leader s

පෞද්ගලික සමාගම් දෙකක් මගින් සැපයුම් කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් භාවිතය හේතුවෙන් මරණ පහක් සිදු වූ බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කෙරිණි. 
 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකාරියක. වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( මූල්‍ය) / ගණකාධිකාරී (ආදායම්) ඩයනා නිශාන්ති දේව සුරේන්ද්‍ර මහත්මියගෙන් හරස් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී මෙම නඩුවේ පළවෙනි විත්තිකරුගේ නීතිඥවරයා වන නීතිඥ හරෙන්ද්‍ර බාලගල මහතා විසින් මේ බව සඳහන් කළේය

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විිනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරිය ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සිද කළේය .
 
සාක්ෂිකාරිය විසින් සකස් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති පැ. 295 ලෙස නම්කර ඇති කළමනාකරණ වාර්තාව පිළිබඳව ප්‍රශ්න කරමින් නීතිඥවරයා  එහි "2022 වසරේ ආරම්භක ශේෂය ලෙස රුපියල් බිලියන 52.639ක්  ලෙස ඇති  සඳහන  නිවැරදි ද?" යන්න විමසා සිටියේය .
 
එය නිවැරදි බවත් ලැබුණු මුදල් ලෙස බිලියන 41.886ක් ලෙස ඇති සඳහන ද නිවැරදි බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"SPC  ආයතනයටMSD ආයතනයේ මුදල් ලැබීමට තිබෙනවා නම් එය ආදායමක් ලෙස  වාර්තාවේ සඳහන් විය යුතුයි නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එලෙස මුදල් ලැබීමේ මාර්ග පිළිබඳව අදාළ වාර්තාවේ සඳහන් නොවන බවය. එම  මුදල් ලැබීමේ මාර්ග පිළිබඳව ලෙජර් ගිණුම්වල සඳහන් වන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"එය මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ඇතුළත් ද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකාරිය කියා සිටියේ "එය මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ඇතුළත් එක  value පමණක් " බවය. 
 
එම සංඛ්‍යාව වාර්ෂික වාර්තාවේ සඳහන් නොවීම සම්බන්ධයෙන්  නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ එය ඇතුළත් ව තිබිය හැකි බව"ය.
 
2023 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ සාක්ෂිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති කළමනකරණ වාර්තාවේ සඳහන් දත්ත වල  බරපතල පරස්පරතා තිබෙන බවට නීතිඥවරයා එහිදී  යෝජනාවක් කර සිටියේය .
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
එහිදී සාක්ෂිකාරිය සදහන් කළේ කිසියම් වර්ෂයක මූල්‍ය ප්‍රකාශනයක කුමක් හෝ වරදක් සඳහන් වුවහොත් එය ඊළඟ මූල්‍ය වාර්තාව මගින් සකස් කිරීමක් සිදු කරන බවය .එම අගය  ලැබුණු ආකාරය කෙසේද යන්න පිළිබඳව හෙළිදරව් කිරීමක් එමඟින් කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
සාක්ෂිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති මෙම කළමනාකරණ වාර්තාව මෙම නඩුව සඳහාම සකස් කරන ලද වාර්තාවක් බවට නීතිඥවරයා සාක්ෂිකාරියට යෝජනාවක් කළේය
 
සාක්ෂිකාරිය  එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ එවැනි වාර්තා සෑම වසරකම සාමාන්‍ය වශයෙන් සකස් කිරීමක් සිදුකරන බවය. බාහිර ආයතන වලින් ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් ද සැපයුම් අංශය සඳහා කරන සැපයීම් වෙනුවෙන් අදාළ සැපයුම්කරුවන්ට සෘජුවම ගෙවීම් සිදුකරන අතර ඒ එය වාර්තා වල ඇතුළත් නොවන බව නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය එය සඳහන් කර සිටියාය
 
එම ගෙවීම්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගිණුම් වලට බැර නොවන බැවින් එම මූල්‍ය වාර්තාවල එය සඳහන් නොකරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"spc එක  භාණ්ඩ මිලදී ගත්තාට බාහිර පාර්ශවයක් සෘජුවම මුදල් ගෙවන අතර ඒ සම්බන්ධයෙන් කිසිම වාර්තාවක සඳහන් වන්නේ නැති බවද ඔබ කියන්නේ "යනුවෙන් නීතිඥවරයා විමසා සිටි ප්‍රශ්නයට සාක්ෂිකාරිය "ඔව්" යන පිළිතුරු ලබාදුන්නාය. 
 
නීතිඥවරයා "ඔබ මේ පිළිබඳව අසත්‍ය සාක්ෂියක් ලබාදෙන බවට යෝජනා කරනවා"යනුවෙන් සඳහන් කළ අතර සාක්ෂිකාරිය එය  ප්‍රතික්ෂේප කළාය. වාර්ෂික  වාර්තාවක් මගින් කරුණු අනාවරණය කිරීමක් කර සත්‍ය තොරතුරු ලබාදෙන බවද සඳහන් කළ  සාක්ෂිකාරිය ඒ අනුව මෙම වාර්තාවෙහි ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ලැබුණු මුදල් වල එකතුව අඩුවීමක් ලෙස දක්වා ඇති බවද  කියා සිටියාය. එහෙත් එය ලැබීමට ඇති මුදලක් ලෙස සඳහන් නොකරන බව ඇය සඳහන් කළාය. 
 
2022 වසරට අදාළව තිබූ සියලු මූල්‍ය වාර්තාවල ඇති දත්ත කළමනාකරණ. වාර්තාවට ලබා ගැනීමක් සිදු නොකළ බව සාක්ෂිකාරිය නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
"ආයතනයක මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු කළමනාකරණ වාර්තාවකින් ගන්න බෑ කියලද ඔබ කියන්නේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර   "එහෙම කියන්න බෑ .එම වර්ෂයේ මූල්‍ය වාර්තාව backward ගිහින්හදන්නේ නෑ. වෙනස්වීම් බලලා එක වසරක වාර්තාව  තුළ තිබෙන අඩුපාඩු ඊළඟ වසරේදී සකස් කිරීමක් සිදු කරනවා," යැයි සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"spc එක 2022 වසරේ බැංකු අයිරාව පියවීමටවත් මුදල් තිබුනේ නැති ආයතනයක්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය කියා සිටියේ බැංකු අයිරාව පියවීමට මුදල් නොමැති නමුත් භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව ලබාදෙන ඇලෝකේෂන් එකේ මුදල් එදිනෙදා ගන්න ගෙවීම් කිරීම සඳහා ලැබුණු බවය. 
 
ආයතනය මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරය දැනුවත් කර මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සඳහා මෙලෙස කළමනාකරන වාර්තා වාර්ෂිකව සකස් කර යාවත්කාලීන කරන බව කියා සිටියාය.
 
මුදල් අපහසුතා ඇති අවස්ථාවල අමාත්‍යංශය දැනුවත්කර ඒ හරහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කරමින් ලිපි යොමු කරන අතර එහි ප්‍රතිඵල ලබාගත් අවස්ථා  ඇති බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කළාය. 
 
spc ආයතනය බැංකු මහජන බැංකුව සහ ලංකා බැංකුවෙන් ලබාගෙන තිබූ අයිරා පහසුකම ණය මුදලක් බවට පත්කර දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම ඉටු නොවූ බව සඳහන් කළ සාක්ෂිකාරිය 2018- 2019 කාලයේ දී එලෙස ලබාගත් බැංකු අයිරාව ණයක් බවට පත්කිරීම  කළ අතර ඒ සම්බන්ධයෙන් වන දත්ත සටහන්ව ඇති බවද සඳහන් කළාය. 
 
නීතිඥවරයා එහිදී සඳහන් කළේ මෙම අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන විධිමත් ලේඛන නොවන බවට  කළ යෝජනාව ප්‍රතික්ෂේප කල සාක්ෂිකාරිය කියා සිටියේ එම දත්ත නිවැරදිව ඇති බවය.
 
එසේම සාක්ෂිකාරිය විසින් සකස් කරවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී අධිකරණය හමුවේ ඇති" 295 A ලෙස ලකුණු කර ඇති ලේඛණය අවිධිමත් ලේඛනයක් බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය විධිමත් ලේඛනයක් බවත් එහි නිවැරදි දත්ත ඇති බවත් සඳහන් කළාය. 
 
මෙම 255 සහ 295 A දරන ලේඛන මෙම නඩුව සඳහාම සකස් කළ ලේඛන බවට නීතිඥවරයා යෝජනාවක් කළ අතර  සාක්ෂිකාරිය එම යෝජනාව ද ප්‍රතික්ෂේප කළාය. 
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද්‍රවශීලතාවය නොමැති ආයතනයක් බව"ට  නීතිඥවරයා   යෝජනාවක් කළ අතර සාක්ෂිකාරියයි. විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.
 
සාක්ෂිකාරිය මෙම ලේඛන ඉදිරිපත් කරමින් පැමිණිල්ලට පක්ෂව සාක්ෂි දෙන බවට නීතිඥවරයා යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.
 
 
නීතිඥ නුවන් ජයවර්ධන මහතාගේ එම ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව එකොළොස් වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා  හරස් ප්‍රශ්න විමසීම සිදු  කරමින් "අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීයක් ලබා තිබ්බ දී තිබෙනවාද ?"යන්න පිළිබඳ සාක්ෂිකාරයකින් ප්‍රශ්න කර සිටියේය. එහිදී ඇය සඳහන් කළේ එක් ප්‍රකාශයක් දුන් බවක් තමන්ට මතක  ඇති බවය. 
 
"එම ප්‍රකාශය ලබාදීමට හේතු වූ කරුණ පිළිබඳව සඳහනක් කළාද?" යනුවෙන් නීතිඥවරයා  විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ඒ පිළිබඳව තමන්ට නිවැරදි මතකය ක් නොමැති බවය. 
 
"ඒ ප්‍රකාශය ලබාදෙන්නේ ප්‍රතිදේහ එන්නත් සැපයීම සම්බන්ධයෙන් වන සිද්ධියකට අදාළව බව පවසමින් ප්‍රකාශයක් දුන්නා ද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ "ඒ පිළිබඳව තමන්ට නිවැරදි මතකයක් නොමැති බවය."
 
"ව්‍යාජ ලේඛන සපයා සැපයුම් කිරීමට අදාළ  සිද්ධියක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශය ගන්නා බව විමර්ශන නිලධාරියා එම අවස්ථාවේදී ප්‍රකාශ කළාද?" යන්න පිළිබඳව තමන්ට  මතකයක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ ප්‍රකාශයේ තමන් අත්සන් කළ බව සිටියාය. 
 
එම අත්සනට ඉහළින් "කියවා තේරුම්  කර දුන්නා "යනුවෙන් ඇති සටහන නිවැරදි නිවැරදි දැයි සාක්ෂිකාරියගෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "අත්සන් කරන්න දුන්නා නම් අත්සන් කරන්න ඇති , එහෙම දෙයක් කිව්වාද කියලා මතක නැහැ. මීට වසර දෙකකට කලින්  දුන්න ප්‍රකාශයක්නේ.  එහෙම සටහනක් තියෙනවා නම් ඒක හරි වෙන්න ඇති." යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය.
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
මූල්‍ය අංශයේ ප්‍රධානියා ලෙස" spc ආයතනය කරන ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ ලේඛනයක් පවත්වාගෙන යනවාද?" යනුවෙන් නීතිඥවරයා එහිදී සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ එවැනි ලේඛන පවත්වාගෙන යන බවය .සැපයුම්කරුවන් ලියාපදිංචි ද යන්න පිළිබඳව ප්‍රසම්පාදන අංශය විසින් සොයා බලන අතර එම ඒ පිළිබඳව මූල්‍ය අංශය සොයා බැලීමක් සිදු නොකරන බව සාක්ෂිකාරිය කියා සිටියාය. කෙසේ වුවද හැම සැපයුම්කරුවෙකුට ම කරන ගෙවීම සම්බන්ධයෙන් ලේඛන මූල්‍ය අංශය පවත්වාගෙන යන බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
සැපයුම්කරුවෙකු අසාදු ලේඛන ගත කළ අවස්ථාවකදී ඒ පිළිබඳව ප්‍රසම්පාදන අංශය විසින් මුදල් අංශය දැනුවත් කරන අතර ගෙවීම් සදහා වව්චර පත් නිකුත් කිරීමක් නොකරන බවද සාක්ෂිකාරිය නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
"අයිසොලේස් බයෝ ටෙක් පාමා" නමින් ආයතනයක් සැපයීම් කළ බවට මතකද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි සමාගමක් පිළිබඳව තමන්ට මතකයක් ඇති බවය. එහෙත් එම සමාගම ඖෂධ සැපයූ බවට මතකයක් නොමැති බව සාක්ෂිකාරිය කියා සිටියාය. එම සමාගම අසාදු ගත ද යන්න පිළිබඳව තමන්ට දැනීමක් නොමැති බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය 
 
නීතිඥවරයා : ප්‍රසම්පාදනය කරන ඖෂධයකින් සංකූලතා ඇතිවුවහොත් හෝ අතුරු ආබාධ ඇති වුවොත් හොත්  ඒ ගැන ඔබේ අංශයට දැනුවත් කිරීමක් කරනවාද ?
 
