සුභ විසින් ලංකා රාජ්‍ය අත්පත් කරගැනීම ගැන කථාව ගැඹුරේ ගොස් විමසා බැලීම වටින්නේය. මන්දයත් එම සිදුවීම රාජ්‍යයේ හැඩතල තුළ ඇති කළ වියවුල ගැන
තේරුම් ගැනීමට පාදක වන නිසාය.
යසලාලක රජුගේ රාජසභා දොරටුපාලක "සුබ" හෙවත් "සබ" එම තනතුරට පත් වනුයේ තම පියාගේ අභාවයෙන් පසුවය. ඒ කියන්නේ ද්වාරපාලක හෙවත් දොරටුපාලක තනතුර සාම්ප්‍රදානුකූල නිළයක්ය. එම නිළය හිමි වනුයේ කවර සුදුසුකමක් මත ද . රාජ්‍යයේ රාජකීයා සමඟ සමීප වීමට එම නිළ දරන්නාට හිමිවන අවස්ථාවන් සුලභය. එනමුත් මෙම විශේෂ අවස්ථාවට පෙර දොරටුපාලකයෙකු හා රාජ්‍ය පාලකයෙකු මෙතරම් සමීපතයන් වු අවස්ථාවක් වාර්තා වී නොමැත්තේය.
සමහර විට එම සමීප බැඳිම් රාජ්‍ය පාලකයාට මීට ප්‍රථම හානියක් නොවුන නිසා වාර්තා නොවන්නට ඇත. මෙම අවස්ථාවේ රාජ්‍ය බලය වෙනස් වීම ද ශ්‍රී ලංකා රාජ්‍ය ධුරාවලිය වෙනස් වු ද අවස්ථාත් නිසා කතිකාවට එක් වී ඓතිහාසික පුවතක් වන්නේය.
සුභ රජ වීමත් සමඟ ශ්‍රී ලංකා රාජ්‍ය පාලකයාගේ ධුරාවලිය ප්‍රථම වරට වෙනසකට බඳුන් වේ. එනම්, ශ්‍රී ලංකාවේ රාජකීය කිරුළ පළමු වතාවට සෘජුවම පිටස්තර නිර්ප්‍රභූ සාමාජිකයෙක් සතු වීමය.
සුභ රජ වීමත් සමඟ ශ්‍රී ලංකා රාජ්‍ය පාලකයාගේ ධුරාවලිය ප්‍රථම වරට වෙනසකට බඳුන් වේ. එනම්, ශ්‍රී ලංකාවේ රාජකීය කිරුළ පළමු වතාවට සෘජුවම පිටස්තර නිර්ප්‍රභූ සාමාජිකයෙක් සතු වීමය. ලංකාවේ රාජකීය පාලනය මේ තත්ත්වය කරා ඒමට බලපෑවේ කුමන කරුණක් ද යන්න විමසිය යුත්තේ ඒ නිසාය. සුබගේ පාලනය රුදුරු වීමට ද එය ඉක්මනින් අවසන් කර ගැනීමට ද හේතු වන කරුණු සබැඳි කාරණය කතිකා කළ යුතුය. එම විවෘත සෙවීම සඳහා ලංකාවේ ඉතිහාස කතාබහේ ඇතුළ සොයා පැමිණි හැකි තවත් කතාවකි.
කොහොමත් ලංකාවේ බොහෝ කතිකාවන් සකස් වන්නේ නිර්ප්‍රභූ ආලයක් ඇතුවය. එය නුතන සමයේ විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමගේ බලගතු ලෙස ගොඩ නගන්නේ වාමාංශික කතිකාවට බර වීමත් සමඟය. ඒ වගේම රාජ්‍ය බලය ජනතාවගේ ජන්ද බලය මත පදනම් වීමත් සමඟ තවත් තිව්ර වේ. එම නිසා සුභ සහ යසගේ කතාව විහිළුවක් විතරක් හැර වෙන යමක් නොවන තැනක ස්ථාන ගතව ඇත. පීඩිතයන්ට ඇති පීඩනයන් මානවීය වශයෙන් හැඟුම්කාරකය. එය තුරන් කිරීමට ඇති මාවත සොයා ගැනීම කළ යුතුය. ඒත් පීඩිත පීඩනය නිමා කිරීම සඳහා ප්‍රභූ විරෝධය අවුලවා ගැනීම පීඩිත නිර්ප්‍රභූන්ට තම උරුමයන් අහිමි කරවන මාරකයන් බව කියා දෙන්නේ සුබමය.
