ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පල වල බැක්ටීරියා තිබු බව රසායනාගාර පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් බව ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
එම ඖෂධයේ සාම්පල 120ක් රසායනාගාර පරීක්ෂණය සදහා ලැබුණු අතර ඒවා එකින් එක බැක්ටීරියා සහ දිලීර සම්බන්ධයෙන් වන පරීක්ෂණයන්ට ලක් කළ බව ඇය සඳහන් කළාය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ඇති නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී මේ බව සඳහන් කරන ලදි.
පැමිණිල්ලේ 03 වන සාක්ෂිකාරිය වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂක වරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් වැඩි දුරටත් මූලික සාක්ෂි ලබාදීම එහිදී සිදු කළාය.
ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ විද්‍යාගාරයට (N.MQAL) විශ්ලේෂණය කිරීම සඳහා ලැබෙන සෑම සාම්පලයක්ම එහි අධ්‍යක්ෂක වෙත ඉදිරිපත් කළ යුතු අතර ප්‍රශ්න ගත ඖෂධයේ සාම්පල 2022/08/22 දින ජාතික රෝහල විසින් පැමිණිල්ලක් සහිතව ඉදිරිපත් කරන ලද බව සඳහන්ව තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
එහි TU ලෙස සඳහන් කර ඇත්තේ තාක්ෂණ අංශය බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම ඖෂධ සාම්පල ඉදිරිපත් කිරීම ඉෂානී නමැති ඖෂධවේදිනිය විසින් සිදුකළ බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අදාළ ඖෂධය භාර ගැනීම වෙනත් ඖෂධවේදිනියක් විසින් කර ඇති අතර යොමු කිරීම ඉෂානී විසින් සිදු කළේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එම ඖෂධවේදීන් දෙදෙනාම සේවය කරන්නේ තාක්ෂණ අංශයේ බවය .එබැවින් අදාළ සාම්පල ලබාදීම ඉෂානී විසින් සිදුකර ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"මෙම ප්‍රශ්නගත ඖෂධයට අදාළ සාම්පල 22 ම නිවැරදි ලෙස භාර දුන්නාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී " ඔව් ස්වාමීනී, එය නිවැරදි ලෙස කෝල්ඩ් පැකට් වල දාලා ලබා දුන්නා" යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.
"ඊළඟට එම සාම්පල 20ට මොකද කළේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ අදාළ සාම්පල වලට ලියාපදිංචි අංකයක් ලබාදී රසායනාගාරයට ලැබුණු සාම්පලයක් ලෙස ලියාපදිංචි කරන බවය. එලෙස ලියාපදිංචි කිරීම පසු අවස්ථාවලදී කිරීමට සිදුවන බවත් ඖෂධවේදීන්ට සෑම අංශයක ම වැඩි කිරීමට සිදුවන නිසා ලියාපදිංචි කිරීම පසු අවස්ථාවක කිරීමට සිදුවුවහොත් එතෙක් අදාළ සාම්පල ශීතකරණයේ ගබඩා කර තමන් භාරයේ තබා ගන්නා බවද ලියාපදිංචි කිරීම සඳහා අදාළ සාම්පල තමන් විසින් ඖෂධවේදීන්ට පසුව ලබාදෙන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ ඖෂධය ගබඩා කළ යුතු බව සඳහන් උෂ්ණත්වයේ ම එය තබා ගන්නා බව සඳහන් කළ අවස්ථාවේදී "අයිස් පැක්" යනු කුමක්දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය.
"සෘජු ෆෝම් පෙට්ටියක වටේටම අයිස් තමා ඒ මැද අදාළ ඖෂධ ගබඩා කිරීම "අයිස් පැක්" යනුවෙන් හඳුන්වන බව" සාක්ෂිකාරිය කියා සිටියාය.
"ඔබ මීට පෙර කියා සිටියා මෙවැනි අවස්ථාවක උෂ්නත්වය සලකා නොබලන බව. ඒ කුමන හේතුවක් නිසාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ සාම්පල විවෘත කිරීමක් කරන විට කාමර උෂ්ණත්වයට නිරාවරණය වන බැවින් එහි උෂ්ණත්වය බැලීම වැදගත් නොවන බවය. කෙසේ වුවද එහි දක්වා ඇති ගබඩා කිරීමේ උෂ්ණත්වය මත අදාළ ඖෂධ අදාළ සාම්පල තබන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාල ඖෂධය සම්බන්ධයෙන් කරන රසායනාගාර පරීක්ෂණ කටයුතු සියල්ල තමන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවද තමන් එම ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"මෙම ඖෂධ සාම්පල විස්සට අදාළ ලේඛනයක් පවත්වාගෙන යනවා ද?"යනුවෙන් ප්‍රශ්නයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ 2023/09/01 දින එය ලියාපදිංචි කර ඇති බවත් 39225 ලියාපදිංචි කිරීමේ අංකය යටතේ 2022 අගෝස්තු 22 ලෙස ඒ සම්බන්ධ සටහන් තබා ඇති බවත්ය. සාම්පල පිළිබඳ සියලු තොරතුරු රසායනාගාර හා ශුද්‍ර ජීවී අංශ වලට බෙදා හැර ඇති බව සඳහන් කර තිබෙන බව ද සාක්ෂිකාරිය කියා සිටියාය
"අදාළ සාම්පල සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට නම් මරණයක් වාර්තා විය යුතු බව ඔබ මීට පෙර දිනයේ සඳහන් කළා. එසේ නොවන අවස්ථාවකදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට හෝ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ඉල්ලීමක් කිරීමේ හැකියාව ඇති බව ඔබ ප්‍රකාශ කළා. මෙම ඖෂධය සම්බන්ධයෙන් එවැනි ඉල්ලීම් කර තිබුණාද ?"
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළ අතර ඇය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි ඉල්ලීමක් කර නොතිබූ බවය.
"2023/09/21 දරන ලිපිය නිකුත් කර තිබෙන්නේ කවුද?" යන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එය වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාට යොමු කර ඇති බවද ,එම ලිපිය මගින් ඖෂධයක් නවත්වා ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

අදාළ ඖෂධයේ නම ලෙස හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සඳහන් කර ඇති බවද,එහි නිෂ්පාදකයා ලෙස "live ealth pharmaceutical"යනුවෙන් සඳහන් කර ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"2023 /08/22 වන විට රෝගීන් තිදෙනෙකුට සංකූලතා වාර්තා වීමට අදාළව ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් සාම්පල 20ක් එවා තිබුණා. ඉන් දෙදෙනෙකුට දැඩි ආසාත්මිකතා ඇතිවූ බව වාර්තා වුණා. එවැනි ආසාත්මිකතාවන් වාර්තා වීම හේතුවෙන් ජීවිත අවදානමක් ඇතිවිය හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි තත්ත්වයකදී රෝගියාගේ තත්ත්වය මත ආසාත්මිකතාවයන් ඇතිවිය හැකි බවය. ඒ පිළිබඳව නිවැරදි ලෙස වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කළ හැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ආසාත්මිකතා ඇති වූ බවට ප්‍රශ්නගත ඖෂධයේ නිෂ්පාදක ලෙස live elth biotech pharma නැමැති ආයතනයක නම සඳහන් කර තිබූ බව ද ඇය සඳහන් කළාය.
"ඖෂධ සුරක්ෂිතතා කමිටුව විසින් ගන්නා ලද තීරණයක් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දෙන්නේ කුමන හේතුවක් මතද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් රෝහල්වලට ඖෂධ බෙදා දීම සිදු කරන බවය .ඖෂධයක් ඉවත් කිරීම හෝ අත්හිටුවීම සිදු කරන්නේ නම් ඒ පිළිබඳව සියළුම ආයතන වලට දැනුම් දීමේ හැකියාව ඔහුට ඇති බවද එවැනි ලිපියක් නිකුත් කිරීමේ අරමුණ එය වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

"මෙම එන්නත ලබා දීම හේතුවෙන් රෝගියාට ලොකු බලපෑමක් විය හැකියි. එය ලියාපදිංචි නැති බව සඳහන්ව තිබුණා. ඒ ඖෂධය ගැන කිසිම දැනුමක් කිසිවෙකුට නෑ, රෝගියාගේ සුරක්ෂිතතාවය සඳහා ඉක්මනින්ම මෙය ඉවත් කළ යුතු බව රෝහල්වලට දැනුම් දිය යුතුයි. ඒ හේතුවෙන් තමයි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරන්නේ" යනුවෙන් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඖෂධයක නිෂ්පාදකයා ඉතා වැදගත් වන බවත් ඔහු කවුරුන්ද යන්න පිළිබඳව අදාළ ඖෂධයේ ලේබලයේ ඇතුළත් වන බවත් සඳහන් කළ සාක්ෂිකාරිය එම නිෂ්පාදකයාගේ නම නැති විට ඖෂධය අත්හිටුවීමේ දී ගැටලු සහගත තත්වයක් ඇති විය හැකි බවද කියා සිටියාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වන නිෂ්පාදකයා ලෙස නම සඳහන් වන්නේ live ealth pharmaceutical limited කියන නම නේද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එම නම එහි ඇති බව සඳහන් කළාය.