සාක්ෂිකාරිය: එවැනි අවස්ථාවක සම්පාදන අංශයෙන් ගිණුම් අංශයට දැනුම් දෙනවා ගෙවීම් කරන්න එපා කියලා. ගෙවීම් සඳහා ඇති වව්චර් පත වත් එවන්නේ නෑ .
 
නීතිඥවරයා: සෙලජන් නමින් සමාගමකින් ඖෂධ ගත් බවට මතකද ?
 
සාක්ෂිකාරිය: එවැනි මතකයක් තියෙනවා .
 
නීතිඥවරයා: එම ආයතනයට මුදල් ලබාදී තිබෙනවාද ?
 
සාක්ෂිකාරිය: එවැනි මතකයක් තියෙනවා. 
 
නීතිඥවරයා: එම ආයතනයෙන් ලබා ගත් හියුමන්ඉමියුනෝග්ලොබියුලින් " නිසා මරණ දෙකක් වූ බවට ඔබ ආයතනයට දැනුම් දුන්නද ?
 
සාක්ෂිකාරිය: එවැනි දැනුම් දීමක් නෑ.
 මාධ්‍යයෙන් අහලා තියෙනවා .
 
නීතිඥවරයා :ඉසෝ බයෝ ටෙක් පමා ආයතනය සැපයුම් කළ බව ඔබ දන්නවාද ?
 
සාක්ෂිකාරිය :ඒ ගැන මතකයක් නෑ .
 
නීතිඥවරයා :ඉන් මරණ තුනක් වූ බව මතකද ?
 
සාක්ෂිකාරිය: ආයතනයෙන් දැනුම් දුන්නේ නෑ. මාධ්‍ය මගින් දැනගත්තා. 
 
ඔබ ආයතන ධුරාවලියේ තෙවන ස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් නේද ?
 
සාක්ෂිකාරිය :එසේය ස්වාමිනි
 
නීතිඥවරයා: ඔබ ආයතනයේ තීන්දු තීරණ ගැන වගකීම් දරන නිලධාරිනියක් නේද ?
 
සාක්ෂිකාරිය: ඉහළ කළමනාකාරීත්වයෙන් ගන්නා තීරණ ගැන මට වග කියන්න බෑ .
 
නීතිඥවරයා: කවුද ඉහළ කළමනාකාරීත්වය කියන්නේ? 
 
සාක්ෂිකාරිය :සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ නියෝජ්‍ය සාමානාධිකාරීවරයා 
 
නීතිඥවරයා :මේ මරණ සිදුවුණේ ඔබ විසින් ගෙවීම් කළ ආයතනවලින් ලබාගත් ඖෂධ වලින් බව සොයා බලන්න වගකීමක් තියෙනවා නේද ?
 
සාක්ෂිකාරිය: ඒවා ප්‍රසම්පාදන අංශයෙන්  සොයා බලා අපට දැනුම් දෙනවා . වව්චර් පත්‍රයේ ඒ බව සඳහන් වෙනවා. ගෙවීම් කරන්න එපා කියා එවිට අපි ගෙවීම් කරන්නේ නෑ 
 
නීතිඥවරයා: ඔබ දන්නවද මරණ  පහක් සිදු වූ එම සමාගම් වලට ගෙවීම් කර ඇති බව ?
 
සාක්ෂිකාරිය: වෙන්න ඇති වාර්තාව දකින්නේ නැතුව කියන්න බෑ 
 
නීතිඥවරයා: මුදල් අංශයෙන් ගෙවීම් කර ඇති ආයතනවලින් ඖෂධ ලබාගත් ඖෂධ වලින්  මේ මරණ පහ වාර්තා වූයේ වාර්තා වූ බවට මා යෝජනා කරනවා. 
 
සාක්ෂිකාරිය: ඒ ගැන දන්නේ නෑ වෙන්න ඇති. 
 