ඔහු ලේඛකයන්ට බිය වුයේ මන්ද. ලෝකය පුරා මේ ගැන සිදු වී ඇති සොයා බැලීම් වල දී නිර්ප්‍රභූන් බලයට පත් වු විට ලේඛකයන් මෙන්ම ප්‍රභූන්ව එකවිට සංහාරය වේ
දැන් විමසිය යුත්තේ සුබ රජ වු විගස ප්‍රභූන්ට හෙවත් ලංකාවේ මහා සම්ප්‍රදායට එරෙහිව නඟන ලේ වැකුණු විරෝධි මාර්ගය ගැනයි. සුභ රජතුමා තම රාජ්‍ය පාලනයෙන් ප්‍රභූන් පළවා හැරියේ පුදුම සහගත ලෙසය. සරලව ගතහොත් ඔහු ලේඛකයන්ට බිය වුයේ මන්ද. ලෝකය පුරා මේ ගැන සිදු වී ඇති සොයා බැලීම් වල දී නිර්ප්‍රභූන් බලයට පත් වු විට ලේඛකයන් මෙන්ම ප්‍රභූන්ව එකවිට සංහාරය වේ. මේ මන්ද. මේ මන්ද සොයන්නට සුබත්, සුබගේ සමකාලීන යුගයත් විවර කර බැලිය යුතුමය. සුභගේ යුගය විමසා බැලීමේ ඉතිහාස වීමංසා සිදු වී නැති තරම්ය. ඒ නිසා සුබ රජතුමා අමතක කර පැත්තක තබා තැබිය යුතු නොවේ. නුතන ලංකාවේ හරස්කඩ සුබ රජුගේ පාලන පරිච්ජේදයෙන් තේරුම් ගැනීමට හැකි තරම් පැහැදිලි චිත්‍රයකි.
නිර්ප්‍රභූන්ට රාජ්‍ය පාලනය කළ හැකි සීමාවේ කථාව කියා දෙන්නේ සුබ රජුගේ එක් කතාවකින්මය. එනම් සුබ රජතුමා මුළු මහත් මාගම් රාජ වංශය අතුගා දැමුවද රාජකීය චරිතයන් දෙකක් ඉතුරු කරයි. ඒ කියන්නේ දුටු ගැමුණු රජතුමා බිහි කරපු මාගම් රාජවංශයේ මහල්ලන්, තරුණයන්, ළමයින් ද ස්ත්‍රීන් ඇතුළු සියළු සාමාජිකයින් ඝාතනය කරන ඔහු දෙදෙනෙක් ඉතුරු කරයි. ඒ යසලාලක රජුගේ බිසව හා දියණියයි. මේ ආදරයට ද ? සෙනෙහසට ද ? මානවීය හැඟුමට ද ? නැත. සුබ රජු ඒ කුමරිය ද බිසව ද අග මෙහෙසියන් ලෙස බලෙන් ධූර දරවා සිරියහනට ගෙන්වා ගත්තේය.
යසලාලක රජුගේ බිසව හා දියණියයි. මේ ආදරයට ද ? සෙනෙහසට ද ? මානවීය හැඟුමට ද ? නැත. සුබ රජු ඒ කුමරිය ද බිසව ද අග මෙහෙසියන් ලෙස බලෙන් ධූර දරවා සිරියහනට ගෙන්වා ගත්තේය.
