෙවීමේ හිඟයක් ඇතිවුණා. යනුවෙන් කියා සිටියාය.
නීතිඥ නයන්ත විජයසුන්දර මහතා: එම ඩොලර් හිඟය කොපමණ කාලයක් බලපෑවාද ?
සාක්‍ෂිකාරිය: කෙටි කාලයයි අපේ විසඳුම් හොයාගත්තා .
නීතිඥවරයා: ඔබ මහා භාණ්ඩාගාරයට ලියලා මුදල් ඉල්ලා ගත්තා. නමුත් සියලුම සැපයුම්කරුවන්ට ගෙවන්න මුදල් ලැබුණේ නෑ.?
සාක්ෂිකාරිය: ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළා. ඉල්ලා තිබුණු ප්‍රමාණයට මුදල් ලැබුණා .මාර්තු, අප්‍රේල් ,මැයි වල වගේ එම මුදල් ලැබුණු බව මතකයි. ඒ බව අපේ වාර්තා වල තිබෙනවා .
නීතිඥවරයා :spc එකේ සභාපතිව සිටි සරත් ලියනගේ සමග ඔබ කොපමණ කාලයක් වැඩ කර තිබුණද ?
සාක්ෂිකාරිය: මාසයකට ආසන්න කාලයක් වැඩ කරන්න ඇති.
නීතිඥවරයා: සරත් ලියනගේ සමග කටයුතු කරද්දී ඔහු සමග ලිඛිත වැඩ කර තිබෙනවාද ?
සාක්ෂිකාරිය: ඔව් ඔහුගේ හරහා ලිපි යැවූ අවස්ථා තියෙනවා.
නීතිඥවරයා :ඔහුගේ අත්සන දැකලා පුරුදු ඇති?
සාක්ෂිකාරිය :එහෙමයි ස්වාමීනී
එම අවස්ථාවේදී සාක්ෂිකාරියගේ අවධානය 2022 ඔක්තෝම්බර් මස 4 වැනිදා දරණ ලිපියකට යොමු කළ නීතිඥවරයා" එම ලිපිය ලියා ඇත්තේ කවුරුන්ද ?යනුවෙන් විමසීමක් කළේය.
Spc එකේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා එය ලියා ඇති අතර එවකට සිටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ආමන්ත්‍රණය කර ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"සරත් ලියනගේ මෙම නඩුවෙහි පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින බව දන්නවාද ?"යනුවෙන් නීතිඥවරයා කළ විමසීමට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.
"අදාළ ලිපියේ පළමු ඡේදයේ සඳහන් කර ඇත්තේ SPC ආයතනය ඒ වන විට මුහුණ දී තිබෙන මූල්‍යමය අපහසුතා පිළිබඳව නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "ඔව් ,ඒ අවස්ථාව වන විට spc ආයතනය මුහුණ දීලා තිබුණු financial difficulties explaine කිරීමක් තමයි මේකෙන් කරලා තිබුණේ. යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය
නීතිඥවරයා: spc ආයතනය මිලියන 1600ක බැංකු අයෙක් අයිරාවක් ලබාගත් බව එහි සඳහන් වෙනවා. ඒ කුමන හේතුවක් මතද ?
සාක්ෂිකාරිය: ලංකා බැංකුව හා මහජන බැංකුව යන දෙකෙන්ම ලබාගත් බැංකු අයිරාවල එකතුව තමයි එහි සඳහන් වෙන්නේ .
නීතිඥවරයා :2022 අගෝස්තු වන විට බැංකු අයිරා සඳහා පොලී පමණක් රුපියල් මිලියන 1877 ක් ලෙස spc. එක ගෙවිය යුතු බව සඳහන් වෙනවා .
සාක්ෂිකාරිය: ඔව්
නීතිඥවරයා: මෙය ආයතනයට දැරිය නොහැකි මූල්‍යමය වියදමක් බවත් එහි සඳහන් වෙනවා .