මෙම නඩුකරය කුමක් සම්බන්ධයෙන් වන්නෙ දැයි නීතිඥවරයා එම අවස්ථාවේදී සාක්ෂිකාරියකයින් විමසා සිටි අතර ඇය කියා සිටියේ 'හියුමන්ඉමියුනෝග්ලොබියුලින් " මැටර් එක කියලා දන්නවා " යනුවෙනි.
 
නීතිඥවරයා: ඔබට සිතාසි ලැබුනේ කොහොමද ?
සාක්ෂිකාරිය : ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මූල්‍ය තත්ත්වය msd එක සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා අදාළ සිතාසි ලැබුණු බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
 
"මෙම සමාගමෙන් මෙම නඩුවට පාදක වි ඇති සමාගමේ ඖෂධ නිසා කිසිදු මරණයක් සිදුවී නැති බව දන්නවද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවය. 
 
පළවෙනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර  විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ්  වීර සූරිය මහතා සාක්ෂිකාරියට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. 
 
"2022 ඔක්තෝම්බර් වන විට මහා භාණ්ඩාගාරයෙන් මුදල් සඳහා  ලබා ගැනීම සඳහා ඉල්ලීම් කළේ නැද්ද?" යනුවෙන් එහිදී විනිසුරු විරාජ් වීර සූරිය මහතා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි ඉල්ලීමක් කළ බවය. 
 
මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් රටේ ඖෂධ සැපය ම  සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගත් බවත් ඒ බව සඳහන් කරමින් ලිපි ලේඛන යැවූ බවත් සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය 
 
එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුට කාරියට කියා සිටියේ 8v6 ලේඛණය කෙරෙහි අවධානය යොමු කරන ලෙසය . "එහි  අත්සන් වලට යටින්
මොකක්ද තියෙන්නේ ?"යනුවෙන් විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේදී   "ස්වාමීනී අපි ඉල්ලීමක් කළා overdraft  එක reimburse කරන්න. ඒ ඉල්ලීම කිරීමෙන් පස්සේ 2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වල අපට සැලකිය යුතු මුදලක් ලැබුණා" යනුවෙන් සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය. 
 
"ලබා දී ඇති මුදල් අවසන් බව අපි අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට දැනුම්දිය යුතුයි 2020 වසරේ සිට එක දිගටම මුදල් ඉල්ලලා වරින්වර ලිපි යැව්වා  අනුව ප්‍රතිඵලත් ලැබී තිබුණා". යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන්  පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  ලක්‌මිණී  ගිරිහාගම මෙනෙවිය  නැවත ප්‍රශ්න ඇසීම සිදු කළාය.
 
එහිදී මීට පෙර සාක්ෂි විමසීමකදී 8 වන විත්තිකරු විසින් ලකුණු කර ඇති 8v7 ලේඛණය සම්බන්ධයෙන් සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න කිහිපයක් විමසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මුදල් ලැබිය යුතු බවට එහි සඳහන් වෙන බවට පෙන්වා දුන් අතර "එම ලේඛනය පැහැදිලි කරන්න?" යනුවෙන්  සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂි කාරිය කියා සිටියේ එම ලේඛනය මගින් ආයතනයේ ඇතිවී තිබෙන මූල්‍ය දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවය .
බැංකුවල ඇති ණය අයිරා පහසුකම ණයක් ලෙස බවට පත්කරන ලෙස එම ලිපිය මගින් ඉල්ලීම් කර ඇති බව සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය..
 
කෙසේ වුවද 2023 වසරේදී භාණ්ඩාගාරයේ විසින් බැංකු අයිරාව බැංකු ණයක් බවට පත් කිරීමට තමන ආයතනය කළ ඉල්ලීමට මහ භාණ්ඩාගාරය  කැමැත්ත පල නොකර බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම අවස්ථාවේදී වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයුම්කරුවන් විසින් කරන ලද සැපයුම් වෙනුවෙන් කරන ගෙවීම් මහා භාණ්ඩාගාරය විසින්  කර ඇති ප්‍රතිපාදන යටතේ ලැබුණු මුදලින් සිදුකළ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය 
 
"2023 වසරේ මාර්තු 16 වෙනිදායින් පසුව රජයෙන් වෙන්කළ මුදලට අමතරව මුදල් ලැබී ඇති බවට 295 A ලේඛනයේ සඳහන් වනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂි කාරිය ගෙන් විමසීමක් කළ අතර  එවැනි සඳහනක් ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් කළ දැනුම් දීමට පිළිතුරු වශයෙන් වර්ෂය මැද හා වර්ෂ අවසානයේදී භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු බව සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය. 
 
