leader s

'සිටි ඔෆ් ඩ්‍රිම්ස් ශ්‍රී ලංකා' ( City of Dreams Sri Lanka) තරු හෝටල් සංකීර්ණයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම තහනම් කර තිබියදී, එය නැවත ආරම්භ කිරීමට අවසර දුන්නේ කවුරුන්දැයි වහාම සොයා බලන්නයි ඇතැම් පාර්ශ්වයන් විසින් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙමින් පවතී .


වසර  2015.01.31. දිනැති විශේෂ කැබිනට් පත්‍රිකාවකින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීම තහනම් කොට තිබිණ.

එසේ තිබියදී කවුරුන් විසින් අලුතින් කැසිනෝවලට අවසර දුන්නේ දැයි සොයා බලන්නයි අධිකරණයේ ඉල්ලා සිටිමට අදාල පාර්ශව ඉදිරියේදී පියවර ගනු ඇතැයි  වාර්තා  වෙයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පසුව මෙරට ජනපති ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ  යන අයය. වත්මන් ජනාධිපති  ධූරය දරන්නේ  අනුර කුමාර දිසානායක ය. මොවුන් තිදෙනාගෙන් කෙනෙකු නව කැසිනෝ ශාලාව ආරම්භ කිරීමට අවසර ලබා දිය යුතුව තිබේ.

එසේ නම් ඊට අවසර ලබා දුන්නේ කවුරුන්දැයි ? යන්න පිළිබඳව අධිකරණය හමුවට ගොස් විමසා බැලීමට විවිධ පාර්ශ්වයන් මේ වන විට සූදානම්  වී සිටිති .

සියයට හතළිස් හතරක බදු අය කරනවද?

එමෙන්ම නව කැසිනෝ ශාලාවෙන් සියයට හතළිස් හතරක බදු අය කරනවද? යන්න පිළිබඳව ද විමසා බැලීමට නියමිතය.

මෙම නව කැසිනෝ ශාලාව ලබන මස 02  දින විවෘත කිරීමට බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් පැමිණෙන බවට මුලින් නිවේදනය කොට තිබිණි. මේ වන විට පෞද්ගලික හේතුවක් මත ඔහු මෙරටට නොපැමිණෙන බව දැනුම් දී තිබේ.

 කරුණු කෙසේ වෙතත් නව කැසිනෝ ශාලාවේ විවෘත කිරීමට අවසර දුන්නේ කවුරුන්ද ?යන්න බොහෝ පිරිසක් විමසන මාතෘකාවක් බවට දැනටමත් පත්වී ඇත



WhatsApp Image 2025 07 19 at 3.57.44 PM

WhatsApp Image 2025 07 19 at 3.57.44 PM 1

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්