සාක්ෂිකාරිය :ඔව් ඔව් එසේම මෙහි සඳහන්ව තිබෙනවා සැපයුම්කරුවන්ට ගෙවියොත් ගෙවිය යුතු අගය දිනෙන් දින වැඩිවන බව.
නීතිඥවරයා මහා භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ප්‍රතිපාදන ය නොලැබීම නිසා ණය බර වැඩිවන බවද එහි සඳහන් වෙන්නේ.
නීතිඥවරයා: ඔබට පුළුවන්ද ඒ ගැන පැහැදිලි කරන්න ?
සාක්ෂිකාරිය: ඒ අවුරුද්ද ට මිලියන 45,000 ක් වෙන්කර තිබුණා. එය ලැබිය යුතුයි .නමුත් ඒ වන විට ලැබී තිබුණේ මිලියන 26 ක් පමණයි. ඉතිරි ටික ගන්න තරම් තමයි සෞඛ්‍ය ඇමතිවරයාට මේ ලිපිය යොමු කිරීමේ අරමුණ.
නීතිඥවරයා: 2022 ඔක්තෝම්බර් 4 වෙනකොටත් වර්ෂයට ලැබිය යුතු මූල්‍යමය කොටසින් ලැබී තිබුණේ 26270ක් බව. එය ලැබිය යුත්තේ මහා භාණ්ඩාගාරයෙන් ද?
සාක්ෂිකාරිය: සෞඛ්‍ය අමාත්‍යාංශයේ spc එක වෛද්‍ය සැපයුම් අංශයට කළ සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ලැබිය යුතුයි. ඒක තමයි මෙහි දක්වා ඇත්තේ ?
නීතිඥවරයා:මිලියන 45000 ක msg මිලදී ගැනීම් වෙනුවෙන් spc එකට ලැබිය යුතු මුදලද ?
සාක්ෂිකාරිය: ඒක allocation එක ඒ කියන්නේ ප්‍රතිපාදන වෙන් කර තියෙන ප්‍රමාණය.
නීතිඥවරයා: ඔක්තෝම්බර් වෙන විට ඒ අවුරුද්දේ මාස නවයක් ඉවරයි. දහවන මාසයටත් ඇවිත් ඒ වෙනකොටත් භාගෙකටත් වඩා ටිකක් වැඩියෙන් තමයි මුදල් ලැබී තිබුණේ ?
සාක්ෂිකාරිය :ඔව් ස්වාමීනී
නීතිඥවරයා :එහි තිබෙනවා විදේශ විනිමය ඒකකයට රුපියල අවප්‍රමාණය වීමක් ගැන ?
සාක්ෂිකාරිය: ඔව්
නීතිඥවරයා: ඔබ මූල්‍ය අංශයේ වැඩ කරන නිලධාරිනියක් ලෙස දැනුමක් තිබෙනවාද මේ ගැන ?
සාක්‍ෂිකාරිය: මෙය loss එකක් විදියට තමයි ගණන් ගැනෙන්නේ ඩොලර් වල අගය ඉහල යාම නිසා සැපයුම්කරුට රුපියල් වලින් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.
නීතිඥවරයා: සාක්‍ෂිකාරිය ගිණුම්කරණය බැරි නිසා තමයි මම නීතිඥ නීතිඥවරයක් වුණේ. කරුණාකරලා ඔබට පුළුවන්ද පැහැදිලි කරන්න සරල අදහසින් මේ ගැන ?
සාක්ෂිකාරිය: ණයවර ලිපියකට මුදල් ගෙවීමට ඇතිවිට කොන්දේසි තිබෙනවා. ණය කාල සීමාවන් තිබෙනවා. සැපයුම්කරු සමග ඩොලර් ප්‍රමාණයකට එකඟ වී තිබෙන අවස්ථාවක මාස කිහිපයකට පසුව ගෙවීම් කිරීමේදී වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවෙනවා.
මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරමින් සාක්ෂිකාරිය සඳහන් කළේ Barrowing facility එකක් ලෙස LC ඕපන් කිරීමේ සීමාවන් තියෙනව. සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ප්‍රමාණයෙන් කොටසක් මෙම LC වල ලිමිට් එක ඇතුලට ඇතුල් වෙනවා. ඒ වන විට ඩොලර් මිලියන 32ක හිඟයක් තිබිලා තියෙනවා .
නීතිඥවරයා :ඒ කියන්නේ spc එක 2022 ඔක්තෝම්බර් වන විට ණයවර ලිපි අතරින් පුළුවන් උපරිම සීමාවට ඇවිත් තියෙනවා කියන එක ද?
සාක්ෂිකාරිය: ඔව්
සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය L limit එක ඇතුලේ තිබෙනවා. ඒ ටික ගෙවන්න ඕන , බාධාවකින් තොරව සැපයුම් කිරීමට නම් ගෙවීම් සිදුකළ යුතු බව තමයි එහි සඳහන් වන්නේ.
නීතිඥවරයා: ඒ කියන්නේ ඒ වන විට සිටි ssp සභාපතිවරයා විසින් සෞඛ්‍ය ඇමතිවරයා දැනුවත් කර තිබෙනවා මේ විදිහට මුල්‍යමය ගැටළුවක් තිබෙනවා . බාධාවකින් තොරව ඖෂධ සැපයීමට එය ගැටළුවක් විය හැකි බව එහි සඳහන් කර තිබෙනවා .
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී .
එහිදී 2023 මාර්තු 16 දින දරන තවත් ලිපියක් කෙරෙහි සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා "එය එම ලිපියෙහි සඳහන් අත්සන කාගෙද කියලා හඳුනාගන්න පුළුවන්ද ?"යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළේය.

ඇය සඳහන් කළේ එය spc සභාපතිවරයාගේ අත්සන බවය. Spc ලිපි ශීර්ෂය එහි පවතින බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
එම ලිපියෙහි දකුණු කෙළවර දකුණුපස ඉහළ කෙළවරේ අපේ අංකය යනුවෙන් අංකයක් ඇති අතර එය මුදල් අංශයට අයත් බව සාක්ෂිකාරීය හඳුනා ගත්තාය.එම ලිපිය ගොනු ගතවී ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ලිපියේ මාතෘකාව ලෙස සඳහන් වන්නේ මූල්‍යමය තත්ත්වයක් ගැන ද යනුවෙන් නීතිඥවරයා දිරිපත් කළ ප්‍රශ්නයට සාක්ෂිකාරිය "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය .
මූල්‍යමය තත්ත්වය යන අනුමාතෘකාවක් එම ලිපියෙහි ඇති බවද ඊට පහළින් 2022 නොවැම්බර් 3 වන විට වෛද්‍ය සැපයුම අංශයේ බිලියන පනස් එකයි දශම තුනක හිඟයක් ඇති බවද නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ කළමනාකරන වාර්තා වල එම අගය සඳහන්ව තිබූ බවය.
"ඒ කියන්නේ මේ ලිපියට පරිබාහිරව ඔබ දන්නවා එවැනි හිඟයක් තිබූ බව" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේය. සඳහනක් ඇති බවය. එහි ඇත්තේ " ඖෂධ මිලදීගෙන msd එකෙන් spc එකට ගෙවීමට ඇති මුදල් නේද ?"යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඔහු යන පිළිතුරු ලබාදුන්නාය.