මේ කතාව කියන්නේ කුමක් ද. රාජ්‍ය බලයෙන් පළවා පාලන බලයේ නෙරපා දමා කොතරම් ප්‍රභූ විරෝධී වුව ද නිර්ප්‍රභූන්ට රාජ්‍ය පාලනය කිරීමට ප්‍රභූන් නැතිව බැරි කථාවය. එසේ නම් රාජ්‍ය සඳහා ප්‍රභූ නිර්ප්‍රභූ ලෙස බේදයක් හදා ගැනීම තේරුමක් නැති විනාශයක් මිස වෙන යමක් නොවන බවය. දැන් යළිත් හැරි බැලිය යුත්තක් වේ. එනම් සුබ රජු අගමෙහෙසියන් ලෙස ප්‍රභූ රාජ කුමරියන් ශේෂ කර ගෙන සැලසුම් කළේ කුමක් ද යන්නය. එනම් තම නිර්ප්‍රභූ ශුක්‍රාණුවත් ප්‍රභූ ඩිම්බයනුත් සමඟ සසඳා කුමාරයෙක් බිහිකර ගැනීමය. ඒ වගේම ප්‍රභූන්ට ඇති අවනතය සමාජයෙන් තමාට හිමි කර ගැනීමය.
අභ්‍යන්තරිකව එසේ කරන ඔහු සමාජීය වශයෙන් හැසුරුනේ ප්‍රභූ විරෝධි වීරයා ලෙසය. එය කෙටි කලකට ලංකාවේ සාමාන්‍ය ජනයා මනමත් කරන්නට ද ඇත. ඒත් සුබට එරෙහිව දරුණු ප්‍රතිරෝධයක් එක්විටම දක්වන්නේ ලංකාවේ රුහුණය. දැන් නැවත හැරි බැලිය යුත්තේ සුබ රජුට එරෙහිව රුහුණු ජනයාට ඉක්මන් විරෝධීන් වුයේ කිමද කියාය. ඒ මාගම් රාජ වංශයේ උපන් බිම රුහුණ නිසාය ද ? නැතිනම් ලංකා රාජ්‍යයේ පොදු සම්භවය කඩා බිඳ විසුණු කරන සුබ රජුගේ වියවුල වේලාසනම රුහුණු වාසීන් දුටු නිසා ද. මෙය අප නුතන ලංකාවේ නිර්ප්‍රභූ වීරයා වෙමින් ආර්.ප්‍රේමදාස මහතා බලයට පත් වීමේදී ද දුටුව කථාවකි. ඔහුට මාරක විරෝධී කැරැල්ලක් පටන්ගන්නේ රුහුණමය. මෙම ඓතිහාසික සමාන්තරයන් වටහා නොගෙන වර්තමානය වටහා ගැනීමට නොහැක.
සුබ රජුගේ ලේඛක සංහාරයයි. එවන් ලේඛක සංහාරයකට ඔහු ගමන් කළේ මන්ද.
මේ වගේම මේ යුග සමය තුළින් තවත් සිතිය යුත්තේ සුබ රජුගේ ලේඛක සංහාරයයි. එවන් ලේඛක සංහාරයකට ඔහු ගමන් කළේ මන්ද. නිර්ප්‍රභූන් ප්‍රභූන්ට වඩා ලේඛක සංහාරයට පෙළඹෙන්නේ මන්ද කියාය. එය ජන සම්මත මෙම යුගයේ වගේමය. ඒ රාජ සම්මත රාජකීය කාලයේත් ඒ වගේමය. නිර්ප්‍රභූන් නිතරම ලේඛක සංහාරයට පෙළඹේ. එසේ නම් ලේඛකයා විසින් ඇති කරන මතවාදයන්ට නිර්ප්‍රභූන් බිය වේද. නැතිනම් ලේඛකයන් නිර්ප්‍රභූන්ට මනාප නොවීම ද? මෙම තත්ත්වය කවර කාලයක දී වුව ද පෙන්වා දී ඇති ඇත්තකි. එනම් ලේඛකයන් සාහිත්‍යධරයන් නිර්ප්‍රභූ පාලකයන් බලයට ඒමත් සමඟ ඔවුන්ව දේශපාලනිකව ප්‍රශ්න කරන නැගිටීමක් සඳහා නිරායාසයෙන්ම නැඟි සිටීමය. ඉතින් අනුරාධපුර රාජධානිය දෙදරවන මහා ලේඛක සංහාරය හා රුදුරු ප්‍රභූ සංහාරය තේරුම් ගත යුතුය. ඒ සඳහා සුබ රජුගේ පටු පටුන කියවා ගත යුත්තේය.

(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම







