leader s

රුපියල් කෝටි 10කට අධික මුදලක් වැයකළ මාදුරුඔය සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට අතරමඟ නවතා දමා තිබේ.


මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2021 වසරේදි ය.

මෙම ව්‍යාපෘතිය මගින් අම්පාර දිස්ත්‍රික්කයටත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් වගා භූමි සඳහාත් ජලය සැපයීම එවක රජයේ අරමුණ වී තිබුණි.

වර්ෂා කාලයේදී මාදුරුඔය ජලාශයෙන් පිටකෙරෙන වාන් ජලය අපතේ නොයවා වගාවට ලබාගැනීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකළ හැකිව තිබූ සුවිශේෂී කාර්යයකි.

මේ දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත කර තිබූ මුදල රුපියල් කෝටි 10කටත් අධිකය.

ව්‍යාපෘතිය වෙනුවෙන් අධික මිල ගණන් යටතේ රැගෙන ආ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් ද මේ වන විට එම භූමියේ අබලන්ව අතහැර දමා තිබේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියට මුවාවී මාදුරුඔය අවට ප්‍රදේශවල භූමියේ පස් සෝදා අධික මිලකට විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වේ.

කිලෝමීටර් 13ක් පමණ දිගින් යුත් මාදුරුඔය දකුණ ඉවුරේ ප්‍රධාන ඇල දෙපස අධික ලෙස ඛාදනය වී ඇත්තේද මෙම ජාවාරම්කරුවන්ගේ කූඨ වැලි ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙම ව්‍යාපෘතිය සිදුවූවා නම් මාදුරුඔයේ ජලය නිසි ලෙස එක්රැස් කරගෙන වගාවන් රැසක් අස්වැද්දීම සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එසේම මාදුරුඔයේ ජලය රැස් කිරීමට වැව් කිහිපයක්ද ඉදිවීමෙන් යම් පමණින් හෝ විසඳෙන්නේ, සංවර්ධනයේ සේයාවක් හෝ නොදුටු ඇතැම් ගම්මානවල ජනතාවගේ පානීය ජල සහ වගා ජල ගැටලුවය.



 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්