NMQAL ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් නිල බලයෙන්ම ඖෂධ සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෙක් වන අතර එම කමිටුවේදී ගන්නා තීරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානයන් විධායක නිලධාරීවරයා සහ එහි සාමාජිකයන් විසින් ක්‍රියාත්මක කරන අතර ඒ වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කටයුතු කළ බවද සාක්ෂිකාරිය එහිදී ම කියා සිටියාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මෙම නිෂ්පාදකයා ලියාපදිංචි නොවූ නිෂ්පාදකයකු බව ලිපියේ සඳහන් වෙනවා මෙම නිෂ්පාදනය භාවිතා කළහොත් එහි සියලු ම වගකීම වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක විසින් බාරගත යුතු බව මෙහි සඳහන් වෙනවා. නිෂ්පාදකයා ලියාපදිංචි ද යන්න සොයා බැලීමේ හැකියාව තියෙන්නේ කාටද?
සාක්ෂිකාරිය: අධික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එය ඉන්දියානු නිෂ්පාදකයකු සම්බන්ධයෙන් නම් එය කරන්නේ කොහොමද?
සාක්ෂිකාරිය: ඉන්දියානු Drug Authority එකෙන් නිෂ්පාදකයාගේ අනන්‍යතාවය සොයාගත හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කළා ද?
සාක්ෂිකාරිය : එසේය ස්වාමීනි, මාස දෙකක කාලයක් මම වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :Sedesco යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
සාක්ෂිකාරිය ඉන්දියානු drug Authority එක එම නමින් හඳුන්වනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :ඒ හරහා නිෂ්පාදකයකු ගැන සොයාගැනීමට බාධාවක් තිබෙනවාද ප්‍රධාන විධායක නිලධාරීයාට?
සාක්ෂිකාරිය: එහෙම බාධාවක් නෑ ස්වාමීනී,
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෙත යවන ලද ලිපියේ අදාළ ඖෂධය නිෂ්පාදකයා ලෙස live elth phamasuitical යන නම සඳහන් වෙන නමුත් අදාළ ප්‍රශ්න ගත ඖෂධය නිෂ්පාදනය කර තිබුණේ එම ආයතන නොවන බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
අදාළ ඖෂධය සම්බන්ධයෙන් වන තීරණය ඖෂධ සුරක්ෂිතතා කමිටුව විසින් ගැනීමෙන් අනතුරුව අදාල තීරණය වෛද්‍ය සැපයුම් ඒකකය අධ්‍යක්ෂකවරයා විසින් රෝහල් සහ ආයතනවලට දැනුම් දී ඇත්තේ දින 12 ක් ගත වීමෙන් අනතුරුව බව සාක්ෂිකාරිය එහිදී ලේඛන පරීක්ෂා කර බලමින් සඳහන් කළාය.
නිෂ්පාදකයාගේ නම නිවැරදිව සඳහන් නොවීම නිසා රෝහල්වල ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කළ සාක්ෂිකාරිය එම අවස්ථාවේදී වුවද අදාළ අයිතමය පිළිබඳව ඇති විමර්ශන කඩිනම් කරන ලෙස කිසිවකුගෙන් හෝ දැනුම් දීමක් නොලැබුණු බව සඳහන් කළාය
"ඔබට ADR වාර්තා වුනේ කුමන නිෂ්පාදන සම්බන්ධයෙන්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී live alth biotech pharma නැමැති නිෂ්පාදකයා ගැන එවැනි ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"සැප්තැම්බර් මස 21 වැනිදා නිකුත් කළ ලිපියට දින 14කට පසුව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා වෙත ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර මහතා විසින් ලිපියක් යවමින් අයිතමයක් ඉවත් කරන ලෙස සඳහන් කර තියෙනවා. ඊට හේතුව දන්නවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් විමසූ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ අදාල ඖෂධය ලියාපදිංචි නොවූවක් බැවින් එය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවය.

ඒ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තීරණය කර ඇති බව සඳහන් සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේ දී "එලෙස ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු පිළිබඳ සොයා බැලීමට NMRA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට රාජකාරිමය හැකියාවක් තිබෙනවාද ?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළාය.
එවැනි හැකියාවක් ඇති බවත්, අදාළ ඖෂධය ව්‍යාජ ඖෂධයක් බව එහි ලේබලය සහ තොරතුරු මගින් අනාවරණය කර ගත හැකි බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ නිෂ්පාදකයා ඉන්දියානු නිෂ්පාදකයකු නම් ඔහු පිළිබඳව දුරකථනයෙන් වුවද සොයා බැලීමේ හැකියාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරීවරයාට ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේ" මෙම නිෂ්පාදකයා ව්‍යාජ නිෂ්පාදකයෙකු බව සොයා බැලීමට දින කීයක් ගතවී තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය. ඒ සඳහා දින 14 ක් ගත වී ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"නිෂ්පාදකයා සහ අදාළ රට සඳහන් කර ඇති අවස්ථාවක එය ව්‍යාජ නිෂ්පාදනයක් ද යන්න පිළිබඳව සොයාගැනීමේ හැකියාවක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර එවැනි හැකියාවක් ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය. තමන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන සමයේදී ඉන්දියානු ඖෂධ අධිකාරියට ඊ මේල් පත් යවමින් ප්‍රශ්නගත ඖෂධ නිෂ්පාදකයෙකු සම්බන්ධයෙන් විමසීමක් කළ අතර අදාළ සමාගම අයත් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ඖෂධ අධිකාරිය සමඟ සම්බන්ධ වී ඊට අදාළ තොරතුරු ලබාදීමට එම අධිකාරිය කටයුතු කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ප්‍රශ්නගත ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීම කඩිනමින් කරන ලෙස අදාළ ලිපිය මගින් දැනුම් දී ඇති අතර එහිදී නිෂ්පාදකයාගේ නම සඳහන් කර ඇත්තේ live elth phamasuitical ලෙස බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී "ඖෂධයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එහි නිෂ්පාදකයාගේ නම නිවැරදිව තිබීම ඉතා වැදගත්" බව සාක්ෂිකාරිය කියා සිටියාය.
ඖෂධයක් ව්‍යාජ බවට හඳුනා ගැනීමෙන් පසුව එය තවදුරටත් රෝගීන්ට ලබා දීමේ හැකියාවක් නොමැති බවත් එවැන්නක් ලබාදීම විෂ සහිත විය හැකි බවද ප්‍රකාශ කළ සාක්ෂිකාරිය එවැනි නිෂ්පාදනයකට යොදාගන්නා අමුද්‍රව්‍ය මොනවාද?, නිෂ්පාදන ක්‍රියාවලිය කවරාකාර ද?, යන්න පිළිබඳව කිසිවෙකු දැනුවත් නොමැති බව කියා සිටියාය.
අදාල ඖෂධ ඉවත් කරන ලෙස ලබාදුන් ලිපියට පිළිතුරක් ලෙස ඊට අදාළ චක්‍රලේඛයක් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කර ඇත්තේ ඊට දින පහකට පසුව බව සඳහන් කළ සාක්ෂිකාරිය එම චක්‍රලේඛයේ සඳහන් වන්නේද live ealth pharmaceutical යන්න බව කියා සිටියාය.