එම ලිපියෙහි සඳහන් ගණන් බැලූ බැල්මට වෙනසක් නොමැති බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය
නීතිඥවරයා spc සභාපති විසින් සෞඛ්‍ය ඇමතිවරයාට SPC මූල්‍ය තත්ත්වය ගැන ලිපියක් යොමු කරන්නේ නිවැරදි බවට තහවුරු කරගෙන තිබිය යුතුයි නේද. ඔව් එසේ කළ යුතුයි. මෙම ලිපිය මගේ හරහා ගියා නම් මට තහවුරු කරන්න පුළුවන්. මෙය මගේ හරහා ගියේ නෑ. නමුත් බොහෝ දුරට මෙහි කරුණු නිවැරදි වෙන්න පුළුවන් යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු ලබා දුන්නාය.
අනතුරුව මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසමින්" සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන ගණන් ගැනීමෙන් නිලධාරියා කවුරුන්ද?" යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු කළේය. ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
spc ආයතනය සඳහා මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කළ මුදල් ලැබෙන බව සඳහන් කළ සාක්ෂිකාරිය සිය ආයතනය නමින් ඇති බැංකු ගිණුම්වලට භාණ්ඩාගාරය විසින් මුදල් බැර කිරීමක් සිදුකරන බව සඳහන් කර සිටියාය.
"මේ සියලුම කටයුතු කරන්නේ මහජනතාවට ඖෂධ ලබාදීමේ පරමාර්ථයෙන් නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සඳහා වාර්ෂිකව ප්‍රසම්පාදන කටයුතු කරන බවය.

ඒවා සපයන සැපයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතු අතර මුදල් නොගෙවන්නේ නම් එය ඩොනේෂන් එකක් පමණක් විය යුතු බවද සඳහන් සාක්ෂිකාරිය නීතිඥවරයා කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා බැංකු අයිරා හෝ රජයේ මුදල් ලැබීමට අමතරව වෙනත් ක්‍රමයක්කන් ඔබේ ගිණුම් වලට මුදල් ලැබෙනවාද?"
යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය තමන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති බව කියා සිටියාය.
වෙනත් ආධාර ලැබෙන විට එම ආයතන විසින්ම සෘජුවම අදාළ සැපයුම්කරුවන් වෙත ගෙවීම් සිදුකරන බව සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේදී ඉන්දියාවේදීම ඉන්දියානු සැපයුම්කරුවන්ට ගෙවීම් සිදුකළ අතර
එමගින් මෙරටට ඩොලර් සැපයීමක් සිදු නොවූ බවද ලැබීමක් සිදු නොවූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
නීතිඥවරයා: spc එකට ඖෂධ ගෙන්වීම සඳහා මුදල් නැත්නම් ඖෂධ සැපයීමට බාධාවන් ඇතිවෙන්න පුළුවන්ද ?
සාක්ෂිකාරිය:ඔව් ස්වාමීනී
නීතිඥවරයා: ඊට විකාශ විකල්පයක් ලෙස නේද පෞද්ගලික සැපයුම්කරුවන්ට ඔවුන්ගේ වියදමින් ණයවර ලිපි විවෘත කර භාණ්ඩ ගැටවීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ
සාක්ෂිකාරිය: spc ණයවර ලිපි විවෘත කරන්නේ නැති නමුත් ඔවුන් බොහෝ විට දේශීය සැපයුම්කරුවන් තමයි එහෙම කරන්නේ එම ඖෂධ ලැබුණු පසු අපි ඔවුන්ට මුදල් ගෙවීමක් සිදු කරනවා නමුත් ඔහු ඔවුන් විවෘත කරන එල්.සී. එක්ක සම්බන්ධයෙන් අපිට වගකීමක් නෑ
නීතිඥවරයා: එම සැපයීම spc එක ක් හෝ msd එක ක් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කළ ගෙවීමක් වෙනවා.?
සාක්ෂිකාරිය :ඔව් ස්වාමීනී,
නීතිඥවරයා :msd එක සෘජුවම ඖෂධ මිලදී ගැනීම් කරන බව ඔබ දන්නවාද ?.
සාක්ෂිකාරිය:
ඇතැම් අවස්ථාවලදී සිදු කරන බව දන්නවා..
නීතිඥවරයා: එය රජයට වැය බරක්?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී
නීතිඥවරයා: එහි වටිනාකම තමයි ජනතාවට සෞඛ්‍ය සේවය සැපයීම ගබඩා පහසුකම් පවත්වාගෙන යාම වැය බරක් නේද?
සාක්ෂිකාරිය:එසේය ස්වාමීනී.
නීතිඥවරයා: spc ආයතනය මෙම භාණ්ඩලබා ගැනීමට ණය වුණා නේද ?
සාක්ෂිකරු :ඔව් ණයට තමයි භාණ්ඩ ගන්නේ. එම ණය ගෙවිය යුතුයි .
නීතිඥවරයා: එම ණය රජයට ණය බරක් නේද?
සාක්ෂිකාරිය: ස්වාමීනි අපි අර්ධරාජ්‍ය ආයතනයක් රජයේ විදයමින් කරන වෛද්‍ය සැපයීම සම්බන්ධයෙන් වියදම් කරන්නේ රජය තමයි .
නීතිඥවරයා:
ණයට බඩුගත්විට ගෙවිය යුතු ශේෂයක් තිබෙනවා
නීතිඥවරයා: මේ අවස්ථාව ගත්තත් ගෙවිය යුතු ණය ප්‍රමාණයක් තිබෙනවාද ?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි
ඒ සමගම දෙවැනි සාක්ෂිකර් දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර හයවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එහිදී සාක්ෂිකාරිය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ලේඛන දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නීතිඥවරයා එය මෙම නඩුව සඳහා සකස් කොට කොට ලබා දුන් බවට යෝජනාවක් කළේය.
එය ප්‍රතික්ෂේප කල සාක්ෂිකාරිය සඳහන් කළේ වාර්ෂිකව මෙම ලේඛන සකස් කිරීම සාමාන්‍ය වශයෙන් සිදුකරන බවය.
කෙසේ වුවද සාක්ෂිකාරිය විසින් ලබා දී ඇති ලේඛනයෙහි දිනයක් සඳහන් නොවන බව නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන් අත්සන් කළ අවස්ථාවේදී එහි දිනය සටහන් කළ බවය .
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා කිහිපයක් සාක්ෂිකාරයගේ අවධානයට යොමු කරමින් එහි සඳහන් දත්ත සහ සාක්ෂිකාරිය විසින් සකස් කළ බව කියන වාර්තාවේ සඳහන් දත්ත ඇති වෙනස්කම් පිළිබඳව ීතිඥවරයා විසින් හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කරන ලදී.
එහිදී ඇතැම් වෙනස්කම් ඇති බව ද එවැනි වෙනස්කම් ඇතිවිය හැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ලේඛන සකස් කිරීම සඳහා අංශයේ පවත්වාගෙන යන ලෙජර්ස් සහ බිල් පොත් අදාල කර ගත්තේ නම් ඒවා අධිකරණය හමුවට රැගෙන වාද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවය අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද ඇය සඳහන් කළාය.
මෙම වාර්තාව ලබාදීමෙන් අනතුරුව නීතිඥවරුන් විසින් අදාළ ආයතනයට ගොස් එම ලෙජර් ගිණුම් පරීක්ෂා කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ලේඛනය ආදායම් අංශයේ පතිරණ මහතා විසින් සකස් කළ අතර තමන් එය පරීක්ෂා කර බලා අත්සන් තැබූ බව සාක්ෂිකාරිය නීතිඥවරයා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
මෙම ලේඛනය වැරදි දත්ත මත පදනම් වෙමින් වැරදි තොරතුරක් ඇතුළත් කර සකස් කල ලේඛනයක් බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය ප්‍රතික්ෂේප කළාය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කෙරුණු අතර ඊළඟ නඩු දිනයේදී සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකාරියට නියම කරන ලදී.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

