leader s

සුබ රජ වූ කතාව ජනප්‍රියය. නොදන්නා කෙනෙකු නැති තරම්ය.

සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගමයන් විසින් එය වේදිකාවට ගෙන ඒමත් සමඟ සුබ සහ යස ලංකාවේ මිනිස් සිත් තුළ නොමැකෙන තැනක ස්ථාන ගත විය. 

 

hqdefaultසුබ සහ යස
ඇත්තම කතාව ඇත්තටම මොකක්ද. යසලාලක තිස්ස යනු දුටු ගැමුණු රජතුමාගේ කතාවේ අවසාන පරිච්ඡේදයේ අවසාන වැකියය. එය මෙහෙම කිව්වාම තේරුණේ නැති නම් තව සරලව කිව හැකිය. ඒ කියන්නේ දුටු ගැමුණු රජතුමාගේ රජ පද ප්‍රාප්තිය සමඟ බිහිවන රාජවංශයෙහි අවසාන රාජකීයයාය. තවත් සරලව කියන්නේ නම් දෙවන පෑතිස් රජතුමාගේ පුත්‍රයා විෂ අඹයක් කැවීමෙන් මිය යාමත් සමඟ, ඔහුගේ මල්ලී යුව රජ මහානාග රුහුණට පලා ගියහ. එසේ රුහුණුට පලා පැමිණි මහානාග රජුගේ දරු පරපුර සමඟ පැතිර යන පරපුර මාගම රාජවංශය නමින් හැඳින්වේ. මේ මාගම වංශයට රජකම ලැබෙන්නේ දුටු ගැමුණු රජතුමා රජකම ලබා ගැනීමත් සමඟය. එතැන් පටන් මාගම්වංශයේ රජ කුමාරවරු සහ කුමරියක් දිගටම රාජ්‍යත්වයට පැමිණියේය. එය අවසන් වන්නේ යසලාලක රජතුමාගේ හිස සිඳ සුබ නම් පිටස්තරයා රජකම ගැනීමත් සමඟය.

 

king ashoka 8537288 1280එය අවසන් වන්නේ යසලාලක රජතුමාගේ හිස සිඳ සුබ නම් පිටස්තරයා රජකම ගැනීමත් සමඟය.

යස සහ සුබ පුවත විහිළුකාර කතාවක් සේ සැහැල්ලුවෙන් ලැගුම් ගනී. තවත් විටෙක ලංකාවේ වාමාංශික හා විද්වත් නුතනවාදී කතිකාවකට ගෙනවිත් ඇත්තේ එය ප්‍රභූ නිර්ප්‍රභූ රාමුවක් සේය. ප්‍රභූන් පෙරළා නිර්ප්‍රභූන් රාජ්‍ය බලය ලබා ගැනීම ගැන වම සතුටකින් කතා කළේ ඒකය. එම අදහස යම් ප්‍රමාණයකින් සුභ සහ යස නාට්‍යයෙන් සයිමන් නවගත්තේගමයන් තුළින් ද දිස්විය. එය ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආගමනය සමඟ නව උපතකින් අර්ථකථනය ද වේ. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රභූත්වය ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නිර්ප්‍රභූ පැමිණිමෙන් නිශේධනය වීමට හේතු වු බව කිව හැකිය. ඉතින් ඉතිහාසය බහුමානයෙන් දැකිය යුතුය.

4c18c5369d3e438db992ceaa15b07a6bදුටු ගැමුණු රජතුමා බිහිකළ මාගම් රාජවංශය සහමුලින්ම ලංකාවේ දේශපාලන සිතියමෙන් අතුගා දැමුවේය.

 

යසලාලක රජතුමා ඝාතනය වන්නේ ප්‍රභූ පන්තියට එරෙහිව නිර්ප්‍රභූන්ගේ දිර්ඝ උපාය නිසා විය හැකිය. සබ හෙවත් සුබ නම් දොරටුපාලකයෙකු රජකමට පැමිණිම අහඹු සිදුවීමක් ද නොවේ නම් ඒ දිර්ඝ චුලවංශික මහාවංශික හෙවත් ප්‍රභූ නිර්ප්‍රභූ අරගලයේ යටිබිම් ගත කතාවේ එළිපිට පුපුරා යාම ද? මේ ගැන සිතා ගන්නට අවශ්‍ය වටපිටාව සොයා යන්න ඇති කදිම කතාවකි. එනම් චුලවංශකයෙකු වූ සබ නිර්ප්‍රභූ වීරයා ලෙස රාජත්වය ලබා ගන්නේය. එසේ ලබා ගනිමින් දුටු ගැමුණු රජතුමා බිහිකළ මාගම් රාජවංශය සහමුලින්ම ලංකාවේ දේශපාලන සිතියමෙන් අතුගා දැමුවේය. ඒ කියන්නේ මාගම් රාජවංශයේ අවසාන රජු වන යසලාලක රජුගේ ඝාතනයෙන් කෙළවර වන්නේ සුබට ඔහුව දාරාගන්න නොහැකි වීමම නොවේ.

එසේ නම් කුමක් නිසා ද. තම ප්‍රාණ සමාන මිත්‍ර යසලාලක මරා දැමු සබ හෙවත් සුබ මාගම් රාජවංශය සැබැඳි සියළු රාජකීය ප්‍රභූන් සමුල ඝාතනය කිරීම නිර්ප්‍රභූ රාජාගමනයන් වල ස්වභාවයකි. නුතන ලංකාවේ ද අතීත ලංකාවේ ද ලෝකයේ කවර තැනක ද මේ තත්වය පොදු කතාවකි. එය දිර්ඝ කාලයක් පෑගී සිටීමේ නිර්ප්‍රභූ වේගය විය හැකිය. එමෙන්ම නිර්ප්‍රභූන්ට  රාජ්‍ය බලය පරිහරණය කිරීමේ නුහුරුකම නිසා ඇති වූ නොමේරූ අපරිනතකම ද විය හැකිය. එමෙන්ම නිර්ප්‍රභූන්ට ප්‍රභූන් සම්බන්ධ දීර්ඝ කාලයක් තිබූ වෛරයද ලෙස මෙය දැකිය හැකිය.

264cc7ac80324df6ad5b2aaa23b3fdc8ඔහු ලංකා ඉතිහාසයේ අති බිහිසුනු ඝාතනාවලියක් අරඹන්නේ ලේඛක සංහාරයක් සමඟය.

 

යසලාලක මරා රජ පද පත් සුබ මාගම්වංශය නසා නතර නොවේ. ඔහු ලංකා ඉතිහාසයේ අති බිහිසුනු ඝාතනාවලියක් අරඹන්නේ ලේඛක සංහාරයක් සමඟය. ඉන් ඔහු නතර නොවීය. නැකත්කරුවන්ගේ අනාවැකියකින් සුබ බෙහෙවින්ම සසල වේ. එම කරුණ නම් වසභ නැමති නාමය ලංකාවේ ඊළඟ රාජ්‍ය බලය හිමිවන නාමය බව අවධාරණය වීමත් සමඟය. සබ හෙවත් සුභ එවිට සිදු කරන්නේ වසභ නම සඳහන් වී ඇති ලේඛනයන් වේ නම් ඉතිහාසයෙන් මකා දැමීමය. 

වසභ නමක් ඇති ලංකාවේ සෑම තරුණයෙකුම සහ දරුවෙකුම ඝාතනය කර දැමීමය. සුභ යස පුවත කතිකාවට ගෙන ඇත්තේ මේ ඉතිහාස සිදුවීම සාකච්ජාවට නොගෙනය. සිදුවීමක් එක් අතකින් නොබැලිය යුතුය. එය හැම අතින්ම බැලිය යුතුය. එවිට දැන් සුභ මේ තරම් රුදුරු වනුයේ මන්ද. ඒ ප්‍රභූ සමාජයට ඇති පාරම්පරික බිය නිසා ද. නොවේ නම් රාජ බලය බලෙන් ඩැහැගත් පිටස්තරයෙකුගේ කැළඹිල්ල ද.

 

da51ec2268374c76a87d11c0ecda6ebcප්‍රභූන්ගේ බලය සුන් කර දැමීමෙන් පසු සබ ලේඛකයන්ගේ බලයට අත තැබුවේ මන්ද?

අනෙක් අතට සිතිය යුතු ම කරුණ වන්නේ සබ යසලාලක ඝාතනය කොට දුටුගැමුණු රජුගේ රාජ වංශය ලංකාවෙන් අතුගා දැමීම පසු පස්සේ තිබු සමාජ දේශපාලන ප්‍රාර්ථනය කුමක් ද යන්නය. ඒ වගේම සබ විසින් නිර්ප්‍රභූන්ගේ දේශපාලන අභිලාශය නියෝජනය කරන්නේ ද යන්නය. මේ ගැන එබී බැලීම සඳහා ඇති අනගි කතාව ලංකාවේ ලේඛකයන්ගේ නාස් කපා දා මහපට ඇඟිලි සිද දැමීමට ඔහු අණ කිරීමය. ප්‍රභූන්ගේ බලය සුන් කර දැමීමෙන් පසු සබ ලේඛකයන්ගේ බලයට අත තැබුවේ මන්ද. සොයා යමි. ලියා තබමි.


(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රාවාෂ පසුගිය ලිපි :

ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්