විදුලි බලමණ්ලයෙහි අඛණ්ඩතාව පවත්වාගෙන යෑමට (වඳුරකු පැන්න සැණින් විදුලිය විසන්ධි නොවීමට) නම් දැවැන්ත ආයෝජනයක් අවශ්‍යශ බව මේ වන විට: රතු පැහැය, ගුරු පැහැය හෝ කොළ පැහැය හෝ දක්ෂිණාංශික සහ වාමාංශික යනාදි භේදයකින් තොරව සියලු දෙනා පිළිගන්නා කාරණයක් යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ SLVLOG POD TALKS youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාව සඳහා Advocata ආයතනයේ පරියේෂණ අංශයේ ප්‍රධානි යස්මින් ද සහභාගි වූවා ය.
මතු පළ වන්නේ මෙම දෙදෙනා සළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
මෙම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදී බෲනෝ දිවාකර විසිනි.
ඇඩ්වෝකාටා වෙතින් ප්‍රායෝගික විසදුම් සහිත යෝජනාවලියක්
ලංකා විදුලිබල මණ්ඩයේ ප්‍රතිව්‍යුහගතකරනය වසර ගණනාවක සිට උත්සහ දැරූවට වියර්ථව ගිය ප්‍රයන්නයකි. 2024 අංක 36 දරන පනත යටතේ යම් ප්‍රමාණයකට හෝ වඩා සාධනීය මට්ටමේ ප්‍රතිව්‍යුහගතකිරීම වලට යෝජනා වී තිබුනද එය මෙම රජය යටතේ හකුලවමින් 2025 යෝජිත නව විදුලි බල පනත යටතේ 100% රාජ්‍ය ඒකාධිකාරයක් සහිත ආයතන 6 කය වෙන්කොට විදුලිබල මණ්ඩල 6යක් සාදමින් තවදුරටත් තත්වයක සංකීර්ණ කිරීමකි .
ඇඩ්වෝකාටා ආයතන මෙම පත්‍රිකාව මගින් ඉදිරිපත් කරනු ලබන්නේ මෙම ක්‍රියාව සිදුවුවහොත් ඇතිවන ප්‍රතිවිපාකයන් හා එමගින් රටේ බලශක්ති අර්බුදය තවත් උත්සන්න විමේ ඇති අවදානම් සහගත ස්වභාවයයි.
එමෙන්ම එම අධ්‍යනයට අදාලව වඩාම සුදුසු හා ප්‍රායෝගික විසදුම්ද මෙහි දී ඉදිරිපත් කරනු ලබන අතර එම ක්‍රියාවලියේ ජාත්‍යන්තර උදාහරනද ඉදිරිපත්කරනු ලබයි.
සම්පූර්ණ පත්‍රිකාව සදහා පිවිසෙන්න






