සුබ රජතුමා විසින් ලංකාවේ දේශපාලන තාලයට එක් කරන ප්‍රභූ සංහාරය මෙරට ප්‍රවාහයක් වුයේය. එය අද දක්වා ගමන් කරන්නේය.
එය පංති භෙදීම හා පංතිවාදය සේ ද නුතන ජන සම්මත යුගයේ ස්ථාපිත වුයේය. දැන් හැරි බැලිය යුතු වන්නේ සුබ රජතුමා විසින් ඇති කළ නිර්ප්‍රභූ වාදය ලංකා දේශපාලනය රාජ සම්මත යුගයෙහි ගලා යන අරුමය දෙසය.
සුබ රජතුමා විසින් එතෙක් කල් ලංකා සමාජය තුළ පැවැති රාජ දේශපාලන මතවාදයේ දිශානතිය සපුරා වෙනස් කළේය. ලංකා රාජ්‍යයෙහි දැක්ම සඳහා රාජවංශ අතර බල අරගලයක් තිබුනි. එය කවර කාලයේත් දේශපාලනයේ ස්වභාවයය. එනමුත් මුල් සමයේ පැවැති රාජ දේශපාලන බල අරගලවල මතවාදී තලය දෙස විමසා බැලීමේ දී සුබ රජු ඇති කළ මෙම තත්ත්වය රාජ්‍ය තලයේ උඩුයටිකුරු වීමකි.
බහු වර්ණය හෙවත් බහුත්වය පිළිබඳ රාජ්‍ය මතවාදය බිඳවැටෙන්නේ ක්‍රි.පු.3 වන සියවසේ දෙවනපෑතිස් රජුගේ ආගමනයට පසුවය.
ඒ කීවේ ශ්‍රී ලංකා රාජධානියහි මුල් යුගයේ සිට පැවැති දේශපාලන රිද්මය වුයේ මහා සම්ප්‍රදාය හා චූල සම්ප්‍රදායය. එය මහාවංශය හා චුලවංශය සේ දාර්ශනිකව ස්ථානගත වන්නේය. පසුව එම විවාදය වඩාත් පුළුල් මතවාදී තලයකට ගෙන එමින් රාජ්‍ය මතවාදී දිශාව පුළුල් වේ. ඒ බහුවර්ණ වාදය පණ්ඩුකාභය රජතුමාතුමා විසින් ඇති කිරීමත් සමඟය.
ඒ අනුව විජය රජතුමා විසින් මතු කළ මහාවංශ සම්ප්‍රදායට එරෙහිව චුලවංශ සම්ප්‍රදාය ලෙස තිබු රාජ්‍ය පිණිස වන දේශපාලන තාලයේ විවාද ද්විත්වය පළමුවරටම අහෝසි වී ගියේය. බහු වර්ණය හෙවත් බහුත්වය පිළිබඳ රාජ්‍ය මතවාදය බිඳවැටෙන්නේ ක්‍රි.පු.3 වන සියවසේ දෙවනපෑතිස් රජුගේ ආගමනයට පසුවය.ඒ ඔහුගේ පැමිණිම සමඟ මෞර්ය වාදයට පක්ෂ හා විපක්ෂ ලෙස ලංකාවේ දිශාව දෙපසකට ස්ථානගත වීමෙන්ය. එය බහුත්ව දැකීම දෙකඩ වී ගිය තත්ත්වයකි.
දෙවනපෑතිස් රජතුමාගේ වැඩිමහල් සොයුරු අභයතිස්ස යුව රජු රාජ්‍ය අතහැර හුදී ජනකරණය වන්නේ ද දෙවනපෑතිස් රජුගේ මල්ලී මහානාග යුව රජ රුහුණට පළා යෑම ද මේ විවාදයේ ප්‍රතිඵලයයි.
ගුත්තික රජ දෙපල විසින් නායකත්වය දුන් ලාංකීක රාජ දේශපාලනයයේ ලෞකික වාදී සමය වසර විසි දෙකකින් අවසන් වන්නේය.
එබැවින් ක්‍රි.පු. 3 වන සියවසේ සිට ලංකා දේශපාලනය තුළ භාරත විරෝධය සහ භාරත සහවාදය දේශපාලන රිද්මය වන්නේය. ඒ සඳහා දේශපාලන දහරා දෙකක් හෙවත් රාජ පරම්පරා දෙකක් මතු වේ. ඒ මහාවංශ රාජ පරම්පරාව හෙවත් පිහිටි රට රාජවංශය හා මාගම් රාජවංශය හෙවත් රුහුණු රට රාජවංශය සේය. මේ විවාදය අවසන් කරමින් ලංකාවේ රාජ්‍ය දේශපාලන ආගන්තුකයෙකු අතට පත්වන්නේය. ඒ සේන - ගුත්තික දෙපල අහම්බෙන් මෙන් ලෞකික වාදය ලංකාවේ රාජ වාදයට ගෙන එමිනි. එය විසිදෙවසරක් පුරා ලාංකීක සමාජය එම දැකීම තුළ පිහිටා සිටි බව පෙනේ. මෙම කෙටි අනුරාගික කාලය වංශකතා පසසන්නේ එබැවිනි. ඒත් සේන - ගුත්තික රජ දෙපල විසින් නායකත්වය දුන් ලාංකීක රාජ දේශපාලනයයේ ලෞකික වාදී සමය වසර විසි දෙකකින් අවසන් වන්නේය. ඒ සමඟ එළාර රජුගේ පෙරලා පැමිණීමෙන්ය.
ගුත්තික රජ දෙපල විසින් නායකත්වය දුන් ලාංකීක රාජ දේශපාලනයයේ ලෞකික වාදී සමය වසර විසි දෙකකින් අවසන් වන්නේය. ඒ සමඟ එළාර රජුගේ පෙරලා පැමිණීමෙන්ය.
ඒ සමඟ ලංකා රාජ්‍ය තුළට ජාතිකවාදය ස්ථානගත වේ. ඒ අනුව ලංකාව ඇවිත් නතර වන්නේ එම මතවාදය ඔස්සේය. ඉන්පසු ලංකාවේ රාජ දේශපාලනය දිර්ඝ කාලයක් විටින් විට මේ විවාදයන් අතරින් මෙම රිද්ම චින්තන දහරා අතර ගමන් කරයි. නමුත් මේ සියල්ල පෙරළා ලංකාවේ රාජ්‍ය දේශපාලනයට එක් වීමට ප්‍රභූ විරෝධය කැඳවන්නේ සුබ රජතුමාගේ බලය තහවුරු වීමෙන්ය. ඒ අනුව සුබ රජතුමාට පසුව සිදු වන අපුරු සිදුවීම නම් පෙර කී රාජ මතවාද රිද්මයන් වලට අමතර ප්‍රභූ සංහාර වාදය රාජ්‍යයේ අධිපති වීමය.
සුබ රජතුමා විසින් ක්‍රි.ව.3 වන සියවසේ පටන්ගත් ප්‍රභූ සංහාර වාදය ඉන්පසු ලංකාවේ රාජ දේශපාලනයේ දිශානතිය බවට විටින් විට අත්හදා බැලීමක් වන්නේය. ඒ ගැන සෙවිම බැලීම අවශ්‍ය වන්නේ ලංකා රාජ්‍යය අනුරාධපුර යුගයේ පැවැති මහා සභ්‍යත්ව සම්ප්‍රදායෙන් පහළට ඇදවැටීම සමඟ මේ ප්‍රභූ සංහාර වාදය එකට අතිනත බැඳ ගෙන ඇති නිසාය. එමෙන්ම එවන් මතවාදයන් සඳහා රාජ්‍යය තුළ ඉඩත් මතු වීම තේරුම් ගැනීමටය. මන්ද මෙතුවක් රාජ්‍ය දේශපාලන දිශානතිය නිර්මාණ කළ මතවාදයන් අතර වාද විවාද පැවතීය.
ප්‍රභූ සංහාරවාදීන්ගේ සම්භවය පාතල නායකයන්ගේ සම්භවයට සමාන වුයේය.
එනමුත් එම රාජ්‍යහි දේශපාලන මතවාද තුළ වුයේ පොදු සමාජීය දාර්ශනික බවක්ය. ප්‍රථම වරට ගෝත්‍රමය හැඩයක් සහිත පටු දැකීමක් රාජ්‍ය දේශපාලන මතවාදයක් සේ මතු වන්නේ මෙවරය. එමෙන්ම එම ප්‍රභූ සංහාර වාදය විසින් බිහි වු නායකයන් සියල්ල දෘඩ ආඥාදායකයන් මෙන්ම සමාජ සංහාරකයන් වීමය. ඔවුන් බලය ලබා ගත් ආකාරය හා බලය මෙහෙය වු ආකාරය මෙන්ම බලය අහිමි කර ගත් ආකාරය ද එක සමානය. එය සරලව කිවහොත් මේ සියළු නායකයන් තුළින් හුදී ජන ප්‍රේමයක් දිස් වු අතරම හුදී ජන කැරළිද අනුකම්පා විරහිතව තලා දැමුහ. එමෙන්ම මෙම හැමෝම මතු වුයේ ද ගෝත්‍ර නායකයන් ලෙසය පැවැතියේ ද එසේය. අවසන් වුයේ ද එසේය. සරලව කීවොත් මෙම ප්‍රභූ සංහාරවාදීන්ගේ සම්භවය පාතල නායකයන්ගේ සම්භවයට සමාන වුයේය.
ඒ අනුව සුබ රජතුමා යසලාලක රජතුමාගේ හිස සිඳ බලයට විත් පටන් ගත් දේශපාලන තාලයේ නව සම්භවය මෙයය. මෙම දේශපාලන තාලය ලංකාවේ ඉහළම තලයට ගෙන එන්නේ අනුරාධපුර රාජධානිය අවසන් වීමෙන් පසුවය. මේ අනුව ප්‍රභූ සංහාර වාදයෙන් ජනතාව පිනවමින් රාජ්‍ය පද ප්‍රාප්ත වන දේශපාලන තාලයේ කූටප්‍රාප්තිය සටහන් කරන්නේ කාලිංගය. මේ කාලිංග කවුද. ඒ අපි කවුරුත් දන්නා කාලිංගය. ඒ වෙන කවුරුත් නොව කාලිංග මාඝය. කාලිංග මාඝට දේශපාලන පීතෘත්වය දුන්නේ ලක්දිව මහ රජුව සිටි සුබ රජුය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම







