leader s

සුභ රජතුමා ඇති කළ නිර්ප්‍රභූ තාලය ලංකා රාජ්‍ය තුළ ඉහලින්ම ස්ථාපිත කළේ කාලිංග මාඝයි.

කාලිංග මාඝගේ නිර්ප්‍රභූ වාදය ගැන කතාබහ නොකොට ඔහු තබා ඇත්තේ දෙමළ ආක්‍රමණිකයෙකු සේය. දෙමළ විරෝධයෙන් ඔහුගේ ප්‍රභූ සංහාරවාදී රාජ්‍ය පාලනය යටපත් වී ඇත. දැන් බැලිය යුතු කරුණ නම් ඔහුව එහෙම ස්ථාන ගත වුයේ කවර හේතුවක් නිසා ද කියාය.

 

කාලිංග මාඝ දෙමළ ආක්‍රමණිකයෙකු සේ ස්ථාන ගත වීමෙන් ඉතිහාසයේ මොහොතක් යටපත්ව යයි.

කාලිංග මාඝ දෙමළ ආක්‍රමණිකයෙකු සේ ස්ථාන ගත වීමෙන් ඉතිහාසයේ මොහොතක් යටපත්ව යයි. එය හරියටම එළාර රජතුමා ද්‍රවිඩ ආක්‍රමණිකයෙකු වීමෙන් ඔහුගේ දැහැමි බව යටපත් වුවා වැනිය. එබැවින් සුභ රජතුමා විසින් ලංකා රාජ්‍ය තාලයට සහබන්ධන කළ ප්‍රභූ සංහාර වාදයෙහි තියුණුම ප්‍රකාශකයා සේ කාලිංගව හඳුනා ගත හැකිය. මාඝ කාලිංගයෙන් පැමිණි නිසා ඔහුට කාලිංග මාඝ යැයි කීවද, ඔහු ලංකාවේ සිංහලයෙකු වු සුභ රජුගේ රාජ්‍ය තාලය ජීවමාන කොට සක්‍රීය කළේ ඇයි. ඉතිහාසය එම මොහොතින් ගෙන ඇතුළේ වියමන් වලින්ම බැලිය යුතුය.

n9ooමේ වටපිටාවට ඇහැ තබා බලන්න අවශ්‍ය  වන්නේ කාලිංග මාඝගේ නිර්ප්‍රභූ ආක්‍රමණයෙන් පසු තවමත් ලංකා රාජ්‍යයට මහා සභ්‍යත්ව යුගයට පා තබා ගැනීමට අවස්ථාව ලැබී නැති නිසාය. එවිට ඒ ගැන තියුණු ලෙස සිතිය යුතු වේ.

 

මෙම බැල්මෙන් මිදි බලන ඉතිහාසය අතපත ගෑම් වලින් සිදු වන්නේ කුමක් ද. එනම් වර්ගවාදය හෝ පන්ති වාදය ලෙස හෝ ආගම් වාදය ලෙස ඉතිහාසය ස්ථාන ගත වීමය. මේ ගැන වු මනා මෙනෙහි වීමක් සමඟ කාලිංග මාඝගේ ජේදයට ගමන් කළ යුතුය. පළමු ප්‍රශ්නය වන්නේ කාලිංග මාඝ රජු විසින් ප්‍රභූ සංහාර වාදය ලංකා දේශපාලනය තුළ උත්සන්න කළේ මන්ද යන්නය. එමෙන්ම කාලිංග මාඝ රජු විසින් නිර්ප්‍රභූ නැගිටිම්  ඇති කිරීම සඳහා බලපාන ලාංකීක වටපිටාව වටහා ගැනීමය. මේ වටපිටාවට ඇහැ තබා බලන්න අවශ්‍ය  වන්නේ කාලිංග මාඝගේ නිර්ප්‍රභූ ආක්‍රමණයෙන් පසු තවමත් ලංකා රාජ්‍යයට මහා සභ්‍යත්ව යුගයට පා තබා ගැනීමට අවස්ථාව ලැබී නැති නිසාය. එවිට ඒ ගැන තියුණු ලෙස සිතිය යුතු වේ. මේ සිතුම මත සිතමින් බැලිය යුතු වන්නේ මාඝ රජුගේ රාජ්‍ය පාලනය මෙතරම් ප්‍රභූ සංහාරයක් වීමේ හේතුවය. 

 

c 1000 designbundle ravana indian demon 3 29 11 2 438a5562197d82dbb1f7de8ad2e83102dd96eab3237539c9dc173c14f0334511කාලිංග මාඝ විසින් ලංකා රාජ්‍යයෙහි සාරත්වය සහමුලින් ම බිඳ දැමුවේය

මෙයට පෙර ලාංකීක පුත්‍රයන් රජ වී ඇරඹි ප්‍රභූ සංහාර වාදය පිටස්තරයෙකු පැමිණ උත්සන්න කළේ කවර හේතුවකට ද. ඒ හා බැඳුණු උපාය කුමක් ද. ඔහු ලංකා රාජ්‍යයට කඩා පැනීම හුදු පුද්ගල ආවේගයක් ද. නොවේ නම් සැලසුම් ගත මෙහෙය වීමක් ද. කාලිංග මාඝ විසින් ලංකා රාජ්‍යයෙහි සාරත්වය සහමුලින් ම බිඳ දැමුවේය. ඥාන ප්‍රවාහය ගිනිබත් කළේය. ඔහු ඇති කළ එම දරුණු සංහාරය තුළින් ඇති වු තත්ත්වය ලංකාවට තවමත් සමනය කොට ගත නොහැකිවී තිබේ. ශ්‍රී ලංකා රාජ්‍යයෙහි පදනමව තිබු මහාවංශික රාජ්‍ය ව්‍යුහය යළි ගොඩනඟා ගැනීමට නොහැකි තරම් තත්ත්වය දරුණු විය. 

n9o9ඔහු ලාංකීක ප්‍රභූන් අවනත කර ගැනීමේ පෙර ආක්‍රමණිකයන්ගේ පිළිවෙතින් වෙන් ව කටයුතු කළේය. 

 

සමහර විටක ලංකාව යළි ලෝකය සමඟ යා කොට තිබු මහා පරාක්‍රමබාහු රජුගේ දේශපාලන උදානය ආපස්සට හරවන්නට කාලිංග මාඝ රජුව උපයෝගී වුවා ද යන්න සොයා බැලීමට වටින්නේ ය. එසේ බලන්නට පෙර සෙවිය යුතු වන වැදගත් කරුණ වන්නේ කාලිංග මාඝ රජුට මෙතරම් දිර්ඝ කාලයක් ඉඩ ලැබුණේ කොහොම ද කියන එකය. ඔහු ලාංකීක ප්‍රභූන් අවනත කර ගැනීමේ පෙර ආක්‍රමණිකයන්ගේ පිළිවෙතින් වෙන් ව කටයුතු කළේය. 

එළාර රජතුමාගේ සිට පෙර පිටස්තර රජුන් සිදු කළ මේ පිළිවෙත සපුරා වෙනස් කළේ කාලිංගයේ මාඝය. මාඝට ඒ සඳහා තිබු පෙළඹීම වුයේ සුභ රජතුමා ය. සුභ රජතුමාට යා නොහැකි දුරක් මාඝ රජුට යා හැකි වුයේ කෙසේ ද. මේ ගැන යොමු වු සමාජ කරුණු දෙස බැලීම වටින්නේ ලංකාවේ නුතන ප්‍රශ්න ද එයට බැඳි ඇති නිසාම ය. එනම් දියුණු ප්‍රාග්ධන රාජ්‍යයක් මෙන් ම දියුණු ලෞකික සමාජයක් වීමට ලංකාව අපොහොසත් වීම පසු පස මේ කාරණා ඇති නිසා ය. ඉතිහාසය භාවිතා වන්නේ බෙදීමට හා ඇවිලීමටය. සැබැවින්ම ඉතිහාස එකමුතු වීමේ, අවදි  වීමේ මෙන් ම නිවීමේ වින්දනයේ හා පහන් හැඟිම් සඳහා ඇති මාවතක් සේ දැකීමත් අප සතුව නැති තරම් ය. මේ දොර හැරගනු පිණිස කාලිංඝ මාඝ රජු ගැන සිතිය යුතුය. ඔහු ලංකාවේ ඇති කළ උඩුයටිකුරුව එතරම් සංකීර්ණ වුයේය. 

 

360 F 776184067 z9SjxR3Buab4SKXZ5YoTbihlBXTTM7aDනිශ්ශංකමල්ල රජු පැමිණියේ ද කාලිංගයෙන්ය.

සුභ රජු හා කාලිංඝ මාඝ රජු අතර සමාන්තර ගොඩනැඟීම සොයා යාමට සිදු වන්නේ මේ නිසාය. මේ දෙන්නාගේ සමාන්තර සොයා යාමට ගමන් කරන විට මේ දෙන්නා මැද ස්ථාන ගත වන්නේ නිර්ප්‍රභූ වාදයයි. නිර්ප්‍රභූ වාදය මැද ස්ථාන ගත වන්නේ නිශ්ශංකමල්ලය. නිශ්ශංකමල්ල රජු පැමිණියේ ද කාලිංගයෙන්ය. ඔහු සුබ රජුගෙන් පසු ප්‍රභූ සංහාර වාදය මතවාදී තලයේ මෙන්ම රාජ්‍ය පාලනයේ ද නිශ්චිත දැක්මේ සංඥාව තහවුරු කළ රජුය. ඇත්තම කතාව නම් ලංකාවේ ආක්‍රමණිකයෙකුට ප්‍රභූ සංහාරවාදී නිර්ප්‍රභූ දේශපාලන ආවේශයක් ගැනීමට ඉඩ තනා දීම පසුපස නිශ්ශංකමල්ල රජුගේ දේශපාලන භාවිතාව ඇති බවය. එබැවින් සුභ හා නිශ්ශංකමල්ල සමඟ මාඝ එකට ගෙන කතා කළ යුතුය. 


(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රාවාෂ පසුගිය ලිපි :

ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්