ලංකාවේ ස්ත්‍රීය වෙලාසනම පුරුෂයා හා සමාන අයිතින් ලබාගත් පිරිසක් වුයේය.
වත්මනෙහි එය වෙනස් වී ඇති බවක් පෙනේ. ඒ අර්බුදය බ්‍රාහ්මණ, ජෛන, යුදෙව් හා ඉස්ලාම් කිතුණු දේවවාදයන් වලින් කාන්දු වී දැන් සිංහල බෞද්ධ අදහස් වී ඇත.
ස්ත්‍රීන්ට ශ්‍රී මහා බෝධියේ උඩමළුව තහනම්ව ඇත්තේ ද දළදා මැදුරේ වැඩ වසන කුටිය තහංචි කලාපයක් ද වන්නේ එම බලපෑමෙන්ය. මේ බලපෑම් අනුන්ගේ න්‍යාය පත්‍රයක් තමන්ගේ කරගත් ලාංකිකයන්ගේ විහිළු සහගත අනුකරනයන්ය. බුදුන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා එතනට වැටුණේ දිගු දේශපාලන හා ආගමික අර්බුදයක් මැදින්ය.
මේ ගැන සිතීමට වටින්නේ ලංකා කතුන් පිරිමි සමානව එකම සමයේ පැවිද්ද ලබා ගැනීම නිසාය.
මේ ගැන සිතීමට වටින්නේ ලංකා කතුන් පිරිමි සමානව එකම සමයේ පැවිද්ද ලබා ගැනීම නිසාය. ලාංකිකයන් මිහිඳු හිමියන්ගෙන් පුරුෂ පැවිද්ද ලබා ගනිමින් ද සංඝමිත්තා තෙරණියගෙන් ස්ත්‍රී පැවිද්ද ද ලබාගනී. එසේ ලබා ගනිමින් ස්ත්‍රී පුරුෂ සමාජ සමානත්මතාවය තහවුරු කර තබා ගත් ලොව මුල් පෙළේ ජන සමාජයකි. සැබැවින්ම බුදුන්ගේ අම්මා වු ප්‍රජාපති දේවිය ද බුදුන්ගේ ගිහි කල බිරිඳ වු යශෝධරාවන්ට එම තැන් ලබා ගන්නට අරගල කරන්නට සිදු විය. ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවයෙහි මේ කදිමය මැදින් සිතන විට දී හමුවන අමුතු කතාව යෙහෙළි තෙරණියන්ය.
සංඝමිත්තා කුමරියට මහණ ආශාවක් ඇති වුයේ කෙසේ දැයි සිතාබලා නැති කථාවකි.
සංඝමිත්තා කුමරියට මහණ ආශාවක් ඇති වුයේ කෙසේ දැයි සිතාබලා නැති කථාවකි. ඈ අධිරාජනිය වන්නට වරම් තිබු ස්ත්‍රීයකි. මහත් ආලනුරාවෙන් බැඳි ගුප්ත කුමරු හා පෙමින් වෙළි ගැබක් දරා ගත් පතිණියක්ව ද හිටි ස්ත්‍රියකි. ගැබ දරමින්ම මහණ පැවිද්දට ඇගේ සිත බැඳුණේ ස්ත්‍රී ආත්මයේ ගැඹුරු කවය තුළම දාර්ශනික මානයන් ඇති කරවමිනි. ඇය මහණ පැවිද්ද දරා ගත් පුවත නිසා ඇගේ යෙහෙළියන් ද පැවිද්ද දරා ගත්තේ සමාජය තුළ මහත් සමාජ දෝංකාරයක් ඇති කරමිනි. දැන් ප්‍රශ්නය සංඝමිත්තාවන් ගැන ඇති තරම් දන්නා අපිට මේ කලාපය හසු නොවන්නේ මන්ද යන්නය. මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වඩින විට උන්වහන්සේ පසුපස වැඩි පුරුෂ පැවිද්දන් සේම ගිහි පණ්ඩුක ද අප සිතුවමට නගා පෙළ පොතට ගෙන නම් වශයෙන් කටපාඩම් කරගෙන ඇත. එහෙත් පුදුමය ඒ විදියටම තම කණ්ඩායම සමඟ සපැමිණි මහා රහත් උත්තමාවිය සංඝමිත්තාවන්ගේ යෙහෙළියන් ගැන ගුප්ත රහසක් රැකිමේ හේතුවය.
සැබැවින්ම තෙරණිය සංඝමිත්තාවන් වඩින පසුපස සපැමිණි එම යෙහෙළි තෙරණියන් මකා දැමුවේ මන්ද.
ඉතිහාසය දෙස මැදහත් සිතින් බලන්නට කරන ආරාධනාවන් යළි කරමි. එමෙන්ම විචාරශිලිත්වය තුළ පර්යේෂණමය ඇසින් එය නිබඳව විනිශ්චාසනයෙහි තබා බැලීම වටි. සැබැවින්ම තෙරණිය සංඝමිත්තාවන් වඩින පසුපස සපැමිණි එම යෙහෙළි තෙරණියන් මකා දැමුවේ මන්ද. රූපයකට පවා නගන්නට තරම් පරිකල්පනමය උවමනාවක්වත් නැති වනුයේ කිමද. එය රහසක් වන්නට ඉඩ සැදුවේ මන්ද. නිල ඉතිහාස ලේඛන ඉතා නිරවුල්ව ලියා තබා ඇති විට ලංකාවේ ස්ත්‍රීන්ටවත් මෙය නොපෙනුණේ කිමද. ලංකාවේ ස්ත්‍රී කිවිඳියන් ලේඛිකාවන් තබා සිත්තරකාරියන්වත් මේ ගැන තම නැණ මනස යා නොකළේ මන්ද. තොටමුණ දඹකොළ පටුන දකින්න මට අලුත් හීනයක් ආවේ මේ යෙහෙළි තෙරණියන් ගැන සිතිවිලි උපන් සැණින්ය.
දීපවංශය ලියන්නේ ස්ත්‍රීන් බව මගේ සෘජු නිගමනය ය.
දීපවංශය ලියන්නේ ස්ත්‍රීන් බව මගේ සෘජු නිගමනය ය. එය ශාස්ත්‍රීය ලෝකයේ ද පවතින මතයකි. මහාවංශයට ශත වර්ෂයකට පෙර ලියා තැබු දීපවංශය ලංකා ඉතිහාසය සඳහා පාදක දායකත්ව දත්තයක් සේ ගන්නේ නැති තරම්ය. මේ දීපවංශය අවර ගණයට හෙළා දැමීම ගැන සිතිය යුතුය. ශාස්ත්‍රීය ලෝකයේ මෙන්ම සාමාන්‍ය ඉතිහාසය අවබෝධමය ඇත්තන්ගේ ඥාන කලාපය තුළ පවා දීපවංශය ගැන හැඟුම් නැති තරම්ය.
ස්ත්‍රීය හා පුරුෂයා සමපෙළේ සමානාත්ම තැනක ජිවත් වු සමාජයක් තුළ මෙසේ වුයේ කෙසේ ද යන්න සෙවීමට යෙහෙළි තෙරණියන් ඉතා වැදගත්ය. දීපවංශය ස්ත්‍රින්ගේ රචනාවක් බව ඉතා පැහැදිලිය. එහි අන්තර්ගතය පුරා දකින්නට හැකි ස්ත්‍රීවාදී ඇසින් එය සපුරා සනාථ කරයි. අනෙක් අතින් වැදගත්ම කරුණ වනුයේ සංඝමිත්තා මහ රහත් උත්තමාවිය සමඟ සපැමිණි යෙහෙළි තෙරණියන් නම් වශයෙන් නම් කරමින් තැබීමය.
ස්ත්‍රීයට බුදු බව පතන සමාජයකට සමානාත්ම අගයක් දුන් පුර්ව තෙරණියන් අමතක වීම් බරපතල යැයි සිතුනේය.
දීපවංශ කතුවරියන් වහන්සේලා විසින් තම ශ්‍රමණ පරපුරේ නේත්‍රෘවරියන් වහන්සේලා ලේඛන ගත කරමින් ස්ත්‍රීවාදී අදහස් දීපවංශය තුළ සංග්‍රෘහිත කරයි. ඒ නිසා යෙහෙළි තෙරණියන් වහන්සේලා සොයා යාමේ ඉතිහාස දොලක් උපන්නේය. ස්ත්‍රීයට බුදු බව පතන සමාජයකට සමානාත්ම අගයක් දුන් පුර්ව තෙරණියන් අමතක වීම් බරපතල යැයි සිතුනේය. තතු විත්ති පතපොත ලියා තැබු මේ චරිත ජන සමාජයකට අධ්‍යාපනික හා දේශපාලන පෙරළි මත අමතක කළ හැකි වීම කෙතරම් ඛේදනීය වේද.
මහ රහත් තෙරණිය සංඝමිත්තාවන් සමඟ ලංකාදීපයට වඩින මේ යෙහෙළි තෙරණියන් පළමු රාත්‍රිය ගත කරනුයේ දඹකොළ පටුන මාලිගාවේ බව කියවේ. ඒ කියන්නේ පේදුරු තුඩුවේය. වර්ගවාදය බොහෝ දේ නැති කළ ද පපු ඇතුලේ ඇති කතා සපුරා මකා දමන්නට නොහැකිය. ඉතින් යෙහෙළි තෙරණියන් ගැන මතක කතා සොයන්නට යාපා පටුනේ දෙමළ සොයුරියන්ගේ පපුබඳට කන්දෙන්නට ගිය ගමන ලියමි. ලියා තබමි.
(සුජිත් අක්කරවත්ත)ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම







