කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය තුළ ඉදිකර ඇති වැසිකිළ පද්ධතිය වසර ගණනාවක් පුරා වසා දමා ඇතැයි මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ අනාවරණය කරයි.
ඔහු මෙම තොරතුරු අනාවරණය කරන්නේ කොළඹ සිට නොව එම ස්ථානයට ම ගොස් සිදු කළ ගවේෂණයකින් අනතුරුව ය.
නුවන් ජූඩ් පවසන ආකාරයට රුපියල් මිලියන ගණනක් වියදම් කර ඉදිකර ඇති වැසිකිළි පද්ධති තුනක් මෙම ස්ථානයේ පවතී. නමුත් වසර ගණනාවක් පුරා එම වැසිකිළි පද්ධති වසා දමා ඇත.
ඔහු මෙය තහවුරු කරන්නේ හෙතෙම වසර තුනක් පමණ වරින් වර මෙ ස්ථානයට පැමිණි සෑම අවස්ථාවක ම දුටු දෑ ය.
හෙතෙම වගකිව යුත්තන් වෙත අවධාරණය කරන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැසිකිළි පද්ධති නවීකරණය කර මහජනයා වෙනුවෙන් විවෘත කර දෙන ලෙසයි.