හයවෙනි විත්තිකරු ගේ නීතිඥ වරයා විසින් හරස් ප්‍රශ්න විමසීමේදී "රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද්‍රවශීලතාවය නොමැති ආයතනයක් බව"ට කළ ප්‍රකාශයට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වලින් සාක්ෂිකාරියකින් විමසීමක් කළ අතර  සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ" හැම අවස්ථාවකදීම ආයතනයකට වත්කමක් තිබෙනවා වත්කමක් නැති විට වගකීම් සැලකීමේදී ද්‍රවශීලතාවය ලෙස ගණන් ගන්නවා. මුදල් මෙන්ම  ණය ගැතියන් ද්‍රවශීලතා වත්කමක් ලෙස සලකනවා." යනුවෙන් සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.. එවැනි අවස්ථාවක සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් මගින් සිදු කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
ඔබ වැරදි වාර්තා ඉදිරිපත් කරන බවට හරස් ප්‍රශ්නවලදී ඉදිරිපත් කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කළා ,ඊට හේතුව අධිකරණයට පැහැදිලි කරන්න? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියට කියා සිටි අතර ඊට පිළිතුරු ද වන සාක්ෂිකාරිය කියා සිටියේ මෙම ලේඛනය 2020න පසුව
 සකස් කර ලේඛනයක් මිලියන 6383ක් ලෙස ණය සම්බන්ධ අගයක් එහි තිබෙනවා. එය අඩුවීමක් ලෙස සඳහන් කර තිබෙනවා යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියේය. 
 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔබ ලබාදුන් ඒ ගැන සම්බන්ධයෙන් විත්තියෙන් ප්‍රශ්න කළා. "එම ලේඛන ලබා දුන්නේ කුමක් සඳහාද ?"යනුවෙන් නියෝජිත ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" මා විසින් ලබාදුන් ප්‍රකාශය පැහැදිලි කරන්න දෙන්න ඇති. මුදල් ලැබීම් ගෙවීම් ලැබිය යුතු මුදල් යන්න පිළිබඳව පැහැදිලි කිරීමට තමයි එම සටහන සකස් කලේ. මුදල් පිළිබඳව පසු විපරමක් කර ඇලොකේෂන් එක ලැබුණු විදිහ  අනුව අදාළ වාර්තාව සකස් කළ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීම සමග එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අවසන් කරන ලදි.. 
 
අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අංක 285 ලෙස නම් කර සිටින "රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක E.M . දිනේෂ් තීක්ෂණ  උඩංගමුව මහතා ගෙන් සාක්ෂි විමසීමේදී අදාළ කර ගන්නා ලේඛන  කිහිපයක් පිළිබඳව සඳහන් මෝසමක් 2025 දෙසැම්බර් මස පළමුවැනිදා පැමිණිල්ල විසින් තමන්ට ලබාදුන් බවත්, එහිදී පරිගණක උත්පාදිත ලේඛන ය දෙකක් ඇති බවත් දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජනාධිපති නීතිඥ නාවාන මහතා සඳහන් කළේය.
 
සාක්ෂි ආඥා විශේෂ විධිවිධාන පනතේ සඳහන් පරිදි  පරිගණකයකින් උත්පාදිත ලේඛනයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී විත්ති පාර්ශ්වයට ප්‍රමාණවත් දැනුම් දීමක් කල යුතු බව පෙන්වා දුන්නේය.මෙහිදී එවැනි දැන්වීමක් නොකළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. 
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ විත්තියට ලබාදිය හැකි ලේඛන සම්බන්ධයෙන් විත්තිකරුවන් මීට පෙර දැනුවත් කිරීමක් කළ බවය. 
 
දහවන විත්තිකරු විසින් ඉල්ලා සිටින ලේඛනය විත්තිකරු විසින් ඉදිරිපත් කළ පෙන්ඩ්‍රයිව් එකක් සම්බන්ධයෙන් වෙන අතර එය රස පරීක්ෂක  දෙපාර්තමේන්තුව විසින් තබා අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව ලේඛන විත්තියට ලබාදීමට තමන්ට නොහැකි බව  ජනරාල්වරිය සඳහන් කර සිටියාය
 
මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කළ විනිසුරු මඩුල්ල 10වන විත්තිකරු විසින් පෙන්වා දෙන නඩු භාණ්ඩයට අදාල කර මෙම සාක්ෂිකරු හරහා ප්‍රශ්න කිරීමක් නොකරන බව පැමිණිල්ල විසින් ප්‍රකාශ කරන බවය. 
 
 
සෙසු ලේඛන සම්බන්ධයෙන් විත්තිකරුවන් දැනුවත් කර ඇති බැවින් මෙම විරෝධතාවය ප්‍රතික්ෂේප කරන බව විනසුරු මඩුල්ල සඳහන් කළේය. 
 
අනතුරුව සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීම ආරම්භ කරන ලදී. 
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු  සඳහන් කර සිටියේ තමන් ඌව විශ්ව විද්‍යාලයේ පරිගණක සහ විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ලබා ඇති අතර කොරියානු රජය යටතේ විශේෂ පුහුණුවක් ලැබූ බවය. තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ලබාගෙන ඇති බව සඳහන්  කළේය. 
 
සැක කටයුතු ලේඛන පිළිබඳ විමර්ශනය කරන දෙපාර්තමේන්තුවේ අංශ කීයක් තිබෙනවාද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එවැනි අංශ කිහිපයක් ඇති බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය. ඩිජිටල් අංශය ,විද්‍යාගාර, හඬ පට, ඡායාරූප ජීවමිතික දත්ත යනාදී අංශ පවතින බව සාක්ෂිකරු කියා සිටියේය .
ඩිජිටල් දත්ත විශ්ලේෂණය යනු කුමක්ද? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකරියකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ පරිගණක ජංගම දුරකථන, සී සී  ටී වී , ඇතුළු මෙවලම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමක් එහිදී සිදුකරන බවය. 
 
තමන් විසින් මේ වන විට විශ්ලේෂණ වාර්තා  දෙදහකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර උපාංග දස දහසකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"digital උපකරණයක database පාවිච්චි කරනවා යන වෙන්න අදහස් කුමක් ද?"  යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ ඩිජිටල් උපකරණවල ඇති ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ය මෘදුකාංගය data base ලෙස හඳුන්වන බවය. දත්ත ගබඩා කිරීම පරිගණක පරිශීලකයන් විසින් සිදුකරන බව කියා සිටියේය. 
 
පවතින දත්ත පද්ධතියට අනුව පරිශීලකයන් හඳුනා ගන්නේ කෙසේද? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ මෘදුකාංගයක් ස්ථාපිත කරන්නේ පරිශීලනය කිරීම සඳහා වන බව සඳහන් කළේය .
 
පරිගණකයක සහ සර්වර් පරිගණකයක අතර වෙනස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ පරිගණකය සාමාන්‍ය පරිදි කටයුතු කිරීමෙන් අනතුරුව වසා තැබිය හැකි අතර  සර්වර් පරිකගනකයක් පැය විසිහතර තුළ ම ක්‍රියාකාරීව තැබිය යුතු බවය. 
 
පරිගණක යක දත්ත වලට පිවිසීම  සීමා කරන අතර එම ප්‍රවේශය සීමා කිරීම අදාළ සමාගම් විසින්ම සිදු කරන බව සාක්ෂිකාරිය කියා සිටියාය 
 
පරිශීලකයන් විශාල ප්‍රමාණයක් සිටින අවස්ථාවක ඒ ඒ කාර්යන්ට අදාළව පමණක් දත්ත තුළට පිවිසීමට පරිශීලකයන්ට අවස්ථාව සලසා දෙන බව සාක්ෂිකරු කියා  සිටියේය.
 
අදාළ දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කරන පුද්ගලයාට එම දත්ත වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට හැකියාවක් නොමැති අතර  එවැනි දත්ත ඇතුල් කිරීමකදී වැරදීමක් සිදුවුවහොත් හෝ එය ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් එය දත්ත ඇතුලත් කරන පුද්ගලයා විසින් සිදු කළ නොහැකි අතර super power සහිත පරිශීලකයෙකු විසින් එය සිදුකළ යුතු බව  සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
අධිකරණ නියෝග අනුව තමන් විසින් මේ වන විට පරිගණක සර්ව දත්ත පිටපත් කර ගැනීමට අවශ්‍ය ලේඛන සියයක පමණ පිළිබඳ ව විශ්ලේෂණ වාර්තා ලබාදී ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කෙරුණු අතර ඊළඟ නඩු දිනයේදී සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

නවතම පුවත්