ඉතිහාසය විසින් නව මොහොතක් බිහිවන විට ඒ ඔස්සේ නව මානව කෞශල්‍යයන් බිහිවේ.

එළාර රජතුමාගෙන් නිදහස් වන්නට ලක්වැසියන්ට විශේෂ උවමනාවක් තිබුණේ නැති බව පැහැදිලිය.

 

ඔහු විසින් කර ඇති ධාර්මික පාලනය නිසා ඔහු ආගන්තුකයෙක් යැයි සිතන්නට බැරි තරම් මෘදු වී තිබුණි

ඔහු විසින් කර ඇති ධාර්මික පාලනය නිසා ඔහු ආගන්තුකයෙක් යැයි සිතන්නට බැරි තරම් මෘදු වී තිබුණි. ඒත් එළාර රජුගෙන් අනුප්‍රාප්තිකයන් නැතිවීම නිසා එළාර රජුගෙන් පසු රජ සඳහා හිඩැසක් ඇති වී තිබුණේ ය. ඒ සඳහා රුහුණට ද පිහිටි රටට ද මායා රටට ද විකල්පයක් නොවීය. විකල්පයක් නැති තැන මෘදු මිනිසා එක්කම ජනතාව රාජ්‍යයේ දිවි ගෙවීය. එළාර රජතුමාට එරෙහිව ජනකතාවක් තබා විත්තියක් හෝ ඓතිහාසික අපවාදයක් හෝ නුගුණ කියන කවියක්වත් නැත්තේ ඒකය. 

ai hasudhදුටුගැමුණු අයියා සහ සද්ධාතිස්ස මල්ලී අතර ඇතිවන "අනුප්‍රාප්තිකයා මමයි" යන තරඟය රුහුණට ජාතික මානයක් ඇති කළේය

 

එසේ නම් එම මොහොත කුමක් ද. අනුප්‍රාප්තික නායකයෙක් සෙවිය යුතු මොහොතය. එය ලංකාවේ රටවල් තුනම මුහුණ දුන් ප්‍රශ්නයයි. දුටුගැමුණු කුමරු බිහි වු විට එළාර රජ පරාජය කිරීමේ තරඟයක් ඇති වේ. ඒ දුටුගැමුණු අයියා සහ සද්ධාතිස්ස මල්ලී අතර ඇතිවන "අනුප්‍රාප්තිකයා මමයි" යන තරඟය රුහුණට ජාතික මානයක් ඇති කළේය. කවුරුත් මේ ගැන සිතා නැත. මේ ගැන සිතන්න ඇති තැන මැද ඉන්නේ වේලු සුමනය.

 

aiytfයවන අයිරානීය මැසිඩෝනියාවරුන් අශ්වයන් සමඟ ද ආසියාවේ බලතුලනය මැද ස්ථාන ගත වේ. එහි දී ඔවුන්ට පරාදීසය වුයේ ලංකාවේ අනුරාධපුරය


වේලු සුමන සොයා ගෙන යාම විසින් තුරඟයන් හමුවේ. තුරඟ වංශය හමුවන විට වෙළඹ වංශය සම්මුඛ විය. යවන අයිරානීය මැසිඩෝනියාවරුන් අශ්වයන් සමඟ ද ආසියාවේ බලතුලනය මැද ස්ථාන ගත වේ. එහි දී ඔවුන්ට පරාදීසය වුයේ ලංකාවේ අනුරාධපුරය. යවනයන් අශ්වයන් වගේමය. ඒ නිසා යවනයන් ලාංකිකයන්ගේ රෝමාන්තික කලාපයේ සමීපතයන් වේ. රජුන්ගේ අශ්ව බල ඇණිය නිසා ඔවුහු ළඟ යවන රූපධාරීන් සමීපය. යවනයන් තුරඟයන් දේශීයකරණය වන්නේ ඔහොමය.

අශ්වයන්ගේ ලාංකික රෝමාන්තික ආලය කොතරම් දැයි කියන්න අමුතු කරුණු අවශ්‍ය නැත. අශ්ව නාවිකයන් වු දක්ෂිණ භාරතීය යවන තුරඟ තරු දෙකටම රාජ්‍යය ගන්න දී නිහඩ වු ලාංකිකත්වය එය පෙන්වයි. ඒ සේන ගුත්තික රෝමාන්තික පුරුෂ යුවල සමඟ 22 දෙවසරක් රාජ්‍ය පාලනය සාමුහිකව වින්දනය කරමිනි. දැන් යළි "වෙලු" ළඟින් "චේති" ළඟට ද "චේති" ළඟින් "වළවාමුඛී" ළඟට ද යා යුත්තේය.

 

rawa 65876රාජ්‍ය බලය, ජීව හැඟුම් මෙන් රාජ්‍ය පාලනය ද අශ්වයන් මතද ඔවුන් බැඳි ශිල්ප පරපුර යවන තුරඟයන් සමඟම බැදී තිබිණි

රාජ්‍ය බලය, ජීව හැඟුම් මෙන් රාජ්‍ය පාලනය ද අශ්වයන් මතද ඔවුන් බැඳි ශිල්ප පරපුර යවන තුරඟයන් සමඟම බැදී තිබිණි. එවිට එළාර රජුගේ බලය තම බලය කර ගැනීමට රුහුණට අශ්වයන් සපයා ගත යුතුය. කවුරුත් දන්නේ නැති ඇත්ත මෙය ය. එනම් දුටුගැමුණු කුමරුට අශ්ව බලය ගෙනත් දුන්නේ කවුද යන්නය. එළාර රජතුමා සතු අශ්ව බලය ඔහුට හිමි වී තිබුණේ කෙහොම ද. මේවා ගැන බලමින් ඇවිද යමින් සිටි සමයයි. ඒ සමයේ ඒ ගැන හොයන්න වන මැදින් ගියේ දොරමඩලාව ගමටය.

මාතලේ ලග්ගල කඳු හරහා ගමන් කර වස්ගමුව වන මැදින් ඇති රහස් පාර මට ඇර දුන් මිනිස් වීරයා සිහි කළ යුතුය. ඔහු "අසංග ගලපාතය". අසංග සමඟ වන මුරයට මී මුරේ ආපු කාලේ ගමන පටන් ගතිමි. පණ්ඩුකාභය කුමරුට අශ්ව බලය යවනයන් රැගෙන ආපු හැටි කවුරුත් අමතක කර ඇත. 

 

pondhgතිඹිරි විල, මෙන්ම මෙතන තැන

පණ්ඩුකාභයගේ යක්ෂ වර්ණ ගැන හිතන බොහෝ අය ඔහුට බැඳුනු යවන තුරඟවරුන් නොදනී. අශ්ව බලය වෙළඹ බලය එකට අරන් දුම්රකුගල ගලට චේති වෙළඹියකු පාර කියා ගෙන ගිය පාරේ මම ඇවිදන් යමින් සිටිමි. වළවාමුඛී යක් වෙළඹිය සියල්ල උඩුයටි කරමින් යවයන් හා පණ්ඩුකාභය අභිමුඛ කරවන ශුර කතාව උපත ලද තැනට ආවෙමි. "තිඹිරි විල, මෙන්ම මෙතන තැන. අයියේ අපේ ආතාට ආත්තාගේ අත්තා ජ්‍යෙට්ඨ මූල නැකත් තරුව පෙන්නුවේ මෙන්න මෙතන දී" යැයි ඔහු කියමින් කඳු ගැටයට එඹුන ගැබ දොර පෙන්විය. සෛන්ධව අශ්වයන්ගේ නාස් ලෝමයෙන් තරු රටාවක නැකත සොයන අමුතු ශාස්ත්‍රය මට හමුවුනේ එදාය. වේලු ළඟින් චේතිට ද චේති ළඟින් වළවාමුඛී වෙළඹියට ද යමින් සිටි මට "ජ්‍යෙඨ මුල නැකත " හමුවුනේ ඔහොමය.

යවනයන්ගේ තරු රහස් ලංකාවේ තරු රහස් සමඟ අතිනත බැඳගන්නා දවස හමවුනේ ඔය විදියටය. එක අරමුණක යන ඉතිහාස පර්යේෂණ එක අරමුණක් තුළ බහුමාර්ග පෙන්නයි. දැනුම ජානය විසින් රැගෙන විත් ඇති දුර මෙයින් පෙන්වයි. ලංකා පොළවේ නිත්‍ය අශ්ව වනාන්තර නොවීය. අශ්වයන් කොහොමත් යවන භූ කලාපයේ අපට හමු වු සත්ත්ව නෑයෙක් හා මානව නැදෑයෙකි.

 

ai generated 7986047 1280 තරුවෙන් තරුවට රහස් හංගා ගෙන ලංකාවේ ජාන වංශයක් ගොතා ඇති ඉතිහාස අන්දරය සොයා යන්නට හිත ආශා දළුලා නැඟිටින්නට වුයේ එහෙමය 
මේ නැදෑයන්ගේ අන්දරය පපුවේ ලියාගත් මතකය තවමත් ශේෂය. ඉතින් තිඹිරිවිල බැස එදා රාත්‍රිය අවුළුපත් වලින් සාරව රා මදිරාවෙන් ගෙවී ගියේ කාටත් රහසේය. ජානගත උරුමකරුවන් අල්ලා ගත් විට නාඩියෙන්ම නොලි දෑ දිව පවසටම කියා දෙයි. "තිඹිරිවිල" ගැන ලියන්න එපා "එච්චරයි මගේ ඉල්ලීම" ඔහු කිවේය. මෙම ඉල්ලීම ඉටු කළ යුතුය. ඒ ගැන තවත් නොලියමි. වේලුගෙන් චේතියට යමින් මම නතර වුයේ තවත් ඉතිහාස මංසන්ධියකය. ඒ මංසන්ධියෙන් දොරමඩලා ගමට ආවේ රෑ අහසේ රෑ තාරකා කියවමින්ය. තරුවෙන් තරුවට රහස් හංගා ගෙන ලංකාවේ ජාන වංශයක් ගොතා ඇති ඉතිහාස අන්දරය සොයා යන්නට හිත ආශා දළුලා නැඟිටින්නට වුයේ එහෙමය . 

ඇත්තටම වේලු , චේති වළවාමුඛී මාව යවනයන්ට ද අශ්ව ,තුරඟ ,වෙළඹියන්ට ද එතැනින් ජ්‍යෙට්ඨ මූල නැකත් තරුවට රැගෙන ගියේ ඔහොමය.

සුජිත් අක්කරවත්ත
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රාවාෂ පසුගිය ලිපි :

ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්