leader s

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.


මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් විසින් මෙම උත්සාහයේ නිරත වන බවත් මේ වන විට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ආරම්භ කර ඇති අතර එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණද පසුගිය මස 23 වැනි දින සිට විවෘත කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ චෝදනා එල්ලවන එක් සමාගමක් පසුගිය පාලන සමයේදී වංචනික හා අනීතික අන්දමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ රුපියල් කෝටි ගණනින් පාඩු අගයකට මිලදී ගැනීමටද උත්සාහ කළ බවය.

එමෙන්ම අනෙක් සමාගමද ධාවන තත්ත්වයේ වූ මැදිරි අබලි යකඩ ලෙස කපා ඉවත් කිරීමට සම්බන්ධ වූ සමාගමක් බවටද චෝදනා එල්ල වූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු විධිමත්ම සිදු නොකිරීම හේතුවෙන් අදාළ සමාගම් දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන් සඳහා යොමුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මීට ඉහතදි අනීතිකව දුම්රිය සතු අබලි යකඩ මිලදි ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සමාගම් හා නිලධාරින් සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, දැනට වංචනික ලෙස අබලි යකඩ  මිලදි ගැනීමට උත්සහා කරන සමාගම් එම ප්‍රසම්පාදන කටයතුවලින් ඉවත් කර, විධිමත්ව මිල ගණන් ඉදිරිපත් කර ඇති සියළු සුදුසුකම් සපුරා ඇති ගැණුම්කරුවන් සදහා පමණක් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ද කරගත යුතු බව දුම්රිය වෘත්තිය සමිති දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.


| adaderana

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්