"ඒ අනුව මෙම විත්තිකරුවන් ඉවත් කළ යුතු ඖෂධය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දීලා තිබෙනවාද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි නිවැරදි තොරතුරු ලබාදීමක් සිදුකර නොමැති බවද එහි සඳහන් වන්නේ ප්‍රශ්න ගත ඖෂධ නිෂ්පාදකයාගේ නොවන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
එසේම එම දැනුම්දීම් කර ඇත්තේ ඖෂධ සුරක්ෂිතතා කමිටුවේ තීරණයන්ට පටහැනි අයුරින් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය
පැමිණිලි ඉදිරිපත් වූ මෙම ප්‍රශ්නගත ඖෂධය කාණ්ඩයකට 30 බැගින් කාණ්ඩ තුනකට අදාළව සාම්පල 90 ලැබුණු බවද මාතර දිස්ත්‍රික් රෝහලෙන් සාම්පල 30ක් ලැබී ඇති බවද සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සම්බන්ධයෙන් වන විශ්ලේෂණ කටයුතු රසායනාගාරය තුළ තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදුකළ බවද සඳහන් කළාය.

එහිදී අදාළ ද්‍රාවණය තුළ බැක්ටීරියා ශුද්‍ර ජීවීන් සිටිනවාද යන්න පිළිබඳව පරීක්ෂා කළ අතර එහි එවැනි තත්ත්ව පරීක්ෂාවක් කිරීම සඳහා රසායනාගාර පහසුකම් තම ආයතනයට ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාල ඖෂධ පිරිවිතර ඉන්දියානු පාමකෝපියාව ලෙස සඳහන් කර තිබූ අතර ඒ අනුව ඉන්දියානු පාමකෝපියාව ට අදාළව සිදු කළ රසායනාගාර පරීක්ෂණවලදී අදාල ඖෂධයේ බැක්ටීරියා ඇති බව තහවුරු කරගත් අතර බවද එම ඖෂධ ඉන්දියානු පාමකෝපියාව ට අනුකූල නොවන බවටද අනාවරණය වූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය . අදාළ රසායනාගාර පරීක්ෂණ ජීවානුහරණය කළ විශේෂ කාමරයක සිදු කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය එහි පියවර පැහැදිලි කරමින් සාක්ෂි ලබා දුන්නාය.
එම පරීක්ෂණ වලින් මෙම ඖෂධ බැක්ටීරියාවන් සහිත අසමත් ඖෂධ බවට තීරණය කළ අතර ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂක රසායනාගාරය විසින් අදාළ රසායනාගාර පරීක්ෂාවට අදාළ වාර්තා නිකුත් කළ බවද එහි අධ්‍යක්ෂකවරිය වූ ගෞරි කත්‍රි ආරච්චි මහත්මිය වාර්තාවලට අත්සන් තබා ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
අනතුරුව සාක්ෂිකාරිය විසින් එම වාර්තාව අධිකරණය හමුවේ හඳුනා ගනු ලැබුවාය.
තම ආයතනය විසින් සාම්පල තවත් ආයතනයකට නිකුත් කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ගේ ආවරණ ලිපියක් සමග අදාළ උෂ්ණත්වය යටතේ 401 යන කාණ්ඩ අංකය යටතේ නිකුත් කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඒ අනුව මෙම ඖෂධයේ සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදීම සිදුකළ අතර එහි කාර්යාල කාර්යය සහායකයකු විසින් එය රැගෙන ගිය බවද අදාල සාම්පලය බැහැර කළ බවට සටහන් කර ඇති බවද එම සාම්පලය බාරගත් බවට ඔවුන්ගෙන් සටහනක් අදාළ පොතට සහ ආවරණ ලිපියට ලබාගත් බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"එලෙස යවන ලද සාම්පලයක් ආපසු හරවා එවීමක් සිදුකර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තම අත්දැකීම අනුව එවැන්නක් සිදු වී නොමැති බවය.
"එවැනි සාම්පල මුද්‍රා තබා යවනවා ද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ මුද්‍රා තැබිය නොහැකි අවස්ථාවලදී එය වෙනත් අයකුට විවෘත කිරීම කළ නොහැකි පරිදි සෙලෝ ටේප් වලින් දැඩි ලෙස ආවරණය කරන බවය.
එම කරුණ ප්‍රකාශ කිරීමත් සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

